බෙස්ට්මන් – 1 කොටස

31
2659

01 කොටස

          ” අයියේ… මම දැන් ලෑන්ඩ් කලා විතරයි… ඔයා ආවද නැත්තං මම ටැක්සි එකක් දාගෙන එන්නද මෙහෙන්…? “

            ඉන්දියාවේ බැන්ග්ලෝර් ඉඳලා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ෆ්ලයිට් එකකින් කටුනායක එයාර්පෝර්ට් එකට මීට විනාඩි පහකට විතර කලින් ගොඩ බාපු ෆ්ලයිට් එක ඇතුලේ ඉඳලාම තේජාන් එයාගේ එකම අයියාට කෝල් එකක් ගත්තා. 

             තේජාන් විජේසූරිය. මීට අවුරුදු පහකට කලින් අම්මාගේ මරණයෙන් පස්සේ ඒ වේදනාව නිසාම හාර්ට් ඇටෑක් එකකින් තාත්තා නැති උනාට පස්සේ තමන්ට වඩා අවුරුදු හයකින් වැඩිමල් අයියා එක්ක තනි වුන තරමක් කොළඹ පොහොසත් පවුලක කොල්ලෙක්. අම්මායි තාත්තායි නැති තේජාන්ට මේ ලෝකේ දැන් ඉන්න එකම කෙනා තමන්ගේ අයියා දේශාන් විතරයි. කොලඹ ලොකු කම්පනි එකක IT එකේ ලොකු තනතුරක් දරණ දේශාන්ට හැමදාම ඕන උනේ තේජාන් දවසක හොඳ තැනක ඉන්නවා දකින්න. ඒ නිසා අම්මායි තාත්තායි නැති උනාට පස්සේ තේජාන්ගේ අනාගතේ සම්පූර්ණ බර දේශාන් අර ගත්තා. 

            මීට අවුරුදු තුනකට කලින් දේශාන් තමන්ගේ එකම මල්ලි තේජාන්ව ලංකාවෙන් පිටත් කරලා බැංගලෝර් වල තියෙන හොඳම IT උඟන්නන කැම්පස් එකකට යවන්නේ තේජාන්ගේ අනාගතේ තමන් ජොබ් එක කරන තැනටම දාලා පිලිවෙලක් කරන්න හිතාගෙන. 

           ” මං Arrivals එකේ ඉන්නේ බන්… පරක්කු උනා නේද ෆ්ලයිට් එක… “

           ” ඔව් අයියේ… Take off කරන්න වෙලා ගියානේ එහේ එයාර්පෝර්ට් එකේ මොකද්ද මගුලක් වෙලා… තාම මේ ෆ්ලයිට් එක ඇතුලේ ඉන්නේ මම… ඔයාම ඇයි ආවේ මාව ගන්න…? ටැක්සියක් අරන් එන්න පුපුළුවන් කිව්වානේ මම… “

           ” ආහ්… එහෙනම් මම යන්නම්… උඹ ටැක්සියක් අරන් වරෙන්… “

            ” අනේ නෑ නෑ… මං කිව්වේ හෙට ඔයාගේ වෙඩින් එක තියාගෙන ඇයි අප්පා ඔයාම ආවේ… මේ දවස් වල මහන්සි ඇතිනේ හැම එකටම දුවලා… “

             ” මහන්සි නම් තමා බන්… ඒත් අවුරුදු තුනකට පස්සේ උඹ ලංකාවට එනකොට මට එයාර්පෝර්ට් එන්නේ නැතුව ඉන්න කියලාද කියන්නේ… ආ… වරෙන් බන් එලියට ඉක්මනට… මට උඹව බලන්න ඕනේ… එන්න කියලාත් ආවේ නෑ පහුගිය අවුරුදු තුනට එකම එක පාරක්වත් මාව බලන්න… “

             ” අයියා දන්නවා මම හැමදේම තිත්ත වෙලායි මෙහෙන් ගියේ කියලා… ඔයාට තෑන්ක්ස් මාව ලංකාවෙන් යැව්වාට… නැත්තං මෙහේ හිටියා නම් මට පිස්සු හැදෙනවා… “

            ” පරණ ඒවා අමතක කරලා දාපන් බන් දැන්… අදටත් මම දන්නේ නෑ ඇයි එදා උඹ උඹට මෙහෙන් යන්න ඕනේ කිව්වේ… ඒත් උඹ මගෙන් මේ වෙනකම් ඉල්ලුවේ එච්චරයිනෙ… උඹ විතරයි මට ඉන්නේ හැමදේටම… ඒත් මම උඹව ඉන්දියා යැව්වේ එකක් උඹව හදන්න ඕනකමට… අනිත් එක උඹ කවදාවත් අවුලෙන් ඉන්නවා මම දැකලා නැති නිසා… “

             ” හ්ම්ම්ම්…  ඉන්න මම දැන් ෆ්ලයිට් එකෙන් එලියට එන ගමන්… තියන්නම් අයියේ… “

            තේජාන් එහෙම කියලා කෝල් එක කට් කලා. පැය භාගෙකට විතර පස්සේ Immigration කවුන්ටර් හැම එකම පහු කරලා ලොකු බෑග් දෙකකුත් ට්‍රොලි එකකට දාගෙන තේජාන් එයාර්පෝර්ට් එකෙන් එලියට ආවා. 

