මගේ දෙවනි මනමාලයා ඔහුයි – 55 කොටස

3
806

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

55 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆

යුමීගේ හිතට දැනුනේ බයක් මොකද මේ නොදන්න රටේ තමන්ව තනියම දාලා කේෂ් කොහෙද ගියේ කියන බය තමයි එක පාරටම ආවේ..

ඒත් එක්කම දැක්ක දේ නිසා යුමී කෑ ගහන්නේ යටිගිරියෙන්..

” දෙයියනේ කේෂ්…. මේ බෙඩ් එකේ ලේ.. “

ෆෝන් එකත් පැත්තකට දාලා කෙල්ල ගියේ සුදු පාට බෙඩ් ශීට් එකේ තියෙන ලේ පැල්ලම බලන්න..

යුමීගේ කෑ ගැහිල්ල කොච්චර ද කියනවනම් එලියේ ටිකක් එහාට වෙන්න කෝල් එකක හිටිය කේෂ්වත් ගැස්සිලා ගියා.. ඒ නිසාම කොල්ලා කාමරේට ආවේ වේගෙන්..

” මොකද සයුමී කෑ ගහන්නේ.. “

කේෂ් ව දැක්කමයි යුමීට ඇඟට ලේ ටිකක් ඉනුවේ.. යුමී ඉන්නේ බය වෙලා වගේ.. කේෂ් අත් දෙකත් හසුරවමින් දොර ලඟ ඉඳන්ම ඇහුව්වේ ඇයි කියලා.. යුමීගේ පපුව තාමත් වේගෙන් ගැහෙනවා..

” ඔයා කොහෙද අනේ ගියේ මේ බෙඩ් එකේ ලේ.. “

කියලා බය වෙලා ඇඳ පෙන්නුව යුමී කේෂ්ගෙන් ඇහුව්වේ ඇස් දෙකත් ලොකූ කරගනිමින් ..

” ඊයේ නෑ කියලා කියවපු එක තමා ඔය තියෙන්නේ ලස්සනට.. මොකක්ද බබා ඔයා නානකොට සිහියෙන් නෙවේද නාන්නේ ඇඟේ ලේ ටිකක් වත් තිබ්බේ නැත්ද.. අනික මේක දැකලා අමුතූ දෙයක් වගේ ඔහොම කෑ ගහනවද.. මාව ගැස්සිලා ගියා ඔයාගේ කෑ ගැහිල්ලට.. හොඳ වෙලාවට මේක ලංකාව නොවුනේ .. නැත්තන් වටේ මිනිස්සූ පිරෙනවා.. “

” මට එහෙම එකක් මීටර් වුනේ නෑනේ මහත්තයෝ .. මම වෙන කල්පනාවකින් නෑවේ.. “

“ඔයාගේ ඔය කෑ ගැහිල්ල නිසා ලෝක ලෙඩක් දාගන්නවා සයුමී..”

කේෂ් යුමීගේ නම කියලා සැරෙන් කතා කරපූ නිසා යුමීට ඇත්තටම දුක හිතුනා..

” ඔයා කියන්නේ හරී කතාවක්නේ.. මන් නාගන්න යනකොට පස්සත් උඩ දාගෙන මෙතන නිදාගෙන හිටිය මිනිහා එලියට එනකොට නෑ.. මේ ඇඳ උඩ ලේ තියෙනවා දැක්කම ඕනම කෙනෙක්ට බය හිතෙනවනේ.. ඒක තේරෙන්නේ නැතී මහ මැටී අලයක්.. ආව්.. “

යුමී කේෂ් ට කේන්තීයෙන් බැනගෙන බැනගෙන ගිහින් අන්තිමට බඩ අල්ලගෙන ඉඳගත්තම කේෂ් යුමී ලඟට ආවේ කලබලෙන්. .

