මගේ දෙවනි මනමාලයා ඔහුයි – 46 කොටස

31
903

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

46 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆


ඒත් එක්කම යුමී කිව්ව දේ නිසා කොල්ලාට කියාගන්න දෙයක් නැතී වුනා..

” මගේ ජීවිතේම ඔයා වෙච්චී කොට, මගේ හුස්මත් ඔයා වෙලා තියෙනකොට.. ඒ ජීවිතෙයි හුස්මයි නීතියෙනුත් මගේ වෙන්න යනකොට මම මොකටද අසතුටින් ඉන්නෙ… ඔයා දන්නේ නැතී වුනාට මේ හුස්ම වැටෙන්නේ ඔයා නමින් විතරයි.. ඉතින් මේ වෙලාවේ මන් කල්පනා කලේ මගේ මේ වයසට වුන දේවල් විතරයි.. ඒ ඇරෙන්න දුකක හෙවනැල්ලක් වත් මේ හිතේ නෑ.. මෙතනින් එහාට මාව තේරුම් ගන්න එක ඔයාගේ වැඩක්.. “

කෙල්ල ඒ ටික කිව්වේ ඇස් වල කඳුලු පුරවන්.. යුමී වෙනස්ම කෙල්ලෙක් මොනම දේකටවත් ලේසියෙන් අඬන්නේ නෑ.. කේෂ් දිග හුස්මක් පල්ලෙහාට දාලා කෙල්ලව ඇදලා අරන් තුරුලු කරගෙන නලල සිප ගත්තේ ආදරෙන්..

” මන් ආස නෑ වස්තූ කැටේ ඔයා අවුලෙන් ඉන්නවට එතකොට මට හිතෙන්නේ මගේ මොකක් හරී අඩුපාඩුවක් වැරැද්දක් නිසා එහෙම වෙනවා කියලා .. ඒ නිසා මීට පස්සේ මොනවා තිබ්බත් මගේ එක්ක බෙදාගන්න .. මොකද උඹ තමයි දැන් මේ කේෂ්ගේ මුලු ජීවිතේම. . “

කෙල්ල කොල්ලාගේ තුරුලෙම ඉදන් කිව්වෙ හරී අපූරු කතාවක්..

” දන්නවද නිකේෂ් මගේ අම්මා මාවයි අක්කවයි අද මේ තත්වෙට ගේන්න තාත්‍තාත් නැතුව ගොඩක් දුක් වින්දා.. අද අපී ලොකු ලොකූ ඩීල් කලාට ඉස්සර අම්මා මැශින් පාගලා තමා අපිට කන්න ටික හදලා දුන්නේ.. අම්මා නොසෑහෙන්න දුක් විදලා තමා අද මේ තැනට අපී ආවේ.. ඉතිං ඒ කාලේ අපිට සමහරක් දවස් වලට පොල් සම්බොලයි බතුයි පවා කන්න වුනා.. ඒ කාලේ අපිට අම්මා දුක කියන එකේ ඉන්න විදියත් හොදට පුරුදු කලා.. ඒ නිසා මන් චූටී කාලේ ඉදන්ම ඕන ප්‍රශ්නෙකට තනියම මූහුණ දෙන්න පුරුදු වුනේ තනියම කල්පනා කරලා.. මගේ හිතට උත්තරයක් ආවොත් මන් අම්මලා එක්ක කියනවා..ඒ නැතත් මන් අම්මලා එක්ක කියනවා.. ඉතින් ටිකක් අමාරුයි එක පාරට සමහරක් පුරුදු අත අරින්න.. ඒකයි සමහරක් දේවල් මතක් වෙනකොට මගේ මූන අවුල් යන්නේ.. මගේ හිතට අවුලක් ආවම මම හැමදාම කලේ තනියම නිහඬව ඉන්න එක.. ඒත් දැන් එහෙම බෑ .. දුකක් වුනත් සතුටක් වුනත් නිහඬව ඉදලා තමා මන් අම්මා එක්ක අක්කි එක්ක බෙදාගත්තේ… ඒත් ඉතින් මේ ඩම්බොට ඉවසීම නෑනේ…මට ඉතින් ඒ පුරුද්ද හදාගන්න වෙනවා… “

කෙල්ල ඒ ටික කිව්වේ කේෂ්ගේ පපුවේ මූන තියාගෙනමයි..

