මගේ දෙවනි මනමාලයා ඔහුයි – 52 කොටස

28
1141

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

52 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆

” කේෂ්.. “

කියලා මහ හයියෙන් යුමී කෑ ගැහුව්වම එක පාරටම ඩෝං කියලා සද්දක් ආවේ වාහනේ නතර වෙමින්..

” මොකද සයුමී කෑ ගහන්නේ මාව ගැස්සිලා ගියා.. “

” ඩෝං ගෑවේ ඇයි කියන්න මම දන්නේ නෑ… ඩ්‍රයිවර් ඇයි මොකක්ද වුනේ.. “

කේෂ් ඊට පස්සෙයි දැක්කේ වාහනේ නැවතිලා තියෙනවා..

” ටයර් එකේ හුලන් ගියා මැඩම් මම හිතන්නේ.. මන් බලන්නම්… “

කියලා ඩ්‍රයිවර් බැහැලා ගියේ කලබලෙන්..

” අයියෝ මේ මගුල් චෙක් කරලා නෙවේද මන්දා මුන් මේවා ගේන්නේ රෙද්ද… “

කේෂ් ගේ සුපුරුදු ගෝරනාඩුව පටන් ගත්තම යුමී කේෂ් දිහා බලාගෙන හිටියේ මූනේන් වෙනස්ම ඇක්ෂන් එකක් හදාගෙන..

” අනේ කේෂ්. . “

” මොකද බබා ඔයා කෑ ගැහුව්වේ. . “

” මට බඩගිනී අප්පා.. “

” ඈ ඇයි දැන් වෙඩිමේ කෑවේ .. යකඩෝ ඔයා ආසම මෙනූ එකක් සිලෙක්ට් කලේ කන්න නේද… “

” අපි ආසම ඒවා සිලෙක්ට් කලාට කන්නේ වෙන අයනේ.. කොහේ කනවද අනේ අර කැමරා කරන එක්කෙනා එහෙන් මෙහෙන් ඇවිත් ෆොටෝ ගන්නවනේ.. මොන ලැජ්ජාවක්ද.. හුම්.. “

යුමී කිව්වේ ඇද කරමින්.. කේෂ් යුමී දිහා බලාගෙන හිටියේ මූනෙන් කෝලම් කරන විදිය නිසා ලා හිනාවකින්..

” අනේ මට බඩගිනී මනුස්සයෝ.. “

කියලා කේෂ්ගේ කොලර් එකෙන් අල්ලන් යුමී නහයෙන් අඬන්න ගත්තා..

” හා හා ඉන්න මන් මොනා හරී අරන් එන්නම්.. “

කේෂ් එහෙම කියලා යන්න යනකොටයි දැක්කේ එහා පැත්තේ තියෙන මැග්ඩොනල් එක..

” ආ මේක දැකලද මගේ නෝනට බඩගිනි වැඩි වුනේ.. “

එහෙම කියලා යුමීගේ නහයත් මිරිකපු කේෂ් බැහැලා ගිහින් යුමී ආසම බන් එක්ක චිප්ස් ගෙනාවේ වැඩිපුර සල්ලී දීලා යුමීට කන්න පුලුවන් විදියට ට්‍රේ එකත් එක්කමයි…

” මෙන්න නෝනා කන්න තමා තියෙන්නේ.. “

” අනේ මගේ හොඳ ඩම්බෝ.. “

එහෙම කියලා බන් දෙකකටම පාඩුවේ වග කියන යුමී දිහා කේෂ් බලන් හිටියේ පුදුමෙන්.. ඒ ගමන් යුමී ලොකූ ගවුම උඩ ප්ලේට් එක තියාගෙන කන තාලේ ෆොටෝ ගහගන්න අමතක කලේ නෑ…

” අම්මෝ තැන්කිව් ඩම්බෝ.. ආ ඔයා කන්නේ නැත්ද.. “

” යකෝ මේකී මාර කෑමක්නේ කෑවේ.. දැන්ද මාව මතක් වුනේ අහන්න කන්නේ නැත්ද කියලා.. “

” ආයේ මට දුන්නට පස්සේ මන් මොකටද ඒක අහන්නේ ඩම්බෝ සෝ ඔයා දැන ගන්න එපැයි ඔයාට මොනා හරී ගේන්න.. මන් කෑවා ඉතින් ඕනේ නම් මේකෙන් කෑල්ලක් කන්න ආ.. “

” මටත් හම්බුනේ මාර ගෑනීයෙක් තමයි.. හයියෝ සංසාරේ.. “

කියලා කේෂ් ඔලුවට අත තියා ගත්තා..

