මගේ දෙවන මනමාලයා ඔහුයි – 43 කොටස

0
736

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

43 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆

ගලක් වගේ කේෂ් හෙලවෙන්නේ නැතුව හිටියේ.. කෙල්ල මේ හදන්නේ තමන්ට මොනවාම හරි දෙයක් කියන්න කියලා දැනුන නිසා..

යුමී තාමත් නිහඬවම කේෂ්ගේ පිටට මූන තියාගෙන ඉන්නවා..

කේෂ් ගේ කේන්තිය ටික ටික නිවුන නිසා කේෂ් හිමින් කෙල්ලගේ පැත්තට හැරිලා , යුමීව පපුවට තද කරගත්තේ ආදරෙන්..

” අයියේ.. “

” කියන්න වස්තූ කැටේ.. “

” මට හිතට මහ බයක් දැනෙනවා.. “

” ඒ මොකද පණ ඒ. . “

” කේන්තී ගන්න එපා මම කියන්නම් හැම දේම..”

” මට කේන්තී යන්නේ මගේ වස්තූ කැටේ මට මුකුත් නොකියා ඔහොම තනියම හූල්ලනකොට.. මොනවද දැන් මගේ කූනිච්ච් කියන්න යන්නේ .. හුම්ම්.. “

කොල්ලා කෙල්ලගේ ඔලුව අත ගාන ගමන් ඇහුව්වේ හිමින්..

” මේකයි අයියේ මට ඩිශාන්ලගේ ගේ දැක්ක වෙලේ ඉදන්, ඩිශාන්ගේ රූපෙට මල් මාලයක් දාලා ඉන්න විදිය දැක්ක වෙලේ ඉදන් හිතෙන්නේ මම නිසා එයාලා මැරුනා වගේ හැඟීමක්.. දුශාන් අඬනකොටත් මට හිතුනේ එහෙම.. අනික මට එයාලව මරන්න ඕනේ වුනේ නෑ අයියේ.. මට ඕනේ වුනේ එයාලට පාඩමක් උගන්නන්න…එත් මිනීමැරුමක් කලා වගේ හැඟීමක් මට දැන් දැනෙන්නේ… අනික අර උසාවිය ලඟ කොල්ලා කිව්ව කතාව මට තාම කන් වල දෝංකාර දෙනවා.. මට ඕනේ වුනේ නෑ අයියේ.. මම කවදාවත් හිතුවේ නෑ එයාලට මෙහෙම වෙයි කියලා.. “

යුමී ඔහේ කියවගෙන කියවගෙන යනවා.. කේෂ් ඔක්කොම අහන් ඉදලා කෙල්ලව එක්කගෙන ආයෙම බංකුවේ වාඩි වුනේ යුමිව පපුවට තවත් තුරුල් කරගනිමින්..

” අහන්නකෝ මගේ වස්තු කැටේ.. “

” ම්ම් කියන්න අයියේ.. “

” ඔයාට ඔහොම හිතෙන එක සාදාරනයි.. අපි කවුරුත් නොහිතපූ දෙයක්නේ ඒ වුනේ ඒ නිසා.. ඒත් ඔයා මේ මරණ වලට වග කියන්න ඕන නෑ පණ .. මොකද ඔයා බෝම්බ සෙට් කලේ නෑනේ ඒ නිසා.. අනික ඒ නැති වුනේ හොද මිනිස්සු නෙවේ .. දැන් මගේ වස්තූ කැටේ ඔහොම හිත හිත දුක් වෙන එකෙන් කාටවත් හොදක් වෙන්නේ නෑ.. ඒ නිසා ඒ සිද්ධිය එකපාර නැතත් අපි හිමින් හිතෙන් අයින් කරගමූ.. දැන් නිකං වොරි වෙන්න එපා .. කෝ ඉස්සර හිටිය චන්ඩි කෙල්ල මගේ එයා ඔහොම වැටුනෙ නෑ කවදාවත් ඔයා දන්නවද මගේ වස්තූ කැටේ මන් ඒ කෙල්ලට ආදරෙයි #මේ_හදවත_පැලෙන්න.. “

කේෂ් මෙහෙම කතා කරයි කියලා යුමී කීයටවත් හිතුවේ නෑ.. මේ කොල්ල නම් මහ පුදුම ගති තියෙන අරුම පුදුම ජීවියෙක් කියලා කෙල්ලට හිතුනේ..

