ඩියර් හබී – 01 කොටස

78
1853

ඩියර් හබී 1 වන කොටස

        ” භාහුං සහස්ස මභිනිං..

         මිත්ථා සයුදංතම්…

         ගිරිමේඛලම් උදිථ ඝෝර

         සසේන මාරම්…

         දානාදිධම්ම විධිනා

         ජිථාව මුනින්දෝ…

         ථම් තේජසා භවතු දේ

         ජයමංගලානී…”

          ජය මංගල ගාථා කියන ලමයි ටික

 තාලයකට කියද්දි විහංගා ඇස් කොනෙන් බැලුවේ තමන්ගේ එහා පැත්තේ ඉන්න මිගාර දිහා. කළු පාට සූට් එකට සුදු ෂර්ට් එකක් ඇඳලා ඉන්නවා උසට උසේ ඉන්නවා හරියට හින්දි නළුවෙක් වගේ. කොල්ලාගේ ඇස් නම් එහෙම්මම කෙල්ල ගාව නතර වෙලා. රත්තරං පාටින් වැඩ දාපු ඔසරියට කෙල්ල නිකන් නියම උඩ රට මනමාලියෙක් වගේ ලස්සනයි.

         ” මොනාද බලන්නේ…? “

         විහංගා ඇස් කරකවලා ඇහුවා.

         ” ලස්සන… “

         ” කාගෙද…? “

         ” අර Bridesmateට ඉන්න කෙල්ලගේ… “

         ” පෝරුව උඩ නෙමෙයි නම් මම බෙල්ල මිරිකනවා ඔයාගේ… මං ඇර වෙන උන් දිහා බලන්න තහනම් අදින් පස්සේ… මට අහුවෙයන්කෝ… බෙල්ල මිරිකන්නෙ බෙල්ල… “

          ” කමක් නෑ… චුට්ටක් ලාවට මිරිකන්න… ආසයි මං… “

          ” බෙල්ලද…? “

           ” නෑ… “

          මිගාර අමුතු තාලෙකට හිනා වෙලා කිව්වාම කොල්ලාගේ අත මිරිකලා කොනිත්තන්න පුළුවන් නම් කෙල්ල ඒක කරලා. 

           ” මාව බලන්න අපේ ගෙදර ආව දවසේ හිමිජ්ජා වගේ හිටියේ නේද…? දැන් ඒකට… “

           ” කවුද…. මංද… “

           ” නෑ… අර Bestmanට ඉන්න කොල්ලා… “

           ගමේ හැදුනාට කට නම් විහංගාගේ උපරිමයෙන් තිබුනා. ගමේ කොල්ලෙක් වැරදිලා හරි හැරිලා බලලා විසිල් එකක් ගැහුවොත් අතට අහුවෙන පොල්ලකින් ගහන්න බැරිනම් අඩුම ගානේ ගලකින් හරි ගහන ජාතියේ කෙල්ලෙක් තමා විහංගා කියන්නේ. 

            ” ආ…. එහෙමද… එනවා මෙතන Bestman දිහා බලන්න… ඉන්නවාකෝ… මං අල්ල ගන්නම් අද රෑට… “

            ” කාවද…? මාවද…? “

            ” ඔව් ඔව්… මේ ඔක්කොම ඉවර වෙලා යන්න ඕනේ මාත් එක්කනේ මැඩම් ඔයා… ගමේ කොල්ලොන්ට දාපු සද්ද ඔක්කොම බස්සලා ගන්නේ හොටෙල් එකට ගියාම… “

            ” ඒවා කොහෙද මං කෑ ගහනවා… “

             ” හනිමූන් දවසේ මනමාලි කෑ ගැහුවට කවුරුත් එන්නේ නෑ හලෝ…. “

             මිගාර ඇහැක් ගහලා කියද්දි කෙල්ලගේ කන් දෙකත් රතු උනා. 

            ” වලත්තයෙක් මහා… “

            ” නැතුව බෑනේ… “

             මිගාරට නම් ගානක්වත් නෑ. කෙල්ලට පේනවා දෙපැත්තෙම නෑදෑයෝ පිරිලා බලන් ඉන්නවා. ගොක් අතු වලින් ගහපු පෝරුව උඩට වෙලා අෂ්ඨක කියලා ජයමංගල ගාථා කියලා ඔක්කොම චාරිත්‍ර ටික ඉවර උනාට පස්සේ…;

              ” දැන් මේ මංගල ජෝඩුව දකුණු කකුල ඉස්සරහට තියලා බහින්නකෝ එකටම… “

            කපු මහත්තයා එහෙම කිව්වාම කෙල්ල මිගාරගේ අතින් අල්ලන් පෝරුවෙන් බහිනකොට ඇස් දෙක නතර වෙලා තිබුනේ පොඩි මාමා බිඳින්න ලෑස්ති උන පොල් ගෙඩිය දිහා. දෑත බදලා දුන්න මන්න පාරට පොල් ගෙඩිය දෙබෑ උනාම කෙල්ලගේ හිතට මාරම සතුටුයි. එහෙම උනාම කසාදේ ලස්සනට හරියනවාලු, සාර්ථක වෙනවාලු. එහෙම කතාවක් කෙල්ල අහලා තිබුනා. 