” මොකද මැණික.. ඕක තමා කියන්නේ දැක්කනේ මට බැන්නම වුන දේ.. “

” අනේ මේ යන්න අනේ යන්න.. “

කේෂ්ටත් ගස්සලා එහෙම කියලා යුමී ආයේම නාන කාමරේට ගිහින් දොර වහගත්තේ යටි බඩින් ආව වේදනාව නිසා.. බාත් රොබ් එකේ තියෙන ලේ පැල්ලම් ටික දැක්කම වෙලා තියෙන දේ හිතාගන්න යුමීට මහ වෙලාවක් ගියේ නෑ..

” අයියෝ අර මනුස්සයට බැනලා මේක අස්සට ආවනේ මන් දැන් කොහොමද කටක් ඇරලා අරකක් ඉල්ලන්නේ.. මන් වගේ මෝඩියෙක්.. කමක් නෑ මල මගුල ඕන එකක් වෙන්න ඉල්ලනවා..”

යුමී හිමීට නාන කාමරෙන් බෙල්ල එලියට දැම්මම යුමීට අවශ්‍ය දේ අතේ තියාගෙන ඉන්න කේෂ් ව දැක්කම යුමීගේ ඇස් දෙක ජිල් බෝල තරමට ලොකූ වුනා..

” කේෂ් ඔයා මේ.. “

” හා හා ඔය කට වහගෙන මේක ගන්න බබා.. මේවා සාමන්‍ය දැනීමනේ.. ඔයාට කොමන් සෙන්ස් නැතී වුනාට මට හොඳට තියෙනවා.. මොකද ඕනම දෙන්නෙක්ගේ පලවෙනි එකතූ වීමෙන් පස්සේ බ්ලීඩ් වෙන එක සාමාන්‍යයි.. ඒක දන්නේ නැතුව ඉන්න මම බබෙක් නෙවේ.. අනික මේ තියෙන ඒවා ඔයා වෙනුවෙන් ගෙනල්ලා දෙන්න මම දෙපාරක් හිතන්නේ නෑ.. ඕනම කඩේකින් මට අරන් එන්න පුලුවන්.. මොකද ඕනම ගෑනීයෙක්ට මාසික වේදනාව කියන එක සාමාන්‍යයෙන් තියෙන දෙයක්.. ඒකවත් දන්නෙ නෑ කියලා රඟපාන ගොඩක් කොල්ලෝ ඊට වඩා ගේම් ගහනවා.. සෝ දැන් මේක අරන් අවශ්‍ය වැඩේ කරන් එලියට එන්න ජිරාෆ් වගේ බෙල්ල දික් කරන් ඉන්නේ නැතුව.. මෙන්න ඔයාට ඕන කරන ඇඳුම්.. “

කේෂ් කිව්ව ඒවත් අහගෙන කිසිම දෙයක් නොකියා යුමී නානකාමරේ දොරවහගෙන කල්පනා කලේ කේෂ් ගැන විතරමයි..

ලෑස්තී වෙලා එලියට ආව යුමීව කකුල් පණ නැතුව වැටෙන්න යනකොට කේෂ් යුමීව අල්ල ගත්තේ ආදරෙන්..

” මොකක් ද බබා පරිස්සමෙන් එන්න එපැයි.. “

” මට මේක සාමාන්‍යයි සනීප නැතී වුනාම… හරීම අමාරුයි කේෂ්..”

” මම දන්නවා ඔහොම්ම ඇඳේ ඇල වෙන්නකෝ මන් වේටර් කෙනෙක්ට කිව්වා හොට් වෝටර් බෑග් එකක් ගේන්න කියලා.. “

” ඔයා මෙච්චරටම මට ආදරෙයි ද.. “

” අපෝ සුට්ටම සුට්ටයි ආදරේ.. “

එහෙම කියලා කේෂ් යුමීව වැලඳගත්තා..