             ” අම්මෝ උඹ සුදු වෙලා මහත් වෙලා බන් ෆොටෝ වල ඉන්නවාට වඩා… “

            තේජාන්ව දැක්ක ගමන් අයියා හිනා වෙලා කොල්ලාගේ බඩට අනින ගමන් බදගත්තා. 

            ” අම්මෝ… බඩටමයි ගහන්නේ ඉස්සර වගේ… “

            ” වරෙන් යන්…”

             දේශාන් එහෙම කියලා කොල්ලාගේ අතින් බැගේජ් තියෙන ට්‍රොලි එක අතට අරන්  තල්ලු කරන් ඉස්සරහට යන්න ගත්තා. 

            ” ඉතිං… දැන් වෙඩින් එකේ වැඩ කොහොමද…? “

             ” උඹ එක වචනයක් අහන්න එපා මගේ වෙඩින් එක ගැන… අඩුම ගානේ උඹට සතියකට කලින් එන්න බෑ… හෙට වෙඩින් එක… මට කියලා ඉන්න එකම එකා එන්නේ අද… අනික උඹ මගේ #බෙස්ට්මන්… මාර ඩයල් එකක් තෝ නම්… “

            ” නෑ අයියේ… ඔයා දන්නවානේ පෙරේදානේ මගේ එහේ හිටිය හොඳම යාළුවාගේ වෙඩින් එක තිබ්බේ… මම දිල්ලි ගිහින් ඒකට ඉඳලා ඊයේ රෑ බැන්ග්ලෝර් ආවේ… ඒ ආවා බඩු පැක් කරගත්තා මේ ආවා… අම්මපා පට්ට නිදිමතයි දැන් නම්… අනික බඩගිනියි… “

            ” යන ගමන් කාලම යන් අපි… උඹේ මූණ බැලුවාම පේනවා උඹ පට්‍ට හැක් වෙලා ඉන්නෙ කියලා… “

            දෙන්නා එක්ක කතා කර කර කාර් එක ගාවටම ආවා. 

            ” මේකද අළුත් කාර් එක… මරූටි එක වික්කාද…? “

            තේජාන් ලංකාවට එන්නේ අවුරුදු තුනකට පස්සේ නිසා ගොඩාක් දේවල් එයා දන්නේම නැතුව වෙනස් වෙලා තිබුනා පහුගිය කාලේ. 

              ” ඔව් බන්… ඒක පොඩි වැඩියි… ඒ නිසා මේක පොඩි ෆිනෑන්ස් එකක් දාලා ගත්තා… “

              ” මේක නම් හොඳයි… අරකේ බඩු මුකුත් දාන් යන්නත් ඉඩ නෑනේ… “

             ” ඒක තමා බන් මම මේක ගත්තේ… යමන්… අපි යන ගමන් මොනා හරි කාලා උඹේ සූට් එකත් ෆිටොන් කරන් යමු… උඹ කිව්ව සූට් සයිස් එකට තමා මහලා තියෙන්නේ… උඹ එනකම් ෆිනිෂ් කලේ නෑ උඹ ඇවිල්ලාම ෆිටෝන් කරනකම්… “

              කාර් එක ස්ටාර්ට් කරලා පාරට දාන ගමන් අයියා කිව්වා. 

            ” බෙස්ට්මන්ලා කීයක් ඉන්නවාද..? “

            ” උඹත් එක්ක තුනයි බන්… උඹ තමා ඉතිං Main Bestman… අනිත් උන් දෙන්නා මගේ යාලුවෝ… හැබැයි උන් දෙන්නාම උඹට දඩා ටිකක් කොටයි… අනික උඹව පස්සට දාලා උන්ව මම ඉස්සර කරගන්නවාද…? “

            ” පේජ් බෝයිස්ලාත් ඉන්නවානේ… “

            ” ඔව් බන්… නුගේගොඩ ලොකු අම්මාගේ ලොකු පුතා.. සුමිත් අයියා… අන්න එයාගේ කොල්ලො දෙන්නාව ගත්තා… “

          ” ආ… මට මතකයි බටු ඇට දෙක… “

          ” උන් තාම බටු ඇට වගේ බන්… ඉතිං කොහොම හරි සෙට් එක අපේ පැත්තෙන් මාත් එක්ක 6යි… එහෙනුත් Bridesmaidලා තුනයි Flower Girlsලා දෙකයි ඉන්නවා… ලස්සනට තියෙයි… “

             ” ම්ම්ම්… “

             ” මේ දැන් ඔහොම මූඩ් ගහන් ඉන්න එපා හෙට… හරිද… ඔක්කොම අතෑරලා දාලා ෆන් එකේ ඉඳපන්… අනික Bridesmaidට ඉන්නේ පට්ට කෑලි තුනක් ආ… එතනින් එකක් සෙට් කරගනින්… “

            දේශාන් හිනා වෙවි එහෙම කිව්වා. 

