මගේ දෙවනි මනමාලයා ඔහුයි – 54 කොටස

0
793

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

54 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆

යුමීවත් ඇදගෙන කේෂ් දුවලා ගියේ කවුන්ටර් එක ලඟට.. ඒ යනකොටත් ෆ්ලයිට් එක යන්න හැම දේම සූදානම්.. කේෂ්ට බයත් හිතුනා.. ඒත් එක්කම කෝල් එකක් ආව නිසා කේෂ් ගේ ගමන නැවතුනා… කෝල් එක ආවේ මනුජගෙන්.. ඒත් කේෂ් කෝල් එක කට් කරලා යුමීවත් අතින් අල්ලගෙන කවුන්ටර් එකෙන් හැම දේම කරගෙන ඉවර වෙලා ෆ්ලයිට් එකට යන තැනට ගියේ බයෙන් වුනත් පිරිසක් තවත් ෆ්ලයිට් එකට යන්න හිටිය නිසා දෙන්නාගෙම හිත් වල තියෙන බය නැතී වුනා…

” අම්මෝ මහන්සී බබා.. “

කියලා කේෂ් යුමීගේ මූණ දිහා බැලුවේ මහන්සියෙන්.. යුමීගෙත් දුවගෙන ආව නිසා මූනේ දාඩිය තිබුනා.. කේෂ් වෙන් කරලා තිබ්බේ ෆස්ට් ක්ලාස් ටිකට් එකක් නිසා දෙන්නාටම වෙන් වුන රූම් එකක් වගේ තැනකටයි කේෂ් යුමීව එක්කගෙන ගියේ.. මොකද කේෂ්ට ඕනේ වුනා මේ ගමන යුමීව උපරිම සුව පහසුව ගෙනියන්න..

” අනේ වාව් කේෂ්.. “

කියලා කෙල්ල වටේම බැලුවේ ආසාවෙන්..

” ආසයි ද මැණික.. “

කියලා කේෂ් යුමීව ඇදලා අරන් පිටිපස්සෙන් වැලඳ ගත්තේ ආදරෙන්..

” මෙහෙම වියදම් කරන්න එපා මහත්තයෝ .. “

” මේවා මේ කාලේ කරන්නේ නැතුව කවදා කරන්නද සුදු නෝනා.. මේ ජීවිතේ සල්ලී තියෙනකන් විඳින්න ඕනේ.. සල්ලී කවදා කොහොම නැති වෙයිද, තියෙයිද මම දන්නේ නෑ.. ඒත් මට තියෙන නිසා අද දවසේ ඔයාව මම උපරිම සැපෙන් තියනවා.. මට ඕනේ මේ මොහොත විඳින්න.. “

” ඒක හරී ඒත්.. “

” අනේ ප්ලීස් බබා පස්සේ ඉතුරු කරමු දැන් මේ දවස විඳිමූ.. “

එහෙම කියලා ඇඳක් වගේ තිබ්බ තැනින් කේෂ් යුමී එක්කම ඉඳගත්තේ ආදරෙන්..

” ම්ම්.. තව මොනවා කරලාද මන්දා මෙයා.. “

” ඒවා පස්සේ බලාගන්න පුලුවන්.. “

” අයියාගෙන් කෝල් එකක් ආවා නේද බබා.. “

” අම්මෝ මට එන කෝල් වලට රබර් ඇහැ දාගෙන ඉන්නවා නේද ? “

” එහෙම තමයි ඇයි එපාද.. “

” අම්මේ හා හා.. ඉන්න මන් ගන්න මනුවට.. “

එහෙම කියලා කේෂ් මනුජට කෝල් එකක් ගත්තේ ඔන්ලයින්.. ෆ්ලයිට් එකේ වයිෆයි කනෙක්ට් කරලා තියෙන නිසා කේෂ්ට ඒක පහසු වුනා..

” අඩෝ මනුවා උඹ කෝල් එකක් අරගත්තා නේද.. “

” ඔව් බන්.. “

මනුජ කතා කලේ සුපුරුදු දඟකාර කමින් නම් නෙවේ.. අවුට්සවුන්ඩ් දාලා කතා කරපූ නිසා යුමීටත් මේ කතාව ඇහුනා..

