මගේ දෙවනි මනමාලයා ඔහුයි – 41 කොටස

544
4401

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

41 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Nadeesha Dulrukshi තැන්කිව් මැනික.. 👇❤️

ඔය ගැහෙන හදවත අස්සේ
මේ තරම්ම සෙනෙහසක්
සිහිනෙන් වත් නූන ලෙසට
දරාගන්නම් බෑ
මේ හදවතට
ඔය නපුරු හදවතේ
දුන්නාට ඉඩක් මේ මට
රකින්නම් පණ සේම
ලඟින් හිඳ පපුවට
තුරුළු වෙලා …

සයුමිගෙන්….

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

යුමීට දැනුනේ තමන්ගේ පිටි පස්සේ කවුරුන් හෝ ඉන්නවා වගේ හැඟීමක්..

ඒත් එක්කම යුමී පිටිපස්ස හැරිලා බලනකොටම පිටිපස්සෙන් ඇහුන සංගීතය එක්ක එක ලයිට් එකක් විතරක් මැද්දෙන් කේෂ් යුමී ලඟට ආවේ මයික් එකකුත් අතේ තියන්..

යුමී එහෙම්මම තමන්ගේ අත දිහා බැලුවේ තමන්ගේ අතින් අල්ලන් හිටිය කේෂ් කොයි වෙලේද ඒ අත තමන්ටවත් නොදැනෙන්න අත ඇරියේ කියල හිතමින්..

කෙල්ලට මොනවා වුනත් හිතට බයක් දැනුනේ මේ තරම් ආදරයක් ලැබුනා විතරයි.. ඒ ආදරයට ප්‍රශ්නයක් වෙන්න යනවදෝ හැඟීමක් හිතට දැනුන නිසයි කෙල්ල ලයිට් ඕෆ් වුනාම ගැස්සීලා ගියේ.. ඇයි දෙවියනේ තමන්ගේ අතින් අල්ලන් ආව කොල්ල මයික් එකක් අතේ තියන් පිටි පස්සෙන් ඉදී කියලා කාටද හිතන්න පුලුවන්.. 😏

කේෂ් බෑන්ඩ් එකෙන් එන සංගීතේ එක්කම සූර්‍යාගේ සිංදුවක් පටන් ගත්තේ යුමීට ඇහැකුත් ගහන ගමන්..

” මේ කොල්ලා කොයි වෙලාවක හරි මට හාට් ඇටැක් එකක් හදවලා මරනවා.. 😏 “

යුමීට හිතුනේ එහෙම..

කේෂ් සිංදුව පලවෙනී කොටස කියාගෙන අමුතු විදියට මූන හදාගෙන ආවේ යුමී ලඟට..

“ඕ මේ රූ කාගේදෝ සුරගන දෑසක්දෝ
හීනෙන් ආවදෝ හැබහින්මදෝ
හුස්මට සමවීදෝ දෙතොලේ පිරුනාදෝ
මාගේ හද ගැස්ම නුබ මාගේමදෝ”

කේෂ් එහෙම කියලා එක ඇහි බමක් උස්සලා ඇහැක් ගැහුව්වේ යුමීගේ මුලු වතම හිරි වට්ටන තරම් බැල්මක් දාමින්..

“ඕ හිනැහෙන ලන්වෙන අත්අල්ල ගෙන ඉන්න ආදරේ මගේනේ” //

හිනා වේවී .. අතින් පපුවට තට්ටූ කර කර යුමී ලඟින් ඈත් වෙලා ඇස් පුංචී කරලා මගේනේ කිව්ව විදියට කේෂ්ගෙන් පෙනුනේ දඟකාර පෙනුමක්…

“ජීවිතේ පාර කී තාරුකා ඇස් දෙකේන්
වෑයේනා ආදරේ… මගේනේ…”

ඕ සිහිනිග නැලවෙද්දි සීතල මල් වැස්සෙ
සිතුවිලි රැලි සයුරෙ සැසලෙන්නෙමි
සියුමැලි කන් පෙත්තෙ සතපා තොල් පෙත්ත
සියොලග හැමරෑම කවි අතුරමි

ඕ හිනැහෙන ලන්වෙන අත් අල්ල ගෙන ඉන්න ආදරේ මගේනේ//

ලස්සනට හැඩ තල තියමින් කේෂ් දැම්ම ඇක්ශන් ටික නිසා යුමී හිටියේ අත් දෙකත් බැදගෙන ගල් ගැහිලා වගේ බලාගෙන.. ඒ තරමටම කෙෂ්ගේ ඇස් වලින් ආදරේ පේන්න ගත්තා..