            ” මේ සිරාවට මම අහන්නේ උඹෙන්… ඉන්දියා ඉන්න කාලේ කෑල්ලක් සෙට් උනේ නැද්ද උඹට…? “

            දේශන් ආපහු කොල්ලාගෙන් එහෙම ඇහුවා. 

            ” එහෙම කෙල්ලො පස්සේ පැන්නුවේ නෑ අයියේ… ස්ටඩීස් එක්ක වෙලාවක් තිබුනේම නෑ… අනික මට මූඩ් එකක් තිබුනේ නෑ අයියේ… තාම එහෙම දෙයක් ගැන හිතන්න අමාරුයි… “

            ” අල්ලලා දාපන් බන් ඕවා… උඹ මට මේ වෙනකම් කියලා නෑ උඹේ කෙල්ල ගැන… ඇයි උඹ එක පාරටම මෙහෙන් ගියේ… මොකද්ද උඹලා දෙන්න අතර උනේ… ඒ කිසිම දෙයක්… අඩුම ගානේ උඹ ඒ කාලෙම මට ඒ කෙල්ල ඉන්න තැනක් ගැන විස්තර කිව්වා මම ගිහින් කතා කරලා තියෙන ප්‍රශ්නයක් විසඳනවා… අඩුම ගානේ මේ වෙනකම් උඹ මට ඒ කෙල්ලගේ නමක් ගමක්වත් කියලා නෑනේ… “

            ” වැඩක් නෑ අයියේ… කාලේ හැමදේටම උත්තර දෙනවාලුනේ… මගේ හිත කියනවා ආපහු දවසක එයාම මගේ ඉස්සරහට එයි කියලා… මොකද මොන දේ උනත් මම එයාට බොරු කලේ නෑ… එච්චරයි… “

             ” ඕනවට වඩා ගෑණු ගැන හිතන්න එපා බන්… උන්ව ඕනවට වඩා හුරතල් කරන්න ගියාම බලන්නේ අපේ කරේ නගින්න… උඹට එක පාරක් එපා නම් මට සිය පාරක් එපා ගානට ඉඳපන්… මං දිහා බලලා හැදියන්… කෑලි කීයක් කලාද බන් මම… එකක් පස්සේ පන්නගෙන මම ගියාද නෑනේ… මට සෙට් උනේ නැත්තං අතෑරලා දැම්මා…වෙන එකක් ඊට පස්සේ දාගත්තා… හැබැයි දැන් ඒවා ඔක්කොම ඉවරයි… මොන මගුල නැටුවත් බඳින්න යනකොට හැම පිරිමියෙක්ම පිලිවෙලක් වෙන්න ඕනේ… ඒ නිසා දැන් වන් ඇන්ඩ් ඔන්ලි බඳින්න යන ගෑණි විතරයි… “

            ” එතකොට මේක දැන් ලව් කරලා බඳින එකක්ද… ඔයා මට කිසිම විස්තරයක් කියලා නෑනේ අප්පා…”

            ” ලව්ම කියන්න බෑ බන්… ලොකු අම්මා Proposal එක අරන් ආවා… ලොකු තාත්තාගේ යාළුවෙක්ගේ දුවෙක්… බැලින්නම් කොලඹ work කරන්නේ… අපේ ඔෆිස් එකට කිට්ටුවම… මම කිව්වේ උඹට කෙල්ලෙක් බලන්න යනවා කියලා… ඒක තමා මේ… බලන්න ගියා… මං කැමති උනා… එහෙනුත් කැමැත්ත එවලා තිබුනා… දෙන්නා මීට් වෙලා කලා කලා… ගැලපෙනවා කියලා හිතුනා… මුලින්ම එයා එච්චර ලොකු කැමැත්තක් පෙන්නුවේ නෑ… ඒත් කතා බහ කලාට පස්සේ Ok උනා… ඉතිං ඊට පස්සේ තමා ලව් කරන්න ගත්තේ… 

              උඹ ඒකිව දැකලා නැති කතාව හරි… මොකද  මම උඹට තියා කාටවත් මන්දාරාගේ ෆොටෝ එකක් පෙන්නලා නෑ… “

            ” මන්දාරා…? “

            ” ඇයි… කවුරු හරි දන්න කෙල්ලෙක් ඉන්නවාද උඹ ඒ නම තියෙන… “

             තේජාන්ගේ කටින් එහෙන කියවුනාම අයියා එහෙම ඇහුවා. 

