මගේ දෙවනි මනමාලයා ඔහුයි – 57 කොටස

3
830

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

57 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆

යුමී ෆෝන් එක අතට අරන් වයිෆයි ඔන් කලේ ෆේස්බුක් එක පැත්තට නොගිය නිසා.. ෆේස්බුක් එකේ පල්ලේහාට යනකොට යුමී දැක්කේ අමායගේ මරණ පෝස්ටර් එකක්.. ඒක දැක්කා විතරයි යුමී මහ හයියෙන් කෑ ගැහුව්වේ අක්කා කියලා.. නාන කාමරේ ඉන්න කේෂුත් දුවගෙන ආවේ වුන දේ හිතා ගන්න බැරුව..

” අක්කේ.. “

ෆෝන් එක දිහා බලාගෙන මහා හයියෙන් අඬලා කෑ ගහන යුමීගේ අතින් ෆෝන් එක අරගෙන එකේ අමායා ගේ මරණ පෝස්ටරේ දැක්කම අකුණක් ගැහුව්වා වගේ දැනුනත් එතන පල්ලෙහයින් සීයගේ සාස්තරේ කියලා තිබ්බ නිසා නිකමට වගේ මේ ෆොටෝ එක දාපූ දිනේ බැලුවමයී නිකේෂ්ට තේරුනෙ පහු ගිය කාලේ රැල්ලට දාපූ මේ පෝස්ටර් එක අමායත් දාලා කියලා.. ඒ වගේම අමායාගේ ඒ පරන පෝස්ට් එක උඩට එන්න කවුරුම හරී කෙනෙක් ලයික් කරලා කියන එක කේෂ් හොයා ගත්තා..

” අනේ මගේ අක්කා නිකේෂ්.. මේ කවුරුත් මට කිව්වේ නෑනේ.. “

කියලා මහා හයියෙන් යුමී අඬන්න ගත්තේ පිස්සීයක් වගේ… කේෂ් කිසිම දෙයක් නොකියා බලන් හිටියේ මේ අක්කාගෙයි නංගිගෙයි බැඳීම දිහා..

අක්කා කතා නොකර හිටිය නිසයි කෙල්ල පෝස්ට් එක දැක්ක ගමන් කලබල වුනේ.. මොකද යුමීගේ හිතේ අක්කා ගැන තිබ්බේ ලොකූ බයක්..

“කෝ දෙන්න කේෂ් මන් අයියට කෝල් කරන්නම්.. අනේ අපී යමූකෝ නිකේෂ්.. “

යුමී කේෂ්ගේ අතින් අල්ලලා අඬන්න ගත්තා.. තවත් යුමීට අඬන්න දෙන්න කේෂ් කැමතී වුනේ නෑ ඒ නිසාමයි කෙල්ලගේ කර වටෙන් අත දාලා ලඟට අරන්. .

” කේෂ් ඒ මගේ අක්කා දෙයියනේ ඔයා කොහොමද ඔහොම නිකන් ඉන්නේ අනේ.. “

” ශූ ශූ දැන් ඔය අඬන එක නවත්තන්න මගෙන් ගුටි නොකා.. “

“මම කොහොමද අඬන්නේ නැතුව ඉන්නේ.. ඉහී ඉහී.. “

හුස්ම අල්ලන්නෙත් නැතුව අඬන යුමීට කේෂ් සැර කලේ යුමීව මෙල්ල කරන්න තියෙන එකම ක්‍රමේ ඒක නිසා..

” සයුමී කට කට වහගන්නවා.. කට වහගෙන මේක දාලා තියෙන ඩේට් එකයි ඒ වගේම විපත සිදු වෙලා තියෙන ඩේට් එකයි හරියට බලනවා මට කියලා කන පලාගන්නේ නැතුව.. “

කේෂ් එහෙම කියලා ෆෝන් එක යුමී ඉන්න පැත්තට දික් කලා..

කේෂ් එහෙම කිව්වම යුමී අඬන ගමන්ම බැලුවේ ෆෝන් එක දිහා..

