මගේ දෙවනි මනමාලයා ඔහුයි – 51 කොටස

100
1137

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

51 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆

වෙන කවුරුත් නෙවේ ඈතීන් එන්නේ ටානියා.. බියර් බොතලයකුත් අතේ තියාගෙන වැනි වැනී කොටම කොට ගවුමකුත් ඇඳගෙන එන ටානියා දැක්කම කේෂ් ගේ මුලු ගතම දාඩියෙන් තෙත් වුනා.. මනුජත් ටානියා ගැන දන්න නිසා මනුජගේ හිතත් ගැස්සුනේ මේ හොඳම අවස්ථාවේ නරකක් වුනොත් ඒක කේෂ්ට වගේම යුමීටත් හොඳ නැතී නිසා…

ටානියා ඈතින් ආවේ කියව කියව.. ඒත් එක්කම වගේ කේෂ් බැලුවේ යුමී දිහා.. යුමී ඩාන්සින් ෆ්ලෝ එකේ නැතී නිසා කේෂ්ට හිත තවත් ගැස්සිලා ගියා. . කේෂ් ඉස්සරහා බලනකොට දැක්කේ ගවුමත් අත් දෙකෙන් ලාවට උස්සගෙන ෆ්ලෝ එකේ අයිනේ වේටර් කෙනෙක්ට මොනවද කියන යුමීව..

ඒත් එක්කම වගේ වේටර් දුවලා ගිහින් ටානියාව ඇදලා අරන් එතනම එහා පැත්තේ රූම් එකකට දැම්මේ හෝල් එක ඇතුලේ ඉන්න අයට ටානියාව පේන්න කලින්..

යුමී වේටර්ට කියලා කරපූ ඒ වැඩේ ගැන නම් කේෂ්ට දැනුනේ කියා ගන්න බැරි සතුටක් .. මනුජත් වෙච්ච දේ දැක්ක නිසා කේෂ්ගේ මූන දිහා බලලා හිනා වුනේ යුමීගේ මේ වැඩ වලට..

යුමී ආයේම ආවෙ ෆ්ලෝ එකට.. කේෂ් ලඟට ආව යුමී හිමීට කිව්වේ..

” කොහොමද මගේ වැඩ.. අර වහංගතේ මෙතනට ආවනම් මොනවා කරයිද දන්නේ නෑ.. එයාට කවුද ඉන්විටේශන් දුන්නේ මෙහේ එන්න… “

යුමී මූණ අමුතු කරගෙන එහෙම අහනකොට කේෂ්ට බයත් හිතුනා..

” මම ඒකීට ඉන්වයිට් කලේ නෑ.. “

” ආ එකත් එහෙමද.. එහෙනම් අනිවාර්යයෙන් ඇවිල්ලා තියෙන්නේ මේ වැඩේ විනාස කරන්න.. ඒකීට මම කරන්නම් වැඩක්.. එන්නකෝ යන්න මාත් එක්ක.. “

” කොහෙද යන්නේ.. “

” එන්නයි කිව්වේ කටවහගෙන . . “

යුමී හිමීට ෆ්ලෝ එකෙන් කේෂ් එක්කම බැහැලා ආයෙම නැවතිලා ටානියාව රූම් එකකට දැම්ම වේටර්ට කිව්වේ..

” ලොකු වතුර බේසමක් ඒ රූම් එකට ගේන්න.. “

” මොනවද බබා ඔයා මේ කරන්න යන්නේ.. “

” කටවහගෙන පාඩුවේ ඉන්න.. “

එහෙම කිව්ව කෙල්ල කේෂ්වත් ඇදගෙනම ටානියා ඉන්න රූම් එකට ගියේ හොද පාඩමක් ටානියාට උගන්වනවා කියලා හිතමින්..

වේටර්ට කියලා ගෙන්න ගත්ත වතුර බේසමට කහ එක්ක මිරිස් කලවම් කරපු යුමී සබන් වතුරත් දාලා හොදට මික්ස් කරන්න කියලා වේටර්ට උපදෙස් දුන්නා..

ඊට පස්සේ කාමරේ ඇඳ උඩ වෙරි වෙලා වැටිලා ඉන්න ටානියාගේ ඔලුවේ ඒක හලන්න කිව්වත් ඒක වේටර් බෑ කිව්වේ රස්සාව ගැන බය වෙලා..