” මොකෝ උඹ නිකන් අවුලෙන් වගේ.. “

කේෂ් යුමීටත් ඇහි බමක් උස්සන ගමන් ඇහුව්වේ පුදුමෙන්..

” අඩේ නෑ බන් මන් මේ ඩ්‍රයිව් කරන ගමන් හිටියේ .. පොඩ්ඩක් හිටහන්.. “

යුමී කේෂ් ගෙන් හොරෙන් වගේ ඇහුව්වේ..

” මේ වෙලාවේ මොන ඩ්‍රයිව්ද නිකේෂ් මේ මහා පාන්දර.. මොකක් හරී අවුලක් තියෙනවා.. “

” ආ කියහන්.. කෝ අපේ නෑනා.. “

” නෑනා ඉන්නවා ඉන්නවා.. උඹ මේක කියහන්කෝ උඹට මේ මහා පාන්දර යන්න තියෙන ගමන මොකක්ද? .. “

” නෑ බන් මේ අමායාගේ රිපෝට් ටික ගන්න හොස්පිට්ල් එකට ගියා ගයානයා එන්න කියලා.. “

” අනේ දෙයියනේ අයියා අක්කට මොකද. . “

කිසිම දෙයක් කියන්න මත්තෙන් යුමී කලබල වෙලත් අවසන්..

” ශූ ඔයා ඔහොම කෑ ගහන්න එපා බබා.. ඒ බන් මොකටද අමායට රිපෝට් .. මම මුකුත් දන්නේ නෑනේ.. “

” නෑ බන් උඹලාගේ වෙඩින් එකට එන්න කලින් ටිකක් අසනීප වුනා එයාට ඇලජී තියෙනවනේ.. ඉතින් කලින් දවසේ සී ෆුඩ් කෑවනේ ඒකේ ඉස්සෝ මන් එපා කියද්දි අයින් කරලා කෑවා ආසාවට ඒත් එවලේ ගෑවිලා හරී තියෙනවා ඒ නිසා උදේ වමනේ ගියා.. එවලේ ගයානයා හිටියා නිසා ප්‍රෙග්නන්සී ටෙස්ට් එකයි , තව බ්ලඩ් ටෙස්ට් වගයකුයි කලා ඒවගේ රිපෝට් ගන්න අද උදේම එන්න කිව්වා හවස ඌට වැඩක් කියලා.. මන් මේ එකට ගිහින් එන ගමන්.. “

” ආ.. දැන් මොකෝ තත්වේ බන්.. “

යුමීට සන්සුන් වෙන්න කියලා අතින් කියන ගමන් කේෂ් යුමීව ලන් කරගෙනම මනුජගෙන් ඇහුව්වේ ..

” අවුලක් නෑ බන්.. “

යුමීගේ හිතට නම් දැනුනේ මොනවම හරී දෙයක් තියෙනවා කියලා..

” උඹ අවුලෙන් කියලයි අපිට තේරෙන්නේ.. “

” මන් කොහොමද උඹලට කියන්නේ මේ වෙනකොට අමායා ඉන්නේ හොස්පිට්ල් එකේ කියලා.. අමාට පොරොන්දු නොවුනනම් මන් උඹලට මෙහෙම බොරූ කියන්නේ නෑ.. “

මනුජ එහෙම හිතන ගමන් වාහනේ ස්ටියරින් වීල් එකට ගැහුව්වේ දුක මුසු කේන්තියෙන්. .

” හෙලෝ මනුවා.. ඇහෙන්නේ නැත්ද බන් උඹ ඇයි සද්දයක් නැත්තේ.. “

කේෂ්ගේ ඒ වචන ටික නිසයි කොල්ලා පියවී සිහියට ආවේ.. ඇස් වලින් වැටෙන කඳලු පිහදලා මනුජ කටහඬ හදාගෙන කතා කලා. .