” කේෂ් මේ.. “

” කේෂ් මේ තමයි.. මොනවා හරී මගුලකට මර හඬ දීගෙන කෑ ගහන්න කලින් හරියට බලනවා සයුමී.. මොන මගුලක් වෙලාද ඔයාට මේ මෑතක ඉඳන් හැම මගුලටම හොටු පෙරන්නේ.. දෙයක් හොයලා බලන්නේ නැතුව ඔය විදියට හැසිරෙන්න පටන් ගත්තේ කවදා ඉඳන්ද ඔයා.. ඔයා ඒ කෑ ගහපූ විදියට හාට් ඇටැක් තියෙන මනුස්සයෙක් හිටියනම් මෙතනම මැරෙනවා.. “

කේෂ් එහෙම කියලා නාන කාමරේට ගියේ යුමී වචනයක්වත් කියන්න කලින්..යුමී ෆෝන් එක දිහා බලාගෙන ඔහේ කල්පනා කර කර හිටියේ අක්කා ගැන හිතේ තියන ආදරේ වැඩි කමට මේ වුන දේ ගැන… මොකද යුමීට මොන දේ ගැන ඉවසීම තිබ්බත් අක්කා අම්මා ඒ වගේම මනුජ දැන් කේෂ් එක්ක තමන් ලඟින් ඉන්න ඕන කෙනෙක්ට ප්‍රශ්නයක් නම් අන්න ඒ තැනදී යුමීට ඉවසීම කියන එක බිංදුවට බහියන්න යන්නේ තත්පරයයි.. මොකද යුමීගේ මුලු ජීවිතේම එයාලා නිසා..

යුමී කල්පනා කර කර ඉන්නකොට අක්කාගෙන් කෝල් එකක් ආව නිසා මෙච්චර වෙලා යුමීගේ මැලවිලා තිබ්බ මූනට හිනාවක් ආවේ හරියට වතුර නැතුව තිබ්බ ගහකට වතුර දැම්මම පණ එනවා වගේ..

” අක්කා ඔයා හරී නරකයි මට කෝල් එකක් වත් දුනේ නෑ.. “

එහා පැත්තෙන් හෙලෝ කියන්න කලින් යුමී කියාගෙන ගියේ වේගෙන්..

” නෑනෝ මම..”

අමායා ගේ කටහඬ වෙනුවට මනුජගේ කටහඬ ඇහුනම යුමීගේ මුණ ආයේම හුලන් ගිය බැලුමක් වගේ වුනේ මුලු මුහුනම අඳුරු කරමින්. .

” මොකක් ද අයියා කෝ අක්කා.. කොච්චර කෝල් ගත්තද මන්.. දවසකට අම්මා කතා කරනවා ඊට පස්සේ ඔයා..මොකක්ද මේකේ තේරුම ඇලජී එකක් ආවා කියලා අක්කාට කතා කරනන් බැරී කමක් නෑනේ.. මොකක්ද ඔහේ තියෙන ප්‍රශ්නේ.. මම නොදැන මොනවද වෙන්නේ.. කියන්න අයියා කතා කරන්න.. “

යුමී කියවගෙන කියවගෙන ගියේ කේන්තියෙන්..



” හෝව් හෝව් නෑනෝ.. එක්ස්ප්‍රස් කෝච්චි පරාදයිනේ යකූ.. ඉන්න ඉන්න දෙන්නම් ඔයාගේ අක්කාට.. “

” චූටී.. “


අක්කාගේ කටහඬ ඇහුනමයි යුමීගේ හිතට සහනයක් ආවේ..

” මම තරහයි අක්කා ඔයා එක්ක.. “

” අනේ චූටී ඉතින් මට ඇලජී එක වැඩි වෙලා අමාරූ වුනානේ කතා කරගන්න පුලුවන් කමක් තිබ්බේ නෑ මම දවසම නිදී බෙහෙත් බීලා.. “

අමායා කතා කලේ අමාරුකම් සඟවගෙන..

” අක්කා තාම අමාරුයිද ඔයාට.. ගයාන් අයියාට කතා කරන්නද මම.. “

” එපා චූටී ගයාන් අයියා තමා හොඳ ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා දුන්නේ .. දැන් ගොඩක් හොඳයි.. ඒත් මේ බෙහෙත් වලට නිකන් මත් වෙලා වගේ.. “

” ම්ම්.. එහෙමද.. අනේ පරිස්සමෙන් අක්කා.. ඔයාලා විතරනේ මට ඉන්නේ.. “

” හරී චූටී කෝ කේෂ්..”

අමායා එහෙම අහනකොට කේෂ් නානකාමරේ ඉඳන් එලියට ආවේ අතින් කොන්ඩෙත් පිහද පිහද..

” මේ දැන් අක්කා වොශ් රූම් එකේ ඉඳන් ආවේ.. “

” කෝ දෙන්න ෆෝන් එක ටිකක්.. “

” කේෂ් අක්කා ඔයාට කතා කරන්න ඕනෙලූ.. “

කියලා යුමී ෆෝන් එක කේෂ් අතට දුන්නේ බිම බලාගෙන.. මොකද යුමී ගේ අතින් වරදක් වුනා කියන එක යුමීගේ හිත පිලි අරගෙනයි හිටියේ..

