❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️
✍️ දවිත්රි ඉසංකා
56 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆
කේෂ්ගේ පැත්තට හැරුන යුමී කේෂ් ගේ පපුවට ඔලුව තියාගන්න යනකොටම කේෂ්ට කෝල් එකක් ආව නිසා දෙන්නම ටේබල් එක උඩ තියෙන ෆෝන් එක දිහා බැලුවා.. කේෂ් ෆෝන් එක අතට ගත්තාම තියෙන නම නිසා යුමීගේ වගේම කේෂ්ගෙත් ඇස් ලොකූ වුනේ බයෙන් මොකද ඒ කෝල් එක ගත්තේ කේෂ් ගේ අම්මා..
” ඉවරයි බබා අම්මට කෝල් එකක් ගත්තේ නෑනේ ආවට පස්සේ දවසකුත් ගියා.. “
” මටත් අමතක වුනානේ ඒක, කරන්න දෙයක් නෑ ඕක ගන්න නැත්තන් වෙලා යනකොට බය වෙයි.. “
” ශෝක් ඉලන්දාරියා බැන්දා විතරයි අම්මව අමතක කලානේ.. “
කේෂ් ගේ අම්මා සැරෙන් එහෙම කිව්වම යුමීවත් ගැස්සීලා ගියා මොකද කේෂ් කතා කලේ ෆෝන් එක අවුට් සවුන්ඩ් දාලා නිසා..
” අනේ අම්මා.. “
කේෂ් කිව්වේ පොඩි එකෙක් වගේ හුරතල් වෙන ගමන් හිමින්..
” අනේ අම්මා නෙවේ කෝ දුව දුවට දෙන්න දුවව අල්ල ගන්න මන්.. “
කේෂ් ඇහැක් උස්සලා කටත් ඇද කරලා කිව්වේ අද ඉවරයි කියලා..
” අම්මා ඔයාගේ දෝණී අහන් ඉන්නේ ඔන්න අල්ල ගන්න.. “
කේෂ් යුමීට ඇහැක් ගහලා එහෙම කිව්වා.. යුමී මූණ බෙරී කරගෙන කේෂ්ට ඇද කලා..
“අම්මා අනේ.. “
” දෝණී මම තරහයි.. “
” අනේ අම්මා ඇත්තමයි මහන්සියට ආව ගමන් අපී දෙන්නටම නින්ද ගියා කෝල් එකක් ගන්න වුනේ නෑ.. “
” දෝණී ඒක හරී.. ඔයා අසනීපෙන්ද ඉන්නේ.. “
” අම්මා.. “
යුමීට ඇත්තටම පුදුමයි කේෂ් ගේ අම්මා කිසිම දෙයක් දන්නේ නැතුව මේ අහපූ දේ ගැන..
” අම්මා නෙවේ ලමයෝ ඔයා අමාරුවෙන් කතා කරන්නේ.. “
” ඔව් අම්මා මට සනීප නැතී වෙලා.. “
” අනේ දෝණී ඒකනේ.. මන් විහිලුවක් කලේ ලමයෝ.. මන් හිතුවා ඔයාලට මහන්සියට නින්ද යන්න ඇතී කියලා.. ඒක නෙවේ උණුවෙන් මොනා හරී බිව්වද දෝණී.. “
” ඔව් අම්මා කේෂ් ගෙනල්ලා දුන්නා දැන් කොෆී එකක්.. “
” හරී පරිස්සමෙන් දෝණී .. මහන්සී වෙන්න එපා.. කේෂ්.. “
” ඔව් අම්මා.. “
” දෝණීව බලාගන්න.. පව් මගේ කෙල්ල.. “
” අප්පට සිරී කොහොමද ඒක.. “
