දේවතාවී – 01 කොටස

16
1336

දේවතාවී 

     01 වන කොටස 

◈ ━━━━━━━ ⸙ – ⸙ ━━━━━━━ ◈

  දවසක් හැර දවසක් සුපුරුදු රෑ ❽ට

◈ ━━━━━━━ ⸙ – ⸙ ━━━━━━━ ◈

           තාමත් රතු වෙලා ඇඳුම්කන කම්මුල දිහා බලාගෙනම මාධවී කණ්ණාඩි මේසය ඉස්සරහා ඉඳගත්තා. ඒ එක්කම ඇහුණේ තනුරගේ බයික් එක ස්ටාර්ට් වෙන සද්දේ. ටික වෙලාවකින් බයික් එක ගේට්ටුවෙන් එළියට යනවා මාධවීට ඇහුණා. කාමරේ මේසේ දිහාවට ඇස් යැව්වාම දැක්කේ තමන් තියපු විදියටම තනුරගේ තේ කෝප්පේ මේසේ උඩ තියෙනවා. කොණ්ඩේ පීරන එක පැත්තකින් තියලා මාධවී නැගිටලා ගිහින් තේ කෝප්පේ දිහා බැලුවා. 

          ” අනේ තනුර මේ තේ එක බීලා යන්නකෝ.. “

           මේ පහුගිය කාලය පුරාවටම මන්තරේ වගේ උදේට මාධවීගේ කටින් පිටවෙන වචන පේලියක්. ඒත් කවදාවත් ඒ ඉල්ලීම තනුරගේ පැත්තෙන් ඉටු වුණේ නෑ. අසාවෙන් හදපු තේ එක මේසේ උඩ ඔහේ නිවෙන්න ඇරලා තනුර බයික් එකේ නැගලා යන්න ගියා. අද කියලා වෙනසක් නෑ. අදත් තේ එක මේසේ උඩ තිවිලා යනවා. 

          ” කොච්චර කිව්වාත් අහන්නේ නෑ.. තේ එක හදලා උස්සන් යනවා.. හැමදාම මගේ කොල්ලා හිස් බඩ ගෙදරින් එළියට බැහැලා යනවා.. මේ ගෑනියෙක් බැඳගෙන මොන කරුමයක් පඩිසන් දුන්නාද මන්දා මගේ කොල්ලාට.. “

          කාමරේ දිහාවට ඇස් දාගෙන එතනින් කුස්සිය පැත්තට යන ගමන් සුපුරුදු ඇනුම් පදයක් තනුරගේ අම්මා අතෑරියා. මේවා නම් දැන් ටිකක් පුරුදුයි. ඉවසන්න ඉඟෙනගෙන ඉවරයි. ඒත් හිත පෑරෙන තැන් වැඩියි. බලන කිසිම තැනක හිතට පොඩි හෝ සහනයක් නැති තැන කාටත් හොරෙන් අඬපු අවස්ථා ඕන තරම්. 

          දිග හුස්මක් අරන් තේ කෝප්පේ දිහා බලාගෙන මාධවී ටිකක් වෙලා කල්පනා කළා. 

        ” හැමෝම මට ඇනුම්පද කියනවා.. මාව මූසල ගෑනියෙක් ගාණට දාලා කතා කරනවා.. ඒත් ඒ හැමදේම උහුලන්න පුළුවන් තනුර මට.. ඒ වුණත් ඔයා මට මෙහෙම කරද්දි මම කොහොමද ජීවත් වෙන්නේ.. මං කියලා මොනා කරන්නද..? මේක මගේ කරුමේ කියලා හිත හදාගන්නද..? එහෙම නැත්තං ඔයාව වෙන කෙනෙක්ට දීලා පැත්තකට වෙන්නද..? කොහොමද දෙයියනේ මම එහෙම කරන්නේ.. ඔයා මගේ පණනේ.. මම කොයිතරම් නම් ආදරෙයිද තනුර ඔයාට.. ඔයා මට කොයිතරම් ආදරේ කළාද..? එත් ඇයි ඔයාට මං ගැනත් තේරුම් ගන්න බැරි.. ඔයාත් මට නෑ කියලා දැනෙද්දි මැරෙන්න හිතුණ වාර නම් අනන්තවත් තනුර.. “

            ඇස්වලට කඳුළු එකතු වෙද්දි මාධවී තමන්ටම කියාගෙන තේ කෝප්පේ මේසේ උඩින් තියලා ආපහු ඇවිල්ලා කණ්ණාඩි මේසේ ඉස්සරහා ඉඳගත්තා. ඇස් යන්නේම වම් කම්මුලේ රතු පාටින් හිටලා තියෙන තනුරගේ ඇඟිල් පාරවල් හතර දිහාවටයි. 

          ” අනේ තනුර මට හුස්ම ගන්න බෑ… අ..හ්… අනේ…. මගේ බෙල්ල….. “

           ඊයේ රෑ තනුර හුස්ම හිරවෙන තරමට බෙල්ල තදකරලා ඇල්ලුව හැටි මතක් වුණේ කම්මුලේ තියෙන ඇඟිලි පාරවල් හා සමානව බෙල්ලේ තියෙන නියපොතු පාරවල් නිසාමයි. 