” ඇයි අප්පා .. “

තොල් කනපිට හරවලා යුමී ඇහුව්වේ ඉතුරු බන් කෑල්ලටත් වග කියන ගමන්..

” නෑ නෑ මුකුත් නෑ.. “

” මුකුත් නැත්තන් කමක් නෑ.. “

ඒත් එක්කම වගේ ඩ්‍රයිවර් ආව නිසා කේෂ් බුක් කරලා තිබ්බ හොටෙල් එකට යන්න පිටත් වුනේ යුමීගේ කෝලම් එක්කමයි..

” දැන් ඔයා බඩගින්නෙනේ ඩම්බෝ.. “

” ඔව් දැන් මන් ඔයාව තමායි කන්නේ බඩගින්නට.. හා හා හා හාහා… “

කියලා කේෂ් මූණ නපුරු කරගෙන යුමී දිහා බැලුවා..

” හැක හැක තමයි .. “

යුමිත් ඊට නොදෙවනි වෙන්න කේෂ්ට ඇද කලේ හිනැහෙමින්..

” මේකී යකෝ.. “

එහෙම කියලා කේෂ් යුමීගේ කර වටින් අත දාලා ලඟට අරගත්තා..

” මන් ආසම ඔයාගේ ඔය කෝලම් වැඩ වලට බබා.. හැමදාම ඔය විදියට ඉන්න වෙනස් වෙන්නේ නැතුව.. “

” ඔයා වෙනස් වුනත් මම වෙනස් වෙන්නේ නෑ කියන එක මට විශ්වාසයි ඩම්බො… “

” ඔයා කියන්නේ මන් වෙනස් වෙයි කියලා ද කූනිච්චී .. “

” මට මාව විශ්වාස තරමටම ඔයාවත් විශ්වාසයි… “

” එහෙනම් මොකක්ද කියන්නේ.. “

” මුකුත් කියන්නේ නෑ අනේ නිකන් කිව්වේ.. “

” ම්ම්.. මන් අහන්නමයි හිටියේ ඇයි අප්පා මන් නිකන් ඔයාව මරන්න ගෙනියනවා වගේ ඔයාලගේ ගෙදර අය ඔය තරමටම ඇඬුවේ.. මට ඕක හෙන ප්‍රශ්නයක් වෙලා තිබ්බේ ඉස්සර ඉදන් හැම මගුල් ගේකම අවසානේ කෙල්ල ගේ ගෙදර අය මාර ඇඬිල්ලක් අඬනවා මල් ගෙදරක් වගේ.. “

” ඔයා කවදා හරී දවසක තාත්තා කෙනෙක් වුනාම ඒක හොඳටම දැනෙයී.. කෙල්ලෙක් කියන්නේ මහ පුදුම කෙනෙක් නිකේෂ්.. කෙල්ලෙක්ගේ අම්මා කෙනෙක් වුනාම ඊට වඩා පුදුම කෙනෙක් වෙන්න ඕනේ.. ඇයි දන්නවද කෙල්ලෙක්ව පොඩි කාලේ ඉඳන් හදලා වඩලා උස්මහත් කරලා ඒ කෙල්ලගේ අම්මාට මාර දරගැනීමක් තියෙන්න ඕනේ වෙන පවුලකට එයාව දෙන්න.. ගැහැණිය නිර්මාණය වෙලා තියෙන්නේ හරී පුදුම ඉවසීමක්, දරාගැනීමක් එක්ක.. ඔයා හිතන්නකෝ මෙහෙම ඔයා හරීම ආදරෙන් පොඩි කාලේ ඉඳලා හදනවා පොඩි බලු පැටියෙක්.. හැබැයී ඌව කවදා හරී දවසක පිට ගෙදරකට දෙන්න වෙනවා.. එවලෙට ඔයාට මොකද හිතෙන්නේ.. “

” අම්මෝ ඒක පට්ට වේදනාවක්නේ බබා..”