” මන් වොශ් එකක් දාලා එන්නම් ටාර් ගාලා .. “

කේෂ් එහෙම කියලා නානකාමරේට ගියේ වේටර් ගෙනාව හොට් වෝටර් බෑග් එකත් යුමීට දෙන ගමන්.. යුමීට යටි බඩින් වෙනදට වඩා වේදනාවක් ආව නිසා ඒක දරාගන්න අමාරූ වුනා.. ඒ නිසාමයි ඇඳගෙන ඉන්න බ්ලවුස් එකට යටින් හොට් වෝටර් එක හොට් වැඩි වුනත් තියා ගත්තේ.. ඇඳේ එහෙ මෙහේ පෙරලී පෙරලී හිටියේ දැනුන අප්පිරියාව නිසා.. කේෂ් නාලා තෙත කොන්ඩේ අතින් පිහද පිහද එලියට එනකොට දැක්කේ යුමී අමාරුවෙන් එහෙට මෙහෙට පෙරලෙනවා..

” මැණික මොකද .. “

කියලා කේෂ් අහලා යුමීව තමන්ගේ පැත්තට හරවනකොටම යුමීට වමනේ ගියේ හිතන්නවත් වෙලාවක් නොදී.. කේෂ් ගේ මුලු ඇඟේම වමනේ වලින් නෑ වුනත් කොල්ලා කිසිම අප්පිරියාවක් නැතුව බැලුවේ යුමී ගැන..

” අනේ සොරී නිකේෂ්.. “

කියලා යුමී ඇස් වල කඳුලු පුරවගත්තා..

” සොරී කියන්නේ මොකටද මැණික ආයේ ගිහින් නාගන්නනේ තියෙන්නේ.. කෝ දානවද තව වමනේ.. මොකද මේ වමනේ යන්නේ.. “

කේෂ් වමනේ දාන්න කියලා අත් දෙක දික් කරනකොට යුමීට දැනුනේ පපුව පුරාවට අකුණක් ගහනවා වගේ.. මේ තරම් ආදරයක් යුමී කේෂ් ගෙන් බලාපොරොත්තු වුනේ නෑ..

” මට මේ දවස් වලට වමනේ යනවා ඇඟම පණ නැතී වෙනවා.. “

” හරී එහෙනම් තව දානවනම් දාන්නකෝ මැණික ඔයා උදේට මුකුත් කාලත් නෑනේ.. “

” මට වොශ් රූම් යන්න ඕනේ.. “

” වමනේ දාන්නද.. “

” නෑ මේ හැම තැනම වමනෙනේ.. “

යුමී කිව්වේ මූණ ඇඹුල් කරගෙන..

” අනේ පිස්සී යමූ කෝ.. “

කේෂ් ටිෂූ එකක් අරන් හිමීට එයාගේ අතට වැටුන වමනේ පිහදගෙන යුමීව අල්ලගෙන එක්කගෙන ගියේ නාන කාමරේට.. ඒ යනකන්ම යුමී බලාගෙන හිටියේ කේෂ් ගේ මූණ දිහා..

කිසිම අප්පිරියාවක් නැතුව කේෂ් යුමීගේ ඇඟේ තියන වමනේ හොදලා ඇඳුමත් මාරූ කලේ හරීම ආදරෙන්..

” මහත්තයෝ ඔයා කොහොමද කිසිම අප්පිරයාවක් නැතුව මෙහෙම කරන්නේ.. කොච්චර ගඳද වමනේ. . “

” ඔයා කාගෙද.. “

කේෂ් යුමීගේ ප්‍රශ්නේට උත්තර දෙනවා වෙනුවට කලේ තව ප්‍රශ්නයක් අහපූ එක..