” ම්ම්.. හරි මගේ ඩම්බෝ 😉 “

යුමී හිනා වෙලා එහෙම කිව්වේ කේෂ් කිව්ව හැම වචනෙකම ලොකු ආදරයක් එක්ක , ඒ හැම කතාවක්ම ඇත්ත නිසා..

” අන්න ඔහොම ඉන්න වස්තූ කැටේ.. මට ඔයාගෙන් දෙයක් අහන්න තියනවා.. “

” ම්ම්ම් .. කියන්න අයියේ.. “

” ඩිශාන් අතින් මොනා හරි… “

කේෂ් ට එච්චරයි කියන්න හම්බුනේ යුමී කේන්තියෙන් කේෂ් ලඟින් අයින් වුනේ අත් දෙකත් බැදගෙන මුහුද දිහා බලාගෙන..

” මම දාගන්න ලෙඩ.. අයියෝ මේකීට යක්ශ වශන් එක ක්‍රියෙට් වෙලා.. දැන් ඉතින් යාලු කරගනින්කෝ ශාන්ත.😂”

කේෂ් තමන්ටම කියාගෙන කෙල්ල ලඟට ගිහින් හිමින් උරහිසට අත තිබ්බා. .

යුමී තිබ්බ කේන්තියෙන්ම අත ගසලා දාලා කේෂ් දිහා බැලුවේ කේෂ් ව දවා හලූ කරන බැල්මක්..

” අනේ ඉතින් අප්පා සමාව භාජනය කරන්න මා ප්‍රිය දේවිය, මාගේ මේ මැටි සහිත මොලයට අමතක වුනි ඔබ තුමිය ගීරී යකාගේ නැගනිය වග..”

කේෂ් එහෙම කිව්වේ අත් දෙක බැදගෙන ඔලුව චුට්ටක් නවාගෙන.. ඒ කිව්ව ගමන් කෙල්ල හිර කරගෙන හිටිය හිනාව එලියට පැන්නේ බකස් ගාලා.. එහෙම්මම කේෂ්ට ගහන්න අත උස්සනකොට කේෂ් දුවන්න ගත්තේ යුමීව හතී වට්ටමින්..

යුමී එහෙම්ම නැවතිලා හති අරින්න ගත්තේ ඇඟට දැනුන වෙහෙස නිසාමයි…

” මම ස්කූල් එකේ ඕනවටත් වඩා දුවලා තියනවනේ ඇයි මෙහෙම වෙන්නේ.. ඇගට තාම ෆිට් එකක් නෑ.. “

යුමී එහෙම හිත හිත බලන්නේ කේෂ් දිහා..

කේෂ් අත් දෙකත් බැදගෙන ඈතට වෙලා හිනා වෙවී ඉන්න විදිය දැක්කම කෙල්ලගේ හිතට නව පනක් එනවා.. ඒ නිසාමයි කෙල්ල කේෂ් ඉන්න තැනට දුවගෙන ගිහින් කොල්ලගේ පපුවට ගහගෙන ගහගෙන ගිහින් කොලර් එකෙන් අල්ල ගන්නේ..