” අහ් අමායා කොහොමද දැන් ඔයාට.. “

කේෂ් යුමීගෙන් ෆොන් එක අතට අරන් අවුට් සවුන්ඩ් දාලා ඩ්‍රෙසිං ටේබල් එක උඩ තියලා කතා කලේ කොන්ඩේ පිහදන ගමන්..

” අහ් හොඳයි නිකේෂ්.. අහ අහ අහ.. “

අමායාට කැස්සක් ආවේ කේෂ් එක්ක කතා කර කර ඉන්නකොටමයි..

” අමායා මොකෝ තාම අඩු නැත්ද ඔය ඔයාට හොඳටම කැස්සනේ.. “

අමායා කතා කලේ මනුජ දුන්න වතුර එකෙන් ටිකක් බීලා..

” ඔව් කේෂ් තවම අඩු නෑ.. කැස්සකුත් ඇවිල්ලා මේ බෙහෙත් වලට..”

” බෙහෙත් ටික වෙලාවට බොන්න. . මන් ගයානයට කතා කරලා කිව්වා ටිකක් බලලා ඔයාගේ වැඩ ටික කරලා දෙන්න කියලා.. “

” අනේ ඔව් කේෂ් ගයාන් හැම දේම කරලා දුන්නා.. ඒක නෙවේ ඔයාලා දෙන්නා පරිස්සමෙන් ඉන්වනේ.. අපේ එක්කෙනා මුකුත් අවුලක් දැම්මේ නෑනේ..”

අමායා එහෙම ඇහුව්වම කේෂ් බැලුවේ ඇඳේ ඉඳන් බලන් ඉන්න යුමී දිහා.. එක ඇහැක් උස්සල මූනෙන්ම ඇහුව්වේ දැන් ටිකකට කලින් වෙච්ච දේ අක්කට කියන්නද කියලා..

යුමී එපා එපා කියලා එක පාරටම ඇඳෙන් බැහැලා ඇවිල්ලා කේෂ් ගේ අතේ එල්ලුනේ ඇස් වල කඳුලු පුරවන්.. කේෂ් යුමීගේ ඔලුව අත ගලා යුමීව පපුව හේත්තූ කරගත්තේ ආදරෙන්..

” කේෂ්.. “

ටික වෙලාවක් කේෂ් මුකුත් නොකිව්ව නිසා අමායා කතා කලේ ..

” අහ් අමායා නෑ නෑ මුකුත් අවුලක් නෑ.. “

” අහ් එහෙනම් අවුලක් නෑ දෙන්නම පරිස්සමෙන් ඉන්න ඕනේ.. “

“හරී අමායා ඔන්න මන් නංගීට දෙනවා .. “

යුමී ඇස් වලට ආව කඳුලු පිහදගෙන කතා කලා..

” අක්කී.. “

” ඔයා අඬනවද චූටී..”

” නෑ අක්කී මෙහේ ක්ලයිමෙට් එක වෙනස් නිසා පොඩ්ඩක් හෙම්බිරිස්සාව .. “

” අහ් ඒක තමා .. මුකුත් අවුලක් නෑනේ. . “

” නෑ අක්කී.. “

ටික වෙලාවක් අක්කයි නංගී කතා කලේ සතුටින්.. යුමී අමායා ෆෝන් එක තිබ්බට පස්සේ ශෝට් කලිසමට ආම් කට් ටී එක ඇඳලා ෆෝන් එක ඔබ ඔබ කාමරේ දොර ලඟින් ඉස්සරහ බලාගෙන ඉන්න කේෂ් දිහා බලන් ඉඳලා එක පාරම ගිහින් කේෂ් ගේ බෙල්ලේ එල්ලුනේ කේෂ් ව බය කරමින්..

” ආ හොර වැඩක් කරනවා වගේ නේ බය වුනේ.. “

” මේකී යකෝ.. මොන හොර වැඩද මගේ කොන්ද කඩන්න හදන්නේ මේකී.. ඇයි යකෝ ඔහොම පැන්නම බය වෙන්නේ නැත්ද.. “

” ඉතින් ඔච්චර බය වෙන්න ඕනේ නෑනේ.. “

” ඔව් ඔව්.. මේ මැඩම් ගිහින් ලෑස්තී වෙනවද.. මෙහේ බලන්න දේවල් ගොඩක් තියෙනවා.. “

” ඕකේ සර් .. ඒත් එකම එක මෙව්වා එකක් ඕනේ.. “

යුමී කටත් උල් කරලා ඒ කිව්ව විදියට කේෂ්ට හිනාත් ගියා.. කේෂ් කෙල්ල ඉන්න පැත්තට හැරිලා යුමීගේ ලිප් කිස් කලේ ආදරෙන්..