” ඔයාගෙනේ අනේ… “

” මට මෙහෙම දෙයක් වුනොත් ඔයා මොකද කරන්නේ.. “

” සුද්ද කරනවනේ ඉතින්.. “

” අහ් ඒ වගේ තමා ඔයා මගේ නම් මගේ දේවල් වලට අප්පිරිය වෙලා බෑනේ.. “

” ඒ වුනාට මම ඔයාගෙන් මෙච්චර දේවල් බලාපොරොත්තු වුනේ නෑ ඇත්තමයි ඩම්බෝ.. “

” මෙහෙම ආදරේ කරන්න එපා ද. . “

” නෑ හැමදාම මේ වගේ ආදරෙන් ඉන්නවද මගේ එක්ක.. “

” මගේ අන්තිම හුස්ම ටික තියෙනකන් ඉන්නවා ඔයා එක්ක.. “

” ම්.. ගොඩක් පිං මහත්තයෝ මගේ ජීවිතේට ආවට… “

” මමනේ පිං දෙන්න ඕනේ ඔයාට අයාලේ ගිය මට ලස්සන ජීවිතයක් දුන්නට.. “

කේෂ් යුමීට හැම දේම කරගන්න උදව් කරලා කේෂ් නාගෙන කෝල් කලේ විලා එකේ සේවකයෙක්ට බෙඩ් එක අස් කරන්න කියලා.. දෙන්නා එක්කම ඇඳුම් මාරූ කරගෙන එලියට ගියේ හිමින්..

” හිමින් ඇවිදින්න බබා.. “

” ම්ම්.. “

” ආ වැඩි දුර යන්න ඕනේ නෑ මෙතන ඉඳගමූ.. “

” මම නිසා අද ඔයාට යන්නත් නෑ නේද බබා ඇවිදින්න. . “

” අද මම කොහෙවත් යන්න දාගත්තේ නෑ බබා.. මොකද මම දැනගෙන හිටියා මේ දේ මෙහෙම වෙයි කියලා… අනික මහන්සී අපි දෙන්නටම.. තව දවස් පහක් එහෙම්මම තියෙන්නේ අපිට ඇවිදින්න.. තව දෙයක් ඔයා මම කියලා දෙන්නේක් නෑනේ දැන් එක්කෙනයි ඉන්නේ.. ඉතින් හැම දේම අපේ කියන හැඟීමෙන් ඉන්න.. මට ඔයා වෙනුවෙන් ඕනම කැප කිරීමක් කරන්න පුලුවන්.. “

” ආදරෙයි මගේ ඩම්බෝ.. “

” මගේ කූනිච්චීට ඊට වඩා මන් ආදරෙයි .. “

යුමී එක්ක ඉඳගෙන හිටියේ කේෂ් ලී වලින් හදලා තිබ්බ බංකුවක් උඩ…

” බබා මන් තව හොට් වෝටර් බෑග් එකක් ඉල්ලුවා අරකට වමනේ ගියානේ.. “

” බඩ රිදෙන එක තමා ඉවසන්නම බැරී මහත්තයෝ .. “

යුමී කිව්වේ කේෂ්ගේ උරහිසට ඔලුව තියන ගමන් අමාරුවෙන්.. කේෂ් යුමීගේ කර වටෙන් අත දාලා ලඟට ලන් කරන් බඩට අත තියලා කිව්වේ,

” ඔයාගේ බෑග් එකේ මන් දැක්කා සිද්ධාලේප තියෙනවා යමූ ගිහින් ටිකක් ගා ගමූ.. “

” අනේ එපා මහත්තයෝ මේ කරපුවා හොඳටම ඇතී. . මම ගා ගන්නම්.. “

” ඇයි යකෝ ඒක හරී මගුලක්නේ මම ගෑවම මක් වෙනවද මගේ ගෑනිගේ බඩේ.. “

” ඒ වුනාට ඔයා පව්නේ.. “

” අනේ පව් මන් කියන්නේ නෑ.. ඔයාගේ දේවල් මම කරන්නේ ආසාවෙන් බබා.. හරියට ඔයා මගේ දේවල් කරනවා වගේ.. “

” ආව්.. “

යුමී කෙඳිරි ගාන්න ගත්තේ යටි බඩෙන් ආයෙම වැඩියෙන් එන රිදුම නිසා…

” අනේ මොකද මැණික.. මෙහෙම ඉන්න අමාරුයි නේද.. මම ටග්ගාලා බලලා එන්නම් අස් කරලා ඉවරද කියලා.. “

කේෂ් එහෙම කියලා නැගිටලා යන්න යනකොටම එතනට සේවකයෙක් ආවා.. ඒ සේවකයා කිව්වේ රූම් එක අස් කරලා ඉවරයි කියලා..