“ජීවිතේ පාර කී තාරුකා ඇස් දෙකේන්
වෑයේනා ආදරේ මගේනේ.. “

කේෂ් ඒ කොටස කියලා ඇවිල්ලා යුමීගේ කරට අත දාලා යුමීව එක්කගෙන යුමීගේ අම්මා ලඟට ගිහින් අමුතුම ඇක්ශන් එකක් දාලා..

ඔය නුබේ සිනා කැන් කාගෙදෝ
පෙම් හැගුම් දැන් කාටදෝ
මේ වසන්තයේ කාගේදෝ
මගේනේ //

සිංදුවේ අවසාන කොටස කියලා යුමීගේ අම්මාගෙන් යුමීව ඉල්ලනවා වගේ ඇස් වලින් යුමීව පෙන්නලා මගේ නේ කියලා අම්මාගෙන් ඇහුව්වේ ඇස් වලින්මයි..

යුමීගේ අම්මා හිමින් කේෂ් ලඟට ගිහින් කේෂ් වත් යුමීවත් ලඟට අරන්..

” මගේ මැනික ඔයාගේ තමයි පුතා..දුකක් නොදී බලාගන්න .. මේ සතුට හැමදාම තියාගන්න එච්චරයි ඉල්ලන්න තියෙන්නේ.. “

දීපිකා ඒ ටික කිව්වේ ඇස් වල කඳුලු පුරවන්.. ඒත් එක්කම එතනට කේෂ් ගේ අම්මා වගේම තාත්තත් ඇවිල්ලා ඒ සතුට බෙදාගත්තේ මේ ආදරේට ආශිර්වාද කරමින්..

කාලා බීලා සතුටු වෙලා හැමෝම ගෙවල් වලට යන්න ලෑස්තී වෙනකොට යුමී හිටියේ පැත්තකට වෙලා ඉදගෙන..

” වස්තු කැටේ.. “

එහෙම කියාගෙන කේෂ් ආවත් යුමී හිටියේ වෙනමම ලෝකෙක..

කේෂ් එහෙම්මම යුමීගේ උරහිසට අත තියනවා එක්කම යුමී ගැස්සිලා කේෂ් දිහා බැලුවේ එකවර ස්පර්ශය හිතට ගැස්මක් ආව නිසා..

” මොකද මැට්ටී ගැස්සෙන්නේ ඔහොම .. මොකෝ කල්පනාව ආ අදම බඳින්නද.. නැත්නම් හනිමූන් යන්නද.. “

කේෂ් එහෙම කිව්වේ යුමීට ඇහැක් ගහන ගමන් එතන තියන පුටුවක් අරන් යුමී ලඟ ඉදගෙන යුමීගේ අතින් අල්ලන ගමන්..

” අනේ නිකන් ඉන්න..😏😏 “

යුමී කේෂ් ට රැව්වේ ලැජ්ජාවෙන්..

” ආ දැන් කියන්නකෝ බලන්න මගේ කූනිච්චී මොනවද කල්පනා කලේ කියලා.. “

” මුකුත් විශේෂයක් නෑ මගේ ඩම්බෝ.. “

යුමී එහෙම කියලා කේෂ්ගේ නහයෙන් ඇල්ලුවේ හිනැහෙමින්..

” මගේ වස්තූ කැටේ මටම බොරු කියනවනේ.. මම ආව එකවත් මේ යක්ශ රැජින දැක්කේ නෑ.. ගැස්සිලා ගියා අත තිබ්බ ගමන්.. මොකක්ද වස්තූ කැටේ ප්‍රශ්නේ.. ම්ම්.. මට කියන්න බෑද .. “

” ඔයාට කියන්න බැරි දෙයක් මගේ ජීවිතේ නෑ අයියා .. ඒත් මේ වුන දේවල් මගේ හිතට තාම හිතා ගන්න බෑ.. ඔලුව පුපුරන්න වගේ රිදෙනවා.. “