“එතකොට ඔයා හිතන්නකෝ දස මාසයක් කුසේ තියාගෙන ඉඳලා , අවුරුදු 24ක් 25 ක් උස් මහත් කරන කෙල්ලව කවදා හරී දවසක එහෙම පිට ගෙදරට අයිතී වෙනවා කියලා දැන දැනම හදන අපේ අම්මාලාට කොච්චර දුකක් දැනෙන්න ඕනේද.. ? සතෙක්ව දෙන එකම පට්ට වේදනාවක්නම් බඩෙත් මාස දහයක් තියන් හදපු අපේ අම්මීට, ඒ වගේම තාත්තී නැතුව මාවයි අක්කීවයි හදපු අපේ අම්මීට කොයි තරම් වේදනාවක් දැනෙන්න ඕනේද.. “

” ඉතින් අම්මාව අත අරින්නේ නෑනේ අපී එහේ යනවනේ බබා.. “

” එතකොට මම බල්ලා ගැන ඔයාගෙන් ඒ ප්‍රශ්නේ ඇහුව්වොත්.. අපිට පුලුවන්නේ බල්ලවත් බලන්න.. “

” ඒත් ඉතින් ගෙදර වගේ නෙවේනේ බබා.. “

” අන්න ඕක තමා ඔයා තේරුම් ගන්න ඕනේ දේ මගේ මහත්තයෝ.. ගෙදර හිටියා වගේ මට ඉන්න පුලුවන් ද දැන්.. ඉස්සර මම අම්මාගේ අස්සෙමයි දැන් මට එහෙම නිතර දැවටෙන්න පුලුවන්ද බෑ නේද.. පොඩ්ඩකට හරී අපි ඈත් වෙනවා ඒක තමා ඕනම කෙනෙක්ට උරුම දේ.. ඔයාට මට වගේම ඕනම මනුස්සයෙක්ට.. අපි දෙන්නා වෙනම පවුලක් දැන්.. වෙනම වගකීම් තියෙනවා අපිට.. ඉතින් එතකොට එතනදී ඔයාලාගේ අම්මට වුනත් දුකක් එන්න පුලුවන් .. “

” ම්ම්.. තේරුනා ඔයා කියන දේ..”

” ගෑණියෙක් ලොකු කැපකිරීම් ගොඩක් කරනවා චූටී කාලේ ඉඳන්.. ලොකු ලමයෙක් වෙච්ච දවසේ ඉඳන් කෙල්ලෙක්ගේ ජීවිතේ තියෙන්නේ වේදනාවල්.. බැන්දත් ඒක එහෙමයි.. බඳින දවසට චූටී කාලේ ඉඳන් හැදුන තැන, අම්මා තාත්තා දාලා අලුත්ම තැනකට හුරු වෙන්න වෙනවා.. එතකොට ඒ හැම දේම මතක් වෙලා තමයි කෙල්ලෙක්ට වෙඩින් එක අවසානේ ඇඬෙන්නේ.. “

” ම්ම්.. ඇත්තටම මම ජීවිතේ ගැන සීරියස් හිතපූ කෙනෙකෙ නෙවේ බබා.. කෙල්ලෝ ගැන ලොකූ විශ්වාසයක් මට තිබ්බේ නෑ.. ඔයා තමයි හැඩි වෙලා තිබ්බ ජීවිතේ පිලිවෙලක් කලේ.. ආදරෙයි සුදු නෝනා.. “

කියලා කේෂ් යුමීව බදාගෙන ඉඹගෙන ඉඹගෙන ගියේ ආදරෙන්..

” මාත් ආදරෙයි මගේ පණට පැලෙන්න.. දැන් කියනවද මහත්තයෝ ඇයි මේ කටුනායක පැත්තට යන්නේ කියලා.. “

” අද එහෙන් බුක් කලේ පණ හොටෙල් එකක්.. හෙට අපි උදේම යනවා ලෝන්ග් ඩ්‍රයිව් එකක්…ඔයා ආසයි නේද.. “

එහෙම කියලා ටිකට් එක පෙන්නුවේ බාලී වලට යන්න තියෙන හනීමූන් පැකේජ් ටිකට් එක..

