❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️
✍️ දවිත්රි ඉසංකා
59 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆
” මහත්තයෝ මනුජ මහත්තයට වැඩක් වැටුනා කියලා මට එන්න කිව්වා ඒකයි මම ආවේ…මහත්තයලාව හොටෙල් එකට දාන්න කිව්වා .. “
කේෂ් අහන්නත් කලින් ඩ්‍රයිවර් එහෙම කිව්ව නිසා කේෂ් මුකුත් නොකියා යුමී ගේ උරහිසට ඔලුව තියා ගත්තේ දැනුන දැඩි ඔලුව කැක්කුම නිසා…
ටික දුරක් යනකොට එක පාරටම ඩ්‍රයිවර් බ්රේක් එක ගහපු නිසා කේෂ් ව ගැස්සිලා ඇහැරුනා..
” මොකද වුනේ මැණික.. “
කේෂ් ඇස් දෙක වහගෙනම ඇහුව්වේ තවමත් දැනෙන දැඩි ඔලුවේ කැක්කුම නිසා..
” ඉස්සරහින් වාහනයක් දැම්මා මහත්තයෝ එක පාරටම.. ඔයාට ඔලුවේ කැක්කුම අඩුද.. “
යුමී ඇහුව්වේ කේෂ් ගේ ඔලුව අත ගාන ගමන්..
” ටිකක් අඩුයි මැණික.. ඒත් තවම රිදෙනවා.. “
” දැන් ගිය ගමන් ඇඟ ටිකක් හෝදගෙන කාලා නිදාගමූ.. පැනඩෝල් දෙකක් බිව්වම ඕක ඇරිලා යයි මහත්තයෝ .. ගමන් මහන්සිය තියෙන්නේ.. “
” ඔව් ඒකනම් ඇත්ත.. ඇඟට මාර අමාරුයි ඔලුවේ කැක්කුමනම් හතුරෙක්ටවත් හැදෙන්න එපා.. “
“අම්මේ ඔව් ඕන අමාරුවක් ඉවසන්න පුලුවන් ඔලුවේ කැක්කුම නැතුව.. “
” ම්ම්.. ඒකනම් ඇත්ත.. “
” ඔහොම ඇස් දෙක වහගෙනම යමූ .. මන් හොටෙල් එකට ගියාම කියන්නම්.. “.
” ම්ම්.. “
කේෂ් ට යුමී ඔලුව අතගාන සනීපෙටම නින්ද ගියා..
ඒත් එක්කම වගේ යුමීගේ ෆෝන් එකට කෝල් එක ආවේ මනුජගෙන්..
“නෑනෝ.. “
” ඕ අයියා.. “
” ආවා නේද ඔයාලා. . “
” ඔව් ඔයා ආවේ නෑනේ අපිව ගන්න.. “
” අනේ සොරී වෙන්න ඕනේ නෑනෝ මේ අක්කාගේ රිපෝට් වගයක්.. “
කියලා කියනකොටයි මනුජට තේරුනේ කටින් පිටවුන වචනේ බරපතල කම.. ඒකමයි එතනින් එහාට මනුජගේ කටින් වචන ආවේ නැත්තේ..
