බෙස්ට්මන් – 02 කොටස

9
4841

02 කොටස

              සාලෙට අඩිය තියනවා එක්කම දැක්ක දෙයින් තේජාන්ගේ මුළු පපුවම නතර උනා. දේශාන්ගේ ලස්සනම ලස්සන මනමාලි අනිත් Bridesmaidsලා තුන්දෙනා එක්කම ඉන්නවා. හුස්ම ගන්න එකත් මොහොතකට අමතක වෙද්දි තේජාන්ට දැනුනේ ඇඟ පුරාම ලොකු අකුණක් සැරට වැදුනා වගෙයි. 

             ” ම… න්….දා…. රා…. “

             ඉබේම ඇස් ලොකු වෙද්දි තේජාන්ගේ කටින් හිමින් එහෙම කියවුනේ මන්දාරාගේ දුඹුරු පාට ඇස් දිහා හිතාගන්න බැරුව එක එල්ලේම බලාගෙනයි. 

            ” I love you තේජාන්… I love You… ඔයා මගේ ජීවිතේම… කවදාවත් මාව පොඩි දේකටවත් රවට්ටන්න එපා… ඔයාව මං මගේ තාත්තාට වඩා විශ්වාස කරනවා තේජාන්… කවදාවත් මගේ විශ්වාසය කඩන්න එපා… ඔයා නැතුව අද ඉඳන් මට ජීවිත් වෙන්න බෑ… “

           මීට අවුරුදු තුනකට කලින් ඒ දුඹුරු ඇස් දෙකෙන් තමන්ගේ ඇස් වලටම එබිලා අත් දෙකෙන් මූණම අල්ලන් ආදරෙන් ඉඹලා තමන්ගේ උණුහුමේ ඉන්න මන්දාරා එහෙම කියපු හැටි මතක් වෙලා තේජාන්ගේ මුලු ඇඟම හිරි වැටිලා ගියා වගේ දැනුනා. 

            එක පාරටම සද්දෙන් තමන්ගේ ෆෝන් එකට කෝල් එකක් එනවා ඇහුනාම තේජාන් ගැස්සිලා පියවි ලෝකෙට ආවා. 

            ” හෙලෝ… “

             තේජාන් කෝල් එකට කතා කලේ තමන් කාලයක් පිස්සුවෙන් ආදරේ කරපු මන්දාරාගේ ලස්සන දුඹුරු ඇස් දෙක දිහා බලාගෙනමයි. කෙල්ලගේ ඇස් දෙකත් නතර වෙලා තිබුනේ තේජාන් ගාව. ඇත්තටම ඒ ඇස් දිහා බලාගෙන තව එක වචනයක්වත් කතා කරන්න තරම් සිහියක් තේජාන්ට තිබුණේ නෑ. ඉහලට ගත්ත හුස්මත් පහළට දාගන්න බැරිව ඉද්දි පපුවේ කොහෙදෝ කොනක් රිදෙනවා වගේ දැනුනා. 

            ” තේජ්… උඹ එහෙට ගියාද…? “

            කෝල් එක ආවේ දේශාන්ගෙන්.

            ” ඔව් අයියේ මම මේ ආවා විතරයි… “

             තේජාන් කතා කලේ කෙල්ල ගාවම ඇස් තියාගෙන. 

             ” කොහොමද…? මන්දාරා ලස්සනද…? “

             ” ගොඩාක්… “

              ඒ ඇස් තාමත් නතර වෙලා තිබුනෙ මන්දාරා ගාව. 

             ” මං දන්නවා… මන්දාරා Bride විදියට ඇන්දාම ගොඩාක් ලස්සනට ඇති කියලා… “

             ” ඔව් අයියේ… මං දැකපු ලස්සනම Bride… ගොඩාක් ලස්සනයි… ඔය දෙන්නා ගොඩාක් ගැලපෙයි… “

              කෙල්ල දිහා බලාගෙනම තේජාන් උත්තර දුන්නා.

              ” මං දැනගෙන හිටියා අනිවාර්යයෙන් උඹ ඔය කතාව කියනවා කියලා මන්දාරාව දැකපු ගමන්… කොහොමද මගේ චොයිස් එක…? නියමයි නේද…? “

              ” අයියා තෝරපු කිසිම දෙයක් කවදාවත් වරදින්න විදියක් නෑනේ අයියේ… “

             ” ම්ම්ම්… දැන් උඹ පිළිගන්නවානේ ඒක නේද…? එහෙනම් බලපන් උඹටත් මම ළඟදීම ඔයිට වැඩිය ලස්සන මනමාලියක් හොයලා දෙනවා… “

              ” මට ඕනේ නෑ අයියේ දැන්ම… ඔයාගේ වෙඩින් එක ලස්සනට අරන් ඉවර කරමු අපි… ඉන්න මම මේ බොකේ එක දීලා මෙයාලව එක්කන් එන්නම්… “

               ” මේ මේ… පොඩ්ඩක් ඉඳපන්… අනේ බන් මන්දාරාගේ ෆොටෝ එකක් එවපන්කෝ… බලන්න ආසයි බන්… “

             ” ඔහොම ඉන්න… “

              තේජාන් එහෙම කියලා දිග හුස්මක් අරන් මන්දාරාගේ අම්මාගේ දිහාවට හැරුණා. 