” ඕවා හිතන්න එපා මැනික දැන් ඔයා.. මෙතනින් එහාට ඔයාගේ ජීවිතේ ඕනම දේකට මම ඉන්නවා.. නොකියා කිසි දෙයක් කරන්න එපා වස්තූ කැටේ මට කේන්තී යනවා එතකොට.. මම කේන්තී ගනී, කෑ ගහයි මගේ ජීවිතේ දැන් ඔයා මගේ වස්තූ කැටේ… ම්ම්.. ඔලුව රිදෙන්නේ තාම මේ හොස්පිටල් එකෙන් යන ගමන්නේ මගේ කෙල්ලට මහන්සී වැඩී.. මුන් මෙච්චර ප්ලෑන් එකක් ගහලා මම දන්නේත් නෑ.. ඔයාව උස්සන එක මන් දැනන් හිටියේ නෑ පන.. දන්නවනම් කරන්න දෙන්නේ නෑ.. හරී ඒවා ඔක්කොම.. කෝ එන්න ඔක්කොම අමතක කරලා හැම දේම පටන් ගමූ.. මගේ වස්තූ කැටේට ඕනේ දෙයක් තියනවනම් මට කියන්න මන් කරලා දෙන්නම්.. “

කේෂ් එක හුස්මට එහෙම කියලා යුමීව ලඟට අරන් නලල සිප ගත්තේ ආදරෙන්..

” මේ තව මෙහේ කට්ටිය ඉන්නවා… “

ඒහෙම කියාගෙන එතනට ආවේ මනුජ..

කේෂ් එහෙම්මම යුමීගේ කරට අත දාගෙන නැගිට්ටේ මනුජ ඉන්න පැත්තට යන්න..

” උඹලත් උදැල්ලමනේ බන් දාන්නේ.. 😏 “

කේෂ් ලා හිනාවක් තියාගෙන කිව්වේ මනුජට බොරුවට රවමින්..

” ආ මසියා දැන් තමා උඹට අපිව උදැලූ වගේ පේන්නේ ඔහොම යමුකෝ තාම මේකීව හම්බුනා විතරයි.. ගිය ටිකේ කොහොමද මගේ ගෑනීවත් එච්චර කෝල් ගන්නේ නෑ මට.. 😏😏 “

මනුජත් කේෂ්ව අවුස්සන්න එහෙම කිව්වේ පහු ගිය දවස් ටිකේම කේෂ් මනුජට කෝල් කර කර යුමී ගැන ඇහුව්ව නිසා වගෙම යුමී ඒ දේවල් දැන ගන්න ඕන නිසා..

යුමී ඒත් එක්කම බැලුවේ කේෂ් ගේ මූන දිහා.. කේෂ් කෙල්ලට ඇහැක් ගහලා මූනෙන් ඇක්ශන් එකක් දාලා කිව්වේ එහෙම තමා කියලා..

” මේ උඹලා ලව් කරගනිල්ලා.. ආ කෙෂ් උඹේ කාර් එකේ යතුර.. නංගිව එක්කන් එන්න.. අපි කැපුනා.. “

මනුජ එහෙම කියලා යතුර කේෂ් ට විසික් කරලා යන්න හැරෙනකොටම..

” අයියේ අම්මලා.. “

එහෙම ඇහුව්වේ යුමී..

” ආ අම්මව මම දාන්නම්.. මුන්ගේ අම්මලා ගියා එයාලාගේ වාහනේ ආවා.. පරිස්සමෙන් වරෙල්ලා එහෙනම්. . “

එහෙම කියලා මනුජ ගිය ගමන් කේෂ් කෙල්ලව තවත් තුරුල් කරගත්තේ ආදරෙන්..

කෙල්ලත් කාලෙකට පස්සේ දැනුන ඒ උනුහුමට නතු වුනේ ආදරෙන්..

“වස්තූ කැටේ අපි යමූද දැන් එලි වෙන්නත් කිට්ටුයි.. මගේ වස්තු කැටේට අමාරුත් ඇතීනේ.. ඒ නිසා යමූ… “

එහෙම කියලා කේෂ් යුමීගේ නලල ඉඹලා කරට අත දාගෙනම කාර් එක ලඟට ගිහින් ඉස්සරහා දොර ඇරලා යුමී ඉඳ ගත්තම ශීට් බෙල්ට් එකත් දාලමයි ඇවිල්ලා ඩ්‍රයිවිං ශීට් එකේ වාඩී වුනේ..