            ” චාරිත්‍ර ටික නම් හරි… අපි කසාදේ රෙජිස්ටාර් කරලා ඉමු නේද…? “

            තාත්තා එහෙම කිව්වාම කෙල්ල මිගාර එක්ක ගිහින් වේලාසනින්ම ගෙන්නවලා තිබුන රෙජිස්ටාර් මහත්තයා ගාවට ගියා. 

          ” විහංගා මන්දාකිණි වන මම…. මෙහි සිටින… මිගාර සෙනවිරත්න වන අයව… මාගේ ස්වාමි පුර්ෂයා ලෙස………. “

             රෙජිස්ටාර් මහත්තයා කියන කියන එක කෙල්ල එහා පැත්තට කිව්වේ ඇස් අගිස්සෙන් මිගාර දිහා බලාගෙන. පුංචි කාලේ මිගාරගේ ඇඟේ චූත් දැම්මාලු කෙල්ල. ඒ හරියට කතා කරන්නවත් බැරි කාලෙලු. කතා කරනවා කෙසේ වෙතත් ඇවිදින්නවත් බැරි කාලේ ඉඳලාලු විහංගා මිගාරව දන්නේ. හීනයක් වගේ ඒ මිගාරම අද තමන්ගේ කසාද මහත්තයා වෙනවා කියලා හිතෙනකොට කෙල්ලට හිතා ගන්න බෑ මේක හීනයක්ද කියලා. 

            ” මිගාර පුතේ… මේ මගේ ඇස් දෙක… මට මේ වෙනකම් පුතෙක්ටයි දුවෙක්ටයි කියලා දෙකටම හිටියේ මගේ මේ කෙල්ල විතරයි… ඇස් දෙකක් වගේ බලාගන්න… කොළඹ ගිහින් මේ කෙල්ලව තනි කරන්න දුකක් දෙන්න එපා… උපන් දා ඉඳලා මේ ගමෙන් පිට මං එක රැයක් තියලා නෑ මගේ කෙල්ලව…. “

            තාත්තා මිගාරගේ අත් දෙක අල්ලන් කියද්දි කෙල්ල තාත්තාගේ ඇඟේ එල්ලිලා පොඩි එකෙක් වගේ අඬන්න ගත්තා. මොන්ටිසෝරියට ගිය මුල්ම දවසේ තාත්තාට යන්න නොදී ඇඳුව හැටි කෙල්ලට මතක් උනා. හැමෝගෙන්ම මිදිලා පැය දෙක තුනක් කාර් එකේ ඇවිල්ලා ලස්සන හොටෙල් එකකට එනකොට පුංචි කාලේ ඉඳලා හැදුන වැඩුන අම්මාවයි තාත්තාවයි දාලා එද්දි කෙල්ලගේ හිතේ තිබුන දුක චුට්ටක් විතර අඩු වෙලා ගිහින්. 

            ” ලස්සනද හොටෙල් එක…? “

           මිගාරගේ අතේ එල්ලුන විහංගාගෙන් කොල්ලා ඇහුවා. 

            ” ගොඩාක්… මගේ මහත්තයා ඉන්න ඕනම තැනක් මට ලස්සනයි… “

            කෙල්ල ඇස් පුංචි කරලා හිනාවෙන ගමන් කිව්වා. 

             ” ඊඊඊ…. මහත්තයා…? එහෙම කියන්නේ නෑ… ඒ ගමේදි… කොලඹ ආවම හබී කියලා කියන්න… මහත්තයා කිව්වාම ගොඩේ වගේ… අපේ සොසයිටි එකට ගැලපෙන්නේ හබී කියලා කතා කලාම… මගේ යාළුවෝ ඉන්න තැන් වලට ගියාම… අපි දෙන්නා එකට පාටිස් වලට ගියාම ඔයා මට හබී කියලා කතා කරන්න… ඔන්න ඕවා නම් ඔයාට වෙනස් කරගන්න වෙයි… හරිද ලමයෝ… “

             කොළඹ ලොකු සල්ලිකාරයෙක් උන මිගාර කෙල්ලට නොදැනෙන්න කසාද බැඳපු දවසේම නීතියක් දැම්මා. 