” මට අම්මා ඔයාලව හදපූ විදිය කිව්වා දවසක්.. අනේ මන්දා යුමී ඔයාව තේරුම් ගන්න අම්මටවත් බෑ කිව්වා.. ඉතිං මෙච්චර කාලයක් හදපූ අම්මට බැරි වුන එකේ ඔයාව මම කොහොම තේරුම් ගන්නද.. මන් ටික ටික හුරු වෙන්නම්.. ඒත් මේ ඇස් වල කඳුලු තියෙනවට මම චුට්ටක්වත් ආස නෑ.. “

එහෙම කියලා කොල්ලා කෙල්ලගේ නලල සිප ගත්තේ ආදරෙන්..

ඒත් එක්කම ආදර දැහැන බිදුනේ වේටර් කෙනෙක් ඕඩර් කරපු කෑම ගෙනාව නිසා..

දෙන්නා එක්ක කියව කියවම කාලා ඉවර වෙලා යුමීව ගේ ලඟින් දාලා කේෂ් ගියේ කම්පැනී එකට වැඩ ටික බලලා එන්න..

” එහෙනම් මම මෙහෙම්ම යනවා වස්තූ කෑටේ හොදටම පරක්කුයි ඉතුරූ වැඩ ටිකත් බලලා තියාගන්න ඉක්මනට කරගමූ.. “

” ඇයි අප්පා ගෙදරට එන්නේ නැත්ද.. අක්කීලත් ඇවිල්ලා ද කොහෙද.. “

” හරී හරී මන් ආයේ එනවනේ.. බෑ වස්තූ කැටේ හොදටම පරක්කුයි … මනුවා ඔය ඇවිත් ඇත්තේ ෆයිල් ගොඩක් මගේ මේසේ උඩ තියලා.. “

” හා හා ඉතින්.. 😏”

” මේ බලහන්කෝ මෙයා මූන නිකන් තැලිච්ච තත්කාලී ගෙඩියක් කරන් තියෙන්නේ මන් මේ අවුරුදු ගානකින් හම්බෙන්න ආවේ නෑ වගේනේ.. දවසම මේකීගේ හුරතලේ එක්ක හිටියේ.. මන් ගිහින් එන්නම්ද මැඩම්.. “

” හා ඉතින් මන් එපා කිව්වේ නෑනේ.. “

” අනේ වස්තූ කැටේ.. “

” ආ කේෂ්.. “

කෙල්ලයි කොල්ලායි කතා කරකර ඉන්නකොට එතනටා ආවේ මනුජ..

” මොකද නෑනව දාලා යන්න බෑ වගේද.. “

කාර් එකෙන් බැහැලා ඉන්න යුමීගේ කර වටෙන් අත දාලා කේෂ්ගෙන් මනුජ ඇහුව්වේ යුමී වගේම ශටර් එකෙන් ඇතුල බලන ගමන්..

” මම ගේ ඇතුලට එන්නේ නෑ කියලා මේ මූන එල්ලන් ඉන්නේ බන්.. “

” 😂😂 ඔය දැන් ඔහොම කිව්වට බැන්දම ගෙදර එන්නේ නැති එකම හොදයි කියයි බන්… “

එහෙම කිව්වේ මනුජ..

” අනේ අයියා මේ.. “

එහෙම කියලා යුමී මනුජටත් රවලා..