” ඇයි මොකද පුතා.. “
” අම්මා මට මේක කියනවද? “
” මොකක්ද ලමයෝ.. “
” මන් ඔයාගේ පුතාද නැත්තන් බෑණද ඇයි යකඩෝ මේක මාර වැඩක්නේ.. “
” අහ් ඕන එකක් හිතාගන්න.. හැබැයි දෝණී මගේ දෝණී.. “
” හා හා ඔහොම තමා අම්මා දැන් මට කුඩම්මාගේ සැලකිලී.. “
” මේ කොල්ලාගෙ ඉරිසියාව නේද දෝණී.. “
” ඒකනේ අම්මා.. “
” හරී ලමයිනේ ඔයාලා එහෙනම් පරිස්සමෙන් ඔය ගමන ගිහින් එන්නකෝ.. අපී මෙහේ ඒවා බලාගන්නම්.. “
” හරී අම්මා.. තාත්තා කෝ.. “
” තාත්තා ගියා පුතේ හෝල් එකේ මොකක්ද වැඩක් බලන්න.. මන් ආවම ගන්න කියන්ම් කෝල් එකක්.. “
” හා අම්මා එහෙනම් අපි තියනවා.. බුදුසරණයි .. “
” හරී දෙන්නටම බුදුසරණයි එහෙනම්.. පරිස්සමෙන් .. “
” හා අම්මා බුදුසරණයි .. “
යුමීත් අම්මට එහෙම කිව්වේ කේෂ්ගේ උරහිසට ඔලුව තියන ගමන්..
” අම්මේ නැන්දම්මාගෙයි ලේලිගේයි ආලේ බලන්න එපැයි.. “
” ආ ඇයි හොඳ නැත්ද.. “
” ආ නෑ නෑ හොඳා හොඳා.. “
” පැලියාව.. “
යුමී එහෙම කියලා කේෂ්ගේ පපුවට ඔලුව තියා ගත්තේ ආදරෙන්..
” ඔහොම්ම දොයිය ගන්න බබා අමාරුයි නේ ඔයාට.. “
“ම්ම්.. “
යුමී හිමීට ඇස් පියා ගත්තා.. ඒත් විනාඩියයි ඉන්න හම්බුනේ එහෙම , එක පාරට යුමී නැගිට්ටා..
” අනේ නිකේෂ් මට අම්මට කෝල් කරන්නත් බැරී වුනා අක්කට ගන්නත් බැරී වුනා.. අනේ කෝල් එකක් අරන් දෙන්නකෝ.. “
” හරී ලමයෝ ඉතින් ඕකට ඔහොම නැගිටිනවද දැන් අමාරුවෙන් නේද හිටියේ.. “
” අනේ ප්ලීස් කේෂ්.. “
” ඉන්න මන් අරන් දෙන්නම්.. ආ මෙන්න අමාගේ ෆෝන් එකට ගත්තා.. “
යුමී අමාරුවෙන් වුනත් ෆෝන් එක කනේ තියා ගත්තේ සතුටින්..
” අක්කී.. “
ෆෝන් එක ආන්සර් කරපූ ගමන් යුමී එහෙම කිව්වේ එහා පැත්තෙන් උත්තරයක් ලැබෙන්නත් කලින්…
“ආ දෝණී මම.. “
” ආනේ අම්මී අපේ ගෙදරද අක්කී.. “
දීපිකා හිටියේ අමායගේ අසනීපේ නිසා හිතේ ලොකූ වේදනාවකින්..
” අහ් ඔව්නේ චූටී… “
” අම්මා ඔයා අසනීපෙන්ද කටහඬ වෙනස් වෙලා.. “
” අනේ නෑ චූටී.. මහන්සී ලමයෝ මේ වැඩ වලට එහෙට මෙහෙට දුවලා.. “
යුමීට අම්මාගේ කටහඬ එක්ක දැනුනේ ලොකූ වෙනසක්..