හිමින් වාහනේ පාරට දාලා කොල්ලා කෙල්ලගේ අතින් අල්ලන් එක අතකින් ඩ්‍රයිව් කලේ කල්පනාවක් පිටමයි..

” අයියේ.. මේ “

යුමී ඔහොම කියන්නේ මොකක් හරී ඕනේ වෙලා කියලා කේෂ් හොදටම දන්නවා..

” ඕ කියන්න වස්තූ කැටේ.. “

කේෂ් එහෙම කිව්වේ ඈත බලාගෙන..

” මන් දෙයක් කියන්නම් තරහා ගන්නේ නැත්නම්.. “

” තරහා ගන්නවද නැත්ද බලන්න කියන්නකෝ.. “

” ඔය ඕකනේ 😏😏 කියන්න කලින් තරහා අරන් ඉවරයි.. 😏😏 මන් කියන්නේ නෑ.. “

කෙල්ලගේ අත කොල්ලගේ අතින් අරන් අත් දෙක බැදගෙන ඈත බැලුවේ බොරු තරහක් අරන්..

කේෂ් ලාවට හිනා වෙලා වාහනේ අයිනකට කරලා නවත්තලා කෙල්ලගේ අතින් ඇදලා අරන් ඒ තොල් වලට බර වුනේ හිතේ තියන ආදරෙ නිසාමයි..

ටික වෙලාවක් එහෙම හිටිය කේෂ් හිමින් කෙල්ලගේ බෙල්ලට දිගම දිග හාදුවක් දුන්නේ යුමීගේ ගතම හිරිවට්ටමින්..

එහෙම්මම යුමීගේ පපුවට ඔලුව තියාගත්ත කොල්ලා යුමීගේ ශීට් එක පිටිපස්සට දිග ඇරලා හිමින් කෙල්ලවත් නිදි කරවලා .. කොල්ලත් යුමීගෙ පපුවට ඔලුව තියාගත්තෙ ආදරෙන්..

යුමීටත් දැන් අමතකයි හැමදේම.. කෙල්ල හිමින් කොල්ලගේ ඔලුව අත ගාන්න ගත්තේ හිතේ තිබුන ආදරය නිසාමයි..

කොල්ල එහෙම්ම ඉදලා..

” කියන්නකෝ වස්තූ කැටේ මොනවද වෙන්න ඕනේ මගේ මැනිකට.. ම්ම්.. “

කොල්ලා ඇස් පියාගෙන කෙල්ලගේ පපුවට තුරුල් වෙලා කිව්වේ කෙල්ලට ඕනේ මොනවද කියලා දැන ගන්න ඕනේ නිසා..

” ඒක මේ.. “

” තටමන්නේ නැතුව කියන්නකෝ බබා.. නිකන් හරියට ටොයිලට් යන්න ඕනේ වගේ.. මම යකෙක් නෙවේ වස්තූ කැටේ ඔච්චර බය වෙන්න.. කියන්න මගේ වස්තූ කැටේට මොනවද ඕනේ.. “

” මට ඩිශාන්ලගේ බණට යන්න ඕනේ.. මොකද ආන්ටී මට ගොඩක් උදව් කලා ඒ නිසා.. හා ද.. “

” ඒ මේ මැට්ටී.. ඒකද මම කොහොමත් යමු කියන්න හිටියෙ.. යමූ අර අලුගෝසුවා දැන් නෑනේ.. 😏”

කේෂ් එහෙම කියලා තවත් හොදට කෙල්ලගේ පපුවට තුරුල් වුනා..

” උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා “

යුමී එක පාරටම කොල්ලගේ නලල ඉම්බම කේෂ්ව ගැස්සිලා ගියේ.. නොහිතුව වෙලාවක විශේෂයෙන් මේ ආඩම්බර කාරිගෙන් කිස් එකක් ලැබුන නිසා..

“මගේ කෙල්ලට උම්මා දෙන්නත් පුලුවන් නේද.. “

එහෙම කියලා කේෂ් ආයෙම යුමීගේ තොල් වලට බර වුනේ ආදරෙන්..

ඔහොම ටික වෙලාවක් හිටියට පස්සේ කේෂ් හිමින් කෙල්ලගෙන් ඈත් වෙලා වාහනේ පාරට දාගෙන යන්න ගත්තේ එලි වෙලා නිසා..