” මම යනවා 😏😏”

කේෂ් දිහා බලලා රවලා යන්න ගියේ ගස්සගෙනමයි…

” අනේ මන්දා බන් මේ කෙල්ල නම්.. “

” ඒකී එහෙම තමා බන් හුරතලේට හදලා තියෙන්නේ.. ආදරේ බලාපොරොත්තු වෙනවා හරියට .. “

යුමී යන දිහා බලාගෙන කොල්ලෝ දෙන්නා කතා කලේ දෙන්නාගේ හිත් වල වෙන වෙනම තියන සෙනහස එක්ක ආදරෙන්…

” ඒකනම් ඇත්ත බන් අනේ මන්දා කොහොම බලා ගන්න ද කියලා මේ කෙල්ලව.. “

“ඒ කොහොම වුනත් කේෂ් යුමී කියන්නේ අමායට වඩා පට්ට මීටරේ.. ඉන්නේ නිකන් මුකුත් දන්නේ නෑ වගේ .. බටු ඇට දෙකක් උස නෑ ඒ වුනාට සුපිරී මොලයක් තියෙන්නේ.. බිස්නස් පැත්ත වුනත් සුපිරි නංගීගේ..”

” ඔව් ඒක මම මේ ටික කාලෙට තේරුම් ගත්තා බන්.. යුමී මගේ ජීවිතේට ආවත් හරී ගොඩක් දේවල් හැදුනා… “

” ඒකනම් ඇත්ත.. මොනවා වුනත් තව ටික දවසකින් උබත් නාස් ලනුව දාගන්නවා එහෙනම්…. “

එහෙම කියලා මනුජ හිනා වුනේ මහ හයියෙන්..

” අනේ පලයන් යන්න.. මම දාන නාස් ලනූ.. මේ එක නෙවේ මනුවා මන් උඹව හම්බෙන්න හිටියේ .. “

” ඒ පාර මොකෝ කේස් එක.. “

” නෑ බන් අර අපී ඩිශාන්ලා එක්ක ඩීල් එකක් ගැහුව්වනේ ඒ ඩීල් එක නිසා තමයි අර එදා සයුමිව හොස්පිටල් රූම් එකේ මූන වහපූ උන් වගයක් ආවේ.. එතකො අර අපේ වාහනේ නැවතුන වෙලාවෙත් සීන් එකක් දැම්මේ මතකද උඹට.. “

” ඔව් ඔව් ඒක ගැනනේ උඹ ගිය ටිකේ හොය හොය හිටියේ.. “

” ඔව් බන් ඒක ගැන තමා මේ කියන්න හදන්නේ.. “

” ඉතින් කියහන්කො.. “

” ඒක කරලා තියෙන්නේ අර පෙරේරා කාරයා මැරයෝ දම්මලා.. “

” අම්මට සිරි ඒ මොකද බන් ඒ .. “

” උන් ඒක ගන්න ඉදලා තියෙන්නේ.. අපි ගත්ත තරහට… මන් මේ ටිකේම මිනිහව ෆලෝ කලා.. ඊට පස්සේ තමා විස්තර හොයා ගත්තේ.. ඒකා මහ ජරා යකෙක් බන්…ඌගේ යටී ගේම් තියෙන්නේ ඔක්කොම සී.අයි.ඩී එකට වැඩේ බාර දුන්නා මන්.. දැන් උගේ සියලුම වැරදි එක්ක ඇතුලේ.. එන්න වෙන එකක් නෑ මේ කපේට එලියට.. දැන් ඔලුව නිදහස් බන්.. මට බය තිබ්බේ සයුමී ගැන.. යාලු වෙන්නත් කලින්නේ උන් සයුමිට සීන් එක දැම්මේ උඹට මතකනේ.. “

” ඔව් බන්.. ඒකනම් ඇත්ත… “

” ඔක්කොම හරී දැන් තියෙන්නේ උඹලගේ නංගීව බැදගන්න එක තමා..😂😂 “

කේෂ් එහෙම කියලා හිනා වුනේ හයියෙන්..

