මගේ දෙවන මනමාලයා ඔහුයි – 53 කොටස

1
994

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

53 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆

👉 මගේ කේෂ් කොලුවට බැනපූ ඈයෝ මේ කොනට වුනානම්… 👉👉👉

” කියනවා සයුමී.. කිව්වා නේද ඩිශානයා එක්ක ගියේ නෑ කියලා.. ඇයි මට බොරු කලේ.. ආ කියනවා සයුමී…. කාගෙන්ද මේක වුනේ කියලා මම අහයි කියලා හිතුවද මැට්ටී… හා හා.. “

කේෂ් එහෙම කියලා මහා හයියෙන් හිනා වුනේ මෙච්චර වෙලා මූනෙන් හදාගෙන හිටිය නපුරු කම ඉවත් කරගනිමින්.. යුමී තාමත් ඇඳ දිහා බලාගෙන කම්පනයෙන් වගේ ඉකී ගහ ගහ අඬන්න ගත්තේ මහ හයියෙන්..

” ඒ වස්තූ කැටේ මොකද මේ මම ඔයාව පොඩ්ඩක් අවුස්සන්න ජෝක් එකක් කලේ මැණික.. ඒ අඬන්න එපා බබා.. “

” ඒක ඒක… “

කිය කිය කෙල්ල හොඳටම අඬන්න ගත්තා කේෂ් හිතුවේ නෑ මේ විහිලුව මේ තරම් දුර යයි කියලා…

” ඒයි මැණික ඔයා මෙච්චර අඬනවද දෙයියනේ මන් විහිලුවක් කලේ. . “

” ඔයා විහිලු කලේ මගේ අවුරුදු ගානක් රැකගෙන ආව ආත්මගරුත්වෙට අයියේ.. ඒක එහෙම වෙන්න බෑ දෙයියනේ මන් කාත් එක්කවත් එහෙම ඉඳලා නෑ..”

කියලා යුමී කේෂ් ගේ අත් දෙක ගසලා දාලා මුලු ඇඳම එහෙට මෙහෙට පෙරලුවේ උමතුවෙන් වගේ.. කේෂ් ටික වෙලාවක් මේ දිහා බලන් ඉඳලා..

” මැණික මැණික.. “

කේෂ් කිව්වේ කලබලෙන්.. කියලා කෙල්ලගේ අත් දෙකෙන් අල්ලලා ඇදලා අරන් තුරුල් කරගත්තත් යුමී උමතු එකියක් වගේ කේෂ්ගේ පපුවට ගහගෙන ගහගෙන ගියා..

” ශූ මැණික මේ අහන්න.. කෝ ශූ… “

යුමී ඒත් හුස්ම ගන්නෙවත් නැතිව ඉකිගහ ගහ අඬනවා..

” සයුමී නවත්තනවා ඔය ඇඬිල්ල.. “

කේෂ් බැරිම තැන සද්දයක් දැම්මේ යුමී කේෂ් සද්දයක් දැම්මමා අඬන එක නවත්තනවා කියලා අත්දැකීමෙන්ම දන්න නිසා…

” ශූ මන් කියන දේ අහන්න වස්තූ කැටේ.. “

එහෙම කිව්වම සයුමී අඬන එක හිමින් අඩු කලා..

” ඒක එහෙම වෙන්න බෑ අයියේ.. මම එහෙම නෑ.. “

කියලා ආයේ අඬන්න ගන්නකොට කේෂ් කලේ කෙල්ලව ඇදලා අරන් ලිප් කිස් එකක් දුන්න එක.. විනාඩී ගානක් එහෙම ඉන්නකොට කේෂ්ට පුලුවන් වුනා යුමීව සන්සුන් කරගන්න..

හිමින් කේෂ් යුමීව ඈත් කරලා පපුවට ලන් කරගත්තේ ආදරෙන්..

” මගේ මැණික මන් කියන ටික අඬන්නේ නැතුව අහගෙන ඉන්න ඕනේ.. “

” ම්ම්.. “

යුමී සෑහෙන්න නිහඬ වෙලා..