යනකන් යුමී කියව කියව ඉඳල ටික වෙලාවකට කලින් ශීට් එක කඩලා නිදාගත්ත නිසා කේෂ් කෙල්ල දිහා බල බලම හිමින් ගේ ලඟට ගෙනාවේ කෙල්ල ඇහැරෙයි ද හිතමින්..

හිමින් ගේ ලඟින් නවත්තලා කොල්ලා මුලින්ම බහැලා ගිහින් යුමීගේ අම්මට කතා කලා..

” අම්මා දොර ටිකක් අරිනවද.. “

” ආ පුතා එන්න..මන් ඒත් බැලුවා පරක්කූ මොකෝ කියලා.. “

අම්මාගේ පස්සෙන් මනුජ වගේම , අමායත් ආවා..

” පරක්කු වෙන්නේ නැත්ද ඉතිම්.. “

මනුජ එහෙම කියන්න යනකොටම කේෂ්..

” කටවහපන් යකෝ.. 😏😏 “

කේෂ් එහෙම කියලා රවපු රැවිල්ල මනුජ කට වහගත්තේ යන්න ගිය හිනාව තද කරගනිමින්..

” අම්මා නංගී නිදී මම කාමරෙන් තියන්න ද අරන් ගිහින්.. “

“ඕක අහන්නත් දෙයක්ද ලමයෝ.. කෙල්ලට අමාරු ඇතී මේ ටිකේම හරී හැටි රෙස්ට් එකෙක් නෑනේ.. “

” හරී අම්මා මන් එක්කන් එන්නම්..”

කේෂ් යනකොටත් කෙල්ල අත් දෙකත් මූනෙන් උඩට තියාගෙන සැපට නිදී.. කේෂ් හිමින් යුමීගේ නලලට කිස් එකක් දීලා කෙල්ලව අත් දෙකට ගත්තේ මලක් තරම් පරිස්සමින්..

එහෙම්ම හරහට අරන් උඩ තට්ටුවේ තියන යුමීගේ කාමරේ ඇඳෙන් තිබ්බේ හරිම පරිස්සමෙන්..

කොල්ලා එන්න යනකොට යුමී කොල්ලගේ අතින් ඇද්ද පාර කේෂ් ගිහින් නැවතුනේ යුමිගේ ඇඟ උඩ..

” හොර කෙල්ල නිදි වගේ හිටියා නේද.. මගේ කොන්ද කැඩෙනවා මේකී ව උස්සන් ඇවිල්ලා.. ඒ මදිවට මේ ඇද්ද ඇදිල්ලට හැම පාට් එකක්ම ඇදිලා ගියාද මන්දා.. “

කේෂ් එහෙම කියලා නැගිටින්න යනකොටම.. යුමී කේෂ්ගේ මූනෙන් අල්ලලා කේෂ් ගේ තොල් සිප ගත්තේ පලවෙනි වතාවට උමතුවෙන් මෙන්..

ටික වෙලාවක් සිප ගැනීමෙන් පස්සේ යුමී හිමින් අහක බලාගත්තේ ලැජ්ජාවෙන්..

” අම්මීයෝ මේකීගේ ලැජ්ජාව.. 😳 දැන් ටිකකට කලින් වුන දේ ආයේ බැරිද දන්නෙ නෑ..”

” අනෙ යනවා මෝඩයෝ යන්න.. “

යුමී කේෂ් ව තල්ලූ කරත් කේෂ්ගේ හැඩි දැඩි ශරීරේ එක්ක යුමීට හැරෙන්නවත් බැරි වුනා..

යුමීට සිප ගත්ත එක මෝඩකම කියලා හිතුන නිසා කෙල්ල අහක බලාගෙනම හිටියා..

” ආ මේකී බලහන්කෝ.. යන්න ගිය මාව නවත්තගෙන ඒ මදිවට මාව අවුස්සලා දැන් යන්නලූ.. එහෙම කොහොම යන්නද සුදු නෝනා.. මොකෝ කියන්නේ.. ආ “

කේෂ් එහෙම කියලා යුමී දිහා බලලා මනමාල බැල්මක් දාලා ඇහැක් ගැහුව්වේ යුමීගේ මුලු වතම හිරි වට්ටමින්..

” අනේ යනවා යන්න අම්මී එයි.. “

” ආ දැන්ද නෝනට ඒක මතක් වුනේ ආ.. 😏 මේකී මාව අවුස්සලා මෙතන දෙනවා දෙකක්..”