” අම්මේ ඔව් ඔව් බැදගනින්.. මොනවා කරන්නත් තියෙන්නේ සති දෙකයි.. ඒ ඔක්කොම කරන්න පුලුවන් දැන් උබ පලයන් ඔෆිස් එකට මන් ෆයිල් වගයක් තියලා ඇතී සයින් කරහන්..ඒවා ආයේ මාස ගානක ඕඩර් ස් බන්.. ඉතුරු ඒවා මට බලන්න පුලුවන්.. “

” අම්මේ ඔව් බන් ඔෆිස් එකට යන්න ඕනේ.. එහෙනම් මන් යන්නම්.. දැන් අර කෙල්ල කොහෙට හරි වෙලා පුපුර පුපුර ඇතී මම ආවේ නෑනේ ගෙදරට උඹ එක්ක මෙතන ඉදන්ම කතා කලානේ.. “

එහෙම කියනකොටම කේෂ් ගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවේ යුමීගෙන්..

කේෂ් මනුජ දිහා බලලා ෆෝන් එක අතට අරන් පෙන්නුවේ ඇස් වලින් මේ කියන්නවගේ…

” oyata gedarata enna wela nehe.. aiya ekka eliyata wela katha karnna puluwan.. 😏 “

මැසේජ් එකේ තිබ්බේ එහෙම..

” ඔන්න බලහන් උඹලගේ නංගීගේ මැසේජ් එක.. “

එහෙම කියලා මනුජට ඇහෙන්න මැසේජ් එක කේෂ් කියෙව්වේ හිනැහෙමින්. .

” උඹ හොදට දන්නවා නේද නෑනා ගැන.. “

” අම්මේ කියලා වැඩක් නෑ බන් ඒ ගැන නම්.. මේ මනුවා මන් යන්නම්, පරක්කු වුනා .. පස්සේ හම්බෙමූ.. “

” හරී බන් එහෙනම් පරිස්සමෙන් පලයන්.. “

මනුජ එහෙම කිව්ව ගමන් කේෂ් වාහනේ හරවලා ඉස්සරහින් නවත්තලා කෙල්ලට මැසේජ් එකකුත් දැම්මේ දැන් ගිහින් ආයේ කතා කරන්න වෙන්නෙ ටික වෙලාවක් ගිහින් නිසා..

” anee mage kunichchiyeee man ofiz wadak manuwa ekka katha kalee…man yanawa wasthu ketee.. wada tika iwara wela gannam hodee.. ummma..😍”

කේෂ් මැසේජ් එක දාලා වාහනේ වේගෙන් පාරට දැම්මේ ඉක්මනින් ඔෆිස් එකට යන්න ඕනේ නිසා..

කේෂ් වේගෙන් වාහනේ ගෙනියන එක දැක්ක මනුජ කේෂ්ට හිතින් බැන බැන ගෙදරට ගියේ කවදත් කේෂ් වේගෙන් ඩ්‍රයිව් කරනවට මනුජ අකමැති නිසා.

” මූගේ මොනවා හැදුවත් මේ වේගෙන් යන එකනම් හැදෙන්නේ නෑ.. පිස්සෙක් වගේ යනවා.. “

මනුජ එහෙම හිතුවේ කේෂ්ට කියලා වැඩක් නැතී නිසා..