” අයියා ඇයි අක්කට මොකද ඊයේ කතා කලාම කිව්වනේ දැන් ඇලජී එක හොඳයි කියලා.. “
” ඔව් ඔව් නංගා.. අද ආයේ චෙකප් වගයක් කලා කෝකටත් කියලා .. මේ පාර ඇලජී එක සැරට ආවනේ. . හෙට ඔයාලගේ හෝම්කමින් එකට එන්න අක්කා ෆිට් එකේ ඉන්න එපැයි ඒකයි.. “
” ආ ඒක මිසක්.. හා හා ඒකට කමක් නෑ හෙට රෑනේ තියෙන්නේ ෆන්ශන් එක.. අපි මේ හොටෙල් එකට යන ගමන්.. “
” අහ් ඒක තමා මන් මේ කෝල් කලේ .. පරිස්සමෙන් යන්න එහෙනම්.. කෝ නිකේෂයා.. “
” ඉන්නවා අයියා එයාට ටිකක් නින්ද ගිහින්..ඔලුවේ කැක්කුමක් හැදිලා අමාරුවෙන් ආවේ.. “
” අහ් එහෙනම් දෙන්නා එක්ක පරිස්සමෙන් එන්නකෝ.. මන් තියනවා එහෙනම් බුදුසරණයි .. “
” හරී අයියා බුදුසරණයි .. “
යුමී ෆෝන් එක තියලා ලොකූ කල්පනාවකට ගියා.. මොන හේතුවක් නිසාද මන්දා යුමීට පොඩී කාලෙ ඉඳන් අක්කා එක්ක ගත කරපූ ඒ අතීතේ මතක් වෙන්න ගත්තා.. යුමීගේ හිතට දන්නේම නැතුව ගොඩක් දුර ගියේ ඒ මතකයන් එක්කමයි..
” නෝනා අපී හොටෙල් එකට ආවා.. “
ඩ්‍රයිවර් එහෙම කියනකොටයි යුමී පියවී සිහියට ආවේ..
” අහ් හරී … බෑග් ටික ගන්නකෝ එහෙනම් මන් මහත්තයව එක්කගෙන එන්නම්.. “
යුමී එහෙම කියලා කෙෂ් දිහා බැලුවම දැක්කේ යුමීගේ ඔඩොක්කුවට වෙලා නිදාගෙන ඉන්න කේෂ්ගේ මූණ දිහා.. එහෙම්මම පහත් වෙලා කේෂ්ගේ නලලට කිස් එකක් දීලා හිමීට කේෂ්ව ඇහැරෙව්වා..
” මහත්තයෝ අපී ආවා යමුද ඇතුලට.. “
” ම්ම්.. “
කියලා කේෂ් තව ටිකක් යුමීගේ බඩට මූණ තියා ගත්තා.

” කෝ ඉතින් නැගිටින්නකෝ මහත්තයෝ .. “
කොහොම හරී පෙරැත්ත කරලා කේෂ්ව නැගිට්ටව ගන්න යුමීට පුලුවන් වුනා..
දෙන්නටම දැනුනේ ලොකූ වෙහෙසක්..
” අම්මෝ මට අමාරුයි මැණික.. “
” ඉක්මනට වොශ් එකක් දාගෙන එමුකෝ.. ඊට පස්සේ මන් දැන් කෑම ඕඩර් කලා කාලම පැනඩෝල් එකක් බොමූ, බීලා නිදාගමු.. මම ඕඩික්ලෝන් දාලා මසාජ් කරන්නම්.. කෝ යමූකෝ.. “
දෙන්නා එක්කම ගිහින් වොශ් දාගෙන ඇඳට වැටුනේ දැනුන මහන්සීය එක්කමයි…
කේෂ්ට නින්ද යනකන් යුමී ඔලුව අත ගෑවේ ආදරෙන්… ටික වෙලාවක් ඇතුලත දෙන්නටම නින්ද ගියත් යුමීට මහ රෑ ඇහැරුනේ ගතට දැනුන රස්නේ නිසා.. නිකමට කෙල්ල ඇහැරලා කේෂ්ගේ නලලට අත තියලා බැලුවමයි දැනුනේ කේෂ්ට හොඳටම උණ කියලා..
” දෙයියනේ මහත්තයෝ ඔයාට හොඳටම උණනේ.. “
” ම්ම්.. ම්ම්. . “
කේෂ්ගේ මුවින් හීන් කෙඳිරියක් පිට වුනා..
“අනේ දෙවියනේ.. “
කියලා යුමී ඉක්මනට හොටෙල් එකේ සේවකයෙක්ට කියලා අයිස් බකට් එකක් ගෙන්නගෙන ඔඩික්ලෝන් දාලා නලලට රෙදී පටියක් තිබ්බා.. ඊට පස්සේ හොටෙල් එකේ ඩොක්ටර් කෙනෙක්ට කතා කරලා බලාගෙන හිටියේ ඩොක්ටර් එනකන්..