” මට මේ ගවුම එක්ක ඕක හලන්න බැ මල්ලී.. රස්සාව නැති වුනොත් අපේ කම්පැනි එකේ රස්සාවක් දෙන්නම්.. ඔයා මන් කියන එක කරන්නකෝ.. “

” අනේ මිස්.. “

” අනේ පනේ නෙවේ කියන දේ කරනවා.. “

යුමී මේ කරන වැඩ දිහා කේෂ් කටවහගෙන බලාගෙන හිටියේ යුමීව නවත්තන්න ගියොත් ලොකු ප්‍රශ්නයක් ඇතී වෙනවා කියලා දන්න නිසා..

කොහොම හරී වේටර් කොලුවා එක්ක ඔට්ටු වෙලා ටානියාගේ ඔලුවේ ඉඳන් වතුර එක හැලුවා.. ඒ වතුර පාර සැර වැඩි කමට ටානියා කෑ ගහගෙන ඇහැරුනේ මිරිස් නිසා මුලු ඇඟම දැවිල්ල ගන්න ගත්ත නිසා..

යුමී ඉක්මනින් වේටර්ව එතනින් යව්වේ වේටර්ට් ප්‍රශ්නයක් නොවෙන්න..

” තමුසෙලා දෙන්නා මේ මොකක්ද කලේ.. ඕ ගෝඩ් මාව දනවා.. ශිට් .. “

” ආ දැන්ද ගෝඩ් මතක් වෙන්නේ මැඩම්..”

යුමී එහෙම කිව්වේ ටානියාට නෝන්ඩියට හිනා වෙමින්..

” මන් තමුසෙට.. “

කියලා ටානියා යුමීට ගහන්න නැගිටිනකොටම කේෂ් මැද්දට පැනලා..

” එක අඩියක් ඉස්සරහට ආවොත් මන් තමුන්ට කරන දේ හිතා ගන්න බැරි වෙයි… “

” ආ ඒකත් එහෙමද කේෂ් . . මන් මේ කියන්න යන දේ නිසා කොහොමත් තමුන්ටත් හිතා ගන්න බැරි වෙයි.. මම ප්‍රෙග්නට් ඒකත් තමුන්ගෙන්.. “

” වට් ද.. “

කියලා කේෂ් බැලුවේ යුමී දිහා..යුමී මහා හයියෙන් එක පාරම හිනා වෙන්න ගත්ත නිසා කේෂ්ටත් පුදුම හිතුනා..

” හා හා.. මේ ටානියා නිකන් බොරු නොකියා පලයන් ගෑණීයේ යන්න.. එදා හම්බුන වෙලාවේ තමුන්මයි නේද කිව්වේ කේෂ්ව ගොඩ දවසකින් හම්බුනේ නෑ කියල.. දැන් මොකක්ද මේ කියන්නේ.. ආ හරී තමුන් ප්‍රෙග්නට්නේ.. ඉන්න මන් ගයාන් අයියට කතා කරන්නම්..”

කියලා කෙල්ල ගයාන්ට කතා කරලා එන්න කිව්වා.. ගයාන් ඇවිල්ලා ටෙස්ට් ටියුබ් එකක් දීලා කිව්වේ චෙක් කරන් එන්න කියලා.. ඒත් යුමීට මේකීව සතපහකට විශ්වාස නැතී නිසා,

” කේෂ් , ගයාන් අයියා ප්ලීස් යන්න එලියට.. මට මෙයාව සත පහකට විශ්වාස නෑ.. “

යුමී හිතුවා හරියටම හරී ප්‍රෙග්නන්සී එක පොසිටිව් වෙච්ච ටෙස්ට් ටියුබ් එකක් අරන් ආව ටානියා හිතුවේ මේකත් එක්ක මාරූ කරන්න ඒත් යුමී ඉන්නකොට ඒක කරන්න බැරි නිසා. .

” නෑ නෑ ඕනේ නෑ.. මම ප්‍රෙග්නට් නෑ.. “

කියලා මහා හයියෙන් කෑ ගැහුව්වේ මිරිස් නිසා දැවිල්ල ගත්ත ගත අතින් පිහදන ගමන්..