කාලය ගෙවිලා ගියේ හීයක වේගෙන්.. එන්න එන්න කේෂ්ගේ වගේම යුමීගේ වෙඩින් එකට දින ලං වුනේ හැමෝගේම හිත් සතුටින් පුරවමින්…

#සති දෙකකට පසූ
~~~~~~~~~~~~~~~~

“හෙලෝ කූනිච්චියේ “

” ආ ඩම්බෝ කියන්න.. “

” මම මේ ඔයාට ගන්න අන්තිම කෝල් එක…ඔයාට ආයෙම මම කෝල් ගන්නේ නෑ …”

” මොනවද මිනිහෝ ඔය කියන විකාර කතා ආ.. 😏😏”

” ඉතින් ඇත්තනේ දැන් මේ අවුරුද්දක් තිස්සේ හැමදාම රෑට ගන්න කෝල් එකේ අද අන්තිම දවස.. මොකද හෙට ඉදන් හැම දාම රෑට ඔයා මන් ලඟනේ.. “

කේෂ් එහෙම කියලා හිනා වුනේ හයියේ..

” අම්මේ ඔව්.. මන් මේ කල්පනා කලේ ෆෝන් එකෙන් මෙච්චර කල් දුන්න දස වදේ දැන් ඉතින් ලඟට ගියාම ඉවසන් ඉන්නම වෙනවනේ.. 😂”

යුමී එහෙම කිව්වේ නෝන්ඩියට වගේ..

” ආ ඔව් ඔව් ඒක ඇත්ත එකෙන්ම මම වද කාරයෙක් තමා මගේ වස්තු කැටේ… උම්මා හොදේ.. “

” ඔය මම කියන්නේ…මේ ඒක නෙවේ මැට්ටෝ දැන් ඔක්කොම රෙඩීද… ? “

” ඔව් දැන් හනීමූන් විතරයි යන්න තියෙන්නේ.. “

” අපෝ මෙයානම් 😏 ඕකටමයි ලෑස්තිය.. “

යුමී කිව්වේ කේෂ්ට බොරූ තරහකින්..

” ආ දැන් මගේ නෝනා ඒකට කැමතිම නෑ.. “

” නෑ තමයි.. “

කෙල්ල එහෙම කියනවත් එක්කම ඇහුනේ යුමීගේ දොරට ගහන හඬ..

” ඕ අම්මා දොර ඇරලා තියෙන්නේ එන්න.. “

” ඔයා කෝල් එකක් ද චූටී .. “

එහෙම කියාගෙන එතනට ආවේ අමායා වගේම යුමීගේ අම්මා..

” ඔව් අම්මා ඉන්නකෝ මන් මේක කට් කරලා එන්නම්.. “

” නෑ නෑ මට පොඩ්ඩක් දෙන්න පුතා එක්ක කතා කරන්න.. “

එහෙම කියලා යුමීගේ අම්මා ඇවිල්ලා යුමීගේ ඇඳ උඩින් ඉදගත්තේ අමායාත් එක්කමයි..

” මේ ඔන්න ඔයාගේ නැන්දාම්මා ඉල්ලනවා ෆෝන් එක..😂”

කෙල්ල එහෙම කිව්වම දීපිකා යුමීය හිමින් පාරක් ගැහුව්වේ යුමීට බොරුවට රවමින්.. ඒත් එක්කම යුමී ෆෝන් එක අම්මට දුන්නේ හිනැහෙමින්..

” ආ පුතා දැන් හැම දේම හරී නේද.. “

” ඔව් අම්මා .. “

එහෙම කිව්වේ කේෂ්..

” එහෙනම් පුතා මට මේ කෙල්ල එක්ක කතා කරන්න මේ විදියට මගේ දුව විදියට , ඒ කිව්වේ මට අයිතී වෙලා ඉන්නේ අද විතරනේ හෙට ඉදන් මේ කෙල්ල ඔයාගේ .. ඉතින් දැන් මට චූටී එක්ක කතා කරන්න පුලුවන් වෙයිද.. “

” අනේ අම්මා මොනවද අම්මා මේ කියන්නේ.. ඔය කෙල්ල හැමදාමත් ඔයාගේ චූටීම තමා.. ඉතින ආයේ මගෙන් අහන්න ඕනේද අම්මත් මාර කතානේ අහන්නේ.. “

” මගේ නම් තමා .. ඒත් හෙටින් පස්සේ මගේ කෙල්ල වගකීම් පිරුනු ගැහැණියක්නේ පුතා.. ඉතින් අපේ ගෙදර හිටියා වගේ ඉන්න බෑනේ.. ඒ නිසා මම එහෙම කිව්වේ.. “

” ඒක ඇත්ත අම්මා ඒත් සයුමී හැමදාම ඔයා ඉස්සරහා ඔයාගේ දුව එච්චරයි .. “

කේෂ් එහෙම කිව්වේ ස්ථීර හඬින්..

” ම්ම්.. හරී පුතා එහෙනම් මන් දුවට දෙන්නම්.. බුදුසරණයි ..”

” හරී අම්මා බුදුසරණයි .. “

යුමී ෆෝන් එක අතට අරන්..

” අම්මලා පුතාලාගේ මල සමයං .. “

” ඔව් ඔව් ඇයි මොකද.. “

එහෙම කිව්වේ කේෂ්..

” මේකිගේ ඉරිසියාව වෙන මුකුත් නෙවේ පුතා.. “

යුමීගේ අම්මා ටිකක් උස් හඬින් එහෙම කිව්වේ කේෂ්ට ඇහෙන්න..

” අනේ මට වැඩේමයි මෙයාලට ඊරිසියා කරන්න.. මේ මන් තියනවා.. “