” එකයි ඉල්ලුවේ.. “

යුමී එහෙම කියලා ඈත් වුනාම කේෂ් ආයේම යුමීව ඇදලා අරන් ඇස් දෙකට එබුනේ ආදරෙන් ..

” ඉල්ලන ගානට වඩා එව්වනම් ඩබල් ලැබෙයි මගේ නෝනට.. “

” ඒවනම් නැතුවට කමක් නෑ මන් ඉල්ලන වෙලාවට විතරක් දුන්නම හොඳටම ඇතී.. “

” ඒවනම් ඉල්ලන්න කලින්ම ලැබෙයි.. “

” මේ කෝලම් කරන්න එපා යන්න දෙන්න මම වොශ් එකක් දාගෙන එන්නම්.. “

” නිකන් පාඩුවේ හිටිය මාව ඇවිස්සුවේ මගේ නෝනා තමයි.. “

” ඇවිස්සුනාට වැඩක් නෑනේ හූ හූ.. “

යුමී දිව දික් කරලා කිව්වම කේෂ් යුමීව තවත් තුරුල් කරගත්තා..

” කවුද කිව්වේ ඔය ඔයා හිතන ජාතියේ දෙයක්….මන් කිව්වේ මේ තුරුල් කරගෙන නිදාගන්න ඕනේ කියලා ඊයේ රෑ වගේ.. ශී හරිම නරක් වෙලා මේ කෙල්ල.. පේනවනේ කැත හිත.. “

” මගේ හිත කැත නෑ ඔයාගේ වචන තමයි කැත.. හුම්ම්.. “

” අම්මේ ඔව් ඔව්.. “

“ඔව් ඔව් තමා. . යන්න දෙන්නකෝ අප්පා.. “

” මැණික. . “

කේෂ් එහෙම යුමීගෙ නලලට නලල තියාගෙන ඇස් දෙක දිහා කෙලින් බැලුවා..

“ම්ම්.. කියන්න බබා..”

” ආයේ මේ ඇස් වල කඳුලු තියෙන්න බෑ.. මන් ආසම නැතී දේ ඒක..”

” ම්ම්… මගේ ඇස් වලට කඳුලු එන්නේ මගේ ලඟම අයට ප්‍රශ්නයක්නම් විතරයි .. “

” නිකන් හැම දේටම කඳුලු පුරවගන්න එපා බබා.. මන් එහෙම ගෑණියෙක්ට ආස නෑ.. මන් ආස ඩිශාන්ට පාඩමක් උගන්නකොට හිටිය යුමීට.. හැමදේටම හොටු පෙරාගෙන අඬන කෙල්ලෝ මට පේන්න බෑ.. “

” හා හා ආයේ එහෙම වෙන්නේ නෑ.. සොරී බබා.. “

” මම මගේ කූනිච්චීට ගොඩක් ආදරෙයි නේ.. “

” මාත් මගේ ඩම්බොට ආදරෙයි නේ ගොඩක්..”

” ම්ම්.. දැන් යන්න වොශ් එකක් දාගෙන එන්න.. “

යුමීගේ කේෂ්ගේ කම්මුලක් කිස් කරලා ටවල් එකත් අරන් නාන කාමරේට ගියා.. යුමී නාලා පිරිසිඳු වෙලා ඇවිල්ලා හොට් ශෝට් එකට හීනී පටී තියෙන ටී එකක් ඇඳලා ශූස් දෙකක් දැම්මේ ආසාවෙන්..

” දැන් අමාරුව අඩුයිද මැණික.. “

කේෂ් එහෙම් ඇහුව්වේ යුමීගේ කොන්ඩේ පිහදන ගමන්..

” බඩ ටිකක් රිදෙනවා… ඒක ශේප්.. “

” ලොකූ අමාරුවක් තියෙනවනම් කියන්න “

” නෑ මහත්තයෝ ඔයා ඉන්නවනේ ලඟින්.. “

” එහෙනම් යමුද.. කොන්ඩේ පීරගන්න.. “

යුමී හිමීට කොන්ඩෙත් පීරගෙන කේෂ්ගේ අතේ එල්ලීලා එලියට බැස්සේ ආසාවෙන්… බාලී වල හැම දේම හරීම ස්වාභාවික විදියට හදලා තිබුනා.. පන් වලින් හැදුව බඩු ගොඩක් ටවුන් එකේ තිබුනා.. කේෂ් යුමී එක්ක ඇවිදගෙන යනකොට දැක්කේ බයිසිකල් පෝලීමක්.. ඒකේ ගෑනූ ලමයින්ට පදින්න ඉස්සරහින් කූඩේ තියෙන බයිසිකල් වගේම පිරිමි ලමයි පදින ඒවා වෙනම තිබ්බා..