             ” න්… නැහැ… ලස්සන නමක්… ඒකයි… ” 

             ” නම විතරක් නෙමෙයි මන්දාරා ගොඩාක් ලස්සනයි… හෙට උඹට දැක්කාම තේරෙයි… “

             ” ඉතිං ඔයා ෆොටෝ එකක්වත් පෙන්නන්නේ නැතුව මං කොහොමද හෙට අඳුරගන්නේ… “

             ” අනේ ගොනෝ… ඇයි මනමාලිට ඒකි ඇඳන් ඉන්නකොට උඹට අමුතුවෙන් අඳුරගන්න ඕනෙද…? අනේ මන්දා උඹ නම් වෙලාවට පට්ටම මොංගල් තාම… මගෙ මල්ලි කියලා කියන්නත් බෑ උඹව වෙලාවකට…  “

             දේශාන් එහෙම කියලා හිනාවෙද්දි තේජාන් වීදුරුවෙන් එලිය බලාගත්තා. 

            ” මන්දාරා ” ජීවිතේ තමන් වැඩියෙන්ම ආස කරපු නමක්. ඒ ඇස් තාමත් අමතක කරන්න බෑ. ජීවිතේ මොකද්ද කියලා තමන්ට කියලා දුන්නේ ඒ දුඹුරු පාට ඇස් දෙක. ඉතිං කොහොම කියලා අමතක කරන්නද…? අද වගේම මතකයි ඒ මූණ අත් දෙකෙන්ම අල්ලන් ආදරෙන් ඉඹපු හැටි. ඒ ආදරේ ජීවිතේම වෙනස් කරපු හැටි. කවදාවත් අමතක කරන්න බැරි විදියට ඒ ආදරේ පපුවට දැනුන හැටි. 

             ” මොනාද බන් කල්පනා කරන්නේ…? “

             තේජාන් ටික වෙලාවක් කිසිම කතාවක් නැතුව කල්පනා කරනවා දැකලා අයියා ඇහුවා.

           ” නෑ අයියේ… මුකුත් නෑ… ඔයාලා මැරි කලාට පස්සේ මම වෙන කොහේ හරි ඉන්නම් නේද…? “

             ” ඇයි ඒ…? “

             ” නෑ ඔයාලා අළුතෙන් මැරි කලාට පස්සේ මම එහෙ ඉන්න එක ඔයාලට ඩිස්ටර්ඩ්බ්නේ… “

            ” ම්ම්ම්…  ඒක නම් ඇත්ත… මේ මොනාද ඔය උඹ ඔළුවේ ගාගෙන… පහත් කරපන් ඔහොම… අයියෝ උඹ නම් තාම පොඩි එකෙක් වගේ… “

             දේශාන් එහෙම කිව්වා විතරයි තේජාන් ඔළුව පහත් කරපුවාම දේශාන් අත දිග ඇරලා තරු විසි වෙන්න ටොක්කක් ඇන්නා. 

            ” ආ……ව්…….. ඒක නම් රිදුනා… ඕයි… “

            ” ඕයි……? “

             ” අනේ නෑ අයියේ… ඔළුවම හෙල්ලිලා ගියා මගේ… රිදෙනවා… “

               ” එහෙමද… අත ගාගනින් එහෙනම්… තෝ කොහෙ යන්නද මට නිදහසේ ඉන්න දීලා… මෙන්න මෙහෙ ඉඳපන්… අනික ගෙදර කාමරම තුනක් තියෙනවා… උඹ උඹේ කාමරේ ඉඳපන්… අපි අපේ කාමරේ… ඇයි අපි දෙන්නා කසාද බැඳලා ආවා කියලා සාලේ කොරන්න යනවාද කරන දෙයක්… “

             ” නෑ ඉතිං මං… “

             ” කට වහගනින්… උඹ මාත් එක්ක ඉන්නේ… කොහෙවත් යන්නේ නෑ මම බැන්ඳා නෙමෙයි උඹ දවසක කසාද බැන්ඳත්…. මේ අහපන් තේජ්… උඹට ඉන්නේ මම… මට ඉන්නේ උඹ… අම්මායි තාත්තායි එකම දවසේ අපි දෙන්නාව දාලා ගියාම එදා ඉඳන් මට හිටියේ උඹ විතරයි… ඇත්තටම මම එවෙලේ මොනාද කරන්න ඕනේ කියලා හිතාගන්න බැරි උනා… වාසනාවකට මම උඹට වඩා අවුරුදු හයක් වැඩිමල්… ඒ නිසා මම ජොබ් එකක් කරලා තැනකට ඇවිල්ලා හිටියා… වාසනාවට අපේ තාත්තා අපිට ඉන්න ලස්සනට ගෙයක් හදලා තිබුනා… නැත්තං අපිට මොනා වෙයිද දන්නේ නෑ…