” හා හා බුදුසරණයි වස්තූ කැටේ.. “

” හා බුදුසරණයි .. “

එහෙම කියලා යුමී ෆෝන් එක තිබ්බේ හිනැහෙමින්..

” චූටී දැන් හැම දේම හරිනේ.. උදේට එයි ඔයාව ඩ්‍රෙස් කරන්න.. “

එහෙම කිව්වේ මෙච්චර වෙලාවක් නිහඬව හිටිය අමායා..

” ම්ම් අක්කා. .”

යුමී එහෙම කිව්වේ ඕනවට එපාවට..

” චූටී මොකද ළමයෝ මේ.. “

” මුකුත් නෑ අම්මා.. “

යුමී එහෙම කියලා දීපිකාට තුරුල් වුනේ මූනත් පුලුටු කරගෙන..

දීපිකා යුමීගේ කෙස් අතරින් ඇගිලි තුඩු එහෙ මෙහෙ කලේ උපරිම මව් සෙනෙහස හිතේ රඳවගෙන..

අමායා වුනත් බලන් හිටියේ හිතේ දුකක් තියාගෙන..

යුමී කියලා කියන්නේ ගෙදරටම ඉන්න හුරතලී… චූටි කාලේ ඉදන් යුමී හැදුනේ අමායට වඩා ගොඩක් වෙනස් විදියකට.. ඉතින් හැමෝගෙම ආදරේ යුමීට ලැබුනේ හරිම ඉක්මනින්..

” චූටී.. “

අම්මා මේ කියන්න යන්නේ ගොඩක් ලොකු කතාවක් කියලා අමායා වගේම යුමිත් දන්නවා.. ඒ නිසාමයි දෙන්නම දෙපැත්තෙන් අම්මට තුරුල් වෙලා නිහඬවම අහගෙන හිටියේ..

” දන්නවද චූටී ඔයා ඉපදුන දවසේ හරීයට රෝස මලක් වගේ.. ලොකූ වගේ නෙවේ ලොකූ සුදුයි ඔයා රෝස පාටයි.. මම නම් හිතන් හිටියේ ඔයා හම්බෙන්න ඉන්නකොට ලොකූ ගෙන් පස්සේ මට කොල්ලෙක් ලැබෙයි කියලා.. ඒත් ඔයාලාගේ තාත්තා කිව්වේ කෙල්ලෙක් ලැබෙයි කියලා.. මම කොල්ලෙක් කියලා හිතපූ නිසා ගත්ත හැම දේම ගත්තේ නිල් පාටින්.. හැබැයි ඔයාලාගේ තාත්තා එයා මම ගන්න හැම දේම රෝස පාටින් ගත්‍තා.. මෙන්න මේ අක්කත් කිව්වෙ මට මල්ලිලා එපා නංගියෙක් ඕනේ කියලා.. ඉතින් කොහොම හරී ඔයාව හම්බුන දවසේ අක්කයි තාත්තයි දෙන්නම උඩ පැන්නා සතුටට .. මගේ වේදනාව කොහෙන් ගියාද නෑ මේ රෝස පාට කෙල්ලව දැක්කම.. දැන් නම් මට හිතෙනවා කොල්ලෙක් නැතී වුනාට කොල්ලෙක් වගේ කෙල්ලෙක් මට දෙවියෝ දීලා කියලා.. කාලයත් එක්ක ඔයාලාගේ තාත්තා වෙඩි වැදිලා නැති වුනාට පස්සේ තමා මගේ ජීවිතේ පල්ලෙහාටම වැටුනේ.. ඒ මනුස්සයා තමා මගේ හුස්ම ටික චූටී.. “

දීපිකා ඒ ටික කිව්වේ ඇස් වලට ආව කඳුලු ඔහේ ගලාගෙන යන්න ඉඩ දෙමින්..

යුමීට වගේම අමායටත් කියන්න කිසිම දෙයක් තිබුනේ නැත්තේ තාත්තව මතක් වෙලා හිතට ආව දුක එක්ක ..

” දන්නවද චූටී ඔයාලාගේ තාත්තාව බදින්න කලින් අපිට මාර ප්‍රශ්න ගොඩක් ආවා.. තාත්තලාගේ ගෙදරින් අපේ සම්බන්දේ ට කැමතී වුනේ නෑ.. ඉතින් අපිට මේ වගේ ලොකූ වෙඩින් ගන්න වුනේ නෑ.. මේ අම්මා වගේම චූටී තාත්‍තත් ගොඩක් දුක් වින්දා.. තාත්‍තල ට අපිට වඩා ගොඩක් සල්ලී තිබ්බා .. අපි දුප්පත් නිසා අපේ සම්බන්දෙට කැමතී වුනේ නෑ .. ඉතින් මාව බැන්ද නිසා තාත්තට එයාලාගේ පැත්තෙන් කිසිම දෙයක් ලැබුනේ නෑ.. අපිට ඔයාලාට වගේ සැප සම්පත් තිබ්බේ නෑ චූටී.. අපි ඒ වුනාට හරීම ආදරෙන් හිටියා.. ලුනියි බතුයි කාලත් ආදරෙන් හිටියා.. ඉතින් මට ඔයාට කියන්න තියෙන්නේ චූටී හෙට ඉදන් මොන ප්‍රශ්නේ ආවත් ඒ දේවල් වලට හිතේ හයියෙන් මුන දෙන්න ඕනේ.. මගේ කෙල්ලට ආව ප්‍රශ්න විසඳපූ විදිය මම දන්නවා ඒ වුනාට පුතේ මම අම්මා වශයෙන් මේ ටික නොකියා බෑ.. අනික හෙට ඉදන් ඔයාගේ ඔය පිස්සූ වැඩ නවත්තලා පිලිවෙලකට ඉන්න ඕනේ.. ගෙදර ගින්දර පිට දෙන්නත් එපා පිට ගින්දර ගෙට ගන්නත් එපා.. මගේ කෙල්ලට වරදින්නේ නෑ… “