” අහ් බන් මන් මේ වාහනේ පාක් කර ගත්තා අයිනකින්.. මන් හිතන්නේ කනෙක්ෂන් අවුලකුත් ආවා.. උඹලා දෙන්නා වෙලාවට එයාපෝට් ගියා ද බලන්න මම කෝල් එක ගත්තේ.. “

” පරක්කු වුනානේ බන් එන්න.. උඹට කියන්න උඹ ඒ කෝල් එක ගත්ත වෙලෙයි අපි දෙන්නා ෆ්ලයිට් එක ලඟට ආවේ.. මන් හිතන්නේ අපී එක්ක හිටිය ටික දෙනා තමයි අන්තීම සෙට් එක. . “

” උඹලගේ කෝලම් මන් දන්න නිසයි මන් කෝල් කලේ.. අපිටත් පට්ට අමාරුයි බන් .. “

” අයියේ අක්කා කෝ.. “

මනුජ යුමී ඒ ප්‍රශ්නේ අහනවා කියලා දන්න නිසාමයි කතාව වෙනස් කරන්න හැදුවේ ඒත් යුමී කැරකිලා එන්නේම අක්කා ගැන අහන්න.. එක ලේ තියන කෙනාට කොහොමත් දැනෙනවා අනිත් කෙනාට ප්‍රශ්නයක්නම්.. යුමීගෙයි අක්කාගෙයි බැඳීම ඊටත් එහා තැනකයි තිබ්බේ.. යුමීට අක්කා ගැන වගේම , අමායාට යුමී ගැන තිබ්බේ පුදුම ඉවක්.. ඉතින් ඒ බැඳීමනම් හරිම පුදුමයි වගේම ආදරණීයයි..

” අක්කා ගෙදර හොඳට නිදී.. “

” අයියේ මුකුත් ප්‍රශ්නයක් නෑනේද… “

” පිස්සුද බන් එහෙම අවුලක් නෑ.. මට මේ පට්ට නිදිමතයි ඒ නිසා උඹලට දැනෙනවා ඇතී එහෙම අවුලක් වගේ.. “

යුමීටනම් තියෙන්නෙ පට්ටම ඉවක්..

” එහෙනම් එච්චරයි .. මොනා හරී නම් මට කියන්න අයියේ.. “

” ඇයි උඹ ෆ්ලයිට් එකෙන් පැනලා එන්නද.. අනේ මේ නෑනෝ කේෂ් එක්ක සතුටින් ගමන ගිහින් එන්න.. “

හිත අමාරුවෙන් හදාගෙන බොරුවට මූණට හිනාවක් අරගෙන මනුජ කිව්වේ අමායට වුන පොරොන්දුව නිසා..

” හා හා අයියේ.. ඔයාගේ කටහඬ වෙනස් ඒකයි මන් එහෙම ඇහුව්වේ.. “

” එහෙම කිසි අවුලක් නෑ නෑනෝ. . “

” හා එහෙනම්.. අක්කීවත් මතක් කලා කියන්න.. අපි එහෙට ගියාම කියන්නම්.. “

” හරි එල.. නිකේෂයා අන්තිමට දුන්න ෆයිල් ටික සයින් කරලා කොහෙද තිබ්බේ.. “

” ආ ඒ ටික ගෙදර බන් මන් අම්මීට දිලා ආවා.. ඒත් උඹ අපේ දෙවනි දවස ඉවර වෙන්කන් වැඩට යන්න ඕනේ නෑ බන්.. මන් ඔක්කොම වැඩ හදලා තියෙන්නේ එතන.. “

” අහ් නෑ බන් එ ෆයිල් ටික දෙන්න ඕනේ අන්තිම ඩීල් එකේ කම්පැනි එකට.. ඒක දීලා උඹ කියනවනම් මන් ඉතින් ලීව් ගන්නම්..”

” හා හා එහෙම කරහන්.. මොනා හරි නම් කෝල් කරහන් හරී.. අමායව බලහන්.. මොනා හරි බෙහෙත් දෙන්න තියනවනම් ඒ ටික කරහන් පව් අමායා.. “

කේෂ් කිසිම දෙයක් නොදැන මෙහෙම කතා කරනකොට මනුජගේ හිතේ තියෙන තුවාලේ පැරුනේ මේ තරම් බැඳීමක් තියන අයට බොරුවක් කියන්න වුන නිසා..

” අනිවා බන්.. දැන් ඉතින් තව ටික දවසක් යනවා ඔය ලෙඩේ අඩු වෙන්න.. මන් බලාගන්නම් මෙහේ ඒවා.. උඹලා මුකුත් හිතන්නේ නැතුව ඔය ගමන පරිස්සමෙන් ගිහින් වරෙන්.. “

” හරී බන්.. එහෙනම් මනුවා අනිවා මොනා හරී තිබ්බොත් කියහන්.. බුදුසරණයි .. “

” එල මචන් බුදුසරණයි ..”