” තමුසේ කොහොමද මිනිහෝ හිතුවේ මම ඔය ඩිශාන් කාරයා එක්ක නිදිය ගනී කියලා.. පිස්සූ හැදීගෙන එනවද.. ඌගේ හොර අල්ලලා හොද වැඩක් කරන්න බැන්දා මිසක් මට ඌ එක්ක නිදා ගන්න ඕනේ වුනේ නෑ.. 😏😏😏 .. බැන්ද දවසෙවත් එක රූම් එකේ නොහිටිය මගෙන් අහනවනේ.. අනේ අම්මපා ඇත්තට.. 😏😏 “

එහෙම කියලා කෙල්ල කොල්ලගේ පපුවට ගහගෙන ගහගෙන ගියේ වේගෙන්..

” හරී හරී යක්ශනියේ ආව්.. මාව මරන්නද හදන්නේ.. 😏😏 සමාවෙන්න කිව්වනෙ.. “

යුමී ඒත් එක්කම කොල්ලගේ ශර්ට් එකේ උඩ බට්න් එකෙන් නිරාවරනය වෙලා තියෙන පපුව හැපුවේ කේන්තියෙ. .

” ආ මට යක්ශනී කිව්වා නේද.. ආයේ කියනවාකෝ බලන්න.. 😏😏 “

” ඉතින් මන් කිව්ව කතාව ඇත්තනේ දැන් මිනී මසුත් කන්න හැදුවේ යක්ශනී නිසානේ.. “

එහෙම කියනකොටම කොල්ලට ගහන්න යනකොට කේෂ් අත් දෙකෙන් ඔලුව අල්ලන් කෑ ගැහුව්වේ..

” බුදු අම්මෝ මෙන්න මේ යකින්නී මට ගහනවා.. “

එහෙම කියනකොටම කෙල්ල ගහන එක නවත්තලා කේෂ් දිහා බලන් හිටියේ රවමින්.. මුහුද පැත්ත හැරුනෙත් යුමී ඒ කේන්තිය එක්කමයි..

කේෂ් හිමීට කෙල්ලගේ බඩ මැද්දෙන් අත දාලා බෙල්ල ලඟින් මූන තියා ගත්තේ ආදරෙන්.. මේ එක ස්පර්ශයකට යුමීගේ කේන්තිය කොහෙන් ගියාද කියලා යුමීටවත් හිතා ගන්න බැරි තරම් .. ඒ නිසාමයි කෙල්ල ඒ පහසට නතු වුනේ..

ඈත පේන අහස, තරු , අන්දකාරී රාත්‍රිය මේ පෙම්වතුන් දෙපලට අමුතුම හැඟීම් ගෙන දෙන්න පුලුවන් වුනා..

ටික වෙලාවක් ඔහොම ඉන්නකොට එක පාරටම දෙන්නගෙම දැහැන බිඳුනේ කේෂ්ගේ ෆෝන් එක මහ හයියෙන් නාද වුන නිසා..

ෆෝන් එකේ සඳහන් වුනේ මනුවා කියලා..

” හරිනේ දැන් ඉදලා ඉවරයි.. “

කේෂ් එහෙම කිව්වේ යුමී දිහාවට ෆෝන් එක පෙන්නමින්..

” කියපන් මනුවා.. “

” ආ අම්මා .. ඔව් මේ දැන් එන ගමන්.. නෑ අම්මා මේ කෙල්ලට ගෝල්ෆේස් එක පේන්න බෑනේ ඉතින් ටිකක් නැවැත්තුවා. අපි මේ දැන් එන්න හදන්නේ.. හරී අම්මා බුදුසරණයි .. “

අම්මා කතා කලේ කියන්න හොදටම පැහැදිලී කෙල්ලට.. ඒ කියන්නේ අයියගේ ෆෝන් එකෙන් ගත්තා කියන්නේ අක්කලා ඇවිත් කියන එකයි…

” අපි යමු .. “

කෙල්ල එක වරම එහෙම කියනකොට කේෂ් කෙල්ල දිහා බැලුවේ ඇහි බැමි දෙක එකට ලං කරලයි. .