           ” හුස්ම ගන්න බැරි නම් තෝ මැරියන්.. කාලකණ්ණි ගෑනි.. කෑවා තෝ මගේ ජීවිතේ.. “

           තනුර බෙල්ලෙන්ම අල්ලලා දෙපාරක්ම බිත්තියේ ඔළුව ගහපු නිසාම කොණ්ඩේ පීරන්න පනාව ඔළුවට ළං කළා විතරයි ඔළුව පිටිපස්සේ ඉඳිමිලා ගෙඩි ගැහිලා වගේ දැනුණා. 

          ” අනේ ඇයි තනුර මට මෙහෙම කරන්නේ.. මාව මැරෙයි.. කැ…හ්… කැ..හ්… “

          හුස්ම හිර වේගෙන එද්දි මාධවී අමාරුවෙන් කතා කළා.

         ” උඹ…. උඹ……… මම උඹව……. “

         දත් මිටි කාගෙන කේන්තියෙන් වෙව්ලන තනුරගේ ඇස් ලොවි ගෙඩි දෙකක් තරමට රතු පාටට හැරිලා. ඒත් ඒ දිහා බලන තප්පරේට කම්මුල් හරහා වැදුණ කනේ පාරට ඇස් නිලංකාර වෙලා ගිහින් බිම ඇද වැටුණේ අකුණක් වදින තරමට වැලමිට ඇඳ විට්ටමේ වැදීගෙනයි. ඇඟ පුරා දැණෙන වේදනාවට කොහේ කියලා අල්ලන්නද කියලා මාධවීට හිතා ගන්නත් බෑ. 

           ” අම්මා………. “

           බිම වැටිලා ඉන්න මාධවී අමාරුවෙන් ඇස් අරිනකොටම තනුර වේගයෙන් පයින් ගහපු පාරට කෑ ගහගෙන මාධවී බඩ අල්ලගත්තේ ඒ මොහොතේ නම් තමන් මැරුණා කියලා හිතාගෙනමයි. ඇස්වලින් කඳුළු වෙනුවට ලේ පිටවෙනවා වගේ දැනුණා. මුළු ඇඟම වේදනාවෙන් පුපුරු ගහද්දි මාධවී බිම ඉඳගෙනම ආපහු ඇස් ඇරලා තනුර දිහා බැලුවා. එතනම හිටන් හිටිය තනුර දණිහිසක් බිම තියලා පහත් වෙලා අතකින් මාධවීගේ කම්මුල් දෙක තද කරලා කට මිරිකෙන විදියට ඇල්ලුවා. ටික වෙලාවකට කලින් වැදුන කම්මුල් පාරේ වේදනාව දෙගුණ වුණේ කම්මුල් දිගේ අලුත් කඳුළු පේළියක් තනුරගේ ඇස් ඉස්සරහාම බිමට වැටෙද්දියි. 

          ” උඹ… උඹ… මේක උඹ හොඳට අහගනින්.. “

           දත් මිටි කාගෙන තනුර කතා කරනවා. මූණටම ළං වෙලා තියෙන තනුරගේ කටින් එන අරක්කු ගඳ තදින්ම එවෙලේ දැනුණා. මේ තරම් කේන්තියක්..? නෑ… මේ තරම්ම වෛරයක්.. මරන්න තරම් වෛරයක්.. අනේ දෙයියනේ මං මොනා කළාටද..? 

– මොකද හිතෙන්නේ පළවෙනි කොටස ගැන..?

         ටික දවසක් යනකම් කතාව දවසක් ඇර දවසක් අරන් එන්නම් රෑ 8ට. ජොබ් එකයි අනිත් දේවල් වගේම අවුරුදුත් ලඟ එනවා ඉතිං ගෙදර වැඩ කටයුතුත් ඔළුවෙන් උඩට පිරිලා දැන්. මට තියෙන ආදරේ අඩුවක් කරන්න එපා. එහෙනම් අනිද්දා රෑ 8ට එන්නම්. ආදරෙයි මගේ පාඨක රැලට. 

#ඊලඟ_කොටස_අනිද්දා_රෑ_8ට.

බුදුසරණයි ☸☸☸

Nishee Boteju

Nishee Boteju II

බුදුසරණයි. 

අද කතාව කොහොමද ?
+1
19
+1
54
+1
1
+1
1
+1
2
+1
1
+1
0

16 COMMENTS

  1. Hi, i read your blog from time to time and i own a similar one and i was just wondering if you get a lot of spam remarks?
    If so how do you stop it, any plugin or anything you
    can advise? I get so much lately it’s driving me crazy so any assistance is very much appreciated.

  2. After checking out a few of the blog posts on your website, I truly appreciate your way of writing a
    blog. I bookmarked it to my bookmark site list and will be checking back soon. Please check out my
    website as well and tell me how you feel.

  3. My brother recommended I might like this web site. He used to
    be totally right. This submit actually made my day. You cann’t consider simply how much time I had spent for this information! Thanks!

  4. My partner and I stumbled over here by a different web address and thought I may as well check things out.
    I like what I see so i am just following you. Look forward
    to looking at your web page for a second time.

  5. I was extremely pleased to discover this site. I want
    to to thank you for ones time due to this wonderful read!!

    I definitely appreciated every bit of it and i also
    have you saved as a favorite to check out new things on your
    web site.

  6. scoliosis
    Having read this I believed it was rather enlightening. I appreciate
    you taking the time and effort to put this content together.

    I once again find myself spending way too much time both reading and leaving
    comments. But so what, it was still worth it! scoliosis

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here