එහෙම කියලා කේෂ් ඇඳෙන් නැගිටලා..

” හූ හූ.. “

කෙල්ල ඇඳ උඩ ඉඳගෙනම කොල්ලට දිව දික් කරලා හු කිව්වා..

” දැන් ඔහොම මට කින්ඩිය දාන්නකෝ මගේ වස්තූ කැටේ.. අල්ලගන්නම් මන් තෝව..”

” අල්ලයි මගේ නැට්ට.. “

කෙල්ල ආයේම කොල්ලට ඇද කලේ කේෂ් ව අවුස්සන්න..

” නැට්ටෙන් නෙවේ කොහෙන් හරී මම අල්ලගන්නම්කෝ හඩ්ඩී දැන් ගිහින් වොශ් දාලා දොයියන්න.. මන් හවසට එන්නම් ඩොක්ටර් ලඟට යන්න.. “

” හුම්ම්.. මෙයා බලන්නකෝ.. 😏😏 හා හා.. “

කෙල්ල එහෙම කියලා හිමින් බැහැලා ඇද උඩ ඉදගත්තා..

” මම යනවා එහෙනම් වස්තූ කැටේ.. “

” අනේ ඉන්නකො මම ඇඳුම් මාරූ කරන් එනකන්.. “

” ආ එන්නකෝ එහෙනම් ඉක්මනට.. “

කේෂ් එහෙම කියලා යුමීගේ ඇඳෙන්ම නිදාගත්තේ ගතට දැනුන වෙහෙස නිසා..

යුමී ඇඟ හෝදගෙන අම්මා මහල දුන්න ගවුමකුත් ඇදගෙන කාමරේට ආවේ කේෂ් ට කතා කරගෙනමයි..

හොදට නිදාගෙන ඉන්න කොල්ලව දැක්කම යුමිට තවත් ආදරේ වැඩී වුනා..

ඒ නිසාමයි කෙල්ල හිමින් පහත් වෙලා කේෂ්ගේ නලල සිපගත්තේ ආදරෙන්..

ඒ දැනුන සීතල ස්පර්ශය නිසා කේෂ් හිමිට ඇස් ඇරලා හදක් වගේ පේන කෙල්ලගේ මූන දිහා බලන් හිටියේ ආදරෙන් ..

” අම්මෝ මේකී ලඟ සුවද.. “

” එහෙම තමා ඔය හඩ්ඩෝ වගේ නෙවේ අපී.. “

යුමී කිව්වේ හිනැහෙමින්

” ආ ඇත්තද තොට මම.. “

එහෙම කියලා කේෂ් නැගිටලා යුමීව අතින් ඇදලා අරන් කේෂ් ගේ ඔඩොක්කුවෙන් ඉන්දවගත්තේ බලෙන් වගේ..

ඊට පස්සේ හිමින් කෙල්ලගේ උරහිසට නිකට තියලා යුමීගේ බෙල්ල සිප ගත්තේ ආදරෙන්..

” යන්න හිතෙන්නේ නෑ මේ කෝළම දාලා.. “

” ඉතින් ඉන්නකෝ.. “

” එහෙම බෑනේ වස්තූ කැටේ.. ඉක්මනට හැමදාම ඉන්න හදාගමුකෝ.. 😍😍”

” ම්ම්.. හාකෝ.. ඒත් මටනම් හදිසීයක් නෑ.. 😏 “

යුමී කිව්වේ බොරුවට රවමින්..

” ඒ වුනාට මට හදිස්සීනේ.. 😏 “

එහෙම කියලා කෙල්ලව සිපගෙන කාමරෙන් එලියට ආවේ ආයෙම යුමි දිහා බලන ගමන්..

කාලය හීයක වේගෙන් ගෙවිලා ගියේ යුමී ගේ තුවාල සුව අතට හරවමින් සියලු දේ යතාතත්වයට පත් කරමින්..

#දින_කිහිපයකට_පසූ

දින කිහිපයක් ගෙවිලා ගියේ යුමීගේ කේෂ්ගේ එහෙම නැත්නම් #ඩම්බෝ #කූනිච්ච්ගේ ආදරේ වැඩි කරමින්..