” අනේ යමූකෝ අප්පා ඔහොම බලන්නේ.. 😏😏 “

” එකපාර ඔහොම යමු කියනවද යකූ.. ෆුල් රොමැන්ටික් සීන් එකේ ඉන්නකොට… 😏😏 “

කේෂ් කිව්වේ බොරුවට රවමින්..

” අක්කීලා ඇවිල්ලා ඉන්නේ අනේ යමුකෝ.. “

කෙල්ල එහෙම කියලා කේෂ්ගේ අතින් ඇද්දේ පොඩි එකෙක් තාත්තගේ අතින් අදිනවා වගේ..

ඒත් ඒ හැඩි දැඩි සිරුර හොලවන්නවත් යුමීට පුලුවන් වුනේ නෑ.. කේෂ් කෙල්ලව එහෙම්ම ඇදලා අරන් පපුවට තුරුල් කරගෙන නලල සිප ගත්තේ ආදරෙන්..

” ම්ම්.. දැන් යමූ. . “

එහෙම කියලා කේෂ් කෙල්ලගේ කරට අත දාගෙන කාර් එකට ගියේ යුමීගේ එක එක කෝලම් කතා අහගෙන හිනා වෙමින්..

දෙන්නා එක්ක ඔහේ කියව කියව යනකොට එක පාරටම මහ වැස්සක් කඩාගෙන වැටුනේ ගෙවල් වලට ගොඩක් මෙහායින් තියන රබර් කැලයක් ලඟදී.. ඒත් එක්කම කේෂ්ගේ කාර් එක නැවතුනේ කරගන්න දෙයක් නැති වෙමින්..

දෙපාරක් තුන් පාරක් ස්ටාට් කරන්න හැදුවත් ස්ටාට් නොවුන නිසා කේෂ් කේන්තියෙන් ස්ටියරින් වීල් එකට ගැහුව්වේ එලියේ හොදටම වහින නිසායි..

” එක පාරට මොකද මේ වුනේ අයියේ.. “

කෙල්ල ඇහුව්වේ වුන දේ හිතා ගන්න බැරුවයි..

” අනේ මන්දා ඔයා ඔහොම ඉන්නකෝ වස්තූ කැටේ මම බලන්නම්.. “

” ම්ම්.. පරිස්සමෙන් මේකේ කුඩයක් ☔ වත් නැත්ද මට හරී කුඩේ අල්ලන්න තිබ්බා ඔයාව තෙමෙනවනේ.. “

” මේකේ තිබ්බ කුඩේ එදා මම ගෙදර යනකොට ඉහලන් ගිහින් එහෙම්මම දාන්න අමතක වුනානෙ.. කමක් නෑ ඔයා ඔහොම ඉන්න මන් බලන්නම්.. “

එහෙම කියලා කොල්ලා නාකපන වැස්සෙම එලියට ගිහින් බැලුවා. . ඒත් තත්පර විනාඩි වලට පෙරලිලා විනාඩී පහලවකුත් ගියාට පස්සෙ යුමී කාර් එකේ දොර ඇරන් එලියට බැස්සේ කේෂ්ව බොනට් එක ඇරලා නිසා පේන්නේ නැතී බැවින්..

කෙල්ල බැහැලා යනකොටත් කොල්ලා තෙමීගෙනම කාර් එක හදන්න උත්සහා කරමිනුයි හිටියේ..

ඒත් එක්කම කෙල්ල දැක්කේ පිටිපස්සෙන් පොල්ලක් උස්සගෙන එන මිනිහෙක්ව..

” නිකේෂ්.. ඔන්න ඔය පිටිපස්සේ.. “

කියල කෑ ගහනකොටම කොල්ලා පිටිපස්ස හැරිලා බැලුවේ ඒ මිනිහා පොල්ලෙන් ගහන්න ඔන්න මෙන්න තියෙනකොටයි..

ඒත් එක්කම තවත් හතර පස් දෙනෙක් ඇවිල්ලා කොල්ලට ගහනකොට , කොල්ලත් ප්‍රති ප්‍රහාර එල්ල කලේ පුරුදු කාරයෙක් මෙන්..