” ඕකේ තැන්කිව් .. “

කියලා කේෂ් යුමීව හරහට වඩා ගත්තේ යුමී එපා කියද්දීමයි.. වඩාගෙන ගෙනිල්ලා ඇඳ උඩින් තියලා යුමී ඇඳගෙන හිටිය ටීශර්ට් එක උස්සලා බාම් ගාන්න ගත්තේ යුමී කේෂ් දිහා බලාගෙන ඉන්නකොටමයි..

” ඉස්සර අම්මී ගානවා කේෂ් මෙහෙම..මට හරියට අමාරු වෙනවා මේ දවස් වලට.. දවසක් ස්කූල් එකේදී කලන්තේ දාලා වැටුනා මම දන්නෙත් නෑ.. පස්සේ පස්සේ හරී ගියා.. ඒත් මේ බඩේ අමාරුවනම් අම්මෝ.. “

” ම්ම්ම්. . මට මේ ටික වෙලාවට ඔයා මේ විඳින වේදනාව තේරුනා පව් මැණික ඔයා..”

කේෂ් බාම් ටික ගාලා ඉවර වෙලා ටීශට් එක පල්ලෙහාට දාලා බඩ උඩින් අත තියලා කිව්ව දේටනම් යුමීටත් ආස හිතුනා..

” මෙන්න මේ චූටී බන්ඩියෙනේ ඉන්නේ මගේ දෝණී.. “

” දෝණී නෙවේ පුතා ..”

” නෑ නෑ මුලින්ම මට ඕනේ ඔයා වගේ ලස්සන දෝණීයෙක්.. “

” අපිට පුතෙක් ලැබුනොත්.. “

” ම්ම්.. කොයි දරුවා ලැබුනත් මගේනේ මැණික.. රජෙක් වගේ බලාගන්නවා.. “

” ම්ම්.. ඒක ඇත්ත මහත්තයෝ .. මාත් චූටී බබාලට මාර ආසයි.. “

” අපී ඉක්මනට පැටියෙක් ගේමූ.. “

” අනේ ශෝක් ඒකනම්.. “

විවාහ වුන යුවලකගේ ලොකුම හීනය තමයි දරුවෙක් කියන්නේ..ඉතින් කේෂ්ටත් යුමීටත් ඒ ගැන තිබ්බේ ලොකූ ආසාවක්. .

” ඇත්තටම ශෝක්ද බබා.. “

” ඔව් ඇයි.. “

” ටික කාලයක් ඉන්න ඕනේ නෑ ඒකට? “

” ඒ මොකටද ඒවා පරක්කූ කරන්නේ .. “

” නෑ ඉතින් මගේ නෝනා කසාදෙත් කල් දැම්මනේ.. “

” ම්… ඒක වෙනයි මේක වෙනයි ඩම්බෝ.. “

” ඒකත් එහෙමද.. බබෙක් එන්න කලින් මෙහෙම මේ කෙල්ලගේ මූන බබා වෙනුවෙන් දිලිසෙනවනම් බබා ආවම මේ කේෂ්ට හුලන් තමා.. “

“අම්මෝ මෙයාගේ මූණේ තියෙන ඉරිසියාව.. “

” එහෙම තමයි.. “

” මගේ පලවෙනි බබා ඔයානේ මහත්තයෝ එතකොට ඔයාට තමා වැඩි පුරම ආදරේ.. “

” ප්‍රොමිස්.. “

කේෂ් ප්‍රොමිස් ද කියලා ඇහුව්වේ හරියට පොඩී එකෙක් වගේ..