” අහ් අම්මී කෝ අක්කී . . ? අක්කීට දෙන්නකෝ ටිකක් එයා හරී නරකයි කෝල් එකක්වත් දුන්නේ නෑ අයියා නම් කතා කලා.. අයියා කිව්වා අක්කීට ඇලජී එකක් කියලා.. මට එවලේ අහන්න බැරී වුනා ප්රෙග්නන්සී රිපෝට් එක මොකෝ කියලා.. “
” ඒක නෙගටිව් චූටී.. “
” අයියෝ එතකොට මාව තාම පුංචී කෙනෙක් කරන්නෙ නැත්ද මේ ඩබල.. ආ එකෙන් කමක් නෑ අම්මී ඔයා වෙලාවට බෙහෙත් ටික බිව්වා නේද.. ? “
” ඔව් චූටී… “
අමායා රෝහල් ඇඳේ බෙහෙත් සැරට නිදාගෙනයි හිටියේ.. යුමී ගේ අම්මා බයෙන් බයෙන් කතා කලේ මොකද යුමීට හරී ඉක්මනට හැම දේම අල්ලගන්න පුලුවන් නිසා..
” කෝ අක්කීට දෙන්නකෝ අම්මා ඔතන ඉන්නවද ?.. “
” අහ් අක්කී නිදී චූටී.. මන් ඇහැරුනාම ගන්න කියන්නම්.. “
” ඈ අක්කී මෙච්චර වෙලා නිදා ගන්නේ නෑනේ සාමන්‍යයෙන් මම නිදාගත්තත්.. “
” ඔව් චූටී ඒත් මේ පාර ඇලජී එකට දීලා තියෙන බෙහෙත් සැරයි.. අනික ඔයාගේ වෙඩින් එකේ වැඩ වලටත් අක්කා මහන්සී වුනානේ මන් ඉතින් නිදා ගන්න දුන්නා..ෆෝන් එක සාලේ තිබිල මන් මේ සද්දේට ආන්සර් කලේ.. “
” අක්කී කවදාවත් ෆෝන් එක සාලෙන් තියන්නේ නෑ අම්මා.. “
යුමී රහස් පොලිසියෙන් වගේ ප්‍රශ්න පිට ප්‍රශ්න අහන එක දිහා කේෂ් බලන් හිටියෙත් පුදුමෙන්..
” අම්මා හෙලෝ.. “
යුමී ඒ ඇහුව්ව ප්‍රශ්නේ නිසා වෙනම කල්පනාවකට ගිය නිසා දීපිකා මොහොතකට නිහඬ වෙලයි හිටියේ..
” ආ චූටී කියන්න..”
” අම්මා ඔයාලා මොනවද මගෙන් හංගන්නේ.. කෝ අක්කී.. අක්කීට මොකක් හරී ප්‍රශ්නයක්ද.. “
” නෑ ලමයෝ නෑ.. අක්කීට බෙඩ් රෙස්ට් එක ඕනේ නිසයි අයියා කියලා ෆෝන් එක එලියෙන් තිබ්බේ, නැත්තන් මේවගේ සද්දේට අක්කීට ඇහැරෙන නිසා.. “
” හරී එහෙමනේ.. අක්කීට නැගිට්ට ගමන් මට ගන්න කියන්න.. “
” හා චූටී.. කොහොමද..? කෝ කේෂ් පුතා.. “
යුමීගේ අම්මා උපරිම සන්සුන් වෙලා ඇහුව්වේ අමායා දීපිකාගෙනුත් පොරොන්දූ ගත්ත නිසා..
” ආ මෙතන ඉන්නවා.. “
” අම්මේ කොහොමද.. “
කේෂ් ඇහුව්වේ හිනැහෙමින්..