” අම්මා මම යනවා එහෙනම්.. “

යුමී එහෙම කියලා තනි සුදු ගවුමත් ඇඳගෙන එලියට යන්න හැදුවේ ඩිශාන්ගේ හත් දවසේ දානෙටවත් එහෙට යන්න ඕනේ නිසා.. මොකද මේ දවස් ටිකට තුවාල සුව වෙනකන් අම්මවත් , කේෂ් වත් කෙල්ලට එලියට බහින්න දුන්නේ නෑ..

” පරිස්සමෙන් යන්න දෝනි.. ආයේ ආයේ මම කියන්න ඕනේ නෑනේ.. “

යුමී මේ ගමන යනවා කිව්ව වෙලේ ඉදලා යුමීගේ අම්මා ගේ උපදෙස් ගොන්නක් ලැබුනේ වුන සිදුවීම් එක්ක..

” එසේය මෑනියනී.. “

එහෙම කියලා කෙල්ල ඔලුව පහත් කරලා දීපිකාට ආචාර කලාම දීපිකා කෙල්ලට රැව්වේ මෙ ගමන යනවට දීපිකා කැමති වුනේ නැති නිසා.. කේෂ් කිව්ව නිසා අකමැත්තේන් වුනත් කැමති වුනේ කේෂ් යන නිසා..

” ලැස්තිද.. “

එහෙම කියාගෙන එතනට ආවේ කේෂ්..

” ඕ.. 😎😉😉”

යුමී එහෙම කිව්වේ දඟකාර විදියට..

සුදු දිග ගවුමට කොන්ඩේ හයි පොනිටේල් එකක් දාලා කෙල්ලගෙන් දිස් වුනේ වෙනස්ම ලස්සනක්..

කේෂ් නිල් ඩෙනිමට අත් දිග සුදු ශර්ට් එක ඇඳලා අත නවලා , ගානට කපපූ රැවුල එක්ක , වැක්ස් කරපූ කොන්ඩේ ගෙනාවේ අමුතුම ලස්සනක්. . ❤️❤️

මේ දෙන්න දිහා අම්මා බලන් හිටියේ ආදරෙන් ..

” දෙන්නා එක්ක පරිස්සමෙන් ගිහින් එන්න.. “

දීපිකා එහෙම කිව්වම යුමී වගේම කේෂ් දන ගහලා වැදලා එලියට ගියේ හිනැහෙමින්..

යුමීගේ කියවිල්ල එක්කම ඩිශාන්ලගේ ගෙදරට ලං වෙනවා දෙන්නටම දැනුනේ නෑ..

ඈතින් පේන ගාම්භීර ගෙදර දැක්කම යුමීගේ හිත ගැස්සිලා ගියේ මහ අසාමන්‍ය විදියට..

අමුතු මූසල හැඟීමක් හිතට දැනුනත්… තමන් කිසිම දෙයකට දුක් වෙන්න ඕනේ නෑ කියලා යුමීටම හිතුනා..

කෙල්ල කොල්ල එක්කම කතාවක් නැතුවම ගෙට ඇතුල් වෙනකොටම දිස්නා කෙල්ල ලඟට ඇවිල්ලා..

” අනේ මගේ දූ ආවාද.. “

එහෙම කියලා කෙල්ලව බදාගෙන සිපගත්තේ ආදරෙන් ..

කේෂ් ගෙත් ඔලුව අත ගාලා..

” තැන්කිව් පුතා කෙල්ලව එක්කන් ආවට.. “

” ආ ඕකට මොකටද ආන්ටී තැන්කිව් කියන්නේ..”

” එන්න දෙන්නා එක්ක ඇතුලට.. “

එහෙම කියලා යුමී එක්ක දිස්නා ඇතුලට යන්න යනකොටම ඩිශාන්ගේ මල්ලී කෙල්ල ලඟට ඇවිල්ලා කෙල්ලව බදාගෙන අඬන්න ගත්තේ මහා හයියෙන්..

ඒක දැක්ක කේෂ්ගෙ අත මිට මෙලවුනේ සුපුරුදු කේන්තියෙන්..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

• මොනවා වෙයිද කේෂ් කෙන්තී ගනීද? යුමී මොනවා කරයිද..

• ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා වස්තුලා..