            දැන් මේ වෙඩින් එකට ලොකු අම්මලා පුංචිලා ආවට උදව් කරන්න මේ වෙනකම් එකෙක් ආවේ නෑනේ බන් අපි දෙන්නා දිහා බලන්න… අපි දෙන්නා අපි දෙන්නාගේ දේවල් කරගත්තා… ඉස්සරහටත් එහෙමයි… උඹ හැමදාම මට පේන්න ඉන්න ඕනේ… හෙට මම මැරි කලාම වගේම තව ටික කාලෙකින් උඹ මැරි කලාම උඹයි මායි අපි බැඳපු ගෑනු දෙන්නායි තමයි අපේ පවුල… අපිට අපි ඉන්න ඕනේ බන් ඕනම දේකට… ඒ නිසා කවදාවත් උඹ අපේ ගෙදරින් එලියට බැහැලා යන්න හිතන්න එපා… ඒ ගේ අපි දෙන්නාගේ… ඒක අපේ ගේ… අපේ අම්මාගේ තාත්තාගේ හැම මතකයක්ම තියෙන්නේ ඒ ගෙදර… “

           අම්මාගේ තාත්තාගේ මරණයෙන් පස්සේ තේජාන් ගැන වගකීම පැවරුනේ දේශාන්ට. මේ වෙනකම් ඒ වගකීම දේශාන් අකුරටම ඉෂ්ඨ කලා. ඒ වගේම මේ අයියා මලෝ දෙන්නා අතර තිබුනේ කියාගන්න බැරි ලොකු බැඳීමක්. 

            ” මම හිතුවේ ඔය දෙන්නාට නිදහසේ ඉන්න ලේසි වෙන නිසා… ඒත් මටත් වෙන කවුද ඉන්නේ… “

            ” ඒකනේ බන් කියන්නේ… අපිට ඉන්නේ අපි දෙන්නා විතරයි… ඒ නිසා කිසිම හේතුවකට අපි දෙන්නා අතර කිසිම ප්‍රශ්නයක් කවදාවත් ඇති වෙන්න බෑ… තේරුණාද..? ඉස්සරහා මරු පොට් එකක් තියෙනවා… අපි කාලම යන්… යන ගමන් අම්මාගෙයි තාත්තාගෙයි සොහොනට යන්… හෙට වෙඩින් එක නිසා අද යන්… ඒ දෙන්නාගේ ආශිර්වාදය ඕනේ… අනික උඹ පහුගිය අවුරුදු තුනටම ගියේ නෑනේ… “

            එහෙම කියලා ඉස්සරහට වෙන්න තිබුන රෙස්ටුරන්ට් එකක් ගාව දේශාන් කාර් එක නතර කලා. කාලා ඉවර වෙලා දෙන්නාම ආවේ කනත්තට. 

            ” මට අද වගේ මතකයි අයියේ… අම්මාගේ මිනිය මෙහෙම… තාත්තාගේ මිනිය මෙහෙම… අපි දෙන්නා ඒ දිහා බලාගෙන ඔහේ හිටියා… අදටත් ඒ දෙන්නා අපි ගාව ඉන්නවා වගේ මට… “

             සොහොනට ඉටිපන්දම් ගහලා මල් තියලා ඉවර වෙලා එතනම දණ ගහගෙන තේජාන් කිව්වා. 

           ” උඹත් රට ගියාට පස්සේ මට ඒ ගෙදර මාරම පාළුවක් දැනුනේ බන්… වැඩ ඇරිලා ගෙදර ආවම හැමදාම රෑට අම්මායි තාත්තායි ඉන්නවා වගේ දැනෙනවා ඒ ගෙදර… ඇත්තටම ඒ දෙන්නා අදටත් අපි ගාව නම්… හෙට කොච්චර සතුටු වෙයිද මගේ වෙඩින් එක දිහා බලලා… සමහරවිට තාත්තා මීට වඩා ලස්සනට හැමදේම ලෑස්ති කරයි… “

            ” ඒ දෙන්නා බලන් ඇති අයියේ අපි දිහා… අම්මාට කවදාවත් බැරි උනා අපි නැතුව ඉන්න… අනේ මගේ අම්මා… ඔයා අපි දිහා බලන් ඉන්නවා නේද…… “

            තේජාන් එහෙම කියාගෙන එක පාරටම දේශාන්ව බදාගෙන පොඩි එකෙක් වගේ අඬන්න ගත්තා. 

           ” තේජ්… මොකෝ මේ… අඬන්න එපා බන්… උඹ අම්මාට ගොඩාක් එකතුයි කියලා මං දන්නවා… උඹ කිව්වා වගේ අම්මා තාත්තාත් එක්ක අපි දිහා බලන් ඇති අනිවාර්යයෙන්… ඒ දෙන්නාගේ ආශිර්වාදය අපිට හැමදාම තියෙනවා කියලා මම විශ්වාස කරනවා… “

           තමන්ව බදාගෙන අඬන තේජාන්ව සනසන ගමන් දේශාන් එහෙම කිව්වා. තවත් ටිකක් වෙලා සොහොන ගාවට වෙලා ඉඳලා දෙන්නා එක්කම ඇවිල්ලා කාර් එකට නැග්ගා. ඊලඟට ගෙදර යන්න කලින් ඇවිල්ලා නතර කලේ හෙට අඳින සූට් එක මහන්න දුන්න තැනට. 