          ” Ok My #ඩියර්_හබී…. මං ඔයාට හබී කියලාම කියන්නම්කෝ එහෙනම්… “

             කෙල්ල ආදරෙන් මිගාරගේ අතේ එල්ලිලා හෝටලේ කලින්ම ජෝඩුවට වෙන් කරපු කාමරේට ආවා. ගමේ හැදුන කෙල්ලට පේන්නේ නිකන් මේ කාමරේ තියෙන දේවල් මැජික් වගේ. මාරම ලස්සනයි. රූම් බෝයි ජෝඩුවගේ බෑග් දෙක කාමරෙන් තියලා ඉවර උනාම මිගාර දොර ලොක් කරන අතරේ කෙල්ල උදේ ඉඳන් දාගෙන හිටපු රත්තරං පාට පටි සපත්තු දෙක ගැලෙව්වා. ඒත් එක්කම කෙල්ලට තේරුනේ මිගාර පිටිපස්සෙන් ඇවිල්ලා වෙඩින් ඔසරියයි හැට්ටෙයි අතරින් අත දාලා කෙල්ලගේ බඩින් අල්ලලා තමන්ව මිගාරගේ පපුවට තද කරන් බෙල්ල හරිය ඉඹින්න ගන්නවා. මිගාර මේ තරම් තදියමේද හිටියේ කියලා කෙල්ලට හිතුනා. කමක් නෑ ඕන දෙයක්. මාව අයිති එයාටනේ… මේ ඉන්නේ මගේ මිගාරනේ… කියලා කෙල්ල හිතලා කෙල්ල එහා පැත්තට හැරෙනකොටම මිගාර කෙල්ලව බිත්තියට හේත්තු කරලා චුටි ලස්සන තොල් දෙක තමන්ගේ තොල් වලින් අල්ලගෙන ඉඹින්න පටන් ගත්තා. අම්මෝ…. ඒ දැනෙන උණුහුම මේ පුංචි කෙල්ලට උහුලන්න බැරි තරම්.

             ” චූටි…… චූටි…… “

            ඒත් එක්කම කෙල්ලට ඇහුනේ අම්මාගේ කටහඬ. ඇස් වහන් හිටිය විහංඟා ඇස් ඇරියේ…;

             ” හෑ… අම්මා කොහෙන්ද දෙයියනේ අපේ හනිමූන් එක අස්සේ මේ හෝටලේට කඩා පාත් උනේ….? “

           කියලා හිතන ගමන්. 

           ” නැගිටින්න ළමයෝ…. හයයි වෙලාව…. අර මිනිස්සු මග එනවත් ඇති…. “

           කෙල්ලගේ මූණට උඩින් පහත් වෙලා අම්මා එහෙම කිව්වාම තමා කෙල්ල පියවි ලෝකෙට ආවේ. 

            ” හරි අම්මා මං ලෑස්ති වෙන්නම්… “

           කෙල්ල ඔළුව කස කස නැගිට්ටා. එතකොටයි තේරුණේ මෙච්චර වෙලා දැක්කේ හීනයක් කියලා. මිගාර…. කෙල්ලගේ සිහින කුමාරයා. දැන් දවස් තුනක් තිස්සේ ඇස් පියවෙන හැම වෙලාවකට විහංගාට පේන්නේ මිගාරව කසාද බැඳලා එකට ජීවත් වෙන විදියේ හීන. 

            ” මොකද චූටි ඔය කොට්ටේ ගාව තෙමිලා… ඊයේ රෑ වැස්සට උඩ වහලෙන් වතුර වැටුනාද…? “

            අම්මා එහෙම අහපුවාම කෙල්ල බැලුවේ කොට්ටේ දිහා. 

          ” හුටා… යකඩෝ නින්දෙන් මිගාරව කසාද බැඳලා තාත්තාව දාලා යද්දි පට්ටම ඇඬිල්ලක් අඬලානේ මම… ඇත්ත නේන්නම් වැස්සට තෙමිලා වගේ කොට්ටේ තෙමෙන්නම අඬලානේ… මල මගුලයි… අම්මාට මොනාද කියන්නේ… “

           කෙල්ල කොට්ටේ දිහා බලාගෙන කල්පනා කලා. 

          ” ආ….හ් ඔව් අම්මා… රෑ ලාවට තේරුනා වතුර වැටෙනවා… හිලක් ඇති වහලේ… “

         අම්මා කියපු දේම අනිත් පැත්ත හරවලා කෙල්ල පත බොරුවක් ඇදලා ඇරියා.

