මගේ දෙවනි මනමාලයා ඔහුයි – 47 කොටස

0
700

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

47 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆


ඒත් එක්කම වගේ එතනට ආව කෙනා නිසා කෙල්ලෝ දෙන්නම අම්මාගෙන් අයින් වුනේ විදුලී වේගෙන්…

ආවේ වෙන කවුරුත් නෙවේ මනුජ..

” මොකද මේ අම්මලා දුවලා හොටු පෙරාගෙන ඉන්නේ.. ? “

එහෙම කියාගෙන මනුජ ඇවිල්ලා දීපිකාගේ කකුල් දෙක ලඟින් බිම ඉඳගත්තේ යුමී වගේම අමායත් ආයෙම දීපිකාට තුරුල් වෙනකොට.. මනුජත් අම්මාගේ උකුලෙන් ඔලුව තියාගත්තෙ ගෙදර ලොකු පුතා වගේ…

හතර දෙනාම නිහඬයි…හතර දෙනාගෙම සුසුම් හඬවල් ඇහෙන තරමට මුලු පරිසරයම නිශ්ශබ්දයි..

ඒත් එක්කම දීපිකා ආයෙම කතා කරන්න ගත්තේ නවත්තපූ තැනින්..

” ආයේ ආයේ මන් මේ දේවල් කියන්නේ නෑ චූටී ඉවසීමෙන් වැඩ කරන්න.. එච්චරයි .. මට කොල්ලෙක් නැතී එකට මන් දැන් දුක් වෙන්නෙ නෑ.. මනුජ පුතා නිසා මට කොල්ලෙක් නෑ කියලා හිතෙන්නේම නෑ.. මට මේ ටික කාලෙට තේරුන විදියටනම් කේෂ් පුතත් මට මනුජ වගේම පුතෙක් වෙයි කියලා හිතෙනවා.. අපි බලමූ ඉස්සරහට.. එහෙනම් දැන් නිදාගන්න චූටී පාන්දරම ඇහැරෙන්න ඕනේ.. “

එහෙම කියලා දීපිකා එතනින් ගියේ තුන් දෙනාගෙම ඔලුව අත ගාගෙන..

යුමී එහෙම්ම අමායාගේ උරහිසට ඔලුව තියා ගත්තේ හිතේ ඇති වුන දුකත් සමගින්..

දැඩි නිහඬ තාවයකට පස්සේ අමායා කතා කරන්න ගත්තේ වෙලාව හීයක වේගයෙන් යන නිසා. .

” චූටී කියන්න ඕනේ හැම දේම අම්මා කිව්වා මැනික.. මට කියන්න තියෙන්නේ මගේ චූටී පරිස්සමෙන් වැඩ කරන්න.. #ඉවසීමෙන් .. මොකද මගේ චූටීට අඩුම ඉවසීම.. ඉතින් හෙටින් පස්සේ කේෂ් එක්ක සතුටින් ඉන්න.. එහෙනම් දැන් නිදා ගන්න.. අපිත් යන්නම් නිදා ගන්න.. “

එහෙම කියලා අමායා නැගිට්ටේ මනුජටත් යමු කියලා ඇස් වලින් කියමින්..

” නෑනෝ.. “

මනුජ කතා කරපූ නිසා යුමී මනුජ දිහා බැලුවේ ඇස් වල කඳුලු පුරවන්..

” නෑනා නෙවේ හැමදාම උඹ මට මගේ නංගී… නෑනා කිව්වට මගේ හදවතේ උඩම නංගී කියන තැනයි උඹ හිටියේ.. එකක් මතක තියාගනින් අමතක කරන්න එපා බැන්දට උඹට ඔනේම දේකට මේ අයියා ඉන්නවා.. ඒ නිසා මොනවා වුනත් අයියා එක්ක කියපන්.. මොකද කේෂ් ගැන මන් හොදටම දන්නවා.. ඌ මගේ යාලුවා තමා.. ඒත් නංගීයේ ඌත් කොල්ලෙක්.. කේෂ් ගැන මම උඹට අමුතුවෙන් කියන්න ඕනේ නෑ ඒ නිසා ඉවසීමෙන් කල්පනාවෙන් වැඩ කරපන්.. ඉවසනවා කියලා අපිට නොකියා දුක් විදින්න එහෙම ලෑස්තී වෙන්න එපා… එකක් අමතක කරන්න එපා බැන්දට.. උඹට අපි ඉන්නවා.. මගේ චූටි නංගී හෙට ලස්සන මනමාලියක් වෙයි ,හෙට ඉදන් මේ ගෙදර පහන, ඔව් අපේ ආලෝකේ අපී වෙන ගෙදරකට දෙනවා … ඉතින් හෙට ඉදන් උඹට මොන තරම් වගකීම් වැඩි වුනත් ප්‍රශ්නයක් වුනොත් මේ අයියා ලඟට දුවගෙන වරෙන් අනිවාර්යයෙන් මේ අයියා එදාට උඹ එක්ක ඉන්නවා.. හෙට පටන් ගන්න ලස්සන ජීවිතේට මේ අයියා හදවතින්ම සුභ පතනවා.. “