ඩොක්ටර් ආවට පස්සේ කේෂ්ව චෙක් කරන එක දිහා යුමී බලාගෙන හිටියේ කලබලෙන්..
” ඩොක්ටර් එයාට අවුලක් නෑ නේද.. “
” හොඳටම උණ වැඩි වෙලා තියෙන්නේ.. මම ඉන්ජෙක්ෂන් එකක් දෙන්නම්.. හෙට උදේට මේ බෙහෙත් ටික අරන් දෙන්න.. ගොඩක් වෙහෙසෙන්න දෙන්න එපා.. මේ දවස් වල වයිරස් එකක් හැම තැනම තියෙනවා.. “
” ඩොක්ටර් හෙට අපි දෙන්නාගේ හෝම්කමින් එක .. “
” ඔහ් ඒකත් එහෙමද.. එහෙනම් මන් වෙන ඉන්ජෙක්ෂන් එකක් දෙන්නම්… හැබැයි හෙට බොන්න එහෙම එපා කියන්න එහෙම වුනොත් ඇලජී වෙන්න පුලුවන්..”
” අහ් හරී ඩොක්ටර්.. “
ඩොක්ටර් ගියාට පස්සේ යුමී සැරෙන් සැරේ ඔඩික්ලෝන් වලින් පාන්කඩේ තියලා කේෂ් ව බලාගත්තේ අම්මා කෙනෙක් ලමයෙක් බලාගන්නවා වගේ.. උදේ වෙනකොට කේෂ්ගේ උණ හොඳටම බැහැලා දාඩිය දැම්මා.. ඊට පස්සේ තමයි යුමීට නින්ද ගියේ..
කේෂ් ඇස් දෙක ඇරලා බලනකොට යුමී ඇඳ පාමුල ඉඳගෙන ඉන්නවා කේෂ්ගේ ඔලුවට අතකුත් තියාගෙන මෙට්ටෙට ඔලුව තියාගෙන නිදාගෙන..
කේෂ්ට ඊට පස්සේයි රෑ සිදුවීම් එකින් එක මතක් වෙන්න ගත්තේ..
“ඔහ් ශිට් පව් මගේ කෙල්ල.. එලි වෙනකන් මන් නිසා ඇහැරලා.. මොන කරුම උණක්ද මේ ආවේ.. “
කේෂ් එහෙම හිතලා යුමීව හරහට උස්සලා අරගෙන ඇඳෙන් තිබ්බේ පරිස්සමෙන් .. රෑ පුරාම ඇහැරලා හිටිය නිසා යුමීට නින්ද ගියේ දවල් වෙනකන්මයි..කේෂ් කන්නවත් කතා නොකලේ යුමීට අද රෑටත් ඇහැරන් ඉන්න වෙන නිසා..
දවල් යුමීට ඇහැරුනේ ගැස්සිලා.. ෆෝන් එකෙන් වෙලාව බලනකොටයි දැක්කේ හොඳටම දවල් වෙලා කියලා.. කේෂ් ව බැලුවම කේෂ් බැල්කනී එකේ ඉන්නවා දැකලා යුමී ඒ පැත්තට ගියේ හිනැහෙමින්..
” මහත්තයෝ .. “
කේෂ්ව පිටිපස්සෙන් ගිහින් වැළඳගත්ත කෙල්ල කේෂ්ගේ පිටට මුණ තියා ගත්තා..
” ආ මැණික ඇහැරුනාද.. “
කේෂ් එහෙම අහගෙන යුමී ඉන්න පැත්තට හැරිලා යුමීව පපුවට තුරුල් කරගත්තා..
” උණ අඩු වුනා නේද.. “
” ඔව් මගේ නෝනාගේ සාත්තුව නිසා.. “
” ම්ම්… අනේ ඇයි මට කතා නොකලේ හොඳටම දවල් වෙලා..”