           ” ගානට තියෙනවා නේ… උඹ කිව්ව සයිස් එකටම මහන්න කිව්වේ… “

            ” අත පොඩ්ඩක් දිගයි නේ…? “

            ” ඔව්… අත හදන්න කියමු… හදාගෙනම අරන් යන්… ආපහු එන්න වෙලාවක් නෑ බන්… “

              ” ම්ම්ම්… “

              එහෙම කියලා තේජාන්ගේ සූට් එකයි අනිත් බෙස්ට්මන්ට ඉන්න දෙන්නාගෙයි දේශාන්ගේ සූට් එකයි අරන් ගෙදර ආවා. 

             ” මේ… උඹට අනිද්දා ඉන්ටවිව් එක දාලා තියෙනවා මගේ ඔෆිස් එකේම… හරිද… මම මගේ බොස්ට කියලා තියෙන්නේ… IT ටීම් එකට හොඳ වෙලාවට වේකන්සි එකක් ගානට සෙට් උනා… බොස් කැමතියි උඹව ගන්න… ඒත් පලයන් පිලිවෙලට හරියටම උදේ නමය වෙනකොට… “

            ” හරි අයියේ… “

             ” අනිත් එක තමා ජොබ් එක සෙට් උනාට පස්සේ උඹත් පිලිවෙලක් වෙන්න ඕනේ… අවුරුදු විසි පහක් කියන්නේ අවුලක් නෑ… මං උඹට දවල්ම කිව්වේ… Bridesmaidට ඉන්න කෙල්ලො තුන් දෙනාම ලස්සනයි… මං දැක්ක නිසානේ කියන්නේ… උඹ බලලා කියපන්… මං ගානට වැඩේ සෙට් කරන්නම්… “

           ” බලමු අයියේ… ලව් කරන්නත් හිතට වදින්න එපැයි… තාම හිතට එහෙම වැදුනේ එක කෙල්ලයි… අනිත් උන් ගැන එහෙම ෆීලින් එකක් ඇවිල්ලා නෑ තාම… 

            මේ… ඒක නෙමෙයි… වෙඩින් එක කොහෙද දැන් තියෙන්නේ…? “

             ” අනේ අම්මපා බන් උඹ නම්… යකෝ ගාල්ලේ තියෙන්නේ… Jetwing Lighthouse එකේ… “

             ” එතකොට හෝම්කමින් එක…?.”

             ” මේකනේ බන්… මන්දාරාගේ ගෙවල් ගාල්ලේ… “

              ” ගාල්ලේ…? “

              ඒක ඇහුනා විතරයි තේජාන්ට ඉබේටම එහෙම කියවුනා. මන්දාරා කියන නමයි ගාල්ලයි අතර ලොකු මතකයන් තේජාන් ගාව අදටත් පරණ නොවී තිබුනා. 

             ” ඔව් බන් ගාල්ලේ… ගාල්ලේ කිව්වේ ගාල්ලට පොඩ්ඩක් එහා තල්පේ… ඒ නිසා වෙඩින් එක අපි ගාල්ලේ ගන්නවා… හෝම්කමින් එකට මම වත්තල Pegasus එක කතා කලේ… මොකද අපේ නෑයෝ ඔක්කොම බන් ඒ පැත්තෙනේ… අනික හොටෙල් එකත් හොඳයි… “

             ” ම්ම්ම්…. “

              ” දැන් එතකොට හෙට පාන්දරම අපි ලෑස්ති වෙලා සෙට් එකම යනවා ගාල්ලට… මම ගාල්ලේ කොටුව ගාව නතර වෙනවා… උඹ අනිත් උන් දෙන්නා එක්ක තල්පේ මන්දාරාගේ ගෙදරට පලයන්… ඒ ගිහින් මල් බොකේ දීපන්… Photographerව අපි එහෙට යන්න සෙට් කරලා තියෙන්නේ… ඒ ගිහින් ඉවර වෙලා… උඹලා මන්දාරාත් එක්ක Bridesmaidsලා අරන් කෙලින්ම කොටුවට වරෙන්… අපි කොටුවේ ෂූට් එක කරනවා… ඒ කරලා තමා අපි හොටෙල් එකට යන්නේ… “

              ” හරි අයියේ… තල්පේ නේද ගෙවල් කිව්වේ…? “

               ” ඔව් බන්… මම උඹට ලොකේෂන් එක Whatsapp කරන්නම්… එතකොට ලේසියිනේ උදේට යන්න… අනික මාත් එනවනේ කොහොමත් ගාල්ලට යනකම්… 

             මේ… මං පාරට පොඩ්ඩක් ගිහින් එන්නම්… උඹ වොෂ් එකක් දාලා නින්දක් දාපන්… “

             දේශාන් එහෙම කියලා එලියට ගියා. තේජාන් මහන්සිය පිටින්ම ගිහින් හෝද ගෙන ඇවිල්ලා ඇඳට වැටුණා. 

