❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️
✍️ දවිත්රි ඉසංකා
45 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆
#වසරකට_පසූ..
” බෑ බෑ මම ආස මේ මුද්දට.. “
” ඒ වුනාට වස්තූ කැටේ ඒක පොඩීනේ.. අරක ගමූ. නැත්නම් මන් ලෝබයෙක් කියලා හිතයි.. “
” බෑ බෑ බෑමයි.. 😏😏 “
” හරි දෙකම ගමූ.. “
කොල්ලයි කෙල්ලයි මේ වෙඩින් රිං තෝරන විදිය ඈත ඉදන් කෙනෙක් බලන් හිටියේ කේන්තියෙන්… ඒ වෙන කවුරුත් නෙවේ කොල්ලා එක්ක ක්ලබ් ගිය , ටානියා..
ටානියා හිතාගෙන හිටියේ කොහොම හරී කේෂ්ට ලං වෙලා තමන්ගේ අරමුණට යන්න.. ඒත් ඒක කරගන්න බැරි වුන නිසා ටානියා හිටියේ කේන්තියෙන්.. මූනෙන් කේන්තිය අයින් කරන් ටානියා කේෂ් ලා ඉන්න තැනට ගියෙ බොරු හිනාවක් මූණේ තියාගෙන..
” හේයි කේෂ් .. “
” ඔහ් ටානියා.. “
යුමී ටානියා දිහා බලාගෙන ඉන්නේ කේන්තියෙන්.. බාගෙට ඇදන් ඉන්න ඇදුම දැක්කම යුමීට හිතුනේ මේ මොන හෝන්තුවක්ද කියලා..
” මේ මොන හොල්මනක්ද… ඔහ් ටානියා තමා.. 😏😏 “
යුමී හිතුවට කියන්න ගියේ නෑ..
” ඉතින් කේෂ් කාලෙකින් ක්ලබ් එක පැත්තේ ආවෙත් නෑ.. “
ටානියා ඒ ටික කිව්වෙනම් යුමීට ඇහෙන්නත් එක්කමයි.. ටානියා හිතුවේ යුමී කේෂ්ගේ මේ පරණ දේවල් දන්නේ නෑ කියලා.. ඒ නිසාම හිතලමයි මේ විදියට හැසිරුනේ..
” ඔව් ටානියා මම මැරි කරන්න හදන්නේ ඒ වැඩ එක්ක බිසී වුනා අනික ගිය අවුරුද්දෙම බිස්නස් එක එක්කමයි හිටියේ.. ආ ඔයාට අදුන්වලා දෙන්න බැරි වුනානේ.. මේ ඉන්නේ සයුමී.. මයි ෆියොන්සේ.. එතකොට මේ ඉන්නේ ටානියා.. “
කේෂ් යුමීව ටානියට හදුන්වලා දීලා යුමීගේ කරට අත දාගෙන කෙල්ලව ලඟට අරගෙන යුමීට ටානියාව හදුන්වලා දුන්නා… ඒත් එක්කම යුමී කිව්ව දේ නිසා ටානියාව එක වරම ගැස්සිලා ගියා..
” ආ මේ අර ඔයා කිව්වේ ක්ලබ් එකේ ඩාන්ස් කරන ගර්ල් නේද බේබී..ඔහ් මන් දැන ගත්තා ආව ගමන්ම.. ඔකේ හායි ටානියා.. “
යුමී එහෙම කිව්ව ගමන් ටානියා මූන තැලිච්ච තක්කාලී ගෙඩියක් වගේ වුනේ තත්පරෙන්..
” මේකී ඔක්කොම දන්නවනේ බලන් ගියාම.. කේෂ් 😡😡”
ටානියා එහෙම හිතුවේ කේන්තියෙන්..
” ඕ කේෂ් එහෙනම් මන් ගැන කියලා තියෙනවද ඔයා එක්ක.. වාව් පට්ට කපල් එකක්නේ.. කේෂ්ගේ හැම දේම දැනගෙන ඔහොම ඉන්නවා කියන්නෙ.. “
ටානීයා කිව්වේ යුමීව අවුස්සන්න හිතාගෙන..
” ඔහ් ටානියා මේකනේ ඩියර් මගේ අනාගත හබියාගේ අතීතේ මට කොහෙත්ම වැඩක් නෑ.. මොකද මේ යුමී ඉන්නේ මේ මොහොතේ.. සෝ මගේ වෙන්න හබී ඉන්නේ මේ වෙලාවේ මගේ එක්කනේ.. ඉතින් දැන් මට අනිත් දේවල් වැඩක් නෑ.. “
කේෂ් යටි හිතින් හිනා වෙන ගමන් කෙල්ලගේ මේ වැඩ දිහා බලන් හිටියේ ආදරෙන්..
යුමී එහෙම කියලා කේෂ්ට තවත් තුරුල් වුනා..