” රෑ එලි වෙනකන් ඇහැරන් හිටිය මගේ මැණිකට කතා කරන එක මොන පව් වැඩක්ද… කන්න නැගිට්ටන්නත් හදලා කතා කලේ නෑ.. අනික රෑ පාටී එකට මූණ අවුල් වෙලා බෑනේ… “
” ඒ නින්ද නොගියනම් මට අමාරු වෙනවා බබා.. “
” ඒකනේ.. ගොඩක් පිං පණ.. “
” මොකටද.. “
” මාව අම්මී වගේ බලාගන්නවට.. “
” හී හී.. ආදරෙයි මහත්තයෝ .. “
” ම්ම්.. ගිහින් වොශ් එකක් දාගෙන එන්නකෝ එහෙනම් දවල්ට කමූ.. තව ටිකකින් අන්දන කෙනා එයි ඔයාව අන්දන්න.. “
” හා මහත්තයෝ … “
යුමී වොශ් එකක් දාගෙන ඇවිල්ලා කාලා ඉවර වෙනකොටම වගේ බියුටීශියන් ආව නිසා දෙන්නම ලෑස්තී වුනේ හවස පාටී එකට..
යුමී රතූවලට ගෝල්ඩ් මික්ස් වෙච්ච ලෙහෙන්ගා එකක් අඳිනකොට කේෂ් ඇන්ඳේ රතු වලට ගෝල්ඩ් මික්ස් වුන කුර්තා එකක්.. ඉන්දියන් විදියට දෙවනී දවස හැඩ වුනේ පලවෙනී දවසේ උඩරට තාලෙට හැඩ වුන නිසා…
ඔක්කොම අවසන් කරලා යුමී දිහා බලපූ බියුටීශියන් කිව්වේ,
” වාව් සෝ කියුට් බ්‍රයිඩ්.. “
යුමීගෙන් දිස් වුනේ වෙනස්ම ලස්සනක්.. කේෂ් එතනට ආවේ ෆොටෝ ශූට් එකට යුමීව එක්කගෙන යන්න.. ඒ ආව කේෂ් යුමීව දැකලා එක පාරටම නැවතුනේ පුදුමෙන්..
” අනේ දෙයියනේ මගේ කෙල්ල ඩෝල් කෙනෙක් වගේ.. “
කේෂ් එහෙම කියලා ඇවිල්ලා යුමීව වැළඳගත්තේ ආදරෙන්..
” මගේ මහත්තයත් හරිම හැන්ඩීනේ අද.. “
” ඒකනේ ඔයාගෙනේ.. “
” ඒකනම් ඇත්ත මගේනේ.. “
යුමී කිව්වේ ආඩම්බරෙන්.. කේෂ් යුමීව අතින් අල්ලගෙන එලියට ගියේ සිංහ ලීලාවෙන්.. මේ යුවල දකින ඕන කෙනෙක්ට ඉරීසියා හිතෙන තරමට මේ යුවල ගැලපුනා..
හෝම් කමින් ෆොටෝ ශූට් එකත් යුමීටත් කේෂ්ටත් කැමතිම තාලෙට අවසන් කරගන්න පුලුවන් වුනා.. කැමරාමන් කිව්වේ මෙච්චර කාලෙකට ගත්ත ලස්සනම ෆොටෝ ශූට් එක කියලයි.. ෆොටෝ ශූට් එක ඉවර වෙලා දෙන්නා එක්ක ආවේ හොටෙල් එකට හොටෙල් එක ලඟට එනකොට යුමීගේ ගෙදර අය එක්ක නෑදෑයෝ යාලුවෝ ඉන්නවා දැක්කම යුමීගේ සතුට දෙගුණ වුනා..
” අක්කී.. “
යුමී හෝල් එක ලඟදී කේෂ් ගේ අත අතහැරලා අමායව බදාගත්තේ ආදරෙන්..
” ඇස් වහක් කටවහක් නෑ මගේ චූටී සුරංගනාවියක් වගේ.. “
අමායා කිව්වේ ඇස් වලට ආව කඳුලක් අරන් යුමී කන පිටිපස්සෙන් තියන ගමන්..