ටානියා ආවේ ගෙනාව ටෙස්ට් ටියුබ් එක මුලු හෝල් එකේම අයට පෙන්නලා කේෂ් ව පච කරන්න ඒත් එක පාරටම කාමරේකට ඇදිලා ආව නිසා ටානියාට මොනවද කරන්නේ කියලා හිතාගන්න බැරි වුනා.. ඒකයි ඇස් දෙක පියාගෙන වැටිච්ච තැනම බෙඩ් එකේ හිටියේ මත් ගතිය වැඩි නිසා..

” යුමී ඔයා උදුර ගත්තේ මගේ කේෂ්ව මන් තමුසෙට හොඳ හොඳ වැඩක් කරනවා .. මන් කේෂ් ව මැරි කරන්න කොච්චර හීන දැක්කද යකෝ තෝ ඒවා කෑවා..”

කියලා ටානියා වියරුවෙන් වගේ කෑ ගහන්න ගත්තේ උමතු එකියක් වගේ..

” ආ කේෂ් ගේ කොහෙද මගේ කියලා ගහලා තිබ්බේ .. “

” අනේ මේ තමුසෙට මම.. “

එහෙම කියලා ටානියා ගහන්න වගේ යුමී ඉස්සරහට පැන්නම කේෂ් මැද්දට පැනලා ටානියාගේ අතින් අල්ලලා කිව්වේ..

” ටානිටා මම මෙච්චර වෙලා කට වහගෙන බලාගෙන හිටියේ තමුසේ ගෑනියෙක් නිසා .. හොඳ හිතින් කියන්නේ අද අපේ හොඳ දවසේ මගේ යකා අවුස්සන්නෙ නැතිව මෙතැනින් යනවා.. “

” ඇයි කේෂ් ඔයා මෙහෙම කතා කරන්නේ ඉස්සර ඔයා මේහෙම නෑනෙ ඩාලිං.. “

ටානියා එහෙම කියලා කේෂ් ලඟට ලං වෙන්නයි හැදුවේ.. ඒත් යුමී ටානියාව අල්ල ගත්ත නිසා කේෂ් ලඟටවත් ටානියාට එන්න බැරි වුනා…

“හොඳටම ඇති මේ නාඩගම.. “

එහෙම කියපු යුමී ටානියට අත දිග ඇරලා කම්මුල් පාරක් ගැහුව්වේ කේන්තියෙන් ඇස් රතු කර ගනිමින් . .

” ඕක ළමයෙක් බඩේ ඉන්නවා කියලා බොරු කිව්වට… “

කියලා අනිත් පැත්තටත් කම්මුල් පාරක් ගහපු යුමී..

” අපි දෙන්නගෙ ලස්සන දවස විනාස කරන්න මෙතනට කැත විදිහට ආවට… ඔයා අපේ ජීවිතවල මැද්දට ආයෙ ආයෙ එන්න හැදුවොත් මම තමුසෙට සලකන්නෙ මෙහෙම නෙමෙයි .. මෙතනින් ඇදලා එළියට දාන්න කලින් පාඩුවේ නම්බු පිටින් යනවා.. “

යුමී එහෙම කිව්වම රිදෙන කම්මුල අතින් අල්ලගෙන ඇස්දෙක රතුම රතු කගෙන ටානියා බලාගෙන හිටියේ දැඩි වයිරයකින්..

” යුමී මන් තමුන් ගැන බලාගන්න.. “

” හැක හැක හැක.. බලාගයි මගේ නැට්ට .. ලැජ්ජ නැද්ද ගෑණියේ ආරාධනාවක් නැතුව මගුල් ගෙවල් වලට එන්න .. ශික් ඊයා හලෝ ඔයා නම් .. “

කියලා යුමී අමුතුම ඇක්ෂන් එකක් දැම්මේ ඇද කරමින් .. කේෂ් මේ කෙල්ලගේ කෙල්ලගෙ වැඩ දිහා බලාගෙන හිටියේ හරිම ආඩම්බරයෙන් .. මොකද කේෂ් හිතුවේ යුමී ටානියව දැක්කම යකා නටයි කියලා.. ඒත් එහෙම නොවී යුමී ටානියාගේ ප්‍රශ්නේ මේ විදියට විසඳයි කියලා නම් කේෂ් හිතුවේ නෑ.. මොකද යුමීටත් ඉවසීම කියන එක තිබුනේ නැතී නිසා…

ටානියා ගැලවුන සපත්තු දෙකත් අතින් අරගෙන යුමීට බැන බැන යන හැටි දැක්කම කේෂ්ට ලා හිනාවක් ගියා..