” බබා ඔක්කොටම කලින් කියන්න මන් එහෙම කියනකොට ඇයි මට අනිත් පැත්තට බැන්නේ නැත්තේ.. තොට ගෑනු ගොඩක් එක්ක යන්න පුලුවන්නම් මගේ මේ පැල්ලම හොයන්නේ මොකටද කියලා.. “

” මට එහෙම අහන්න හිතුනේ නෑ.. මොකද මම ඒ හැම දේම දැනගෙන ඔයාව මැරී කලේ ඒත් මේ දේ.. “

කියලා යුමී ආයේ අඬන්න ගත්තා…

” ශූ අඬන්නේ නැතුව අහන්නකෝ මැණික.. මන් ආදරෙයි ඔයාට පැලෙන්න.. මේ ලේ පැල්ලම මන් බලයි කියලා හිතනවද පණ.. “

යුමී නෑ කියන්න වගේ ඔලුව වැනුනා..

” මට ඒක ගැන නම් කිසිම ගානක් නෑ බබා.. අනික මන් එහෙම කිව්වේ ජෝක් එකට.. තව දෙයක් ඔයා කවදා ඉඳලාද ඔය විදියට ඕවා ගැන හිතන්න ගත්තේ.. “

” ලොකූ ලමයෙක් වුන දවසේ ඉඳන් අයියේ.. මන් කොච්චර ශෝෂල් චරිතයක් වුනත් අපේ අම්මී මට කියලා දීලා තිබ්බ දේවල් වලට පිටින් මන් කවදාවත් ගිහින් නෑ අයියේ.. “

” ම්ම්.. ඒක ලංකාවේ සංස්කෘතිය කියලා මිනිස්සූ ඔලුවෙන් මවා ගත්ත දෙයක් බබා.. ඒත් ඔයා ඉගෙන ගත්ත කෙනෙක් විදියට ඕක බයිසිකල් පැද්දම, ක්‍රීඩා කලාම නැති වෙන්න පුලුවන් දෙයක්.. අනික පිරිමින්ට ඔය කියන ජාතියේ ලේ පැල්ලමක් මැව්වනම් ඔයාට වඩා අද මම ෆේල් බබා.. ඒ නිසා ඕක ගැන හිතන්න එපා.. ආයේ අඬන්නත් එපා.. මන් ඔයා කව්ද කියන්න හොඳටම දන්නවා.. “

” ඒත් අයියේ.. “

” ඒත් මේත් නෙවේ.. අනික ඔයා දන්නවද ඔය දේ පලවෙනි එකතුවීමෙන් නොවෙන අය කී දෙනෙක් ඉන්නවද දෙවනි එකතු වීමෙන් තමා ඒ දේ වෙන්නේ.. , එතකොට ඔය කියන ජාතියේ පිරිසිඳු කම උපතින්ම නැතී කී දෙනෙක් ඉන්නවද.. ඒ අයට මොකක්ද දෙන උත්තරේ ඔයා ඔය කියන දේට.. අනික බබා පිරිසිඳු වෙන්න ඕනේ ඒක නෙවේ.. මෙන්න මේ හදවත.. “

කේෂ් එහෙම කියලා යුමීගේ පපුවට ඔලුව තියා ගත්තේ ආදරෙන්..

” ඒ හදවත මගේ කෙල්ලගේ පට්ට පිරිසිඳුයි කියන්න මම දන්නවා බබා.. ඒ නිසා ඔය මගුල් ගැන ඔයා පොඩ්ඩක්වත් හිතන්න එපා.. මේ ලස්සන දවස අපි විඳිමූ.. “

” ඒත් මෙහෙම වුනේ කොහොමද කියන එකයි මට අවුල අයියේ.. “

” ඒකට මොනා හරී හේතුවක් ඇතී බබා.. ඒකයි මන් කිව්වේ හිතන්න එපා.. ඕවා ඕනවට වඩා හිතන්න ඕන දේවල් නෙවේ..”