           රෑ වෙනකොට ගෙදරට ගොඩාක් නෑදෑයෝ එකතු උනා. ඒ හැමෝම දේශාන් එක්කම හෙට උදේම ගාල්ලට යන්න ලෑස්තිය. වෙඩින් එක මනමාලිගේ පැත්තෙන් ගන්න නිසා දේශාන්ගේ පැත්තෙන් හිටියේ විසි පස් දෙනෙක් වගේ ලඟම නෑයෝ විතරයි වෙඩින් එකට යන්න. ඒ ඇරෙන්න වෙඩින් එකෙන් දවස් තුනකට පස්සේ තියෙන හෝම්කමින් එකට තමා අනිත් නෑදෑයෝ ඔක්කොටමයි යාළුවොන්ටයි එන්න කියලා තිබුනේ. තේජාන් ගෙදර ඇවිල්ලා ඉන්න නෑදෑයෝ එක්ක කතා කර හිටියාම දන්නේම නැතුව පාන්දර දෙකටත් කිට්ටු උනා. ඉතිං තේජාන් වගේම අනිත් බෙස්ට්මන්ලා දෙන්නයි දේශානුයි ලෑස්ති වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ පාන්දර තුන වෙන්න කලින් එලියට බහින්න තිබුන වෙලාවට හැමෝම එලියට බැස්සා. 

            ” හයි වේ එකේ නේද යන්නේ..? “

            ” ඔව් බන්… නැත්තං වෙලා නෑ… කොහොමත් අව්ව සැරට වැටෙන්න කලින් ෆොටෝ ටික ගන්න ඕනේ කිව්වා… අනික උදේ 9.12ට තියෙන්නේ පෝරුව චාරිත්‍ර දාගෙන… ඒ හින්දා ෆොටෝ ටික ඔක්කොම ගහලා අපි එන්න ඕනේ… “

             ” හරි එහෙනම් අපි යන්… “

              නෑදෑයෝ හැමෝම ටික වෙලාවකින් එන්න ලෑස්ති වෙන නිසා ඊට කලින් කාර් දෙකක දේශාන් එක්ක තේජාන් ගාල්ලට යන්න බලන් පිටත් උනා. පැය එකහමාරකට වගේ පස්සේ ගාලු කොටුව ගාවින් දේශාන් නතර උනාට පස්සේ අනිත් කාර් එක කෙලින්ම ගියේ මනමාලිගේ ගෙදරට. 

            ” ආ…හ්… එන්න පුතා… දේශාන්ගේ මල්ලි නේද…? “

            මනමාලිගේ අම්මා එහෙම කියාගෙන තාත්තා එක්ක මිදුලට ආවා. 

            ” ඔව් ආන්ටි… පිටත් වෙන වෙලාවට කලින් ආවා නේද…? “

            ” ඔව් ඔව්… ඔක්කොම ගානට හරි… මල් බොකේ එක දුන්නාට පස්සේ අපි පිටත් වෙමු ෆොටෝස් ටික ගන්න…”

            ” හා… “

            තේජාන් එහෙම කියලා ඉස්සර වෙලා අනිත් Bestmanලා දෙන්නා එක්ක ගේ ඇතුලට ගියා. සාලෙට අඩිය තියනවා එක්කම දැක්ක දෙයින් තේජාන්ගේ මුළු පපුවම නතර උනා. දේශාන්ගේ ලස්සනම ලස්සන මනමාලි අනිත් Bridesmaidsලා තුන් දෙනා එක්කම ඉන්නවා. හුස්ම ගන්න එකත් මොහොතකට අමතක වෙද්දි තේජාන්ට දැනුනේ ඇඟ පුරාම ලොකු අකුණක් සැරට වැදුනා වගෙයි. 

             ” ම… න්….දා…. රා…. “

             ඉබේම ඇස් ලොකු වෙද්දි තේජාන්ගේ කටින් හිමින් එහෙම කියවුනේ මන්දාරාගේ දුඹුරු පාට ඇස් දිහා හිතාගන්න බැරුව එක එල්ලේම බලාගෙනයි. 

            ” I love you තේජාන්… I love You… ඔයා මගේ ජීවිතේම… කවදාවත් මාව පොඩි දේකටවත් රවට්ටන්න එපා… ඔයාව මං මගේ තාත්තාට වඩා විශ්වාස කරනවා තේජාන්… කවදාවත් මගේ විශ්වාසය කඩන්න එපා… ඔයා නැතුව අද ඉඳන් මට ජීවිත් වෙන්න බෑ… “

           මීට අවුරුදු තුනකට කලින් ඒ දුඹුරු ඇස් දෙකෙන් තමන්ගේ ඇස් වලටම එබිලා අත් දෙකෙන් මූණම අල්ලන් ආදරෙන් ඉඹලා තමන්ගේ උණුහුමේ ඉන්න මන්දාරා එහෙම කියපු හැටි මතක් වෙලා තේජාන්ගේ මුලු ඇඟම හිරි වැටිලා ගියා වගේ දැනුනා. 