ඒත් එක්කම කෙල්ලගේ බෙල්ලට පිහියක් පිටිපස්සෙන් තියලා කේෂ්ට එක මිනිහෙක් කෑ ගැහුව්වේ කේෂ්ව අඩපන කරන්න හිතාගෙන..

” අපේ උන්ට ගහන එක නවත්තපන්.. නැත්නම් මේකීගේ බෙල්ල වෙනම , මේ සිවීට් ඇඟ වෙනම ගෙනියන්න වෙන්නේ.. “

ඒ මිනිහා කිව්වේ මහා අප්‍රසන්න විදියට හිනැහෙමින්. 😏😏

ඒත් මේ කිසි කෙනෙක් යුමීගේ තරම නොදන්න නිසා තමයි මෙහෙම කතාවක් කිව්වේ..

කේෂ් යුමීට ඇස් වලින් කිව්ව දේ තේරුම් අරන්, කේෂ් ට ඇස් වලින්ම කිව්වේ එල කියලයි..

එහෙම්ම අර පිහිය අල්ලන් ඉන්න අත යුමී එක අතකින් අල්ලලා පහතට දාලා හැපුවේ කටට ලේ රහක් එනකන්ම ඌට උන් හිටි තැන් අමතක වෙන්නයි..

එහෙම්ම ඒ මිනිහාගේ අනාගතේ අදුරු වෙන්න ශොට් එකක් දුන්න යුමී කේෂ් ගේ පැත්තට හැරෙනකොටම කේෂ් ඒ වෙනකොට හිටිය හතර පස් දෙනෙක්ටම දුවන්න දීලා ඉවරයි ..

යුමී ගහපු මනුස්සයත් පස්සවත් නොබලා දුවන්න ගත්තේ කොර ගහමින්..

කේෂ් කෙල්ල ලඟට ඇවිල්ලා පහක් දැම්මේ ඇස් වලින් නියමයි කියන ගමන්..

ඒත් එක්කම කේෂ්ගේ ඇස් එක්ක යුමීගේ ඇස් පැටලුනේ හරීම ඉක්මනින්..

හොදටම තෙමිලා ඉන්න යුමීගෙ ඇඟේ සියුම් කෝමල රේකාවක්ම පේන්න ගත්තේ කේෂ්ගේ හැඟීම් අවදි කරමින් ..

කේෂ් එහෙම්ම කෙල්ල ලඟට ගිහින් කාර් එකේ දොරට හේත්තූ කරගෙන දෙතොල් සිප ගත්තේ උමතුවෙන්..

යුමී හිමින් කොල්ලගෙන් අයින් වුනේ තාමත් දෙන්නම වැස්සේ තෙමෙමින් ඉන්න නිසා..

කේෂු ත් ඔලුව කසමින් වුනේ වැරැද්දක් නිසා ඩ්‍රයිවිං ශීට් එකට නැග්ගේ කෙල්ලවත් ඉස්සරහින් නගින්න ඉඩ හදමින් ..

” මොකක්ද මේ වුනේ අයියේ කව්ද ඒ මිනිස්සු.. “

” මටත් හිතා ගන්න බෑ.. ඔයාට මතක ද අර ඔයා හොස්පිටිල් ඉන්නකොට මූණ වහගෙන ආව මිනිස්සූ මම හිතන්නේ මේ උන්ද කියලා.. මොකද මගේ එක්ක තරහා සෙට් එකක් ඉන්නවා මන් අර ලොකු ඩීල් එකකට අත ගහපු නිසා.. ඕක සයින් කරන්න කලින් මට කෝල් ආවා. . අපි බලමුකෝ .. මම හොයාගන්නම්.. “