” පේනවනේ ගයාන් අයියේ මහත්තයාගේ හපන් කම් නිසා වෙන දේවල්.. “

එහෙම කියලා ගයාන් දිහා බලපු යුමී කේෂ්ට රැව්වේ කේෂ්ව දවා හලු කරන්න පුලුවන් ජාතියේ බැල්මක් දාලා..

” අම්මෝ නංගී පවුල් ප්‍රශ්න ඔයාලා විසඳගන්න.. ශැක් ඩාන්සිං ෆ්ලෝ එකෙ කෑල්ලක් ටෝක් වේගෙන එනකොට නංගී කතා කලේ මන් යනෝ.. “

ගයාන් එහෙම කියලා එතනින් ගියේ කේෂ්ට ඇහෙන් උඹම බේරගනින් කියලා වගේ..

” සමාවෙන්න කූනිච්චී.. “

” පරණ කුණු ඔය විදියට පස්සෙන් එන්නේ අයියේ ඔයා ඒ කාලේ හිටිය විදිය නිසා.. ඒත් ඒ දේවල් මම දන්න නිසා අද ඔයාගේ පවුලේ අයට වගේම මගේ පවුලේ අයට වෙන්න ගිය අවනම්බුව බේරුනා.. ඒත් කවදා වෙනකන් ඔය දේවල් ඔහොම කරන්නද මට තේරෙන්නේ නෑ.. ටානියා ඇනයක් වෙයි කියලා එදා මට දැක්ක දවසෙම හිතුනා.. ඒත් මේ තරම් ඇනයක් වෙයි කියලා හිතුවේ නෑ… “

“අනේ මමත් ඒකීගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නෑ බබා.. මටත් හිතාගන්න බැරි වුනා මොකක්ද කරන්නේ කියලා.. තැන්කිව් මගේ කූනිච්චී මගේ ජීවිතේට ආවට.. මම මනුස්සයෙක් වුනේ ඔයා නිසා… මට සමාවෙන්න.. “

” හා හා ඕනවට වඩා හැඟීම්බර වෙන්න එපා.. මෙතනින් එහාටවත් මෙන්න මේ අලයක් වගේ තියන ඔලුවෙන් වැඩක් ගන්න.. මොකද අපි නොහිතන දේවල් අපේ ජීවිතේට වෙන්නේ නොහිතන මිනිස්සුන්ගෙන්.. අපි දැන් යමූ අර පැත්තට අපිව හොයයි කට්ටිය.. “

කේෂ් යන්න යන යුමීගේ අතින් අල්ලලා ඇදලා අරන් තුරුල් කරගෙන ඉඹගෙන ඉඹගෙන ගියේ ආදරෙන්.. යුමීගේ ඇස් දෙක දිහා බලාගෙන ආදරෙන් කිව්වේ..

” ගොඩක් ආදරෙයි මගේ වස්තූ කැටේ.. “

” කෝලම.. “

කියලා කේෂ්ගේ ලිප්ස් වලට කෙටි කිස් එකක් දුන්න යුමී ගවුමත් ලාවට උස්සගෙන හිමින් දිව්වේ සුපුරුදු දඟකාර කමින්..

උත්සවේ වැඩ කටයුතු අවසාන වුනේ හැමෝගේන හිත් වලට සහනයක් ගෙනෙමින්.. ඒත් අමායාට වගේම යුමීගේ අම්මටත් හදවතට දැනුනේ ලොකූ දුකක්.. ගෙදර හුරතලේට හැදුන කෙල්ල අද ටිකකට හරී ඈත් වෙලා යන එකට… ඕනම අම්මා කෙනෙක්ට සහෝදරියෙක්ට දැනෙන වේදනාව අද අමායත් , දීපිකත් විඳිනවා…

කේෂ් යුමී දෙන්නා එක්ක හැමෝටම වැදලා එලියට එන්න යනකොට ගියේ දීපිකා ලඟට..