” ආයේ ඉතින් ඔයාගේ නංගීනේ.. මේ ඉන්නේ බියුටී කුවීන් වගේ.. “
අමායා ඇඳලා හිටියේ ගෝල්ඩ් කලර් සාරී එකක්.. මනුජත් එහා පැත්තේන් හිටියේ හිනැහෙමින්..
” කොහොමද අම්මේ ඒක.. අම්මව මතකවත් නෑ මේකීට.. “
මනුජ එහෙම කිව්වේ යුමීව අවුස්සන්න හිතාගෙන…
” එහෙම නෑ නේද අම්මේ.. “
අම්මාවත් වැළඳගත්ත යුමී කේෂ් දිහා බැලුවේ ඊට පස්සේ..කේෂ් යුමීගේ මේ වැඩ දිහා බලාගෙන හිටියේ ලා හිනාවක් මූනේ තියාගෙන…
” එහෙනම් අපී යමූ නේද හොටෙල් එක ඇතුලට.. “
යුමීගේ අම්මා එහෙම කිව්වම ආයෙම කේෂ්ගේ අතේ කෙල්ල ගිහින් එල්ලුනේ සතුටින්.. අක්කාව දැක්කට පස්සෙයි හිතේ තිබ්බ අමුතුම ජාතියේ බය නැතී වෙලා ගියත් අක්කේගේ මූනේ මොකක්දෝ අමුත්තක් යුමී දැක්කත් ඒක ගැන වැඩිය හිතුවේ නෑ….
” මැණික දැන් සතුටුයි නේද.. “
” ඔයා කොහොමද මහත්තයෝ හරියටම කියන්නේ මට සතුටුයි කියලා.. “
” පේනවනේ මෙච්චර දවසක් නොතිබ්බ හිනාව තියෙනකොට පැලෙන්න.. “
” ආ මෙච්චර දවසක් මන් බුම්මන් හිටියද ඒ කියන්නේ.. “
” අනේ නෑ… ඒත් ඔයා හිටියේ මොකක් හරී අවුලක.. ඒකත් අමායා ගැන.. දැන් අමායා හොඳින් ඉන්නවා දැක්කම ඔයාගේ මූණට ආව හිනාවෙන් මන් ඒක තේරුම් ගත්තා.. “
” මන් ගැන දන්නවා නේද මේ ඩම්බෝ ..”
” ආයෙත් අහල හැරුනත් කියන්නම් මේකට හැරෙන්නේ කියලා.. 😋 “
” අම්මෝ හා.. “
දෙන්නම මේ කතා කලේ හොටෙල් එකට යන ගමන් හිමින්..
හොටෙල් එකට ඇතුල් වෙන තැනට වෙනකන්ම ඉන්දියන් තාලෙට නැටුම් කණ්ඩායමකින් තමයි මේ යුවල ව එක්කගෙන ගියේ…
හොටෙල් එකේ ඇතුල් වෙන දොර ලඟ කේෂ් ගේ අම්මා වතුර එකකුත් තියාගෙන හිනා වෙමින් හිටියේ මේ නව යුවල පිලි ගන්න..
කේෂ්ට මුලින්ම වතුර ටිකක් පොවලා යුමීටත් වතුර පොවලා තමයි පිලිගත්තේ.. යුමීගේ පවුලේ අයවත් හිනාවෙනම කේෂ්ගේ අම්මා වගේම තාත්තත් පිලිගත්තා..
කේක් එක කපලා , ශැම්පේන් වක් කරලා දෙන්නම ගිහින් ඉඳගත්තේ සෙටී එකේ..
” කේෂ්.. “
” ඕ.. “
” අනේ හැම දේම හරිම ලස්සනයි අදත්.. “
” ඔව් ඉතින් මේ හඳක් පායලනේ.. “
” අනේ නිකන් ඉන්න.. “
කේෂ්ගෙත් යුමිගෙත් මේ කතාව නැවතුනේ ආව අමුත්තෝ එක එක්කෙනා ෆොටො ගහන්න ආව නිසා..