          ” හරි හරි… නාගෙන එන්න ඉක්මනට… සාරියක් අඳින්නත් වෙලා යනවානේ… ඒ මිනිස්සු පාන්දර එනවා කිව්වේ… “

         ” ගඟට ගිහින් නාගෙන එන්නද මං…? සනීපයි… “

          ” මේ චූටි…. ගුටි කන්න එපා මගෙන්… කොල්ලො කුරුට්ටෝ එක්ක උඩ පැන පැන ගඟේ බැහැලා නාපු කාලේ වරයි දැන්… අනික මේ හිමිදිරි පාන්දර මොකාද ගඟට බහින්නේ… මිගාර පුතාව කසාද බැන්ඳාම එහෙ ගිහින් ටයිල් අල්ලපු නාන කාමර වල නාන්න ඕනේ… දැන් ඉඳලාම ඒවට පුරුදු වෙන්න… අර පීල්ලෙන් එන වතුර ටික තත්තා බැරල් එකට පුරවලා තියෙන්නේ… නාගෙන එන්න ගිහින්… “

             අම්මා එහෙම කියලා කාමරෙන් ගියාම කෙල්ල හිමින් කොට්ටේ උස්සලා ඒක යටින් ගත්තේ මිගාරගේ ෆොටෝ එකක්. මිගාරගේ ෆොටෝ එක කොට්ටේ යට තියන් කෙල්ල මේ දවස් වල නිදාගන්නේ. 

            ” දන්නවාද මිගාර අයියේ… අපේ ගමේ නම් කෙල්ලො කසාද බඳින්නේ එක පාරයි… උන් දෙවනි පාර බඳින්නේ නෑ… මුල් එක කැඩුනොත් ගමේ ඉන්න බැරි නිසා එක්කො ගමෙන් යනවා… එහෙම නැත්තං ගඟට පනිනවා වෙච්ච ලැජ්ජාව ඉවසන්න බැරුව…

           ඒත් පෙරේදයි ඊයෙයි අදයි මං තුන්පාරක්ම ඔයාව කසාද බැන්ඳ… පෙරේදා පෝරුවට නැග්ගා විතරයි ඇහැරුනා… ඊයේ නම් පෝරුවට නැග්ගාට පෝරුවෙන් බහින්න හම්බුනේ නෑ එහා පැත්තේ පොඩි එකා කෑ ගහපු නිසා ඇහැරුනා… අද හොඳම හරියට ඇවිල්ලා කොටු කොටු දාන්න ගියා විතරයි අම්මා ඇවිල්ලා නැගිට්ටුවා… බලන්න මිගාර අයියේ… අපි දෙන්නාට හීනෙනුත් බාධා වෙන දේවල්මයි වෙන්නේ.. “

           මිගාරගේ ෆොටෝ එක අතේ තියන් එහෙම කියලා ටිකක් වෙලා ඒ දිහා බලන් ඉඳලා කාමරේ දොර දිහා බලලා අම්මා පේන්න නැති නිසා මිගාරගේ ෆොටෝ එකට තප්පර දහයක විතර දිග Kiss එකක් දුන්නා. 

          ” ඒයි ඇත්තද උබව බලන්න කොල්ලෙක් එනවා කියන්නේ…? “

              නාන්න පීල්ල ගාවට ගියා විතරයි පල්ලෙහා ගෙදර සුදු අක්කා කෙල්ලගෙන් ඇහුවා. 

          ” නිකම්ම නිකන් කොල්ලෙක් නෙමෙයි… ඔයාට මතකද මිගාර අයියා… එයා එන්නේ… “

           ” මිගාර…? ඒ කවුද…? “

          ” අර සෙනවි මාමගේ පුතා… අපි පුංචිම කාලේදි එයාලා කොලඹ ගියේ පදිංචියට… අනේ අරනේ මතක නැද්ද…. අපි ගොඩාක් පුංචියි එතකොට… මට අවුරුදු හයක් වගේ ඇති… අර සුදු ලස්සන පුතා සෙනවි මාමාගේ… මිගාර මිගාර… “

            ” ආ….. ඔව් ඔව්….. හරි… දැන් මට මතකයි… “

           ” එයා තමයි… “

            ” ඒත් චූටි… උබට තාම අවුරුදු විසි එකයිනේ… මිගාර කියන්නේ මටත් වඩා වැඩිමල් කොල්ලෙක්නේ… උබට විසි එකයි කියන්නේ මිගාරට අවුරුදු විසි අටක් විසි නමයක් ඇති දැන් මයෙ හිතේ… “

         ” විසි නමයක් නෑ… තාම විසි අටයි… මිගාර අයියා මට වඩා අවුරුදු හතක් වැඩිමල්… මං ආසයි එහෙම… දන්නවාද… අපි කසාද බඳින මහත්තයා අපිට වඩා ගොඩාක් වැඩිමල් උනාම එයාලාගෙන් අපිට ගොඩාක් ආදරේ හම්බවෙනවා… එයාලා අපිව පොඩි ළමයිව බලා ගන්නවා වගේ ආදරෙන් බලාගන්නවා… මං ආසයි එහෙම… ඒ වගේම මං එයාව දකින්නේ මේ අවුරුදු පහලොවකට පස්සේ… ලස්සනයි දැන්… “