” ඉතින් අපි ඒක පොලිසියට කියමුකෝ.. “

” හරි ඉන්ෆෝමේශන් එකක් නැතුව මුකුත් කරන්න බෑනේ.. දැන් ඕක අමතක කරන්න වස්තූ කැටේ මම බලාගන්නම් හැම දේම.. මගේ කෙල්ල ඔක්කොටම වඩා චන්ඩීනේ.. අම්මේ මගේ වාසනාවට ඔයාව හම්බුනේ හොටු පෙරාගෙන අඬන ජාතියෙ වුනානම් මන් ඉවරයි අද.. ඒත් එපා කියලා තියෙද්දීත් මොකටද මැට්ටී බැස්සේ.. “

කේෂ් ඇහුව්වේ තෙමුන නිසා සීතලේ ගැහි ගැහී ඉන්න කෙල්ලගේ කන් පෙත්තක් හීමීට මිරිකන ගමන්..

” මන් බැස්සේ නැත්නම් මෙයා ඉදී අද හුම්ම් .. “

කෙල්ල රව රව කිව්වේ ඈත බලමින්
. .

” හා හා ඉතිම් … ඒක නෙවෙ පන මොකක් හරි සීන් එකක් වෙලා වාහනේට.. මනුවට කෝල් එකක් අරන් කියමූ .. “

එහෙම කියලා කේෂ් කෝල් කරනකොට දැක්කේ බැට්රි ඩෙඩ් වෙලා ඕෆ් වෙන්න ඔන්න මෙන්න කියලා..

” හෙලෝ මනුවා ෆෝන් එකේ බැට්රි නෑ.. මේ වාහනේ නැවතුනා රබර් වත්ත හරියෙදී.. “

මනුජ එහෙන් එන්න විදියක් නෑ ඔහොම කාර් එකේ හිටපන් කියනකොටම කට් වුනේ කේෂ්ගේ ෆොන් එක ඕෆ් වෙමින්..

” මොකෝ කියන්නේ අයියා.. “

” උගෙත් වාහනේ මොකක්දලූ එන්න වෙන්නේ නෑලූ.. අපරාදේ මට අපේ ගෙදරට ගන්න තිබ්බේ.. ශිට්.. මේක ඕෆ් වුනානේ.. අහ් ඔයාගේ ෆෝන් එක දෙන්නකෝ වස්තූ කැටේ.. “

” ඔයා එක්ක යන නිසා මම ඒක දාලානෙ ආවේ.. “

” අහ් ශෝක් එහෙනම් එලි වෙනකන් මෙතන තමා ඉන්න වෙන්නේ.. “

” අනේ අප්පා එතකොට මේ තෙත ඇඳුම පිටින්.. “

“ඉන්නකෝ මම හීට් එක ඔන් කරන්න.. හිමිට පිටි පස්සට ගිහින් ටිකක් නිදාගන්න තව පැය කීයද එලි වෙන්න තියෙන්නේ.. “

” ඔයත් එන්නකො මට බෑ තනියම ඉන්න.. “

” එන්නම් හැබැයි වෙන ඒවට වග කියන්න මට බෑ වස්තූ කැටේ.. “

” අනේ ඔයා හොද නෑ එන්නකෝ අප්පා… “

කෙල්ල එහෙම කියලා කේෂ් එක්කම පිටිපස්සට ගිහින් ශීට් එකට හේත්තූ වුනා..

මේ සීතල රාත්‍රීයේ තාපසයෙක් වගේ ඉන්න කේෂ්ට බැරි වුනේ කෙල්ල කිරි ගරුඬයක් වගේ ඉන්න නිසා..

දෙතොල් වලින් ආරම්භ වුන සිප ගැනීම කෙල්ලගේ පපුව ලඟින් අවසන් වුනේ යුමී හැඟීම් වලට ඉඩ නොදුන්න නිසා.. කෙල්ලෙක්ගේ ගරුත්වය රැක ගන්න කෙල්ලෙක් විදියට යුමීට පුලුවන් වුනා..