පාටියේ වැඩ කටයුතු හොඳින් සිද්ධ වුනේ කේෂ්ගෙත් යුමීගෙත් ප්ලෑන් එකට අනුවයි…
මොහොතින් මොහොත කාලය ගෙවිලා ගියේ යුමීවත් කේෂ් වත් තෙහෙට්ටූ කරමින්..
කේෂ් ගේ යාලුවන්ගේ රැග් එකකටත් දෙන්නට මුණ දෙන්න වුනා.. දෙන්නාව දෙපැත්තට තියලා සෙරප්පූ මාරූ කරලා ප්‍රශ්න ගොඩක් යුමීගෙන් වගේම කේෂ්ගෙන් යාලුවෝ ඇහුව්වා.. ඒ හැම දේකටම පස්සේ ලැබුන අවසරෙන් දෙන්නම සෙටී එකේ ඉඳ ගත්තේ අමාරුවෙන්..
” මැණික මට නම් ඇඟට මාර අමාරුයි .. “
” ඔව් ඔයාට උණත් ගත්තනේ ඊයේ.. එක්කෝ අයියේ අපී අන්තීමට දාන්න ඉන්න ඩාන්ස් එක නවත්තමුද.. “
” මොකක්ද අමායයි මනුවයි ඔයයි මායී දාන්න ඉන්න එකද.. “
” ඔව්.. “
” නෑ නෑ එකෙන් පස්සේ ඉවර කරනවනේ.. ඒක කරමු ඒක වෙනස් දෙයක්නේ.. “
දෙන්නා කතා කර කර ඉන්නකොට එක පාරටම ලයිට් ඕෆ් වුනා මුලු හෝල් එකේම..
” මේ මොකක්ද මේ වුනේ.. “
කේෂ් එහෙම කියලා යුමීගේ අතින් අල්ල ගත්තා..
” අනේ මන්දා කේෂ් එලියේ ඒත් කරන්ට් එක තියෙනවා.. “
ඒත් එක්කම වගේ එක තැනක ලයිට් එකක් පත්තූ වෙලා මියුසික් ප්ලේ වෙන්න ගත්තා.. එතකොට තමයි දෙන්නට තේරුනේ කාගේ හරී සප්‍රයිස් එකක් කියලා.. ඒ නිසාම ඕන කමින්ම ලයිට් එක ඔන් වුන් දිහා බලාගෙන හිටියා..
එක පාරටම ලයිට් ඔක්කොම ඔන් වෙලා ලස්සන හිංදි සිංදුවකට නටාගෙන ෆ්ලෝ එකට ආවේ සංසුහී..
“ඕ මයි ගෝඩ් මේවනේ සප්‍රයිස් සංසූ මෙහේ.. “
කේෂ් එහෙම කිව්වම තමයි යුමීත් හරියටම දැක්කේ ඒ ඉන්නේ සංසුහී කියලා..
” ඒකනේ මේ කෙල්ල රටනේ හිටියේ.. “
හිංදි සිංදු කිහිපයකට නටපු කෙල්ල හරීම ලස්සනට නැටුම අවසන් කරලා මයික් එක අතට ගත්තා..
” අයියා අක්කා.. “
එහෙම කිව්වම ඒ කියන්නේ කේෂ්ට අයියා කිව්වම කේෂ්ගේ පවුලේ හැමෝම වගේම කේෂ්ටත් පුදුම හිතුනා..