             ” ලස්සනයි කියන්නේ…? උබ දැක්කාද මිගාර අයියාව මීට කලින්… කවද්ද ආපහු ගමට ආවේ… “

            ” මිගාර අයියා ගමට ආවේ නෑ අනේ… අපේ තාත්තාට රෙජිස්ටාර් පෝස්ට් එකෙන් ලියුමක් එවලා තිබුනා මිගාර අයියා… ඒකේ එයාගේ ෆොටෝ එකකුත් එවලා තිබුනා මට දෙන්න කියලා… “

           ” හැබෑට….? කොලඹ ලොකු මහත්තයෙන් වෙන්ටෑ දැන්… සෙනවි මාමට කොලඹ ගියාම සරු උනාලු නේද…? “

           ” ඒක නම් දන්නේ නෑ… ඉන්න මම නාගන්නම්… පරක්කු උනා… අම්මා කෑගහයි දැන් ඔළුව දාලා…. “

            කෙල්ල එහෙම කියලා ඇඳන් හිටිය චීත්ත ගවුම උඩින් දියරෙද්දක් ඇඳන් අයිස් කැට ගානට සීතලම සීතලට බැරල් එකට පුරුණ පීල්ලේ වතුර ටික බාල්දියෙන් අරන් ඔළුවට හලාගන්න පටන් ගත්තා. පොඩි කාලේ ඉඳලා පීල්ලෙන් එහෙම නැත්තං ගඟෙන් නාලා පුරුදු විහංගාට මේ සීතල සාමාන්‍යය සීතලක් විතරයි. ඒ හැටි ලොකු අමාරුවක් නෑ.

             කෙල්ල නාගෙන ආවා විතරයි අම්මා ඉක්මනට රෝස පාට සාරියක් අරන් කෙල්ලට අන්ඳන්න ගත්තා. 

          ” ගැහුවොත් ගහන තාලෙට ඉන්න ඔය ගමේ ගති ටික ඉක්මනට ඇරගන්න ඕනේ චූටි…. තේරුනාද…? කසාද බැන්ඳාම ඔහොම බෑ… මහත්තයා කියන දේ අහන්න ඕනේ… පේනවානේ මං ඉන්න විදිය… තාත්තා කියන දේකට පිටින් යන්නේ නෑ අදටත්… මට තියෙන ලොකුම බය මෙහෙ ගමේ කොල්ලොන්ට බනිනවා වගේ එහෙ ගිහින් මිගාර පුතාවත් මට්ටු කරන්න යයිද කියලා…

            පණ්ඩිත වැඩ කරලා කසාදේ එහෙම කටු ගාගන්නවාකො බලන්න… එන්න එපා ගමට ආපහු… පැනපන් ඒ වෙනුවට ගඟේ… අපේ මූණේ දැලි ගානවට වඩා ඒක හොඳයි… “

           සාරිය අන්ඳන ගමන් අම්මා කෙල්ලට උපදෙස් දෙනවා. 

           විහංගා කියන්නේ එහෙම කෙල්ලෙක්. ගේම නම් ගේමෙන්ම ඉන්නේ. යකාවටවත් බය නෑ. කාටවත් ලේසියෙන් මට්ටු කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඒ නිසාමයි අම්මාට බය. 

           ” ඔය කණ්නාඩි දෙක ගලවපන්… ලස්සනට සාරිය ඇන්ඳුවාට පස්සෙ බට කොල ආච්චි වගේ කණ්නාඩි දෙක දාගන්නවා… ඒ මිනිස්සු ගියාට පස්සේ ඕක දාගන්න… මිගාර ලමයාගේ ඉස්සරහට ගිහින් එනකම් ඔය කණ්නාඩි කුට්ටම දාන්නේ නැතුව ඉන්න… “

          විහංගා ගැන මේ වෙනකම් කියන්න බැරි උන දේවල් තුනක් තියෙනවා. එකක් තමා කෙල්ල කණ්නාඩි දානවා. පොඩි දුර පෙනීමේ ආබාධයක් තියෙනවා කාලයක් තිස්සේ. අනිත් එක තමා කොලඹින් ඈත ගමක හැදුන වැඩුන නිසා එකෙන්ම ගොඩේ. කන් දෙපැත්තෙන් තෙල් බේරෙන්න ඔළුවට තෙල් දාලා දිගට තියෙන ඝන කොණ්ඩේ පීරන විහංගා ලිප්ස්ටික් ටික මූණේ ගෑවොත් ගාන්නේ හරියට එල හරකයි මී හරකයි වගේ අඳින ඇඳුමටවත් ගැලපෙන්න නෙමෙයි. ඒත් කරන්න දෙයක් නෑ. මේ අහිංසක කෙල්ලට සන්තකේටම තියෙන්නේ එක ලිප්ස්ටික් කූරයි. ඒකම තමා හැමතැනකටම යනකොට ගාන්නේ. 