එහෙම්ම කෙල්ලව පපුවට තුරුල් කරගෙන කේෂ් ඇස් පියාගත්තේ දැනුන වෙහෙස නිසා..

උදේ දෙන්නම ඇහැරුනේ කවුරුන් හෝ ජනේලෙට තට්ටූ කරන හඬ නිසා..

පිටුපස කන්නාඩි කලු පාටින් ආවරනය වෙලා නිසා එලියේ අයට ඇතුල පෙනුනේ නෑ.. ඒත් ඇවිල්ලා ඉන්නේ මනුජ කියලා කොල්ල වගෙම කෙල්ලත් දැක්කා. . ඒ නිසාමයි කේෂ් කාර් එකේ දොර ඇරලා එලියට බැස්සේ..

” ආ මස්සීනා කාර් එක ඇතුලෙම හනිමූන් එක ගිහින්ද මන්ද.. “

කේෂ්ගේ බඩට පාරක් ගහලා නිදි මතේ බැහැලා එන යුමී දිහා බලන් කිව්වේ විහිලුවට..

” අනේ පලයන් හු$% යන්න.. “

කේෂ් කුනුහර්පයක් කිව්වේ යුමී ඉන්න බවත් අමතක වෙලා..

” අයියා මට නිදි මතයි මට ඔයාගේ කාර් එකේ කී එක දෙන්නකෝ. . “

එහෙම කියලා කෙල්ල කාර් එකේ ඉස්සරහ ශීට් එක කඩාගෙන නිදා ගත්තා..

” යකෝ ආන්න බලහන් ගෑනුන්ගේ තරම.. 😏😏 “

මනුජ කිව්වේ යුමීව පෙන්නමින්..

” ඒ ගැනීගේ තරම මන් උඹට කියන්නම්කෝ.. “

එහෙම කියලා කේෂ් සියලුම විස්තරේ මනුජට කිව්වේ මේකේ අගක් මුලක් හොයාගන්න ඕනේ නිසා. .

” උඹ දන්නවනේ ඉතින් මේකීගේ තරම.. අරූ මැරිලා ද දන්නේ නැ දුන්න ශොට් එකට.. 😂😂 “

මනුජ කිව්වේ හිනැහෙමින්..

” අම්මලට ඔය වගක් කියන්න එපා මනුවා එයාලා බය වෙයි මන් මෙයාටත් කිව්වා ඒක.. “

” ඒකනම් ඇත්ත.. “

දෙන්නා එක්ක කතා කර කර ඉදලා කාර් එක හදාගෙන කෙෂ් ගෙදර ගියේ ආයෙම දානෙට යුමීව එක්කගෙන යන පොරොන්දු ව පිට..

ඊටත් පැය කිහිපයකට පස්සේ දානේ වැඩ ඉවර කරලා යුමී ගෙදර ආවේ මහන්සියෙන්.. එදා දවසත් හරි ඉක්මනින් ගෙවිලා ගියේ හැම දවසක්ම අතීතයට එකතු කරමින්
. .

#සති_කිහිපයකට_පසු..

පහු ගිය සති කිහිපයේම යුමී ෆැක්ට්‍රීයේ වැඩ එක්ක බිසී වුන නිසා කේෂ් ව හම්බෙන්නවත් වෙලාවක් තිබුනේ නැතී තරම්..

කේෂ් ටත් එහෙමයි පහු ගිය මාස කිහිපය තුල වැඩ ගොඩ ගැහුන නිසා දෙන්නට දෙන්න හම්බෙලා කාලය ගත කරන්න තරම් වෙලාවක් ලැබුනේ නෑ..

කෙල්ල වැඩ ඇරිලා ගෙදර එනකොට කේෂ්ගේ වාහනේ මිදුලේ තියනවා දැක්කම අමුතුම සතුටකින් හිත පිරුනේ කාලෙකට පස්සේ කේෂ් ව දකින නිසා..