” ඔක්කොටම පුදුම ඇතී .. පුංචී කාලේ ගහලත් කියවගන්න බැරී වුන වචනේ මගේ කටින් පිට වුනාම.. ඉතින් ඔයාලා විතරක් නෙවේ මටත් පුදුමයි මම ඒක කිව්ව එක ගැන.. ඒකේ ක්‍රෙඩිට් එක යන්න ඕනේ මගේ ආදරණීය නෑනට එහෙම කිව්වම නිකන් දුරයි වගේ මගේ අක්කාට.. මොකද එදා බාලී වලදී මන් අයියාට කේෂ් කියලා අක්කට අක්කේ කිව්වම මූණ වෙනස් වුන විදියෙන් මන් හිතා ගත්තා අයියාට අයියේ කියනවා කියලා කොහොම හරී.. එනී වේ.. ඉතින් එක්සෑම් ඉවර වුනා ඒ නිසා මන් ඔයාලට නොකියම ආවා.. ඉතින් මගේ අයියේ අක්කේ ඔයාලා දෙන්නගේ අලුත් ජීවිතේට මම හදවතින්ම සුභ පතනවා.. සුභ මංගලම් , ජය මංගලම්.. “
කියලා සංසුහී දුවගෙන ඇවිල්ලා යුමීව බදාගත්තා..
” අපිව මතක නැනේ.. “
කේෂ් එහෙම කිව්වේ සංසුහීට රවන ගමන්..
” අපෝ පැලියාව.. “
” ඔව් ඔව් ඇයි යකෝ වෙනදට දුවගෙන ඇවිල්ලා මගේ ඇඟේ එල්ලෙන කෙල්ල.. අද මෙයා ලඟට දුවන් ගියා..හුම්ම්.. “
” ඔව් ඔව් තමුසෙගෙන් වැඩක් නෑ දැන් මට අක්කී ඉන්නවනේ.. තමුසේ ගිය ටිකේ කොහොමත් පිස්සෙක් වගේනේ හිටියේ අක්කී තමා හදලා ගත්තේ.. මෝඩ රිලවා.. “
” මම තමුසෙට.. “
කේෂ් සංසුහිට ගහන්න අත උස්සනකොට සංසුහි පොඩි ලමයෙක් වගේ යුමීගේ පිටිපස්සේ හැංගුනා..
” කේෂ් පව් කේෂ්.. “
යුමී එහෙම කිව්වම කේෂ් හිනා වෙලා අත පල්ලෙහාට දැම්මා..
” හූ හූ හොඳ වැඩේ අක්කී ඔයා ඔහොම්ම ඉන්න නැත්තන් මේකා හදන්න බෑ.. “
සංසුහී එහෙම කියලා දුවලා ගියේ තව හිටියොත් කේෂ්ගෙන් ගුටි කන්න වෙනවා කියලා දන්න නිසා..
” පව් අනේ ශෝක් කෙල්ල.. “
” ඕකී ලේසියෙන් ලංකාවට ගෙන්න ගන්න බෑ.. එහේ ගියාට පස්සේ ආවෙම නෑ.. හරීම හොඳ එකී මන් පවුලෙන් ආදරේම ඕකීට.. “
” හිතේ තියන් ඉන්නේ නෑ කෙල්ල කියලා දානවා.. පව්.. “
” හරියට ඔයාට සෙට් වුනානම් ගලවගන්න වෙන්නේ නෑ.. “
” හී හී…”
ටිකෙන් ටික උත්සවය අවසානයට එනකොට සියල්ලන්ගේ නැටුම්, ගැයුම් අවසානේ යුමී කේෂ් වගේම අමායා මනුජ එක්ක නැටුමක් ලෑස්තී කරල තිබ්බා.. ඒකට හරිම ලස්සනට කපල් දෙක නටන්න පටන් ගත්තේ උත්සවේ අවසන් කරන්න හිතාගෙන.. බෝලී චූරියා හිංදී සිංදුව ඉවර වෙනකන් කපල් දෙකම නැටුවේ පුරුදු වුන විදියට ලස්සනට. .
හෝ හෝ කබි කුශි කබී ගම් කියන කෑල්ලේ තිබ්බේ යුමී එක්ක අමායා කැරකෙන එකක්.. වටයක් කැරකෙනකොට එක පාරටම අමායව ඩාන්සිං ෆ්ලෝ එකේ ඇදගෙන වැටුනේ නහයෙන් වගේම කටින් ලේ දාලා අත පය එක වරම දරදඬු වෙලා.. …
” අක්කී… “
යුමී කෑ ගැහුව්වේ මහ හයියෙන්.. මනුජ අමායව අල්ලගන්න හැදුවත් එක වරම දරදඬු වුන නිසා ෆ්ලෝ එකේම අමායව වැටුනා…
ගයාන් දුවගෙන ආවේ වේගෙන්..