          ඒ ඇරෙන්න තුන් වෙනි එක තමා ගමේ අනිත් කෙල්ලන්ට වඩා විහංගාගේ තිබුන එකම වෙනස කෙල්ලට පොඩ්ඩක් ඉංග්‍රීසි තේරෙනවා. ලංකාවේ ගොඩාක් අයට වගේ කියන දේ තේරෙන හැබැයි කියන්න ඕන දේ ඉංග්‍රීසියෙන් කියාගන්න නොතේරෙන ලෙඩක් තමා විහංගාට තියෙන්නත්. කෙල්ල A ලෙවල් ලිව්වාට පස්සේ ක්ලාස් නම් ගියා ඉංග්‍රීසි වලට ඒත් ඒ ක්ලාස් වල කියලා දුන්න ඒවා ඔළුවට ගියෙර් නෑ ලොකුවට. අනිත් එක ගමේ අයට ඉංග්‍රීසි භාවිතයක් නෑනේ කෙල්ලට ඒක වැඩි දියුණු කර ගන්නවත්. එක අතකින් කමක් නෑ. ගමේ කෙල්ලෙක්ට ඉංග්‍රීසියෙන් කියන දේ ලාවට හරි තේරෙන එකම මැදැයි ඉංග්‍රීසියෙන් කතා කරන්න බැරි උනාට.

            ” අනේ අම්මා… කණ්නාඩි දෙක නැතුව බෑනේ… මට හරියට පේන්නේ නෑ එහෙම උනාම… “

           ” පෙන්නේ නැතිවෙන්න මිගාර පුතා පොඩි බබෙක්ද… ඒ ලමයා යනකම් ඕක දාන්න එපා… ” 

            ” අම්මා දන්නවා මං බොරු කරන්න ආස නෑ… මං කණ්නාඩි දාන නිසා මිගාර අයියා මට කැමති නැති උනොත් අවුලක් නෑ… මේ ගමේ ඕන තරම් කොල්ලො ඉන්නේ… තාත්තා හොයලා දෙක කෙනෙක්ව බඳිනවා… ඒ නිසා මං කණ්නාඩි දෙක දාගෙනම තමා ඉන්නේ… “

          ” ඕන මගුලක් කරගනින්… “

           අම්මා එහෙම කියලා කාමරෙන් එලියට ගියා. කෙල්ල කණ්නාඩිය ඉස්සරහා නතර උනා. 

           ” අම්මෝ ඇත්තටම මිගාර අයියා අර ෆොටෝ එකේ ඉන්නවා වගේ ලස්සන නම් මේ ගමේ කෙල්ලො ටික හූල්ලලා මැරෙයි අපේ වෙඩින් එක දවසට… නිකන් රිතික් රෝෂන් වගේ ඉන්න නිසා උන්ට කාලා ඉන්න බැරි වෙයි… කාටද ආඩම්බර… මගේ මහත්තයානේ… ආහ්… නෑ නෑ… හීනෙනුත් මිගාර අයියා කිව්වා… කොලඹ ගියාම මගේ මහත්තයා කියන්න බෑනේ… මගේ #ඩියර්_හබී නේ… “

           විහංගා එහෙම හිතනකොටම ඇහුනේ ගෙදර මිදුලේ කාර් එකක් ඇවිල්ලා නතර කරනවා. කෙල්ල ඉක්මනට එයාගේ කණ්නාඩි දෙක දාගෙන ජනේලේ ගාවට දුවන් ගිහින් ජනෙල් රෙද්ද මෑත් කරලා බැලුවා. කළු පාට අළුත් ජාතියේ ලස්සන කාර් එකක් මිදුලේ නවත්තලා. කෙල්ල බලන් ඉද්දිම කාර් එකේ එක දොරක් ඇරගෙන එලියට අඩිය තිබ්බේ මිගාර. කළු පාට Sunglasses දෙකක් දාගෙන මිගාර කාර් එකෙන් බැස්ස විදිය දැක්කාම කෙල්ලට මතක් උනේ මේ විදියටම ලඟදි දවසක බලපු හින්දි ෆිල්ම් එකක රිතික් රෝෂන් බැස්සා හැටි. මිගාරව මේ කෙල්ල දකින්නේ අවුරුදු පහලවකට පස්සේ. උස ගිහින්. ලස්සන වෙලා. පිස්සු වගේ දැක්කාම. 