” මට දුකයි අයියේ ඒ වුනාට.. “

” දුක් වෙන්න එපා වස්තූ කැටේ.. ඔයා දිගටම අවුලෙන් හිටියොත් මටත් කේන්තී ගිහින් අපේ මුලු ප්ලෑන් එකම අවුල් යයි.. කෝ දැන් හිනා වෙන්න.. ස්මයිල් මයි ඩාලිං කූනිච්චී .. “

කියලා කේෂ් යුමීගේ කට දෙපැත්තෙන් අල්ලලා නහය මිරිකලා තුරුලු කරගෙන නලලට කිස් එකක් දුන්නා..

” යමූ නාන්න.. ෆ්ලයිට් එකට පරක්කු වෙනවා.. “

කියලා කේෂ් යුමීව හරහට වඩා ගත්තා..

” අනේ බිමින් තියන්නකො අප්පා.. “

සූස් සූස් කිය කිය අඬලා හෙම්බිරිස්සාව හැදුන කටහඬින් යුමී කකුල් හොලව හොලව එහෙම කිව්වත් කේෂ් නෙවේ සතපහකට ගනන් ගත්තේ.. ගිහින් බාත් ටබ් එකට යුමීව හිමින් තියලා කේෂ් ටබ් එකට බැස්සේ මනමාල තාලෙට මූණ හදාගෙන..

” අනේ යන්න එහාට.. “

කේෂ් යුමීව ඇදලා අරන් කිස් කරන්න යනකොට කේෂ්ව තල්ලූ කරපු යුමී ටබ් එකෙන් බහින්න යනකොට කේෂ් ඇදලා අරන් යුමීව පපුව උඩින් තියා ගත්තේ.. යුමීගේ නයිට් ඩ්‍රස් එක හිමීට ගලවලා එලියට විසික් කරපු කොල්ලා වතුරෙම යුමීව තමන්ගේ ඇඟට හේත්තූ කරගෙන කන් පෙතී සිප ගන්න ගමන් කිව්වේ,

” අහන්නකෝ සුදු නෝනා ඔයාට මම දැන් කිව්වා ඕක අමතක කරන්න කියලා.. හුම්ම්.. මගේ කෙල්ල ඔහොම නිකන් මූණ තැලිච්ච තක්කාලී ගෙඩියක් කරගෙන ඉන්නකොට මම කොහොමද සතුටින් ඉන්නේ අනික අප්පා ඔය රෙද්ද නැතී වුනා කියලා මොකක්ද වෙන අඩුපාඩුව.. “

” ඔයා එහෙම කිව්වට ඒක ඕනම කෙල්ලෙක්ගේ හීනයක් අයියේ.. තමන් ආදරේ කරන කෙනාගේ වෙන දවසේ ඒ දේ ඒ විදියට තියෙන්න ඕනේ කියන මතේ නිසා තමයි අවුරුදු ගානක් ඒක පරිස්සම් කරගන්නේ.. ඒක එච්චර පරිස්සම් කරලත් එදාට ඒක වුනේ නෑ කියන්නේ ඒක ලොකූ වේදනාවක්.. “

” ඕක මහා මනස්ගාතයක් බබා.. පිටරටවල් වල ඔය මුකුත් නෑ.. ඔයා ඔය විකාර හිතන ගෑණීයෙක්නම් මගේ එක්ක ඔයාට ඉන්න බෑනේ.. මම එහෙනම් ගෑනූ කීදෙනෙක් එක්ක ගිහින් තියෙනවද.. නොන්සන්ස්.. “