මනුජ ෆෝන් එක තියලා කල්පනා කලේ කේෂ්ගෙත් යුමීගෙත් මේ කතා ටික.. ඉවෙන් වගේ තේරුන විදිය ගැන මනුජට හිතා ගන්නවත් බැරි වුනා.. මනුජ කල්පනා කරන ගමන් වාහනේ පාරට දැම්මේ යුමී අමායගේ අසනීපේ ගැන දැන ගත්තොත් මොන විදියට හැසිරෙයිද කියලා හිතමින්.. ෆෝන් එකෙන් කතා කරනකොට මෙහෙම දැනුනම්.. මූණට හම්බෙලා කතා කරනකොට මේක කොහොම හංගන්නද කියලා මනුජට හිතා ගන්න බැරී වුනා..


” මහත්තයෝ .. “

” ම්ම්… කියන්න බබා.. “

” මට හිතෙනවා එහේ අවුලක් කියලා..”

” මටත් මුලින් එහෙම හිතුනා ඒත් දැන් එහෙම නෑ.. මනුවා කිව්වනේ සීන් එක.. “

” ඒත් අද අයියා කතා කලේ වෙනදා ටෝන් එකෙන් නෙවේ බබා. . අපිට නොකියන මොනව හරි දෙයක් තියෙනවා.. “

” ම්ම්.. එහෙම බොරුවක් කියන එකක් නෑ ඌ අපිට.. ඔයා ඕවා ඕනවට වඩා හිතන්නේ නැතුව ඉන්නකෝ.. “

” අක්කා කතා කරනකන් මට හිතට අවුල් බබා.. ඔයා දන්නවද ලේ පාටට වමනේ ගියේ මෙච්චර කාලෙකට අක්කට ඇලජී වුනාම ඔහොම වමනේ යන්නේ නෑ වමනේ ගියත් ඒ පාටට යන්නේ නෑ.. “

” සමහර වෙලාවට කලින් කෑව ඒවගේ පාට වෙන්න ඇතී බබා.. “

” අනේ මන්දා මට මාර අමුත්තක් දැනෙනවා.. “

” හරි ඉතින් අපි දැන් ගියාම අමාට කතා කරමු.. “

” ම්ම්.. එහෙම කරමු.. “

යුමීගේ හිත හරි හීමිට හදාගන්න කේෂ්ට පුලුවන් වුනා.. දෙන්නා කතා කර කර ඉන්නකොට එයාහොස්ටර් කෙනෙක් ඇවිල්ලා මොනවද ඕනේ අහලා යුමී ආසම කරන කෑම ගොඩක් ගෙනල්ලා දුන්නා.. ඒ අතර චොක්ලටුත් තිබ්බා..

” ඔන්න මගේ පෙරේතිට.. “

” අනේ තැන්කිව් මගේ ඩම්බෝ..”

” ඇතී තරමක් කාලා ඉතුරු එක බෑග් එකට දාගන්න.. “

” ඈ ගෙනියන්නත් පුලුවන්ද මරුනේ.. “

” ඔව් ඔව්.. කන්න බෑනේ ඔක්කොම ඔහොම.. “
” බැරි කමකුත් නෑ ඉතින්.. “

” අම්මේ ඔව් ඔව් ඉතින් බඩජාරීච්චීනේ මගේ.. “

කේෂ් එහෙම කියලා යුමීගේ නහය මිරිකුවේ ආදරෙන්..

” නහය මිරිකන්න එපා අප්පා හෙම්බා හැදෙනවා හුම්ම්. . “

යුමී චොක්ලට් කෑල්ලක් කන ගමන් කිව්වේ නහය උඩට අදින ගමන්..

පැය ගනනාවක ගමනින් පස්සේ දෙන්නා ආවේ බාලී නුගුරායි එයාපෝට් එකෙට.. ඇත්තටම එයාපෝට් එක පුදුම තරම් ලස්සන එකක් වුනා.. එක පැත්තක තනිකරම ස්වභාවික බව වැඩියෙන් පේන විදියට ගස් වවලා තිබ්බා දැක්කම යුමීට නම් සතුට දෙගුන වුනා..