” හොඳින් පුතේ.. ඔයාලා පරිස්සමෙන් ගියා නේද මට මේ කලබල නිසා ගන්නත් බැරී වුනා කෝල් එකක්.. “
” ඔව් අම්මේ.. “
” අහ් එහෙනම් හරී පුතේ දෙන්නා එක්ක පරිස්සමෙන් සතුටින් ඔය ගමන ගිහින් එන්නකෝ.. “
” හරී අම්මේ මම සයුමීට දෙන්නම්.. “
” හා පුතේ බුදුසරණයි .. “
” හරී අම්මේ බුදුසරණයි .. “
” අම්මා ඔන්න එහෙනම් අක්කීට මට ගන්න කියන්න.. “
” හා චූටී.. මම අහන්නමයි හිටියේ මුකුත් ප්‍රශ්නයක් නෑ නේද.. දෙන්නම හොඳින් ඉන්නවනේ.. “
” ම්ම්.. ප්‍රශ්නයක් නෑ අම්මා.. “
“මොකද චූටී නිකන් ඒක අමුතුවෙන් කිව්වේ.. “
” මටනම් කිසිම ප්‍රශ්නයක් නෑ අම්මා.. ඒත් අයියා කතා කරපු විදියයි , අම්මා අද මේ කතා කරන විදියයි මට හෙන වෙනස්..අනික අක්කී මට තාම එක පාරක්වත් කෝල් නොකරපු එකයි මට ගොඩක්ම අවුල.. “
” අනේ ලමයෝ ඇයි මේ පොඩී ලමයෙක් වගේ.. මන් අක්කාව ඇහැරවලා දෙන්නද.. ? හැබැයි චූටී ඔයා දන්නවා අක්කා ඇලජී වුනාම විඳවන විදිය.. “
” අනේ එපා අම්මා අක්කා පව්.. මට ඇහැරුනාම ගන්න කියන්නකෝ.. “
” ඔයාගේ කටහඬත් වෙනස් චූටී ඇයී ඒ.. “
” සනීප නැතී වුනා අම්මා.. “
” ම්ම්.. උණුවෙන් මොනවා හරී බීලා , පලවෙනි දවසේ කොහෙවත් ඇවිදින්න නොයා ඉන්න චූටී.. ඔයාට හරීයට අමාරු වෙනවනේ ඔහොම වුනාම.. අනික කොහොමත් මේ දවස් වල පරිස්සමෙන් දෝණී ගොඩක් වෙහෙසෙන්න එපා.. “
” හා අම්මී… “
” එහෙනම් මන් තියනවා දෝණී.. දෙන්නා එක්ක පරිස්සමෙන් ඉන්න.. “
” ම්ම්.. හා අම්මී.. බුදුසරණයි .. “
” බුදුසරණයි චූටී.. “
දීපිකා දිග හුස්මක් පල්ලෙහාට දාලා ෆෝන් එක පැත්තකින් තියලා බැලුවේ තෙහෙට්ටු මූනෙන් නිදාගෙන ඉන්න අමායා දිහා..
” මට තේරෙන්නේ නෑ ලොකූ ඔයාගේ නංගී අහන ප්‍රශ්න වලට උත්තර කොහොම දෙන්න ද කියලා.. “
හිතින් හිතමින් අමායගේ ඔලුව අත ගෑවේ ආදරෙන්..
ඔය අතරේ ෆෝන් එක තියලා කේෂ්ගේ පපුවට ඔලුව තියාගෙන හිටිය යුමීගෙන් කේෂ් ඇහුව්වේ,
“බබා ඔච්චර ප්‍රශ්න අහන්නේ මොකද අනේ අම්මාගෙන්.. “
“මගේ හිතට මොකක්දෝ දෙයක් දැනෙනවා අයියේ.. අක්කී කවදාවත් ඔහොම මට කතා නොකර ඉන්නේ නෑ.. හිත කියන්නේම එයාලා මට මොනවා හරී හංගනවා කියලා..”
” මොනා හංගන්නද බබා.. “
” අක්කී මොකක් හරී ලොකූ අවුලක ඉන්නේ කියලා දැනෙනවා.. “
” ඕනවට වඩා හැම දේම හිතන එක නවත්තන්න බබා..”
” ම්ම්.. ඔයා කිව්වට මට අක්කීව දැනෙනවනේ.. “
” එහෙනම් අපි හෙටම ලංකාවට යමූ..”