” අනේ දෙයියනේ ඔයා කිව්වේවත් නෑනේ.. මගේ පාස්පෝට් ගෙනාවෙත් නෑනේ බබා.. “

” ඒවා ඔක්කොම මන් අම්මාගෙන් කලින්ම ඉල්ලගත්තා.. හෙට පාන්දර ෆ්ලයිට් එක තියෙන්නෙ.. මේ ගමන්ම යන්න මන් බැලුවේ ඒත් අද බුක් කරගන්න බැරි වුනා.. කොහොමත් අපිට මහන්සිත් එක්කනේ ඒ නිසා හෙට පලවෙනි ෆලයි එකම දාගත්තා.. “

” ආදරෙයි ආදරෙයි ආදරෙයි උම්ම්ම්ම්මා…”

කියලා යුමී කේෂ්ව බදාගෙන ඉම්ඹේ ආදරෙන්..

” ඔයාට ඕන හැම දේම මට කියන්න බබා.. මට පුලුවන් විදියට මන් ඒ දේවල් ඉෂ්ඨ කරන්නම්.. “

” මට ඕනේ ඔයාගේ ආදරේ මැරෙනකන්ම විඳින්න.. ඔව් මෙහෙම තුරුල් වෙලා ඉන්න.. “

කේෂ් ගේ පපුවට ඔලුව තියාගෙන යුමී කිව්වේ පොඩි එකෙක් ගානට..


” ම්ම්.. ඔහොම ඉන්නකොට ඉතින් වෙන වෙන ඒවා වුනොත් ඔන්න වගකියන්නේ නෑ. . “

” අපෝ ඔයා නම් මහා.. මෝඩයා.. “

” මෝඩයා මෝඩයා කියන්න එපා මට මල පනිනවා හරී.. “

කේෂ් බොරුවට නපුරු මූණ හදාගෙන කිව්වේ යුමීගේ නහය මිරිකන ගමන්..

” මෝඩයා , මෝඩයා මෝඩයා මෝඩ ඇට රිලවා.. “

” මේකිට මම.. “

කියලා කේෂ් යුමීගේ මූනෙන් අල්ලලා කිස් එකක් දෙන්න ගියත් යුමී එක පාරටම පහත් වෙලා කේෂ් ගේ අත හපලා හිනා වුනෙ හයියෙන්..

” ආව් යක්ශනී.. යමන්කෝ අල්ලගන්න.. ගෙම්බී. . “

” අල්ලයි මගේ නැට්ට.. හූ.. “

යුමී නලලට අත් දෙක තියාගෙන ඇඟිලි විහිදවලා , දිව දික් කලේ කේෂ්ට ඇද කරමින්..

එක එක කෝලම් කර කර යුමී කේෂ් දෙන්නා එක්ක කටුනායක ගුවන්තොටුපල ආසන්නයේම හොටෙල් එකකට ආවේ දැඩි මහන්සියකින්..

දෙන්නා එක්ක රිසෙප්ශන් එකට ගිහින් කී එකත් ඉල්ලගෙන ගියේ රූම් එකට.. රූම් එකට යනකොට ඇඳ උඩ රෝස මල් වලින් සරසලා අමුතුම සරාගී සුවඳක් එක්ක , ටේබල් එකක් උඩ වයින් එකක් තියලා ලයිට් ඩිම් කරලා වෙනම කැන්ඩ්ල්ස් පත්තූ කරලා වෙනමම ලස්සනකට සරසලයි තිබ්බේ…

යුමී ඒ දිහා පුදුමෙන් බලාගෙන ඉන්නකොට කේෂ්,

” මැඩම් මොකද වුනේ.. “

කියලා ඇඟිලි දෙකින් සද්දයක් දැම්මේ වශී වෙලා වගේ බලාගෙන ඉන්න කෙල්ලව මේ ලෝකෙට ගනිමින්..