ටානියා නම් මේ දේවල් දිහා බලාගෙන හිටියේ කෙන්තියෙන් .. ඒත් කරන්න දෙයක් නැති කමට හිනා වෙලා හිටියේ කේන්තිය පිට කරගන්න බැරුව..
“ඔව් ඒක ඇත්ත සයුමි … ඒ මොනවා වුණත් කමක් නෑ ඔයාලා දෙන්නා සතුටින් ඉන්න .. මම ඔයාලට විෂ් කරනවා .. මම මේ වැඩකට යන ගමන් ඔයාලව දැක්කෙ. . සෝ ආයේ දවසක හම්බවෙමු.. එහෙනම් කේෂ් සයුමී මම යනවා.. බායි.. “
” ඕකේ ටානියා බායි.. “
” ඔකේ බායි.. “
කේෂ් වගේම සයුමිත් ටානියාට සමු දීලා බලන් හිටියේ ටානියා යන දිහා..
” අම්මේ මේකිගේ ඉරිසියාව .. “
” ඔව් ඔව් නැතුව නැතුව .. ඇත්තමයි ඩම්බෝ ඔය වගේ උන් ඔයා මොකට ආශ්රය කළා ද මන්දා .. හැටි බලන්නකො ඒකිගේ.. “
” අම්මෝ කෙල්ලො ඔහොම්මම තමයි.. අනිත් කෙල්ලන්ට ඉරිසියා කරනවා . . අනික එකිගේ ඇති වැරැද්ද මොකක්ද .. “
කොල්ල එහෙම කිව්වේ සයුමිව අවුස්සන්න හිතාගෙන . .
“ඔව් ඔව් කොල්ලන්ටත් ඕනේ බාගෙට ඇඟ පෙන්නගෙන ඉන්න ගෑනුනේ .. ඒ උනාට බඳින්න හොයන්නේ ඔක්කොම සම්පූර්ණ ගෑනියෙක් .. ඒ ගෑණිට දාන්න ඕන නීති දාල ගෙදරට කරලා තියලා .. මිනිස්සු අන්න අර ගියේ ඒ ජාතියේ ගෑනු එක්ක වටේ යනවා.. 😏😏😏 .. ඔක්කොම පිරිමි එකයි .. 😏😏 “
කෙල්ල කොල්ලට රව රව කියන්නේ කේෂ් දිහාවත් නොබලා..
” බුදු අම්මෝ මේකිගේ කේන්තිය.. මම ඒක කිව්වේ විහිලුවට කූනිච්චියේ.. අම්මේ මේ නෝනා පුපුරයිද මන්දා.. මට ඕනේ නෑ බන් ඔය ගෑනූ.. මේ ඉන්නේ රටක් වටින බෝම්බයක්.. “
කේෂ් එහෙම කියලා එතන තිබ්බ රිං දෙකත් අරගෙන කඩෙන් එලියට දිව්වේ ඊලඟට යුමීගෙන් ගුටියක් කන්න වෙනවා කියලා අත්දැකීමෙන් දන්න නිසා..
යුමී කේෂ්ගේ පස්සේන් දුවලා ගිහින් කේෂ් ගේ අතින් අල්ලලා රැවුලෙන් ඇද්දේ කේෂ් ආව් කියලා හයියෙන් කෑ ගහන්නෙත් එකටම වගේ..
” ආව් මල යක්ශනීයේ රිදෙනවා.. 😏 “
” රිදෙන්න තමා ඩම්බෝ ඇද්දේ.. “
කේෂ් එහෙම කිව්වේ රැවුලෙන් ඇදගෙන ඉන්න යුමීගේ අත අයින් කරන ගමන්..
” මැට්ටී “
” මැට්ටා.. “
” අපෝ මෙන්න වැන්දා නවත්තමූ දැන් මේ කතාව.. තෝ එක්ක කතා කරලා ඉවර කරන්න බෑ කවදාවත්.. මම දන්නවනේ කූනිච්ච් ගේ තරම.. “
එහෙම කියලා කේෂ් කෙල්ලගේ නහය මිරිකුවේ.. යුමීගේ නහය බලන් ඉද්දී රතු වෙනකොට..
” හෙම්බිරිස්සාව හැදෙනවා බූරුවෝ ඔහොම කලාම.. මෝඩයා.. “
කෙල්ල කේෂ්ට රව රව ගිහින් කාර් එකේ ඉස්සරහා ඉද ගත්තා..
” වස්තූ කැටේ දැන් අපිට ආයේ මොනවද ගන්න තියෙන්නේ.. මට ඔෆිස් එකට යන්න ඕනේ.. ඊලඟට මාසයක් විතර යන්න වෙන්නේ නෑනේ.. වැඩ ෆයිනල් කරලා බාර දෙන්න ඕනේ.. “
” හෑ මාසයක් .. 🧐🧐 🙄😳😳😳 “
” ඔව් ඇයි.. “
” මාසයක් ඇයි ඔයා යන්නේ නැත්තේ.. ??”