” ඔයා කොල්ලෙක් මම කෙල්ලෙක්නේ අයියෙ.. “

” අන්න ඕක තමා බබා ලංකාවේ තියන වැරදිම අදහස.. අයි හේට් ඉට්.. මොකද කොල්ලෙක්ට ඕන දෙයක් ඕකේ කෙල්ලෙක් එහෙම කරොත් වැරදී.. මාර නීතියක්නේ.. කොල්ලෙක් ගෑණූ සීයක් එක්ක නිදියගත්තට කමක් නෑ.. හැබැයි ගෑණීයෙක් ට එහෙම බෑ එහෙම නිදියල එන පිරිමින්ව බාර ගන්න ගෑණූ ඉන්න ඕනේ හොඳට.. මොකක් ද මේ විකාරේ.. අනික බබා මම කොල්ලෙක් ඔයා කෙල්ලෙක් කියලා හිතන්න එපා මම ඉපදුනෙත් අම්මා කෙනෙක්ගේ බඩින් ඔයත් එහෙමයි.. එතකොට ඔයාට අත් දෙකක් කකුල් දෙකක් තියෙනවා මටත් එහෙමයි..එතකොට මොකක්ද මේ බෙදිල්ල.. එක එකාට එක එක නීතී.. “

” ඔයා එහෙම කිව්වට අපි ඉන්න සමාජේ ඒක අයියේ.. යුරෝප් රටවල් වල නීතී මෙහේ නෑනේ.. අපේ රට සංස්කෘතිකට යන රටක්..”

” රෙද්ද තමා ගෑණීයෙක්ගේ පිරිසිඳු කම මනින එකේදී විතරක් ඔය කියන ජාතියේ සංස්කෘතිය තිබ්බනම් ඇතී.. අනිත් තැන් වලදී ගෑණුන්ව පල්ලෙහාටම දාලා.. ඉතින් ඔය කියන ජාතියේ සංස්කෘතිය පිරිමින්ටත් තියෙන්න එපැයි.. අපේ රටේ වෙන තරමක් වෙන්නේ අසාධාරණකම් ගෑණූන්ට.. ඒක මහ පහත් වැඩක් බබා.. එහෙමනම් පිරිමින්ටත් හදන්න තිබ්බා ඔය කියන ජාතියේ පැල්ලම.. විකාර.. “

කේෂ් ඒ ටික කිව්වේනම් කේන්තීයෙන්..

” ඔයා කේන්තී ගන්න එපා අයියේ.. මන් ශොක් වුනා ඒකයි.. දැන් ඒක හරී.. මම වැරදී නෑ කියන්න මම දන්නවනේ.. “

යුමීට හිටපූ විදියට එන්න ටික වෙලාවක් ගියා..

” අනික තව දෙයක් බබා.. “

” ම්ම්.. මොකක්ද අයියේ.. “

” මිනිස්සූ මොනා හරී හිතයි, අපෝ අපේ ලංකාවේ ඔහොම කරන්න බෑ.. ඒවා මගේ එක්ක ජීවත් වෙනකොට හිතන්නම එපා සහා මට කියන්නත් එපා.. මොකද අපි හම්බකරගන්න ඒවගෙන්නම් අපි කන්නේ කාටවත් වේදනාවක් නෑනේ අපි මොනවා කලත්.. ඔයාට ඕන දෙයක් , ඕන ෆැශන් එකක් කියන්න මන් කරන්න දෙනවා.. ඒ කිසිම තැනකදි අරයා මොනා හරී හිතයිද මෙයා මොනා හරී හිතයිද කියලා හිතලා වැඩ කරන්න එපා.. අපී සමාජේට බම්බූ ගහගන්න කියලා අපේ පාඩුවේ ජීවත් වෙමු.. අනික් උන් කියන කිසි දෙයක් මට වැඩක් නෑ.. “

කේෂ් එහෙම කියලා යුමීව තවත් තද කරලා වැලඳගත්තා..

” ම්ම්. . ඔයා කියන දේ නම් ඇත්ත.. “

” අපේ අතින් සමාජෙට ප්‍රශ්නයක් වෙන්නේ නැත්තනම් කාටවත් ප්‍රශ්නයක් නෑනේ.. අපි මොකටද එයාලට ඕන විදියට ජීවත් වෙන්නේ.. නෝ එහෙම වෙන්න ඕනේ නෑ.. ඕකේ ද බබා.. “

” ඕකේ ඕකේ.. මේ මහත්තයෝ දැන් කෝලම් කර කර ඉඳලා යන්න පරක්කූ වෙනවා..කෝ ඉක්මනට යමූ..”