කෙල්ල සතුටින් කේෂ්ගේ අතේ එල්ලීලා මුලු එයාපෝට් එක වටේම ඇවිද්දේ කේෂ් බෑ කියද්දිමයි..

” අයියෝ බබා තව බලන්න ගොඩක් ඒවා තියෙනවා.. එයාපෝට් එක එන ගමන් හරි බලන්න පුලුවන්නේ.. “

” බෑ බෑ මෙතනින් පටන් ගමූ.. “

” ඔයා නම්.. “

කොහොම හරී දෙන්නා එක්ක එලියට ආවම යුමීට දැනුනේ වෙනමම ලෝකෙක ඉන්නවා වගේ හැඟීමක් ඒ තරම් ලස්සනයි..

” අම්මො නිකේෂ් වාව්.. “

කියලා කෙල්ල සතුටට උඩ පැන්නා.. යුමීගේ ඒ සතුට දැකපු එයාපෝට් එකේ හිටිය සුදු ජාතිකයො කැමරාවෙන් මේ ආදරණීය යුවලගේ ෆොටෝ ගත්තේ කේෂ්ගෙන් අවසර අරන්..

එයාපෝට් එකේ ඉඳන් ටැක්සී එකක දෙන්නා ගියේ කේෂ් බුක් කරලා තිබ්බ තැනට..

කේෂ් හිතුවට වඩා හවස් වුනා යුමි එයාපෝට් එක් වටේ ඇවිද්ද නිසා එන්න..

ඇත්තටම කේෂ් බුක් කරලා තිබ්බ තැන තනිකරම ස්වාභාවික විලා එකක්.. එකේ වෙනම ඒරියා එකක් මේ යුවලට වෙන් වුනා..

” අනේ වාව්.. “

තනිකට පොල් අතු වලින් සෙවිලි කරපු වහල එක්ක තියන කාමරේ එලියට දිස් වුනේ වෙනස්ම ලස්සනක් වුනත් ඇතුලට ගියාම තිබුනේ ෆයිව්ස්ටා හොටෙල් පරදන පහසුකම් ගොඩක්..

යුමී ඇඳෙන් ඉඳ ගත්තේ සතුටින්..

” කොහොමද කේෂ්ගේ වැඩ.. “

” සීරියස්ලී වෙරී රොමෑන්ටික්.. මන් හිතුවේ නෑ මේ නපුරු ඩම්බෝ මේ තරම් රොමෑන්ටික් වෙයි කියලා.. උම්ම්මා. . අයි ලව් යූ.. “

කියලා යුමී කේෂ්ගේ බෙල්ලේ එල්ලුන පාරට කේෂ්ව ඇඳට පෙරලුනා.. ඒ තත්පර ගාන ඇතුලත දෙන්නාගේ ඇස් දෙක එකට පැටලුනේ ආදරෙන්..

කේෂ් ගේ ඇඟ උඩට වැටුන කෙල්ලව කේෂ් බඳ වටෙන් අත දාලා තවත් ගතට හිර කරගත්තේ ආදරෙන් .. එහෙම්මම කෙල්ලව අනිත් පැත්තට හරවලා කේෂ් ගේ ගතට යට කරගෙන යුමීගේ මූණට එබුනේ තවත් වෙනස්ම බැල්මකින්.. යුමී ලැජ්ජාවෙන් අහක බලාගත්තේ ,

” අනේ යන්නකෝ අප්පා.. “

කියලා කේෂ් ගේ උරහිසට පහරක් ගහමින්..

” කොහෙ යන්නද මේ සූකිරි බෝලෙව දාලා.. “

කියලා යුමීගේ තොල් වලට බර වෙන්න වගේ ලන් වුනාම යුමී ඇස් දෙක වහගත්තේ ලැජ්ජාවෙන්.. විනාඩි කිහිපයක සිප ගැන්ම අවසාන වුනේ ආදරේ වැඩි කරමින්..

” අනේ නිකෙෂ් නා ගන්න ඕනේ අයින් වෙන්නකෝ.. “

” අහ් හවස් වරුවේ සුපිරී ප්ලේස් එකක් තියෙනවා මෙහේ .. ස්විමින් කිට් එකක් දාගෙන එන්න බබා .. “

කේෂ් එහෙම කිව්වම කෙල්ල විනාඩියක්වත් පරක්කූ නොකර දුවලා ගිහින් ඇඳුම් මාරු කරගත්තේ යුමී කියන්නේ තනිකරම දියකාවියක් නිසා.. වතුරකට බැහැලා නාන්න තියෙනවනම් යුමීට ඊට එහා දෙයක් තිබ්බේ නෑ..