” අපේ ආදරේ පල්ලා.. “

” ආදරෙයි මැණික.. කමූ නේද බබා.. “

මේසේ උඩ තියෙන උදේ කෑම එක පෙන්නලා කේෂ් එහෙම ඇහුව්වම යුමීගේ මූණ ඇඹුල් වුනා.. යුමීට මේ දවසට කෑම කියන්නේ නිකන් නයාට අඳුකොල වගේ..

” මට කන්න බෑ බබා අප්පිරියයි .. “

” එහෙම කියලා බෑනේ බබා පොඩ්ඩක් හරී කන්න.. “

” කෑවොත් ආයෙම වමනේ යනවා මට උණුවෙන් මොනා හරී බොන්න ගෙනල්ලා දෙන්නකෝ.. අද දවසේ විතරයී මේ අවුලක් ප්ලීස් මහත්තයෝ බල කරන්න එපා.. “

යුමී එහෙම කිව්වට පස්සේ කේෂ්ට එතනින් එහාට මුකුත් කියන්න බැරී වුනා..

” මොනවද බොන්න ඕනේ මගේ මැණිකට.. “

” කොෆී එකක්.. “

” ඕකේ.. “

කේෂ් කොෆී දෙකක් ම ඕඩර් කරලා බලන් ඉන්නකොට..

” ඇයි ඔයා කන්නේ නැත්තේ මහත්තයෝ .. “

” මටත් කන්න බෑ.. “

” අනේ මේ කොලම් නොකර කන්න.. “

” ඔයා නොකා මන් කන්නේ කොහොමද.. “

” ඔයා කන්නේ මගේ කටින් නෙවේනේ.. “

” ඒ වුනාට.. “

” ඒ වුනාට නෙවේ කෝ ගේන්න මන් කවන්නම්..”

” නෑ නෑ ඔයා ඔහොම ඇල වෙලා ඉන්නකෝ..මන් චුට්ටක් කන්නම්.. “

කේෂ් එහෙම කියලා කෑම එක කන්න අතට ගත්තේ යුමීගේ කරදරේ නිසාමයි.. කේෂ් කාලා ඇඳට එනකොට යුමී වකුටු වෙලා ඇඳේ හිටියේ අමාරුවෙන්..

” මැණික .. “

” ම්ම්.. අමාරුද.. මන් මොකක්ද කරන්න ඕනේ..”

” නෑ දැන් ටිකක් අඩුයි.. “

කේෂ්ගේ පැත්තට හැරුන යුමී කේෂ් ගේ පපුවට ඔලුව තියාගන්න යනකොටම කේෂ්ට කෝල් එකක් ආව නිසා දෙන්නම ටේබල් එක උඩ තියෙන ෆෝන් එක දිහා බැලුවා.. කේෂ් ෆෝන් එක අතට ගත්තාම තියෙන නම නිසා යුමීගේ වගේම කේෂ්ගෙත් ඇස් ලොකූ වුනේ බයෙන්..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

👉 ඒ පාර මොකද මේ වෙන්නේ.. 🙄

👉 හෙට හොඳම දවස ඔයාලා එනවානම් .. කතාව අරන් මන් එන්නම් සතී අග බ්ලාස්ට් එකත් සමග… ටන්ටටාං… 😋😋💣

➡️ කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ බලන්න ගින්දර වගේ.. ➡

➡️➡️ හමුවෙමු තවත් කොටසකින්

#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

අද කතාව කොහොමද ?
+1
6
+1
113
+1
4
+1
2
+1
7
+1
4
+1
1

3 COMMENTS

  1. මනුජ අයියාගෙන්ද මංදා ඒ කෝල් එක.. යුමීගෙ අක්කාට මොකක් හරි කරදරයක්වත්දො🙄 අනේ ඒමනම් වෙන්නෙපා😌

    ලස්සනයි අක්කි ගොඩාක් ම..😍❤️

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here