” වාව් නිකේෂ් මෙතන හරිම ලස්සනයි අනේ.. ඇත්තමයි පට්ට… “

කියලා යුමී ගිහින් ඉඳ ගත්තේ ඇඳ උඩින්.. කේෂ් දොර වහලා හිමීට යුමී ලඟින් ඉඳගෙන යුමීව ටිකක් ඇඳේ එහාට කරලා යුමීගේ ලොකුවට පිම්බිලා තියෙන ගවුම උඩින් උකුලෙන් ඔලුව තියා ගත්තා.. යුමී හිමින් කේෂ් ගේ ඔලුව අත තිබ්බේ කේෂ් ගේ ඇස් දෙකට එබෙන ගමන්.. කට උල් කරලා යුමීගේ පැත්තට කිස් එකක් දුන්න කේෂ්,

” උම්ම්ම්මා.. ආදරෙයි මැණික.. “

” මාත් ආදරෙයි මගේ මහත්‍තයට.. “

” හරින සනීපයි වස්තූ කැටේ ඔහොම අත ගානකොට.. “

එහෙම කියලා කේෂ් ඇස් දෙක පියා ගත්තා.. ටික වෙලාවක් ඔහොම ඔලුව අත ගෑවට පස්සේ කේෂ්ට නින්ද යාගෙන එනවා වගේ දැනුන නිසා යුමී,

” මහත්තයෝ වොශ් එකක් දාලම නිදාගමු නේද මේ ගවුමත් ඇඳන් ඉන්න අමාරුයි මට.. “

” අහ් අනේ සොරී පණ මහන්සියටයි, ඔයා ඔලුව අත ගාපූ සනීපෙටයි මට නින්ද යාගෙන ආවා.. “

” ම්ම්.. ඒකට කමක් නෑ.. වොශ් එකක් දාගන්නකෝ ඊට පස්සේ මම ඔලුව අත ගාන්නම්.. “

” මට ටික වෙලාවක් යනවා නේ කටු ගලවගන්න ඔයා නාගෙන එන්න.. “

” නෑ නෑ මන් උදව් කරන්නම්.. යමුකෝ.. “

කියලා කේෂ් යුමීව කණ්නාඩි මේසේ ලඟින් ඉන්දවලා කොන්ඩ කටු ගලවන්න උදව් කලා.. ගලවනවා ගලවනවා ඉවරයක් නැතී වෙනකොට කේෂ්,

” මොන මගුලක්ද බබා කටු සීයක් විතර ගහලනේ රෙද්ද.. “

කියලා කේන්තියෙන් කිව්වේ ඉවරයක් නැතී නිසා..

” ගලවන ඔයාට ඔහොම අමාරුනම් ගහගෙන හිටිය මට කොහොම අමාරුද බබා.. හී හී.. “

අන්තිම කට්ටත් ගලවලා ඉවර වෙලා කේෂ් එක පාරටම ඇඳට වැටෙනේ නිකන් කපලා බිමට දාපු කෙසෙල් කඳක් වගේ..

” අම්මෝ කටු ටික ගලවලා හොඳ පණ ගියා මගේ.. ඔයා ඔය ගවුමත් මාරු කරලා වොශ් එකක් දාගෙන එන්න බබා..”

” මන් ටග්ගාලා එන්නම් ඊට පස්සේ ඔයා යන්න.. “

යුමී බක්‍රම් එක කාමරේම ගලවලා, නාන කාමරේ ඇතුලට ගිහින් ගවුමත් ගලවලා ශවර් එකට ඔලුව ඇල්ලුවට පස්සේ තමයි යුමීට සහනයක් දැනුනේ.. පැයක් විතර අරන් නාගත්ත යුමී එලියට එනකොට කේෂ් ඇඳට වැටිලා හොඳටම නිදාගෙනයි හිටියේ.. ශර්ට් එකේ බට්න් බාගෙට ඇරගෙන නිදාගෙන ඉන්න කේෂ් ව දැක්කම යුමීගේ හිතේ තිබ්බ ආදරේ තවත් වැඩී වුනා..

යුමී නයිට් ඩ්‍රස් එකත් දාගෙන හිමීට කේෂ් ලඟට ගිහින් කනට කරලා..

” හූ. . “

හූවක් තිබ්බා..