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Saduni Mal Kumari Pathiranage මගේ අක්කී තැන්කිව්..
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

බලන් හිටියා බොහො කාලයක්
නැවත ඔබ පැමිණේන තුරා
මතකේ තිබුනා බලපු හැම වදනක්ම පිරිලා
දැනේන සතුටක් කියාන්නට වදන් ගලපන්නට බැරුවා

ලෙඩත් සුව වී නැවත ඔබ එන තුරා මග බලන් සිටියා
කීනිච්ච් ඩම්බෝ නැතුව ලොකු පාලුවක් දැනුනා
ලොවක් රකිනා සියලු දෙව්යන් සිහි කරලා
ඉල්ලා ඉන්නේ නුඹ රකින්නට දිවෙස් හෙලලා

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
➡️➡️ හමුවෙමු තවත් කොටසකින්

#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

අද කතාව කොහොමද ?
+1
1
+1
102
+1
6
+1
1
+1
2
+1
1
+1
2

544 COMMENTS

  1. I do consider all the ideas you’ve introduced in your post.
    They’re very convincing and can certainly work. Nonetheless, the posts are very quick for newbies.
    May you please extend them a bit from subsequent time?
    Thank you for the post.

    Here is my web-site – fahl.uk

  2. I loved as much as you’ll receive carried out right
    here. The sketch is tasteful, your authored material stylish.
    nonetheless, you command get got an nervousness over
    that you wish be delivering the following. unwell unquestionably come
    further formerly again since exactly the same nearly very often inside case you shield this hike.

    Feel free to visit my blog post – http://www.donedealnepal.com

  3. Hi! I understand this is kind of off-topic
    however I had to ask. Does operating a well-established blog such
    as yours take a lot of work? I’m brand new to operating a
    blog however I do write in my journal daily. I’d like to start a blog so I can share my own experience and thoughts
    online. Please let me know if you have any suggestions or tips for
    new aspiring bloggers. Thankyou!

    Also visit my web site; nairacircle.com

  4. We are a gaggle of volunteers and starting a brand new scheme in our community.

    Your website offered us with valuable information to work on.
    You’ve done a formidable job and our whole community can be grateful to you.

  5. You really make it appear really easy with your
    presentation but I to find this topic to be actually one thing that I believe
    I’d by no means understand. It kind of feels too complicated and extremely wide for me.
    I am looking ahead for your subsequent publish,
    I’ll try to get the grasp of it!

    My blog post :: http://www.nairacircle.com

  6. Do you have a spam problem on this website; I also am a blogger, and I was wondering your situation; many of us have
    created some nice practices and we are looking to exchange
    solutions with other folks, be sure to shoot me an e-mail if interested.

    Also visit my homepage – Norman

  7. Good day! This is kind of off topic but I need some guidance from an established blog.
    Is it difficult to set up your own blog? I’m not very techincal but I
    can figure things out pretty quick. I’m thinking about creating my own but I’m not sure where to start.

    Do you have any tips or suggestions? With thanks

  8. Woah! I’m really loving the template/theme of this website.
    It’s simple, yet effective. A lot of times it’s very difficult to get that “perfect balance” between usability and appearance.
    I must say you’ve done a amazing job with this.
    In addition, the blog loads very fast for me on Chrome.
    Exceptional Blog!

    my blog post; scr888 918kiss (https://918kiss-m.com/blog/winning-strategy-for-online-gambling)

  9. I have to thank you for the efforts you have put
    in penning this blog. I am hoping to see the same high-grade blog posts by
    you in the future as well. In fact, your creative writing abilities has inspired me to get my very own site now 😉

    Here is my site … 918kiss jackpot

  10. Wow! This blog looks exactly like my old one! It’s on a entirely
    different topic but it has pretty much the same layout and design. Wonderful choice of
    colors!

  11. I just couldn’t depart your site prior to suggesting that I actually enjoyed the standard information a person supply for your guests? Is gonna be back regularly in order to inspect new posts.

  12. Have you ever considered about including a little bit more than just your articles? I mean, what you say is fundamental and everything. However think about if you added some great pictures or video clips to give your posts more, “pop”! Your content is excellent but with images and video clips, this website could undeniably be one of the best in its field. Wonderful blog!

  13. I was wondering if you ever thought of changing the layout of your blog? Its very well written; I love what youve got to say. But maybe you could a little more in the way of content so people could connect with it better. Youve got an awful lot of text for only having one or 2 images. Maybe you could space it out better?

  14. I blog often as well as I really appreciate your web content. This fabulous blog post has genuinely peaked my curiosity. I am likely going to book mark your online site and keep looking for new details concerning when a week. I opted in for your RSS feed additionally.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here