” එහෙම ඕනේ නෑ.. බලමුකෝ අක්කා කතා කරයිනේ.. “
“දැන් මනස්ගාත හිතන්නේ නැතුව නිදා ගන්න.. “
කේෂ් එහෙම කියලා යුමීව තුරුලු කරගෙන ඇස් දෙක පියා ගත්තා.. පැය කිහිපයකට පස්සේ දෙන්නම ඇහැරුන නිසා කේෂ් දවල්ට කන්න ගෙනාවත් යුමී පලතුරු විතරක් කාලා ලෙමන් එකක් බිව්වේ තවමත් තියෙන අප්පිරියාව නිසා… මුලු දවසෙම යුමීට ඇඳෙන් බහින්න දුන්නේ නෑ කේෂ්.. ඒ තරම් ආදරෙන් කෙල්ලව බලාගත්තා.. හොට් වෝටර් බෑග් එක නිවෙන්න නිවෙන්න එකක් ගෙන්නලා පුලුවන් හැම වෙලාවකම යුමිගේ බඩ අත ගාලා කේෂ් යුමීගේ මේ අසනීපේ අඩු කරගන්න ලොකු සහයක් දුන්නා..
රෑ නිදා ගන්න ගිහිනුත් යුමී කේෂ්ගේ මූණ බලාගෙන ඉඳලා කිව්වේ ,
” ඔච්චර ආදරේ කරන්න එපා මහත්තයෝ හදිස්සීයේ හරී මන් මැරුනොත් ඔයාව දාලා යන්න බැරුව මන් අසරණ වෙයි.. “
” ශූ මොනවද මැණික මේ කියන විකාර කතා.. “
කේෂ් එහෙම කියලා යුමීගේ කටට අත තිබ්බා..
” නෑ මහත්තයෝ දවසක බැරි වෙලාවත් මේ ආදරේ මොහොතකට හරී ඈත් වුනොත් ඔයා මේ දුන්න ආදරෙ මතක් වෙලා මගේ පපුව පැලෙයි මහත්තයෝ .. “
” මගේ ආදරෙ කවදාවත් අඩු වෙන්නේ නෑ පණ.. “
” හෙට නම් අපිට ඇවිදින්න යන්න පුලුවන් වෙයි… “
” ඒත් අඩු නැත්තන් අපී ඉමූ.. ඔයා අමාරුවෙන් යන්න ඕනේ නෑ. . “
” දැන් ටිකක් අඩුයීනේ මහත්තයෝ මටත් මේ කාමරේට වෙලා ඉන්න බෑ..”
” ම්ම්.. ඔයා කියන දෙයක් තමා ඉතින්.. “
” ම්ම්.. “
” එහෙනම් දැන් දොයියමූ.. මෙහේ ලස්සන දේවල් තියෙනවා බලන්න..”
කේෂ් එහෙම කිව්වට පස්සේ යුමී එහෙම්ම කේෂ්ගේ පපුවට තුරුල් වෙලා නිදා ගත්තේ සැනසීමෙන්..
උදේම කේෂ්ට ඇහැරුනේ මහා අමුතූ හීනයක් දැකලා ගැස්සීලා.. දාඩිය දාගෙන ඇහැරුනාට පස්සේ කේෂ් වෙලාව බලලා බැලුවේ යුමී දිහා.. යුමී තාමත් සැපට නිදී හොඳට ගුලී වෙලා..
කේෂ් යුමීගේ නලලට කිස් එකක් දීලා ටේබල් එක උඩ තිබ්බ වතුර එක එක හුස්මට බීගෙන බීගෙන ගියේ මේ දැක්ක හීනේ ගැන හිතමින්..
” මොන විකාරයක්ද මන් ඒ දැක්කේ, මට ලේසියෙන් හීන පේන්නේ නෑනේ.. තුන් හිතකවත් තිබ්බේ නැති රෙද්දක් දැක්කේ.. ශිට්.. “
ශිට් කියලා ඇඳට පාරක් ගහනකොට යුමී නැගිට්ටේ ගැස්සීලා.. ඒ සී එක ඇතුලේ දාඩිය දාගෙන බය වෙලා වගේ ඉන්න කේෂ් ව දැක්කම යුමීගේ හිතත් ගැස්සීලා ගියා..