          ” අම්මෝ මිගාර අයියේ… ඔයාගේ ලස්සන… ෆොටෝ එකේ ඉන්නවාට වඩා ලස්සනයිනේ…. ගමේ කෙල්ලො නෙමෙයි දෙයියනේ ඔයා මගේ ඉස්සරහට ආවම මටම පිස්සු හැදෙයිද මන්දා… “

          කෙල්ල ජනේලේ එල්ලිලා කාර් එකෙන් බැස්ස මිගාරගේ ලස්සනට වශී වෙලා බලන් හිටියා. 

– කණ්නාඩි දාන, ගමේ හැදුන වැඩුන විහංගාට කොලඹ හැදුන මිගාර කැමති වෙයිද…? කෙල්ල දැකපු හීන හැබෑ වෙයිද..?

           මොකෝ හිතන්නේ…? ආරම්භය හොඳයි වගේද…? කොටස් දෙක තුනක් යනකොට කතාව ගානට තේරෙයි. එතකම් ඉවසීමෙන් ඉන්න. දන්නවානේ ඉතිං මගේ කතාවක් කියවන්න ගත්තාම ඉවසීමේ ගුණය ප්‍රගුණ කරන්න වටිනා අවස්ථාවක් ලැබෙනවා කියලා. එහෙනම් හෙට රෑ 8ට එන්නම් කතාවෙ වැදගත්ම කොටස අරන්. ඉන් එහාට තමා වස්තුවේ ඔයාලට හාර්ට් අටෑක් දෙන්නේ මං. 😂😂😂 

අද කතාව කොහොමද ?
+1
6
+1
24
+1
1
+1
5
+1
1
+1
0
+1
0

78 COMMENTS

  1. I got this website from my buddy who told me about this site and now this time I am visiting this web site
    and reading very informative content at this time. 0mniartist asmr

  2. You actually make it seem so easy together with your presentation but I in finding
    this topic to be actually one thing which I believe I would never understand.
    It sort of feels too complex and extremely broad for
    me. I’m having a look forward in your subsequent post, I’ll try to get the grasp of it!
    asmr 0mniartist

  3. Have you ever thought about including a little bit more than just your articles?
    I mean, what you say is fundamental and all. But imagine if you added some great pictures
    or videos to give your posts more, “pop”! Your content is excellent but
    with images and video clips, this site could certainly be one of the very best in its field.

    Superb blog! 0mniartist asmr

  4. The other day, while I was at work, my cousin stole my iphone
    and tested to see if it can survive a 40 foot drop, just so she can be a
    youtube sensation. My apple ipad is now destroyed and she has
    83 views. I know this is completely off topic but I had to share it with someone!

    My blog post; https://fahl.uk/

  5. Hi are using WordPress for your site platform? I’m new to the blog world but I’m trying
    to get started and set up my own. Do you need any html coding expertise to make your own blog?

    Any help would be really appreciated!

    Here is my website; shaboxes.com

  6. This is the perfect webpage for anyone who would like to find out about this topic.
    You realize so much its almost hard to argue with you (not that I actually would want to?HaHa).
    You definitely put a fresh spin on a topic that’s been discussed for years.
    Great stuff, just excellent!

    Feel free to surf to my web site: http://www.soulmta.infora.hu

  7. We’re a group of volunteers and opening a new scheme in our community.
    Your website offered us with valuable info to work on. You’ve done a
    formidable job and our entire community will be thankful to you.

  8. Hey I know this is off topic but I was wondering if you knew of any widgets I could
    add to my blog that automatically tweet my newest twitter updates.

    I’ve been looking for a plug-in like this for quite some time and
    was hoping maybe you would have some experience with something like this.

    Please let me know if you run into anything. I truly enjoy reading your blog and I
    look forward to your new updates.

    Feel free to surf to my homepage joker123 app (https://918kiss-m.com)

  9. Saya telah telah menjelajah online lebih dari tiga jam hari
    ini, namun saya tidak pernah menemukan artikel menarik
    seperti milik Anda. It’s cukup berharga bagi saya.

    Menurut pendapat saya , jika semua pemilik web dan blogger membuat konten yang baik seperti
    yang Anda lakukan, web akan menjadi lebih berguna dari sebelumnya.

    my site; Joker123org

  10. I was suggested this web site via my cousin. I’m no longer sure whether or not this submit is written by means
    of him as no one else realize such special about
    my trouble. You are wonderful! Thank you!

  11. My coder is trying to convince me to move to .net from PHP.

    I have always disliked the idea because of the expenses.

    But he’s tryiong none the less. I’ve been using WordPress on several websites for about a year and am nervous about switching to another
    platform. I have heard very good things about blogengine.net.
    Is there a way I can import all my wordpress posts into it?
    Any kind of help would be greatly appreciated!

  12. I enjoy you because of all your efforts on this web page.

    My mom take interest in carrying out investigation and it is easy
    to understand why. Many of us know all concerning the dynamic ways you offer reliable things via your website and
    therefore strongly encourage response from others on the subject matter plus
    my princess is actually being taught a lot.
    Have fun with the rest of the year. You have been conducting a
    first class job.