යුමීගේ අම්මා ඒ ටික කියලා යුමීගේ හිස සිප ගත්තේ ආදරෙන්..

කෙල්ලෝ දෙන්නම අම්මව බදාගෙන අඬන්න ගත්තේ හිත් දුකින් නිසා..

ඒත් එක්කම වගේ එතනට ආව කෙනා නිසා කෙල්ලෝ දෙන්නම අම්මාගෙන් අයින් වුනේ විදුලී වේගෙන්…

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

👉 කව්ද ආවේ.. ?

👉 අකුරු වල අඩු පාඩුවක් තිබ්බොත් සමාවෙන්න මගේ යාලුවනේ..

👉 කතාව අවසානෙට ලං වෙනවා.. ඉතින් කියවලා කමෙන්ට් එකක් දාගෙන යන්න වස්තුලා ආදරෙයි …..

➡️➡️ හමුවෙමු තවත් කොටසකින්

#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

අද කතාව කොහොමද ?
+1
7
+1
118
+1
2
+1
0
+1
2
+1
0
+1
2

31 COMMENTS

  1. Thanks a lot for sharing this with all people you actually recognise what you are talking
    approximately! Bookmarked. Kindly additionally discuss with my website =).
    We can have a hyperlink alternate agreement between us 0mniartist asmr

  2. Neat blog! Is your theme custom made or did you download it from somewhere?
    A design like yours with a few simple adjustements would
    really make my blog jump out. Please let me know
    where you got your theme. Kudos asmr 0mniartist

  3. hey there and thank you for your info – I’ve definitely picked up something new
    from right here. I did however expertise a few technical points using this web site, as I experienced to reload the web site many times previous to I could get it
    to load properly. I had been wondering if your web hosting is OK?
    Not that I am complaining, but sluggish loading instances times will often affect your placement in google
    and can damage your high quality score if ads and marketing with Adwords.
    Well I’m adding this RSS to my email and could look out for much more of your respective fascinating
    content. Ensure that you update this again very soon. 0mniartist asmr

  4. Greetings from Los angeles! I’m bored to tears at work
    so I decided to browse your site on my iphone during lunch break.

    I really like the info you provide here and can’t wait to take a look when I get home.

    I’m shocked at how fast your blog loaded on my cell phone ..
    I’m not even using WIFI, just 3G .. Anyways,
    great site!

  5. Hello! I understand this is kind of off-topic but I needed to ask.

    Does operating a well-established blog like yours require a