දෙන්නා එක්කම බාත් ටබ් එකෙන් නාගෙන බාත් රොබ් එකත් ඇඳගෙන එලියට ආවේ සැහැල්ලුවෙන්..

යුමී කොන්ඩේ බැඳගෙන ආව ටවල් එක ගලවලා කොන්ඩේ පිහදලා හෙයාඩ්‍රයර් එක අල්ලන්න යනකොට කේෂ්,

” බබා කෝ දෙන්න මන් අල්ලන්නම්.. “

” ඔයාට දන්නවද..? “

” හැමදේම කරන්න දැන ගන්න ඕනේ නෑනේ කෝ දෙන්නකෝ..”

කියලා ඩ්‍රයර් එක හිම්න් පරිස්සමට යුමීගේ ඔලුවට වැඩිය රස්නේ වදින්නේ නැතී වෙන්න ඇල්ලුවේ ආදරෙන්..

යුමී කේෂ්ගේ මේ ආදරණීය වැඩ දිහා බලාගෙන හිටියේ කණ්නාඩියෙන්.. කොන්ඩේ වෙලීලා ඉවර වුනාම කේෂ් ඇහුව්වේ..

” කොහොමද කොල්ලා ගේ වැඩ.. “

” ම්ම්.. සුපර් ආ.. “

කියලා යුමී ඇඟිල්ලක් දික් කරලා පෙන්නුවේ එල කියන්න වගේ ඇස් කරකවමින්..

” ඔයා ලෑස්තී වෙන්න මහත්තයෝ.. “

යුමී එහෙම කිව්වත් .. යුමී එක්ක කන්නාඩිය ලඟ ඉඳලා ෆොටෝ ගොඩක් ගත්තේ එක එක කෝලම් කරමින්..

” අම්මො ෆොටෝ පිස්සෙක් වෙලා මේ කොල්ලා.. “

” එහෙම තමා ආයෙත් අහලා..”

කේෂ් ඇහැකුත් ගහලා අමුතුම ඇක්ශන් එකක් දාලා කිව්වේ යුමීගේ කම්මුලක් සිප ගන්න ගමන්..

දෙන්නා එක්ක ඉක්මනට ලෑස්තී වුනේ එකම පාට ඇඳුම් වලින්.. කේෂ් ලස්සන නිල් පාට ඩෙනිම් කලිමකට සුදු අත් දිග ශර්ට් එකක් ඇන්දේ සුදු සපත්තු දෙකකුත් දාමින්.. යුමීත් ඒ විදියටම සුදු පාට ඕෆ් ශෝල්ඩර් බ්ලවුස් එකට කොට ටයිඩ් ස්කර්ට් එකක් ඇඳලා කොන්ඩේ අමුතුම තාලෙකට සයිඩ් එකට පිරලා කට්ටක් ගැහුව්වේ ඉක්මනින්.. අන්තිමට ඕඩික්ලෝන් ටිකක් දාගන්න යුමී අමතක කලේ නෑ..

” බබා මටත් ඕනේ ඔඩික්ලෝන් ටිකක්..”

” එන්න මෙතනට.. “

ඩ්‍රෙසිං ටේබල් එකේ පුටුවේ ඉන්දවලා කේෂ්ගේ ඔලුවට ඕඩික්ලෝන් ටිකක් දාලා හිමින් අත ගානකොට කේෂ් ලාවට නිරාවරණය වෙලා තියෙන යුමියේ බඩට ඔලුව තියාගත්තේ සනීපෙට ඇස් දෙක වහමින්..

” අම්මෝ බබා මාර සනීපයි.. “

” සනීපයි තමා කෝ කෝ දැන් ඇතී යමූ පරක්කූ වෙනවා නේද.. “

කේෂ්ට එහෙම කිව්වමයි වෙලාව බලන්න මතක් වුනේ..