” මනුවා මන් උඹට කිව්වා අමායාගේ තත්වේ හොඳ නෑ කියලා… “
“අමා… “
කියලා කේෂ් කෑගැහුව්වෙත් යුමී අක්කා ලඟ දනගහලා අඬන්න ගත්තෙත් එකටම වගේ.. මනුජ ගල් පිලිමයක් වගේ බලන් හිටියේ පුදුම අසරණකමකින්..
” අක්කී.. ඉහී ඉහී.. අයියේ අක්කීව හොස්පිට්ල් ගෙනියමූ .. ගයාන් අයියා අක්කීව ගෙනියමු.. “
යුමී හැසිරුනේ පිස්සීයෙක් ගානට..
මනුජගේ ඔඩොක්කුවේ තියෙන අමායගේ බෙල්ල පැත්තට කඩාගෙන වැටුනේ හැමෝවම තවත් බය කරමින්..
” අක්කී…….. “
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
👉 ඉරිදා මගේ සුභ හැපී බර්ත් ඩේ එක ලමයි.. හී…
👉 බෝම්බ්.. 💣 සඳුදා කොටසින් හම්බෙමූ..
👉 අමායට මොනවා වෙයිද ඉතින්..
👉 තව කොටස් 06 යි…
👉 තව ඉස්සරහට කතාව මොනවා වෙයිද..?
👉 ඔය හිටියා වගේ ඉවසීමෙන් හිටියොත් දැනගන්න ලැබෙයි…
➡️ හමුවෙමු තවත් කොටසකින්
#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..
#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න..
ඔයාලා හැමෝටම,
බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️
After looking into a few of the articles on your web site, I honestly like your technique of writing a blog.
I added it to my bookmark website list and will be checking back soon. Please
check out my web site as well and let me know how you feel.
asmr 0mniartist
I’ve learn a few just right stuff here. Definitely value bookmarking
for revisiting. I wonder how so much effort you place to make
the sort of wonderful informative site. 0mniartist asmr
What’s up colleagues, good paragraph and nice arguments commented at this place,
I am actually enjoying by these. asmr 0mniartist
Hello, after reading this awesome article i am also cheerful to share my knowledge
here with mates. 0mniartist asmr
Woah! I’m really enjoying the template/theme of this website.
It’s simple, yet effective. A lot of times it’s difficult to get that “perfect balance” between superb usability
and appearance. I must say you have done a awesome job with this.
Additionally, the blog loads extremely quick for
me on Opera. Exceptional Blog!
Fantastic beat ! I wish to apprentice even as you amend your website, how can i subscribe for a
weblog website? The account helped me a acceptable deal.
I were tiny bit familiar of this your broadcast offered bright clear concept 0mniartist asmr
I think this web site holds some very fantastic info
for everyone :D.
My website: https://freeholmes.com/
This piece of writing is genuinely a nice one it helps new web people, who are
wishing in favor of blogging.
Also visit my website :: gamegamma.com.tw
Some times its a pain in the ass to read what website owners wrote
but this internet site is very user pleasant!
Also visit my webpage; https://wiki.cowise.info/5_Techniques_For_Arranging_Weight_Loss
Your style is so unique compared to other people I have read stuff from.
Thank you for posting when you’ve got the opportunity, Guess I’ll just bookmark this page.
Also visit my web page … http://phoenix.askmeclassifieds.com
I was able to find good info from your blog articles.
Feel free to visit my webpage: punbb.00web.net
I do not know if it’s just me or if everyone else experiencing problems
with your website. It appears like some of the text in your content are running off the
screen. Can someone else please comment and let me know if this is happening to them
as well? This might be a problem with my web browser because I’ve had this happen previously.
Many thanks
Take a look at my website – https://www.qiurom.com/