” මහත්තයෝ මේ මොකද මේ දාඩියත් දාලා බය වෙලා වගේ.. “
” නෑ මන් මේ හීනයක් දැක්කා..”
” අහ් හීන මොනවද අනේ ඕවා ඇත්ත වෙන්නේ නෑ.. “
” ඒ වුනාට මට හීන පේන්නේ නෑනේ බබා.. “
” ඈ එහෙමද.. දැන් මෙච්චර බය වෙන්න මගේ මහත්තයා දැකපූ හීනේ මොකක්ද.. ?”
” නෑ මේ අමායා.. “
” අපේ අක්කිව ඒ මොකක්ද.. “
අමායා කිව්ව ගමන් යුමී කලබල වෙලා අවසන්..
” නෑ නෑ ඒක මේ.. “
” අනේ මහත්තයෝ කියන්න මොකක්ද.. “
” සමහර විට ඊයේ අපී අමායා ගැන කතා කරපූ නිසා වෙන්න ඇතී.. “
” හරී මොකක්ද දැක්කේ.. “
” සුදුම සුදු පාට ඇඳුමක් ඇඳලා හිටියා කියන එක විතරයි මතක.. “
” ම්ම්.. අක්කීට කියලත් ඊයේ කෝල් එකක් ගත්තේ නෑනේ.. මන් දැන් ගන්නවා.. “
” දැන් ගන්න එපා ලමයෝ ඒ මිනිස්සූ නිදි ඇතී අනික් බබා අක්කාට රෙස්ට් එක ඕන නිසානේ ඔහොම ඉන්නවා ඇත්තේ අපි කරදර නොකර ඉමූ… “
” ම්ම්.. හා එහෙනම්.. “
” දැන් ඔයාට කොහොමද.. “
” අඩුයි.. “
” හා එහෙනම් අද ඇවිදින්න යන්න පුලුවන්නේ.. “
” පුලුවන්.. “
” වොශ් එකක් දාගමුද එහෙනම් ගිහින්..”
” ඔයා ගිහින් වොශ් එකක් දාගෙන එන්නකෝ බබා මට ටිකක් වෙලා යනවා…. “
” එහෙනම් මන් එනකන් ඇඳේ ඇල වෙලා ඔහොම ඉන්න.. ඔයා කොහොමත් හොට් වෝටර් එකෙන්නේ වොශ් දාන්නේ.. “
” ඔව් මහත්තයෝ .. අනේ ඔය ටේබල් එක උඩ තියෙන මගේ ෆෝන් එක අරන් දීලා යන්න.. “
නාන කාමරේට යන්න ගිය කේෂ් ෆෝන් එකත් යුමීගේ අතට දීලා ඔලුව අත ගාලා නලලට කිස් එකක් දීලයි ගියේ..
යුමී ෆෝන් එක අතට අරන් වයිෆයි ඔන් කලේ ෆේස්බුක් එක පැත්තට නොගිය නිසා.. ෆේස්බුක් එකේ පල්ලේහාට යනකොට යුමී දැක්කේ අමායගේ මරණ පෝස්ටර් එකක්.. ඒක දැක්කා විතරයි යුමී මහ හයියෙන් කෑ ගැහුව්වේ අක්කා කියලා.. නාන කාමරේ ඉන්න කේෂුත් දුවගෙන ආවේ වුන දේ හිතා ගන්න බැරුව..
” අක්කේ.. “
ෆෝන් එක දිහා බලාගෙන මහා හයියෙන් අඬලා කෑ ගහන යුමීගේ අතින් ෆෝන් එක අරගෙන එකේ අමායා ගේ මරණ පෝස්ටරේ දැකම අකුණක් ගැහුව්වා වගේ දැනුන……
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
👉 බෝම්බ් බ්ලාස්ට් .. 💣💣 තුවාල කාරයෝ එහෙම ඉන්නවනම් සඳුදා වෙනකන් කොහෙන් හරී බෙහෙතක් දාගන්න… හී හී.. අමායට මොකද වුනේ?