” පුතේ මහා දේවල් කියන්න නෑ.. මේ ඉන්නේ මගේ ඇස් දෙකෙන් එක ඇහැක් කිව්වොත් හරී.. එක ඇහැක් මනුජ පුතාට දුන්නා.. එයා අද මගේ කෙල්ලව එදා වගේම හොඳට බලා ගන්නවා… අනිත් ඇහැ තමා මේ ඉන්නේ.. ඉතින් මගේ කෙල්ලව මන් පුලුවන් උපරිම හොඳට හැදුවා.. හැම දේම කියලා දුන්නා ගෑණු ලමයෙක්ගෙන් වෙන්න ඕන හැම දේම.. මගේ කෙල්ලගෙන් අඩුපාඩුවක් වුනොත් හිමීට ආදරෙන් කියලා දෙන්න.. එතකොට මේ කෙල්ල හදවත වුනත් ඔයාට දෙයි.. ආදරෙන් කියන ඕන දෙයක් මෙයා අහනවා.. හැමදාම මගේ කෙල්ලව මේ වගේ ආදරෙන් බලාගන්න.. ඒ හොඳටම ඇතී මට.. හරිම දඟ කෙල්ලෙක් මේකී හිමින් හිමින් වගකීම් එනකොට ඒ හැම දේම හරියයි පුතේ.. ඒ වගේම පුතේ ඔයා මට මගේ බෑනා නෙවේ පුතා විතරක් වෙන්න ඒක එදා මනුජ පුතාගෙන් කලා වගේම ඉල්ලීමක්.. කොල්ලෙක් ඉල්ලපූ මට කොල්ලෝ දෙන්නෙක්ම දීලා ඉතින් ඒ දේ විතරම් ඉශ්ඨ කරන්න.. මෙන්න අපේ පණ අද ඉඳන් ඔයාට බාරයි.. “

අම්මා එහෙම කියලා කඳුලු පිහදගෙන කේෂ්ගේ අත උඩින් යුමීගේ අත තියලා ආශිර්වාද කලේ හදවතින්මයි…

” අම්මාගේ දුවව මන් පරිස්සමෙන් හොඳට බලා ගන්නම්.. ඔන්න මේකී කියන දේ ඇහුව්වේ නැත්තන් මන් එනවා අම්මා ලඟට හොඳේ අම්මා එතකොට මේකීට දෙන්න දෙකක්.. “

කේෂ් ඒ කිව්ව කතාවට එතන ඉන්න හැමෝම හිනා වුනා.. යුමී කේෂ් ට ඇදකලේ යනවා යන්න කියලා ඇස් වලින් කියන ගමන්..

යුමී අමායා ලඟට ගිහින් බදා ගන්නවත් එක්කම අමායා හුස්මක් ගන්නේ නැතුව අඬන්න ගත්තම මනුජටවත් කන්ට්‍රෝල් කරගන්න බැරි වුනා.. මේ අක්කාගෙයි නංගිගෙයි බැඳීම හරීම පුදුම එකක්.. අමායා නංගීව බලාගත්තේ අම්මා කෙනෙක් වගේ.. කෙල්ලෙක් බඳිනවා කියන්න මොහොතකට හරී ගෙදරින් ඈත් වෙනවා කියන එක.. පොඩි කාලේ හිටිය විදියට ඒ බැඳීම් තියා ගන්න හරිම අමාරුයි.. ඒ නිසාමයි කෙල්ලෙක් බැඳලා යන එක මේ තරම් දරාගන්න අමාරූ… අමායා යුමී බැඳීම හරිම වෙනස් එකක් දෙන්නාට දෙන්නා නැතුව බැරි බැඳීමක් ඒක..

මනුජ අමායව කන්ට්‍රෝල් කරගත්තේ අමාරුවෙන්.. අමායා ඇස් වල කඳුලු පිහිදන ගමන් කේෂ්ට කිව්වේ,

” මගේ නංගිගේ මේ ඇස් වලට කවදාවත් දුකක් දෙන්න එපා කේෂ් එච්චරයි මන් ඉල්ලන්නේ.. හැබැයි ඔයා මගේ මැණිකගේ ඇස් වලට දුකක් දෙන ජාතියේ මොනා හරී දෙයක් කලොත් එදාට මෙන්න මෙයාට කලින් මමයි ඔයාගේ බෙල්ල මිරිකන්නේ.. “

අමායා එහෙම කිව්වම කේෂ් ලාවට හිනා වෙලා..