” වෙඩිම තව සතී දෙකකින්.. “
” ඔව් ඉතින්.. “
” ඉතින් බැන්ද ගමන් මන් වැඩට යන්න ඕනේ කියලා තියෙනවද කොහේ හරී.. මගේ ගෑනී එක්ක මම ඉන්නේ නැත්ද.. “
” අහ් එහෙමත් එකක්ද.. ඔයාට ඒවත් දන්නවා නේද.. ? ? “
” කෝවද”
” නෑ මන් කිව්වේ මේ.. “
කෙල්ල එහෙම කිව්වේ අමුතු තාලෙකට මූන හදාගෙන..
” අනේ මන්දා මේකීගේ කෝලම්.. යමුද කෝලමාලමී දැම්.. “
” බෑ.. ඔයා එච්චර කල් ගෙදර ඉන්න ඕනේ නෑ.. “
” හෑ මෙන්න යකෝ මේකී .. වෙන කෙල්ලො මිනිහා ගෙදර ඉන්නවට කැමතී මේකී යකෝ.. “
” ඔව් මම එහෙම තමා ඔයා වැඩට ගියේ නැත්නම් මන් කොහොමද කන්නේ බොන්නේ.. “
” අනේ අම්මපා ඇත්තට තෝ හිතුවද කූනිච්චියේ මම වැඩ කරන්නේ පඩියට කියලා.. ආ.. මට ඇති වෙන්න සල්ලී තියෙනවා .. අනික මම මගේ කම්පැනි එකේ ඕනර් මිසක් එම්ප්ලෝය නෙවේ.. “
” අන්න ඔතන තමා මිනිස්සුන්ට වරදින්නේ කේෂ් මොකද අපි ඕන කෙනෙක්ට අද තියෙන්න පුලුවන් හෙට නැති වෙන්න පුලුවන්.. ඒක තමා ඇත්ත.. අද ඔයා ලඟ හෙට මගේ ලඟ.. ඔය සේරම නැතී වෙන්න පුලුවන්.. “
යුමී කිව්වේ කාර් එකෙන් ඈත බලාගෙන..
කෙල්ල කොච්චර දඟකාර වුනත් ජීවිතේ ගැන ඕනවටත් වඩා දන්නවා..
” ඔව් වස්තූ කැටේ ඔයා හරී.. එහෙම කියලා මට මගේ හනීමූන් එක විදින්න ඕනේ අඩුම මාසයක්වත්.. මහන්සී බබා මට මේ වෙනකන් මේවා එක්ක හැප්පිලා .. මට මගෙ කූනිච්ච් එක්ක ටික දවසක් හරී ජීවිතේ විදින්න ඕනේ.. “
” මට නම් ටික දවසක් නෙවේ ඩම්බෝ.. මුලු ජීවිත කාලෙම මේ ජීවිතේ විඳින්න ඕනේ.. “
” අම්මේ ඉතින් මගේ කෙල්ලට වචනයක් එහා මෙහා වෙන්න බෑනේ දෙයියනේ.. යමූද මැඩම්.. “
කේෂ් එහෙම කිව්වේ වාහනේ ස්ටාට් කරන ගමන්…
” ම්ම්.. “
යුමී හිටියේ බර කල්පනාවක…
” හලෝ කල්පනා කරලා ඉවරනම් බහිනවද කන්න.. මට බඩගිනී.. මේ කෙල්ලන්ට කල්පනා කරන්න තියෙනවනම් ඊට එහා දෙයක් නෑ.. “
කේෂ් එහෙම කියලා වාහනෙන් බැහැලා ඇවිල්ලා කෙල්ලගේ පැත්තෙන් දොර ඇරියේ යුමීට බහින්න පහසූ වෙන්න..
කාර් එකෙන් බැහැපු ගමන් කෙල්ල කේෂ් ගේ අතේ එල්ලුනේ මූනේ හිනාවක් පුරවගෙන..
” අම්මේ දැන්නේ මගේ මැනිකේගේ ලස්සන.. මෙච්චර වෙලා මේ රේඩියෝ එක නැතුව මන් කම්මැලි කමේ ආවේ.. මොනව ද අප්පා ඔච්චර කල්පනා කලේ.. “
කේෂ් කෙල්ලගේ අතින් අල්ලන් හොටෙල් එකට යන ගමන් ඇහුව්වේ යුමී මේ වෙනකන් වචනයක් කතා කලේ නැති නිසා..