යුමීගේ අතින් අල්ලන් රූම් එකෙන් දකුනට හැරිලා යනකොට තිබ්බේ තනිකරම ස්වාභාවික විදියට හදපූ පූල් එකක්..

” දෙයියනේ මහත්තයෝ .. “

යුමී මේ තරම් පුදුම වුනේ ඒ පූල් එකේ දෙන්නාගේ නම හරී අපූරුවට මල් වලින් නිර්මාණය කරලා හාට් එකක් හැඩයට රෝස මල් පෙතී වතුරේ අතුරලා තිබ්බ නිසා.. ඊට එහා පැත්තෙන් පොඩි ඇඳවල් දෙකක් එක්ක ටේබල් එක උඩ බියර් එකකුත් වයින් බෝතලයකුත් තියලා තිබ්බා.. ඒ හැන්දෑව තවත් ලස්සන වුනේ ඈතීන් බැහැගෙන යන හිරු එලිය වෙනස්ම රත් පැහැයකට හැරිලා තිබුන නිසා…

” මෙච්චර දේවල්.. “

කියලා යුමී අත්දෙක බැඳගෙන ඉන්න කේෂ් ලඟට ගිහින් බෙල්ලේ එල්ලුනේ පොඩී එකෙක් වගේ..

” ආසයිද මගේ මැණික.. “

” ඇත්තමයි පට්ට.. මේ වගේ ස්වාභාවික දේවල් වලට මන් මාරම ආසයි බබා.. මාර රිලැක්ස් එකක් දැනෙන්නේ.. “

” ම්ම්.. ඒකනේ.. එන්නකෝ එහෙනම්.. ඔන්න අද නම් මන් බියර් එකක් බොනවා .. කමක් නෑනේ.. “

” ම්ම් කමක් නෑ.. ඒත් මටත් ඕනේ.. “

” මොකක් කිව්වා.. “

කේෂ් යුමී දිහා බැලුවේ අමුතුම ජීවි‍යෙක් දිහා බලනවා වගේ..

“ඔව් මටත් ඕනේ.. “

” බබා මන් බොනවා කිව්වේ ස්ප්‍රයිට් නෙවේ බියර්.. “

” ඔව් ඔව් මටත් ඕනේ එච්චරයි .. “

යුමී කකුල් දෙකෙන්ම බිමට ගහලා අත් දෙක බැඳගෙන කිව්වේ හරියට පොඩි ලමයෙක් අම්මාගෙන් තාත්තගෙන් මොනවා හරී ඉල්ලනවා වගේ..

” අම්මේ හා හා.. “

කේෂ් කෙල්ලටත් බියර් එකක් ඕඩර් කලේ ඇත්තටම අඩු නොවුන පුදුමේ එක්ක..

දෙන්නා එක්ක හම්බුන දවසේ ඉඳන් වුන දේවල් කතා කර කර බියර් බෝතල් දෙක හිස් කලේ වේගෙන්..

” ඇත්තමයි කේෂ් මේවා බුවෑක්කා කෝමද බොන්නේ.. “

යුමී එක බියර් එකක බාගයක් බීලා වචන පටලන්න ගත්තම කේෂ් යුමී අහක බලනකන් ඉඳලා කොල්ලා හිස් කරපූ බියර් එක යුමී ලඟින් තිබ්බා.. යුමීගෙ කෝලම් හොඳටම වැඩි වුනේ මත් ගතිය නිසා.. කේෂුත් සාමන්‍ය ප්‍රමානෙට මත් වෙලයි හිටියේ.. කාලා ඉවර වුනාට පස්සේ යුමී කේෂ් ව ඇදගෙන ගියේ පූල් එකට..