” කවදාවත් ඔයාගේ නංගිගේ මේ ඇස් දෙකට කඳුලු දෙන්නෙ නෑ කියලා මන් ඔයාට පොරොන්දු වෙනවා මැඩම් අමා.. “

කේෂ් අමුතුම ඇක්ෂන් එකක් දාලා කිව්වේ යුමීගේ අතින් අල්ලමින්..

” ඔයාලා දෙන්නට හදවතින්ම සුභ පතනවා මම.. චූටී කිව්ව ඒවා මතකයිනේ.. “

කියලා අමායා චූටී සද්දයක් දැම්මම කේෂ්ට් හිතුනා අමායා යුමීට මොනා හරී දෙයක් කියලා ඇතී කියලා…

මනුජත් දෙන්නටම විශ් කරලා කේෂ් ට කිව්වේ හොරෙන්. .

” උඹ දන්නවනේ මේ ඉන්නේ මගේ නංගී.. උඹ නටපූ පිස්සූ දැන දැනත් මන් උඹට මේ මගුල කරගන්න සප් එක දුන්නේ උඹව ගොඩක් විශ්වාස කරලා .. හැබැයි නංගීට උඹෙන් වචනෙකින් හරී වැරැද්දක් වුනොත් එදාට උඹෙයි මගෙයි යාලු කම වුනත් අත අරින්න මන් දෙපාරක් හිතන්නේ නෑ… “

” අඩෝ උඹ මන් ගැන ඔහොමද හිතන්නේ.. “

කේෂ් ඇහුව්වේ මනුජගේ කරට අත දාන ගමන්..

” නෑ මචන් මන් කිව්වේ මට හිතුන දේ..”

” හරි බන් බය වෙන්න එපා.. “

” කුටු කුටුව ඉවරනම් යමුද.. “

යුමී කිව්වේ හිනැහෙමින්.. මනුජ යුමීවත් වැලඳගෙන උදේ කිව්ව ටිකම කිව්වේ හදවතින්…

” ඕනම දෙයකට මේ අයියා ඉන්නවා.. පරිස්සමෙන් යන්න චූටී… “

කේෂ් ගේ අම්මටත් තාත්තටත් වැඳලා හැමෝටම සමු දෙන්න කලින් යුමී අතේ තිබ්බ මල් බොකේ එක විසික් කලේ හිනැහෙමින්.. ගයාන්ගේ අතට හිතුවේවත් නැති විදියට බොකේ එක වැටුන නිසා කොල්ලෝ ටික ඔක්කොම කෑ ගැහුව්වේ ඊළඟ ට ගයාන් බඳිනවා කියමින්..

හැමෝටම සමු දීලා කේෂ් ලෑස්තී කරගත්ත හොටෙල් එකට යන්න පිටත් වුනේ දෙන්නම සතුටින්.. ටික දුරක් යනකන් දෙන්නම නිහඬව හිටියේ මහන්සිය නිසා.. ඩ්‍රයිවර් කේනෙක් එක්ක යන නිසා කේෂ් හිටියේ යුමීගේ උරහිට ඔලුව තියාගෙන..

” කේෂ්.. “

කියලා මහ හයියෙන් කෑ ගැහුව්වම එක පාරටම ඩෝං කියලා සද්දක් ආවේ…..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

➡️ හායි කොමද ? මොනවා වෙයිද.. හිතා ගන්න බෑනේ ද.. මොකක් හරි වෙයි හෙටනම්.. ලොකුම ලොකූ දෙයක්.. හී ලොකුම බෝම්බේ හෙට රෙඩී… ආදරෙයි ඔක්කොටම…

➡️ කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ බලන්න ගින්දර වගේ.. ➡

➡️➡️ හමුවෙමු තවත් කොටසකින්

#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

අද කතාව කොහොමද ?
+1
5
+1
108
+1
7
+1
2
+1
8
+1
0
+1
6

100 COMMENTS

  1. Everything is very open with a clear explanation of the
    issues. It was truly informative. Your website is
    very useful. Thanks for sharing!

  2. 543466 926000Aw, this was a truly nice post. In concept I wish to put in writing like this furthermore – taking time and actual effort to make an superb article even so what can I say I procrastinate alot and not at all appear to get something done. 584898

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here