” වට් ද.. “

කියාගෙන කේෂ් නැගිට්ටේ ගැස්සීලා. .

” හා හා වට් ද වට් ද ගාන්නේ.. හී හී හී.. “

කියලා යුමී හයියෙන් හිනා වුනා..

” මොනවා කරනවද බබා ඔයා ටග්ගාලා එන්නම් කියලා ගිය එක්කෙනා පැය කීයකින්ද එලියට ආවේ.. “

” හා හා අපි ඔය අනිත් අය වගේ බාගෙට නාන්නේ නෑනේ.. හිතේ හැටියට නා ගත්තා යන්න යන්න ගඳයා නාගන්න.. “

” ගඳයා මන් කියන්නේ නෑ බොට.. “

ටවල් එකත් අරන් කුටු කුටු ගගා යන කේෂ් දිහා යුමී බැලුවේ ආදරෙන්.. කේෂ් නාන අතරේ කෑම ඕඩර් කලේ කේෂ්ට හරියට කෑමක් බඩට වැටුනේ නැතී නිසා..

ඒ ගමන් දීපිකාට අමායාට වගේම මනුජ එක්කත් කතා කරන්න යුමී අමතක කලේ නෑ.. ඊට පස්සේ කේෂ්ගේ ගෙදරත් කෝල් එකක් ගත්ත යුමී ඇඳ විට්ටමට හේත්තුවෙලා ඇස් දෙක පියා ගත්තේ සැන්සීමෙන්..

ඩෝ බෙල් එක වැදුන නිසා යුමීව ගැස්සිලා නැගිට්ටුනා.. කෑම අරන් වේටර් කෙනෙක් ඇවිල්ලා තිබ්බ නිසා කෙල්ල උඩින් ගවුමක් දාගෙන දොර ඇරලා කෑම ටිකත් අරන් දොර වහලා ඉඳ ගත්තේ ආයෙම නයිට් ඩ්‍රස් එක පිටින්මයි..

කේෂ් නාලා කොන්ඩේ අතින් පිහද පිහද ටවල් එකත් ඇඳගෙන එලියට ආවේ හැඩි දැඩි සිරුරුම වතුර බින්දු වැටිලා වෙනස්ම පෙනුමකින්..

” ඔය කට වහගන්න බබා.. “

කියලා යුමී ලඟට ගිහින් කෙටි ලිප් කිස් එකක් දුන්නේ යුමීගේ ඇස් දෙක ජිල් බෝල තරමට ලොකූ කරමින්..

” කොහොමද කොල්ලගේ ඇග.. “

” පුහ් වෙන නැත්තන් හොඳයි..හු.. “

” මේකීට මම.. “

එහෙම කියලා යුමීව ඇඳට පෙරලගත්ත කේෂ් යුමීගේ මූනට එබුනේ ආදරය රාගය පිරුනු මුහුනකින්..

” කන්න ගෙනාවා ඔයාට එහාට වෙන්නකෝ අනේ.. “

” බෑ එහාට වෙන්නේ නෑ. . “

” එහාට වෙන්නකෝ අප්පා.. “

” බෑ බෑ බෑ මගේ වෙනවද .. “

” මන් ඔයාගෙනේ අප්පා..බරයි එහාට වෙන්න.. “

යුමී කොහොම හරි කේෂ් එක්ක දඟලලා කේෂ්ව එහාට කරගත්තා..

” බබා කවන්නකෝ.. “

කේෂ් එහෙම කිව්වම යුමී ගෙන්න ගත්ත නූඩ්ල්ස් එක කවන්න ගත්තා..

” ඔයත් කන්න බබා.. “

” මට කන්න බෑ දැන්.. “

” එක කටක් මන් වෙනුවෙන්..”

එහෙම කිව්වම කේෂ් වෙනුවෙන් කටක් කාලා දෙන්නා එක්කම කාපු ඒවා අස් කරලා ඇඳට වැටුනේ මහන්සියෙන්..

යුමීව බදාගත්ත කේෂ් කිව්වේ..