එහෙම කියලා මනුජ යුමීගේ නළල ඉම්බේ සැබෑ සහෝදර ප්‍රේමයෙන්.. යුමී එහෙම්ම මනුජට තුරුල් වෙලා අඬන්න ගත්තේ මනුජගේ වචන දරාගන්න බැරී නිසා.. අමායත් මනුජ ලඟට ඇවිල්ලා තුරුල් වෙලා අඬන්න ගත්තේ තමන්ට වගේම පවුලටත් ආදරේ කරන සැමියෙක් ලැබුන එක ගැන සතුටින් වගේම යුමීගේ මේ ඈත් වීම ගැන දුකින්..

මනුජ පෙන්වන්නේ සැබෑම සහෝදරත්වයක්.. අයියලා එහෙමයි . .. ඕනම අයියා කෙනෙක්ට තමන්ගේ නංගී රැජිනක්.. ඉතින් මනුජත් ඒ වගේම යුමීට ආදරේ කරනවා..

දෙන්නවම තුරුල් කරගෙන ඉන්න මනුජගේ ඇස් වලටත් කඳුලු උනන්නේ නිරායාසයෙන්මයී.. ඒ නිසා මනුජ අමායාගෙන් වගේම යුමිගේනුත් ඈත් වෙලා යන්නේ ඒ කඳුලු සඟවගනිමින්…

අමායත් එතනින් ගියාට පස්සේ යුමී ඇඳට වැටෙන්නේ සිදුවුන සියලූ සිදුවීම් එක පෙලට චිත්‍රයක් මෙන් හිතේ ගොඩ නගාගනිමින්..

තත්පර විනාඩී වලට හැරෙමින් පැය ගානක් ගොස් උදා වෙන්නේ යුමීගේ වගේම කේෂ්ගේ මංගල දිනයයි…

ඉතින් පැය කිහිපයක නින්දෙන් පසූ යුමීව හැඩ ගැන්වීමට පැමිනි කෙනා යුමීව හැඩගන්වන්නේ උඩරට මනමාලියක් ලෙසිනි..

දෙවනි මනමාලියන් පස් දෙනෙක් වගේම මල් කුමාරින් තුන් දෙනෙක්ගෙන් සමන්විත කන්ඩායම හැඩගැන්වුනේ හරිම අලංකාර ලෙසින්..

හිමින් හිමින් නැකත් වෙලාව ලං වෙනවා කියලා දැනුනම යුමීට දැනුනේ තමන්ගේ හදවතේ වේගය වෙනස් ආකාරයකට ගැහෙනව වගේ.. මේ දැනෙන හැඟීම නිහඬවම යුමී විද ගත්තේ නැවුම් සිතින්..

ඔය අතරේ කේෂ් හැඩගැන්වුනේ උඩරට නිළමේ කෙනෙක් ලෙසින්.. කේෂ් ගේ දේහ දාරී ශරීරය වගේම , රැවුල නිසා කේෂ්ට අද මේ හැඩගැන්වීම ගෙනාවේ අමුතුම ගාම්භීරත්වයක්..

දෙවන මනාලයන් පස් දෙනෙක් වගේම , මල් කුමාරයන් තුන් දෙනෙක් ගෙන් සමන්විත කේෂ්ගේ කණ්ඩායමත් කඩිමුඩියේ ලෑස්තී වුනේ නැකැත් වෙලාව ලං වෙන බැවින්..

නැකතට තැල්ල තියන්න කාමරයට ආව යුමීගේ අම්මට යුමීව දිස් වුනේ තමන්ගේ චූටි දුව පුංචී සුරංගනාවියක් වගේ…

තැල්ල තියලා ඉවර වුනාට පස්සේ යුමීගෙන් ආවේ වෙනස්ම පෙනුමක්.. යුමීගේ අම්මා ඇහෙන් ආව කඳුලක් අරන් කන පිටිපස්සෙන් තියලා නිහඬවම හිනා වුනේ ඇස් වහ කටවහ යන්න කියලා හිතින් හිතමින්. ..

” ඇස්වහක් වදින්න එපා මගේ දෝනි අද හරියට පුංචි සුරංගනාවියක් වගේ .. “

” අනේ අම්මා … “

යුමි එහෙම කියලා ඇස්වල කඳුළු පුරවගත්තු ගමන් ම දීපිකා කිව්වේ ..

” හා හා මගේ දෝනි අඬන්න එපා මේකප් දැම්ම ගමන්ම ඔක්කොම ටික සවුත්තු වෙයි “

එහෙම කියලා දීපිකා යුමීගේ ඔලුව අත ගාලා එතනින් ගියේ සතුට වගේ ම දුක මුසු වූ හැඟීමෙන් ..