” මුකුත් නෑ අප්පා.. මේ බෙල්වේ එකට ආවේ මම මේකේ රයිස් එක කන්න කැමතී කියලා දැනගෙන නේද.. ඔයා නම් උම්මා හොදේ.. “
යුමී හිනා වෙවී කියනකොට කේෂ් යුමීගේ කොන්ඩේ ඇවිස්සෙන්න ඔලුව අත ගාලා රෙස්ටූරන්ට එකට ගියේ යුමිගේ අතින් අල්ලගෙනමයි..
කෑම ඕඩර් කරලා ඉවර වෙලා කේෂ් හිමින් යුමී ලඟට ලන් වුනේ මෙච්චර වෙලා යුමී කල්පනා කරේ මොනවද කියලා දැන් ගන්න..
” වස්තූ කැටේ.. “
” හුම්ම්ම්…ඕ.. “
” මොනවද කල්පනා කලේ මෙච්චර වෙලා…කොලඹ ඉදන් මෙතනට එනකන්ම ඔයා හිටියේ මේ ලෝකේ නෙවේ .. “
” මුකුත් නෑ.. “
” මුකුත් නෑ කියන්නේ කොහොමද ලොකු කල්පනාවක ඔයා හිටියේ.. “
” නෑ අනේ.. “
” මගේ යකා අවුස්සගන්නේ නැතුව කියනවා සයුමී.. “
කේෂ් ඒ කිව්ව විදියට වටේ හිටිය කීප දෙනෙක්ම හැරිලත් බැලුවා.. කෙල්ලට එක පාරට ඇස ගැටුනේ ඒ බලපූ අය දිහා..
කේෂ්ගේ කේන්තියේ තරම දන්න නිසාම කෙල්ල හිමින් කොල්ලා ලඟට ලන් වෙලා අතින් අල්ලලා,
” කෑ ගහන්නේ ඇයි අනේ .. මිනිස්සුත් බලනවා.. “
” ඕනේ එකෙක් බලපුදෙන් සයුමි මම දැන් කී පාරක් හොදින් ඇහුව්වද ඔයාගෙන් මොකක්ද කියලා.. මට යකා නගින එක වැරදිද.. හැම වෙලේම කියවන කෙල්ල මිනිහා මැරිච්ච ගෑනී වගේ කට වහගෙන ආවම ලොකු කල්පනාවක.. ඒක දැන ගන්නවත් ඔයාගේ ජීවිතේ මට අයිතියක් නැත්ද.. මොකක්ද මේක. . මට පේන්න බැරි වැඩේ තමයි එක පාරක් දෙයක් ඇහුව්වම නොකියන එක.. ශිට්.. “
එහෙම කියලා කේෂ් අත මිට මොලව ගත්තේ සුපුරුදු කේන්තියෙන්..
” සොරී කේන්තී ගන්න එපා.. “
යුමී කිව්වේ කේෂ්ගේ උරහිසට ඔලුවක් තියාගෙන..
” දැන් වත් කියනවා මොකක්ද ප්රශ්නේ.. “
කේෂ් ඇහුව්වේ හිමින් වුනත් පහව නොගිය කේන්තියෙන් ..
” නෑ මේකයි.. මන් නිකන් කල්පනා කරා මගේ ජීවිතේ ගැන.. “
” මේක කියනවා මොකක්ද තවත් කල්පනා කරන්න තියෙන්නේ.. හැම දේම හොදම විදියට වෙනකොට.. “
” ඔව් ඒත් කේෂ් මේ ඩිශාන් ගැන එතකොට ඒ සිද්දී ගැන.. “
කෙල්ල එහෙම කියලා බැලුවේ කේෂ් දිහා..
” තවත් ඒ දේවල් අමතක කරන්න බැරි වෙන්න තරම් ඌ හොද එකෙක්ද යුමී? “
කේෂ් ඇහුව්වේ කේන්තියෙන්..
” නෑ ඒක විතරක් නෙවේ .. මේ ටික කාලෙට මගේ ජීවීතෙට වුන දේවල් ගැන.. “
” මට මේක කියනවද සයුමී.. තමුන් සතුටු නැත්ද මේ වෙන්න යන දේවල් වලට.. කෙටියෙන්ම කියනවනම් මාව මැරි කරන්නේ අකමැත්තෙන්ද.. ඒකට උත්තර දෙනවා සයුමී.. “
කේෂ් එහෙම ඇහුව්වේ කෙල්ලව උරහිසින් අල්ලගෙන හොලවන ගමන්..
ඒත් එක්කම යුමී කිව්ව දේ නිසා …
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
• යුමී මොනවා කියන්න ඇත්ද ලමයි.. 🧐
• කතාව එන්න එන්න අවසානෙට ලං වෙනවා.. ඉතින් කියන්නකෝ ඔයාලාගේ අදහස් ආසයි දැන ගන්න..
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
➡️➡️ හමුවෙමු තවත් කොටසකින්
#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..
#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..
ඔයාලා හැමෝටම,
බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️