” බබා මන් කලින්.. “

” ශූ අතීතේ වැඩක් නෑ මේ මොහොත විඳිමූ.. “

” ඒත් පන.. “

” ඒත් මේත් නෙවේ අන්තිම තීරනේ ඒක අතීත කතා කතාකරන්න බෑ.. “

” ම්ම්.. “

කේෂ් යුමීගේ මූණට බර වෙලා නලලේ ඉඳන් කිස් කරන්න ගත්තේ ආදරෙන්. .

” මගේ වෙනවද.. “

” ඔයාගෙනේ මම.. “

ඒ කටහඬවල් දෙකම ආදරය එක්ක මුසු වුන රාගයෙන් මත් වෙලා.. ඔවුන්ට දැන් කිසිම තහනමක් නෑ ඔවුන්ගේ ලෝක වල තනි වෙන්න.. නීතියෙන් අවසරය ලැබිලත් කේෂ් යුමීගෙන් මේ අවසර ඉල්ලන්නේ ගතිනුත් ඔහුගේම කරගන්න නේද.. ඒක තමයි කේෂ් ගේ ආදරය…

” බබා ලංකාවේදිම මගේම වෙනවද රට ගිහින් මගේ වෙනවද.. “

” මම ඉපදුනේ ලංකාවේ, හැමදේම පටන් ගත්තේ මේ ලංකාවේ, ඔයාව හම්බුනේ මෙහෙදී ඉතින් අපේ ලස්සනම මතකයටත් මෙහෙම වෙනවනම් මම කැමතී නිකේෂ්.. “

” ඔයා කැමතී එහෙමනම් ඒක එහෙම වෙයි.. ආදරෙයි මගේ වස්තුව ගොඩක්.. “

කියලා කේෂ් නලලින් පටන් ගත්ත සිප ගැන්ම ඉවර කලේ යුමී ගේ ලය මතින්.. එතනින් එහාට දෙන්නා ආදරේ බෙදාගත්තේ නව ජීවිතය තවත් ශක්තිමත් කරගනිමින්..

හීන් කෙඳිරිලි හඬවල් එක්ක , දෙදෙනාම ඒ සතුට විඳගත්තේ ආදරෙන්.. ආදරය සමඟ අනුරාගය පිරුනු පැය කිහිපයකට පස්සේ යුමී කේෂ්ගෙම වෙන්නේ නීතියෙන් වගේම ගතින් සියලුම හිමිකම් කේෂ්ට පවරම්න්..

මුලු කාමරය පුරාම විහිදුනේ දැඩි නිහඬ බවක් .. ඒ අතරින් ඇහුනේ කේෂ් ගෙත් යුමීගෙත් සුසුම් හඬවල්ම විතරයි…

කේෂ් යුමී දිහා ආදරෙන් බලන් ඉඳලා යුමීගේ ලයට ඔලුව තියා ගත්තෙ දෙදෙනාම උදේම ෆ්ලයිට් එකට යන්න නැගිටින්න ඕන නිසා..

පාන්දරම එලාම් එකට කේෂ්ට ඇහැරුනාම කේෂ් බැලුවේ හා පැටියෙක් වගේ කේෂ්ට තුරුල් වෙලා නිදාගෙන ඉන්න යුමීව.. කිස් එකක් දීලා යුමීව ඇහැරෙව්වේ ඉක්මනට ලෑස්තී වෙලා එයාපෝට් එකට යන්න ඕනේ නිසා.. යුමීගේ ඇඟට දැනුන අමාරුව එක්කම යුමී ඇහැරුනේ කේෂ් දිහා බලමින්..

කේෂ් ඇඳෙන් බිමට බැහැලා ඇඳ දිහා බලලා එක පාරටම..

” සයුමි නැගිටින්න.. “

කියලා යුමී ඇඳෙන් නැගිට්ටවලා රෙදි එහා මෙහා කරලා මොනවද හෙව්වා.. යුමී කේෂ්ගේ උරහිසට අත තියලා ඇහුව්වේ,

” මොනවද හොයන්නේ මහත්තයෝ.. “

එක පාරටම යුමී හිතුවෙවත් නැතී විදිටට කේෂ් යුමීගේ බෙල්ලෙන් අල්ලලා ඇහුව්වේ..