– තේජාන් + මන්දාරා… මීට අවුරුදු තුනකට කලින් ඒ දෙන්නාට මොකද උනේ…?

              කොහොමද පටන් ගැන්ම…? මුකුත් කියන්නේ නෑ… ෂොක් උනා වගේද…? දිගටම ඉන්න කතාව එක්ක. ඒ වගේම කතාද ගැන දැනුන දේ අනිවාර්යයෙන් කියලා යන්න එතකොට තමා තවත් ලස්සන කරලා ඉස්සරහට ලියන්න හිතෙන්නේ. හෙට රෑ 8ට එන්නම්.

අද කතාව කොහොමද ?
+1
1
+1
18
+1
1
+1
1
+1
0
+1
0
+1
0

31 COMMENTS

  1. Aneeeee බෙස්ට්මන් 2 කොටස අපිට කියවන්න දෙන් නැද්ද නිශී අක්කි….😕

  2. Fantastic items from you, man. I’ve have in mind your stuff prior to and you are simply
    extremely wonderful. I actually like what you’ve got right here, certainly like what you are stating and the way wherein you say it.
    You are making it entertaining and you still care for to stay it
    sensible. I can not wait to read much more from you. This is really a great site.

    asmr 0mniartist

  3. Hi, I do believe this is an excellent blog. I stumbledupon it 😉 I will revisit yet again since i have book-marked it.
    Money and freedom is the greatest way to change, may you be rich and continue
    to help others. 0mniartist asmr

  4. I feel this is among the most important info for me. And i am glad studying your article.
    But should commentary on few general issues, The website taste is perfect,
    the articles is truly great : D. Excellent job, cheers 0mniartist asmr

  5. I do not even know the way I ended up right here,
    but I believed this put up used to be good.
    I don’t realize who you’re but definitely you are going to a famous blogger if
    you aren’t already. Cheers! 0mniartist asmr

  6. Hmm it looks like your site ate my first comment (it
    was extremely long) so I guess I’ll just sum it up what I submitted and say,
    I’m thoroughly enjoying your blog. I as well am an aspiring blog blogger but I’m still new to
    the whole thing. Do you have any tips for beginner blog writers?
    I’d really appreciate it.

  7. We’re a group of volunteers and starting a new scheme in our community.
    Your web site offered us with valuable information to work on.
    You’ve performed an impressive job and our entire
    group will be grateful to you.

  8. I do accept as true with all the ideas you’ve
    offered on your post. They’re very convincing and can certainly work.
    Still, the posts are very brief for newbies.
    May just you please prolong them a bit from subsequent time?
    Thank you for the post.

  9. I have been exploring for a little bit for any high quality articles or blog posts in this
    kind of space . Exploring in Yahoo I finally stumbled upon this site.
    Reading this info So i’m happy to express that I’ve a very
    good uncanny feeling I discovered just what I needed. I so much
    without a doubt will make certain to don?t omit this
    website and provides it a look on a continuing basis.

  10. Definitely believe that which you stated. Your favorite reason appeared to be
    on the web the easiest thing to be aware of. I say to you, I certainly get annoyed while people think about worries
    that they just do not know about. You managed to hit the nail upon the top and defined out the whole
    thing without having side effect , people could take a signal.
    Will probably be back to get more. Thanks

  11. Terrific work! This is the kind of information that should be shared around
    the web. Disgrace on Google for no longer positioning this submit higher!
    Come on over and consult with my site . Thank you =)

  12. What’s up to every body, it’s my first pay a visit of this blog; this webpage consists of awesome and genuinely fine data in favor of readers.

  13. scoliosis
    I enjoy what you guys are usually up too. Such clever work and exposure!
    Keep up the amazing works guys I’ve included you guys to my
    own blogroll. scoliosis

  14. free dating sites
    Fantastic beat ! I would like to apprentice at the same time as you
    amend your web site, how could i subscribe for a weblog
    website? The account helped me a appropriate deal.
    I had been tiny bit acquainted of this your broadcast provided brilliant transparent concept dating sites

  15. Thanks , I have recently been searching for info
    about this topic for ages and yours is the greatest I’ve
    discovered so far. But, what concerning the conclusion? Are you certain about the source?

  16. Great post. I used to be checking continuously this weblog
    and I’m inspired! Very helpful info specially the
    final section 🙂 I care for such info a lot.

    I used to be looking for this particular info for a long time.
    Thanks and best of luck.

  17. I’m really enjoying the design and layout of your site.

    It’s a very easy on the eyes which makes it much more enjoyable for me to come here and visit more often. Did you hire out a developer to create your theme?
    Great work!

  18. We are a group of volunteers and starting a new scheme in our community.
    Your web site offered us with valuable info to work on.
    You have done a formidable job and our entire community will be thankful to you.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here