    My blog post :: phoenix.askmeclassifieds.com

  13. I have been surfing online more than three hours today, yet I
    never found any interesting article like yours. It’s pretty worth enough
    for me. In my opinion, if all web owners and bloggers made good content as you did,
    the internet will be a lot more useful than ever before.

    my web-site :: centerforsew.com

  14. I have to express my passion for your kindness giving support to those individuals that really want guidance on the concern. Your very own dedication to getting the solution all-around turned out
    to be incredibly significant and have in every case made regular people much like me to achieve
    their pursuits. Your entire important useful information signifies
    this much to me and a whole lot more to my colleagues. Many thanks;
    from all of us.

    Here is my web-site; http://www.leadclub.net/

  15. I simply c᧐uldn’t depart yiur website prior to suggesting that
    I actually enjoyed the standaed info a person proѵide in your guests?
    Is goknna be again ceaselеsѕly іnn order to
    cheсk up оn new posts

  16. Hey I know this is off topic but I was wondering if you knew
    of any widgets I could add to my blog that automatically tweet my
    newest twitter updates. I’ve been looking for a plug-in like this for quite some time and was hoping maybe you would have some experience
    with something like this. Please let me know if you run into anything.
    I truly enjoy reading your blog and I look forward to your new updates.

  17. Attractive element of content. I simply stumbled upon your web site and in accession capital to claim
    that I acquire actually loved account your weblog posts.
    Anyway I’ll be subscribing on your augment and even I success you
    get admission to persistently quickly.

  18. Hmm it seems like your site ate my first comment (it was super long) so I guess
    I’ll just sum it up what I wrote and say, I’m thoroughly enjoying your blog.
    I too am an aspiring blog writer but I’m still new to the whole thing.
    Do you have any helpful hints for newbie blog writers?
    I’d certainly appreciate it.

  19. It’s really a nice and useful piece of information. I
    am happy that you just shared this useful information with us.
    Please stay us informed like this. Thank you for sharing.

  20. Howdy I am so delighted I found your website, I really found you by
    mistake, while I was researching on Yahoo for something
    else, Anyways I am here now and would just like to say
    thanks for a fantastic post and a all round entertaining
    blog (I also love the theme/design), I don’t
    have time to read it all at the minute but I have bookmarked it and also included your RSS feeds,
    so when I have time I will be back to read a great deal more, Please
    do keep up the awesome b.

  21. I have been exploring for a bit for any high-quality articles or blog posts
    on this kind of space . Exploring in Yahoo I finally stumbled upon this web site.
    Studying this information So i am glad to convey that I’ve a very just right uncanny feeling I found out
    just what I needed. I most no doubt will make sure to do
    not forget this web site and give it a look on a constant basis.

  22. Great post. I was checking constantly this blog and
    I’m impressed! Extremely helpful info specifically the
    last part 🙂 I care for such info a lot. I was looking for
    this particular info for a long time. Thank you and good luck.

  23. Greate pieces. Keep writing such kind of info on your site.
    Im really impressed by your site.
    Hello there, You have performed a great job. I’ll definitely digg it and in my opinion recommend to my friends.
    I am confident they’ll be benefited from this web site.

  24. scoliosis
    Do you have a spam problem on this website; I also am a blogger, and I
    was wanting to know your situation; we have developed some nice procedures and we
    are looking to trade solutions with others, please shoot me an e-mail if interested.
    scoliosis

  25. scoliosis
    Hey there! This is kind of off topic but I need some help from an established blog.
    Is it difficult to set up your own blog? I’m not very techincal
    but I can figure things out pretty fast. I’m thinking about setting up my own but I’m not sure where to begin. Do you have any points or suggestions?
    Thanks scoliosis

  26. dating sites
    After looking at a handful of the articles on your blog,
    I seriously like your technique of blogging. I bookmarked it to my bookmark webpage list and will be checking back in the near future.
    Please visit my website as well and tell me your opinion. dating sites

  27. Simply desire to say your article is as surprising. The clarity to your publish is just cool and i could think you’re
    a professional on this subject. Well with your permission allow me to clutch your RSS feed to keep updated with approaching post.

    Thanks one million and please continue the enjoyable work.

  28. I got this web page from my friend who told me on the topic of this web page
    and at the moment this time I am visiting this website and
    reading very informative articles or reviews at
    this place.

  29. I absolutely love your website.. Very nice colors & theme.
    Did you develop this web site yourself? Please reply back as I’m planning to create my own blog and want to know where you got this from or exactly what the theme is named.
    Appreciate it!

  30. I do not even know how I ended up here, but I thought this
    post was great. I do not know who you are but certainly you are
    going to a famous blogger if you are not already 😉
    Cheers!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here