” කෝ කියනවා ඒක.. “

එහෙම කිව්වමයි ‍යුමී ඇඳ දිහා බැලුවේ.. අවුරුදු 24ක් පුරාවට රැක ගත්ත ඒ සලකුණ නෑ කියලා දැක්කම යුමීගේ ඔලුවේ ඉඳන් දාඩිය දාන්න් ගත්තේ කිසිම දවසක වෙන කොල්ලෙක්ගේ ලඟටවත් ගිහින් නැතී නිසා.. ඊටත් වඩා කේෂ් මෙහෙම හැසිරෙන එක ගැන යුමීගේ හිතට දැනුනේ දුකක්.. යුමීගේ ඇස් වලින් ඔහේ කඳුලු ගලාගෙන ගියේ වචනයක්වත් කතා නොකර ගොලුවෙමින්..

” කියනවා සයුමී.. කිව්වා නේද ඩිශානයා එක්ක ගියේ නෑ කියලා.. ඇයි මට බොරු කලේ.. ආ කියනවා සයුමී…. කාගේන්ද මේක වුනේ ……..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

👉 මොනවද වෙන්නේ බබාලා මේ.. බෝම්බ් .. 💣

👉 සඳුදාට බලමූ මොකක්ද මේ වෙන්නේ කියලා.. එතකන් ඉතින් ඔයාලා හිත හිත ඉන්නකෝ… හී..


➡️➡️ හමුවෙමු තවත් කොටසකින්

#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

අද කතාව කොහොමද ?
+1
3
+1
91
+1
8
+1
3
+1
12
+1
3
+1
26

28 COMMENTS

  1. Just wish to say your article is as astonishing. The clarity
    in your post is simply excellent and that i can suppose you’re
    a professional on this subject. Fine with your permission let me to clutch your RSS feed to
    keep up to date with impending post. Thanks one million and please
    continue the enjoyable work.

    Look into my website; CBD for dogs

  2. When I originally commented I clicked the “Notify me when new comments are added” checkbox and now each time a
    comment is added I get several emails with the same comment.
    Is there any way you can remove me from that service?
    Thank you! 0mniartist asmr

  3. I’m really inspired with your writing abilities and also
    with the structure for your blog. Is that this a paid
    topic or did you modify it your self? Either way keep
    up the excellent quality writing, it is uncommon to peer a
    nice blog like this one today..

  4. You can definitely see your skills in the article you write.
    The world hopes for even more passionate writers like you
    who are not afraid to say how they believe. Always follow your heart.

  5. Hi are using WordPress for your blog platform? I’m new to the blog world but
    I’m trying to get started and create my own. Do you require any html coding knowledge to make your own blog?

    Any help would be really appreciated!

  6. I enjoy what you guys tend to be up too. This kind of
    clever work and reporting! Keep up the superb works guys I’ve incorporated you
    guys to my personal blogroll.

  7. scoliosis
    Excellent blog here! Also your site loads up very fast!
    What web host are you using? Can I get your affiliate link to your host?
    I wish my site loaded up as quickly as yours lol scoliosis

  8. Hi are using WordPress for your site platform?
    I’m new to the blog world but I’m trying to get started and create my
    own. Do you need any html coding expertise to make your own blog?
    Any help would be really appreciated!

  9. First of all I would like to say terrific blog! I had a quick question which I’d like to ask if you don’t mind.
    I was interested to know how you center yourself and clear your mind before
    writing. I’ve had difficulty clearing my thoughts in getting my
    thoughts out there. I truly do take pleasure in writing
    but it just seems like the first 10 to 15 minutes are usually lost just trying to figure out how to begin. Any recommendations or hints?

    Appreciate it!

  10. Thanks for any other informative site. The place else may I get that type of information written in such a perfect means?
    I have a challenge that I am simply now running
    on, and I have been at the glance out for such info.

  11. Appreciating the time and energy you put into your site and in depth information you present.

    It’s good to come across a blog every once in a while that isn’t the same unwanted rehashed information. Excellent read!

    I’ve bookmarked your site and I’m including your
    RSS feeds to my Google account.

  12. Thanks , I have just been searching for info about this subject for ages and yours is the greatest I’ve discovered
    so far. But, what concerning the conclusion? Are you certain concerning
    the supply?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here