යුමී සාලෙට යනකොට කේෂ් විතරක් නෙවේ කේෂ්ගේ මුලු පවුලම එතන හිටිය නිසා යුමී හිමීට කේෂ් ගේ අම්මා ලඟට ලං වුනේ හිනැහෙමින්..

” දූ දැන්ද ඉවර වුනේ “

” ඔව් අම්මා.. වැඩ ඉවර වුනේ දැන්.. ලමයි ඕෆ් වුනාමයි මන් ආවේ.. “

” මහන්සී ඇතී කෙල්ලට.. අපි ඉන්නවා දූ වොශ් එකක් දාගෙන එන්න.. “

කේෂ්ගේ අම්මා ශර්ධා කිව්වේ යුමීගේ ඔලුව අත ගාන ගමන්..

කේෂ් තාමත් නිකටට අත තියාගෙන කෙල්ල දිහා බලන් ඉන්නේ සාරී එක ඇඳලා කෙල්ලගේ තියන ලස්සනට වශී වෙලා..

” ඔහොම බලන් ඉන්න බැරියෑ නෙද නෝනේ ඉක්මනට බැන්දම.. “

කේෂ් ගේ තාත්තා කියනකොටයි කේෂ්ට තමන් කරපූ දේ බරපතල කම තේරූනේ..

ඒත් එක්කම එතනට ආවේ අමායා එක්ක , දීපිකා..

” ආ මේ ඇවිල්ලා ඉන්නේ .. “

දීපිකා එහෙම කියනකොට යුමී ඇවිල්ලා අම්මාගේ කරේ එල්ලුනේ පොඩි එකෙක් වගේ..

” ආ දැන් කරේ එල්ලුනා ඇතී.. අපි අද ඔයාලාගේ වෙලාවල් බලන්න ගියා.. “

” ඉතිං අම්මා.. “

කෙල්ල එහෙම කියලා අම්ම ලඟින් මෑත් වෙලා නොයිවසිල්ලෙන් බලන් හිටියේ මොනවද කියන්නේ කියලා..

” ලබන මාසේ හොද නැකතක් තියනවලූ දූ , ආයේ ඒ නැකත එන්නේ අවුරුද්දකින්ලූ.. අපී මේ කතා වුනේ .. “

දීපිකා එහෙම කියනකොටම.. කෙල්ල කිව්ව දේ නිසා කේෂ් ඉදගෙන හිටිය තැනින් නැගිට්ටේ වේගෙන්..

” මට දැන්ම බඳින්න බෑ.. අනේ අම්මා මට තාම අවුරුදු 23 නයිනේ.. ප්ලීස් අම්මා.. අවුරුද්දක් කියන්නේ මහා කාලයක් නෙවේනේ.. ප්ලීස් අම්මා.. “

කෙල්ල එහෙම කියනකොටම කේෂ්..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

• කේෂ් මොනවා කරයිද ළමයි.. ?

• යුමී ඇයි මෙහෙම කියන්නේ?



~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

තැන්කිව් වස්තූ .. Dilakshani Chamodya 👇👇👇👇👇👇 ❤️❤️❤️

යුමී…

මේ තරමින් නුඹේ නමින්
සෙනෙහස මහමෙර තරමින්
සිතුවෙම නෑ මමත් ඉතින්
පීදුණු වග හද ගැඹුරින්…
පුංචිම දේ වුවත් මගෙන්
සඟවාගෙන නුඹේ සිතින්
මැණික එපා තනිව දරන්
විඳවන්නටනම් මෙලෙසින්…
හැරදා හැම දුක් සුසුමන්
සිනහව මට නුඹේ මුවින්
දැකගන්නයි මගෙ දෙනෙතින්
ඇවැසිම මට මැණික නුඹෙන්…

කේෂ්…

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

➡️➡️ හමුවෙමු තවත් කොටසකින්

#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

අද කතාව කොහොමද ?
+1
4
+1
101
+1
3
+1
4
+1
4
+1
1
+1
2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here