” කේෂ් අර.. “

” අහ් ඕනේ නම් ඒ බයිසිකල් අරන් පැදගෙන යන්න පුලුවන්.. ඒවා තමයි මෙහෙට එන ගොඩක් අය ගන්නේ මෙහේ පාවිච්චීයට… ඒත් ඔයාට අමාරු නිසා මන් වාහනයක් කතා කරගත්තා.. “

” අනේ ප්ලීස් කේෂ් අනේ අපී ඒකෙන් දෙකක් අරන් යමූකෝ මන් ආසයි.. “

” ඒ වුනාට ලමයෝ.. “

” අනේ ප්ලීස් කේෂ් මට අමාරූ නෑ ප්ලීස්.. “

” අම්මෝ හරී හරී.. “

කේෂ් එහෙම කියලා යුමීගේ අතින් අල්ලන් ගියේ බයිසිකල් දෙකක් ගන්න.. බයිසිකල් එකක් අරන් යුමීට දුන්නට පස්සේ යුමී හිනා වුන විදියෙන් කේෂ් ගේ හිතට ආවේ වෙනමම සතුටක්..

” පිස්සී මගේ.. “

කේෂ්ට හිතුනේ එහෙම..

බයිසිකල් එක පැදගෙන ටික දුරක් යනකොට ඉස්සරහ එක එක අයිටම් තියෙන කඩයක් ලඟ දෙන්නම නැවතුනේ යුමීට හැට් එකක් ගන්න ඕනේ කිව්ව නිසා.. යුමී එක්ක කේෂ් ලී වලින් පන් වලින් හදලා තියෙන බඩු බැලුවේ ආසාවෙන්.. ඒක නිකන් වෙනමම ලෝකෙකට ගියා වගේ හැඟීමක් තමයි දැනුනේ දෙන්නටම..

“අනේ මරූ කේෂ්.. “

” ඒකනේ බබා මේ හැම එකක්ම පුදුම ලස්සනක්.. “

” මම මේවගෙන් ටිකක් ගන්නවා.. “

” දැන් ගන්න එපා මැණික අපී යන්න කිට්ටූ කරලා ටවුන් ඇවිල්ලා ගමූ.. දැන් ඕක ගත්තොත් ඇවිදින්න යනකොට කරදරයි.. “

” හා එහෙනම් හැට් එක විතරක් ගමූ.. “

” අහ් හා එහෙම කරන්න.. “

දෙන්නා එක්ක කඩේ කතා කර කර ඉන්නකොට එක පාරටම කොටම කොට ගවුමක් ඇඳගත්ත හුරුබුහුටි කෙල්ලෙක් දුවගෙන ආවේ කේෂ්ගේ නම කියාගෙන..

” හායී නිකේෂ්.. “

එහෙම කිව්ව ඒ කෙල්ල එක පාරම කේෂ් ව බදාගත්තේ කේෂුත් හිනාවෙමින් ඒ කෙල්ලව වැළඳ ගත්තේ එකටම වගේ.. යුමීගේ අත අත ඇරලා ඒ ආව කෙල්ලව වැළඳ ගත්ත නිසා යුමීගේ හිතට ආවේ කේන්තීයක්.. යුමී දත් මිටී කාගෙන ඒ කෙල්ලව ….

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

👉 කව්ද ලමයි ඒ කෙල්ල..? යුමී මොනා කරයිද.. ? මොනවා වෙයිද ඉස්සරහට.. ඔයාලට සතුටු හිතෙන ආරංචියක් තියෙනවා ඒ තමයී කතාව තව කොටස් අටක් ඇතුලත අනිවාර්යයෙන් ඉවර කරනවා…

👉 එතකොට මේ අමායට මොනවා වෙලාද ?

👉 තව ඉස්සරහට කතාව මොනවා වෙයිද..?

👉 ඔය හිටියා වගේ ඉවසීමෙන් හිටියොත් දැනගන්න ලැබෙයි…


➡️ හමුවෙමු තවත් කොටසකින්

#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

අද කතාව කොහොමද ?
+1
1
+1
105
+1
6
+1
2
+1
1
+1
0
+1
4

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here