අවුරුදු විසි හතරක් පුරාවට උස් මහත් කරපු දුව අද ලස්සනට මංගල ගමන කුල සිරිතට අනුව යන්න යනකොට කොයි අම්මට ද ආඩම්බර නැත්තේ යුමීගේ අම්මට තිබ්බේත් ඒ හැඟීමමයි…

හරිම පිලිවෙලට වැඩ ටික කෙරුනේ හරිම ඉක්මනින්..

පියෝ වයිට් සාරී එකට , උඩරට තාලෙට තුන් තැල්ල තියලා ඉර,හද එක්කම , මාල හත පලන්දලා හැඩ වුන යුමී නිවසේ උඩ මහලේ ඉදන් තරප්පූ පෙල හිමින් බහිනකොට අමායට, දීපිකාට වගේම මනුජට සිහි වුනේ වෙනදට ඔය තරප්පූ පෙල හිමින් බහින්නේ නැති දඟකාර කෙල්ලව ඒ නිසාමයි තිදෙනාම එකිනෙකාගේ මුහුනට මුහුන බලාගත්තේ…

යුමී හිමින් හිමින් ඇවිල්ලා නැවතුනේ තාත්‍තාගේ පිච්ච මල් මාලය දාලා තියෙන රූපේ ලඟ…

ඒ දසුනින් හැමෝගේම ඇස් වලට කඳුලක් ආවේ තාත්තාව මතක් වෙලා…

යුමී ඇස් වල කඳුලු පුරවගෙන තාත්තගේ රූපෙට දන නමලා වැන්දේ තාත්තාව මතක් වෙලා හිතේ උපන් දුකින්මයි..

යුමී එහෙම්ම ඇවිත් අම්මටත් වැන්දේ අදින් පස්සේ අම්මා තාත්තා අක්කා ඇරුනු කොට කේෂ්ගේ පවුලේ අය සමගත් බැදීමක් ඇතී කරගන්න ඕනේ යැයි සිතමින්..

කෙල්ල එහෙම්මම ගිහින් නැවතුනේ මනුජ ලඟ අක්කට කලින් මනුජට වැදලා ..

” තාත්තා නැතී අඩුව පුරවනවට පිං අයියේ.. “

කෙල්ල එහෙම කිව්වම මනුජ යුමීගෙ ඔලුව අත ගලා..

” පරිස්සමෙන් සතුටින් ඉන්න චූටී.. අදින් පස්සේ පටන් ගන්න අලුත් ජීව්තේට මම හදවතින්ම සුභ පතනවා .. “

මනුජ ඒ ටික කියලා හිමින් එතනින් අයින් වුනේ ඇස් වලට ආව කඳුලු සැමගෙන් සඟවමින්..

එහෙම්මම අමායට වැන්ද කෙල්ල ගෙදරින් එලියට බහින්න සැරසුනේ පිටත් වීමට නැකත හරී නිසා..

යුමීගේ අම්මා පිච්ච මල් වතුර වීදුරුවක් එක්ක ඉස්සරහට ආවේ .. පැරණී සිරිත් වලට අනුවයි..

කෙල්ල ඇතුලු කණ්ඩායමම ගෙදරින් එලිට අඩිය තිබ්බේ සුභ මොහොතින්.. කෙල්ල කාර් එකට නගින්න කලින් එක පාරක් ගේ දිහා හැරිලා බැලුවේ චූටි කාලේ ඉදන් හැදුන තැන අද දාලා වෙන ගෙදරකට යන්න වෙනවනේ කියන හැඟීමෙන්..

ඕනම කෙල්ලෙක්ට මේ දේ උරුම වෙන්නේ ස්වාභාවිකමයි.. තමන්ගේ අම්මා තාත්තා සහෝදරයෝ දාලා තවත් ගෙදරක පතිනියක්, ලේලියක් වශයෙන් යන්න වෙන එක ඕනම කෙල්ලෙක්ට උරුම දෙයක්.. ඉතින් යුමීත් අද විදින්නේ ඒ හැඟීම් බර අවස්තාවයි…

යුමී කාර් එකට නගින්න කලින් දකින දේ නිසා මල් බොකී එකත් බිම දාලා දුවන්නේ දකින දසුනින් හිතට ආව බිය එක්ක..

” අක්කී … “

එහෙම කෑ ගහගෙන යුමී බැලුව පැත්ත එතන හිටිය හැමෝම බැලුවේ බයෙන්… එ තරම් හයියෙන් යුමී කෑ ගැහුව්වේ අද තමන්ගේ මංගල දිනය යැයි අමතක කරමින්..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

• මොකක්ද මේ වෙන්නේ වස්තුලා..

➡️➡️ හමුවෙමු තවත් කොටසකින්

#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

අද කතාව කොහොමද ?
+1
3
+1
119
+1
3
+1
4
+1
10
+1
1
+1
3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here