” අම්මෝ බබා හොඳටම පරක්කූයි හරිනම් දැන් අපී බෝඩ් වෙන්නත් වෙලාව .. යමූ යමු.. “

” ඒකනේ කිව්වේ මෙයාගේ කෝලම් නිසා තමා පරක්කූ වුනේ.. “

” ආ මම ද දැන් වැරදී.. “

” නැත්තන් මම ද.. “

” අම්මෝ මේ පස්සේ වලී අල්ලමු දැන් යමුද නොනා.. “

කේෂ් එහෙම කියලා ලැගේජ් දෙකම අරන් ඉස්සර වුනත් ආයෙම දොර ලඟට ගිහින් හිටගෙන එක පාරටම හැරිලා.. යුමීව බදාගෙන කිස් එකක් දුන්නේ ආදරෙන් ..

” අම්මෝ මේකී ලඟ සුවද.. හපලා දාන්න හිතෙන්නේ.. “

” මන් කියන්නේ දැන් මේ එක පාරට මෙයාට පිස්සු හැදෙනවද කොහෙද කෝලම.. මේ පරක්කූ වෙලා දැන් මේ යන්න හැදුවා නේද..ඔයාගේ බාප්පාගේ ෆ්ලයිට් එක නෙවේ මේක.. සෝ දැන් වත් යමූ ද මහත්තයා සුවඳ බැලුවා ඇතී නම්..”

කේෂ් යුමී දිහා බලලා ඇහැක් ගහලා එතන තියන බෙල් එක ප්‍රෙස් කලාම සේවකයෙක් ඇවිල්ලා දෙන්නාගෙම ලැගේජස් දෙක අරගෙන ගියා.. කේෂ් මොහොතකටවත් යුමීව තමන් ලඟින් ඈත් කරන්න කැමතී වුනේ නෑ.. ඒ නිසා යුමීගේ කර වටෙන් අත දාගෙන ලිෆ්ට් එකේ යනකන්ම කෝලම් කර කරයි කාර් එක ලඟට ආවේ..

කාර් එකේ ඉඳගෙනත් යුමීගෙන් ඈත් වුනේ නම් නෑ..

” අම්මේ මට මතක් වෙන්නේ මේකීව මනුජලාගේ හනීමූන් එකට යනකොට එක්කන් යන්න තිබ්බ අමාරුව.. “

කේෂ් එයාපෝට් එකට අඩිය තියපූ ගමන් එහෙම කිව්වේ හිනැහෙම්න්..

” ඒකනේ බලන්නකෝ ඒ කාලේ මට ඔයාව පෙන්නන්න බෑ.. ඒත් දැන් ඔයා නැතුව මට හුස්ම ගන්නත් බෑ… කාලය මවන වෙනසනේ නේද මහත්තයෝ .. “

” ම්ම්.. ඒක ඇත්ත.. දැන් ඉතින් දුවලා යමූ ද.. අන්න එනවුන්ස් කරන්නේ අපේ ෆ්ලයිට් එක.. කට්ටියට ඉඳගන්න කියලා කියනවා.. යමූ..”

යුමීවත් ඇදගෙන කේෂ් දුවලා ගියේ කවුන්ටර් එක ලඟට.. ඒ යනකොටත් ෆ්ලයිට් එක යන්න හැම දේම සූදානම්.. කේෂ්ට බයත් හිතුනා.. ඒත් එක්කම කෝල් එකක් ආව නිසා කේෂ් ගේ ගමන නැවතුනා… කෝල් එක ආවේ…

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

👉 කෝල් එක ආවේ කාගෙන්ද? 🤔

👉 ගමන යන්න බැරි වෙයිද මන්දා … 👉👉

➡️ කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ බලන්න ගින්දර වගේ.. ➡

➡️➡️ හමුවෙමු තවත් කොටසකින්

#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

අද කතාව කොහොමද ?
+1
5
+1
109
+1
3
+1
12
+1
3
+1
0
+1
2

1 COMMENT

  1. හයියූ යන්න බැරි උනොත්😔😔 බාල්දිමනෙ දෙන්නෙ😢 ලස්සනයි අක්කි❤️😘

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here