👉👉 #සඳුදා කතාව දාන එක ගැන ශුවර් එකක් නෑ වස්තූලා උපරිම උත්සහ කරන්නම්… මොකද දන්නවද? අපි අද නුවර යනවා ඉතින් ගිහින් එන්නේ ඉරිදාට.. සඳුදා උදේ 08 ට නිශී අක්කීට කතාව ඔයාලට දාන්න මන් ඉරිදා රෑ අක්කට දෙන්න ඕනේ.. ට්‍රිප් එකක් ගියාම ෆෝන් වල එල්ලීලා ඉන්න බෑ කියලා ඔයා දන්නවනේ.. ඉතින් සමාවෙන්න දෙන්න බැරී වුනොත්.. ඒත් මම උත්සහයක් දරනවා..
👉 එහෙනම් සුට්ටක් හිතන ගමන් ඉන්න… මොනවා වෙලා ඇත්ද කියලා.. එහෙනම් කෙල්ලනේ , කොල්ලනේ අපී ගියා… ආදරෙයි මගේ කතා කියවන හැමෝටම පැලෙන්න…
➡️ කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ බලන්න ගින්දර වගේ.. ➡
➡️➡️ හමුවෙමු තවත් කොටසකින්
#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..
#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..
ඔයාලා හැමෝටම,
බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

excellent post, very informative. I’m wondering why the opposite experts of
this sector do not notice this. You should proceed your writing.
I’m sure, you have a great readers’ base already!
Very energetic article, I enjoyed that bit.
Will there be a part 2?
My web blog: best delta 8 thc carts
Hi, i read your blog from time to time and i own a similar one
and i was just wondering if you get a lot of spam remarks?
If so how do you prevent it, any plugin or anything you can recommend?
I get so much lately it’s driving me crazy so any
assistance is very much appreciated.
Also visit my site … delta 8 thc near me
Thanks , I have recently been searching for information approximately this subject
for a while and yours is the greatest I have came
upon so far. But, what about the conclusion? Are you sure concerning the supply?
asmr 0mniartist
I have been surfing on-line more than three hours as of
late, yet I never discovered any attention-grabbing
article like yours. It is lovely value enough for me. In my view, if
all website owners and bloggers made excellent
content as you probably did, the net can be much more
useful than ever before. asmr 0mniartist
Greetings! Very helpful advice in this particular article!
It is the little changes that make the most important
changes. Thanks a lot for sharing! 0mniartist
asmr
Hello there! This post couldn’t be written much better!
Looking at this post reminds me of my previous roommate!
He continually kept talking about this. I most certainly will send this information to him.
Pretty sure he will have a great read. Many thanks for sharing!
My blog delta 8 thc products
Its not my first time to pay a visit this web page, i am browsing
this site dailly and get fastidious data from here daily.
My homepage :: cbd gummies
Hello Dear, are you actually visiting this web site regularly, if so after
that you will definitely take good know-how.
Stop by my page … cbd for sale
Hi it’s me, I am also visiting this website regularly, this web site is truly fastidious and the people are truly sharing nice thoughts.
0mniartist asmr
Appreciate this post. Will try it out. 0mniartist asmr
Great post. I was checking constantly this weblog and I’m impressed!
Extremely useful info specifically the ultimate part 🙂 I handle such info a lot.
I used to be seeking this particular info for a
very long time. Thank you and best of luck.
Look at my web page :: delta 8 thc
Hi, constantly i used to check webpage posts here in the early hours
in the dawn, as i like to gain knowledge of more and more.
Feel free to surf to my web page buy delta 8 THC area 52
If you desire to get a good deal from this post then you have to apply these methods to your won web site.
Also visit my web site :: best delta 8 carts