    large amount of work? I am brand new to writing a blog but I do write in my journal daily.
    I’d like to start a blog so I will be able to share
    my experience and views online. Please let me know if you have
    any kind of suggestions or tips for brand new aspiring blog owners.
    Thankyou!

  6. I must thank you for the efforts you have put in penning this website.

    I really hope to see the same high-grade content by you
    later on as well. In truth, your creative writing abilities has
    encouraged me to get my own website now 😉

  7. Hello there, You’ve done an excellent job. I will certainly digg it and personally suggest to my friends.

    I am sure they will be benefited from this website.

  8. Pretty section of content. I just stumbled upon your website and in accession capital to
    assert that I acquire actually enjoyed account your blog posts.
    Any way I will be subscribing to your feeds and even I achievement you access consistently quickly.

  9. scoliosis
    When someone writes an piece of writing he/she retains the plan of a user in his/her mind that
    how a user can know it. Therefore that’s why this piece
    of writing is perfect. Thanks! scoliosis

  10. I do consider all the concepts you’ve presented to your
    post. They’re very convincing and can certainly work.
    Nonetheless, the posts are too quick for novices. Could you please lengthen them a little from
    subsequent time? Thanks for the post.

  11. I am really enjoying the theme/design of your
    website. Do you ever run into any browser compatibility problems?
    A small number of my blog audience have complained about my site not working correctly in Explorer but looks great in Safari.
    Do you have any solutions to help fix this problem?

  12. Wow that was odd. I just wrote an extremely long comment but after
    I clicked submit my comment didn’t show up. Grrrr…
    well I’m not writing all that over again. Anyway,
    just wanted to say wonderful blog!

  13. Write more, thats all I have to say. Literally, it seems as
    though you relied on the video to make your point.
    You clearly know what youre talking about, why waste your intelligence
    on just posting videos to your site when you could be giving us something enlightening to read?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here