පූල් එකේ නාලා ඉවර වෙනකොට යුමීගේ ස්විමින් කිට් එක යුමීගේ ශරීරයේ හැඩය පේන්න ඇඟටම ඇලිලා තිබ්බ නිසා කේෂ්ට හැඟීම් පාලනය කරගන්න බැරි වුනා.. යුමී ලඟට ගිහින් ලිප් කිස් එකක් දුන්න කොල්ලා යුමීව හරහට වඩාගෙන වතුර පිටින්ම ගෙනිච්චේ කාමරේ නාන කාමරේට.. නාන කාමරෙන් දෙන්නම නාලා ඉවර වුනාම කේෂ් යුමීව බාත් රොබ් එක පිටින්ම හරහට අරන් එබුනේ යුමීගේ මූණට.. කේෂ් ගේ මූණ දැක්ක යුමීගේ හිත හිරි වැටුනේ කේෂ් ගේ රතු වෙලා තියෙන ඇස් දෙකෙන් පේන ආදරය පිරුනු ඒ හැඟීම් නිසා….

මලක් තරම් පරිස්සමට යුමීව ඇඳෙන් තිබ්බ කේෂ් .. නලලින් පටන් ගත්ත සිප ගැන්ම අවසන් කලේ දෙදෙනාගේම හැඟීම් අවදිකරමින්.. දෙවනි වතාවටත් යුමීව ගතින් තමන්ගේ කරගනිමින්.. යුමි වගේම කේෂ් ඒ හැඟීම බෙදාගත්තේ සතුටින්… ඒ හැම හැඟීමක්ම අවසාන වෙනකොට කේෂ් යුමීගේ පපුවට ඔලුව තියාගෙන ඇස් පියා ගත්තේ ආදරේ තවත් වැඩි කරගනිමින්..

යුමීට උදේ ඇහැරුනේ ඔලුවට දැනුන බරගතිය නිසා.. තමන්ගේ පපුව උඩ පොඩි ලමයෙක් වගේ නිදියගෙන ඉන්න කේෂ් ව දැක්කම කෙල්ලට තවත් ආදරෙ හිතුනා ඒ නිසාම කෙල්ල කේෂ්ගේ නලලට කිස් එකක් දීලා හිතුවේ,

” දැන් නම් ඉන්නවා පූසා වගේ.. මැට්ටා මගේ .. අම්මෝ මට ඔයා නැතුව මොහොතක්වත් ඉන්න බෑ බබා.. “

එහෙම හිතලා ආයේ කේෂ්ට කිස් එකක් දීලා හිමින් කේෂ් ව කොට්ටෙන් තියලා බෙඩ්ශීට් එකත් පෙරවගෙන නානකාමරේට ගියේ වොශ් එකක් දාගන්න..

යුමී පැයක් විතර අරන් නා ගත්තේ රෑ වුන සිදුවීම් එකින් එක මතක් කරමින්.. සිංදුවකුත් කිය කිය බාත්රොබ් එකත් ඇඳගෙන එලියට ආව යුමීට මැසේජ් එකක් එන හඬ ඇහුන නිසා එහෙම්ම එතන තියන ෆෝන් එක අතට අරන් බෙඩ් එක දිහා බලනකොට දකින්නේ කේෂ් බෙඩ් එකේ නෑ කියලා..

යුමීගේ හිතට දැනුනේ බයක් මොකද මේ නොදන්න රට තමන්ව තනියම දාලා කේෂ් කොහෙද ගියේ කියන බය තමයි එක පාරටම ආවේ..

ඒත් එක්කම දැක්ක දේ නිසා යුමී කෑ ගහන්නේ යටිගිරියෙන්..

” දෙයියනේ කේෂ්…. මේ…. “

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

👉 අමායට මොනවා වෙලා ඇත්ද ? 🙄🙄

👉 යුමී මොකද මේ කෑ ගහන්නේ… ? 🙄🙄

👉 මොකක්ද යුමීට ආව මැසේජ් එක..? 🙄🙄

දැවෙන ප්‍රශ්න නේද.. හෙට කොටසින් උත්‍තර ලැබෙයි ඕවා ඔක්කොටම නැත්තත් දෙකකට හරී… එහෙනම් හිත හිත ඉන්න අද දවසේ… මන් යනෝ…. කොටස් 60න් කතාව ඉවර කරන්න ඉන්නේ..

➡️ කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ බලන්න ගින්දර වගේ.. ➡

➡️➡️ හමුවෙමු තවත් කොටසකින්

#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️

අද කතාව කොහොමද ?
+1
3
+1
90
+1
7
+1
1
+1
9
+1
0
+1
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here