             ” ආන්ටි… අයියා ෆොටෝ එකක් එවන්නලු… බලන්න ආසාවේ… “

             ” මොකෝ එනකම් ඉවසන් ඉන්න බැරුව වෙන්න ඇති… ගන්නකෝ ගන්නකෝ… “

             අම්මා එහෙම කිව්වා විතරයි තේජාන් කෝල් එක කට් කරලා කැමරා එක On කරලා කෙල්ල දිහා බැලුවා. ඊට පස්සේ ෆොටෝ එකක් අරන් දේශාන්ට Whatsapp කලා. 

              ” ඕයි… ඉක්මනට එක්කන් වරෙන්… මට දකිනකම් ඉවසිල්ලක් නෑ… “

             අනිත් පැත්තට දේශාන් කොල්ලාට කෝල් කරේ එහෙම කියාගෙන.

            ” ඉක්මනට එන්නම් අයියේ… “

             තේජාන් එහෙම කියලා Photographer දිහා බැලුවා. 

            ” හරි මල්ලි… ඔයා මුලින්ම Brideට බොකේ එක දෙන්න… ඒ දෙන ගමන් Brideගෙ මූන දිහා බලන්න එපා ඔයා කැමරා එක දිහා බලන්න… නංගි ඔයා මල් බොකේ එක දිහා බලන්න…. හරිද… ඊට පස්සේ මුලින්ම ඉන්න අර Bridesmaidට දෙන්න… ඊලඟට අනිත් දෙන්නා දුන්නාම හරි… “

             Photographer කියන විදිහටම මල් බොකේ එක අරන් ගිය තේජාන් ඒක දීලා පස්සට උනා. බිම බලන් ඉන්න කෙල්ල දිහාවටම දුවන ඇස් දෙක තේජාන් අහකට ගත්තෙ ගොඩක් අමාරුවෙන්. දෙයියනේ අවුරුදු තුනකට පස්සෙ මේ දකින්නෙ මන්දාරාව. ඒකත් මෙහෙම, මේ විදියට, මෙතනම. හිතාගන්නවත් පුලුවන්ද…? ජීවිතය කියන්න ඇත්තටම හරි පුදුමාකාර දෙයක්. අපේ අතීතේ කොයි මොහොතේ කොයි විදියට අපේ ඉස්සරහට එයිද කියලා අපි කාටවත් හිතන්න බැහැ. ඒත් හදිස්සියියේම ඒ අතීතේ අපේ ඉස්සරහට ආව වෙලාවට අපි ගොඩක් අසරණ වෙනවා. 

            ” පුතාව මං දැකලාම නෑ… ඒත් මුණ දැක්කාම කොහේදි හරි දැකලා තියෙනවා වගේ පුරුද්දක් තියෙනවා…”

             මන්දාරාගේ අම්මා ඇවිල්ලා කොල්ලාට කතා කලා. 

            ” ඒක තමා… මාත් කල්පනා කලේ… මටත් දැකලා පුරුදුයි වගේ… “

            මන්දාරාගේ තාත්තාත් එතනට ඇවිල්ලා අම්මා කියපු දේම කිව්වම කොල්ලගෙ පපුව අමුතු විදියට ගැහෙන්න ගත්තා. මොකද මීට කලින් මන්දාරාගේ අම්මාවයි තාත්තාවයි තේජාන් එක පාරක් මුණ ගැහිලා තියෙනවා. 

            ” මං රට හිටියේ ආන්ටි අන්තිම අවුරුදු තුනේ… ඉන්දියා ගියා studies වලට… ඊයේ දවාලේ ලංකාවට ආවෙ studies ඉවර කරලා… මාව නම් ඇන්ටිටයි අන්කල්ටයි දකින්න කොහොමත්ම විදිහක් නැහැ… “

             තේජාන් ඉක්මනට එහෙම බොරුවක් කියලා කතාව මාරු කළා. ඒත් මන්දාරාගේ තාත්තා තමන් දිහා ටිකක් ඕනකමින් බලනවා කොල්ලට දැනුනා.

            ” දේශාන් පුතා වගේම තමයි… ඒක නිසා වෙන්න ඇති අපිට තේරෙනවා ඇත්තේ දැකල පුරුදු ගතියක්… “

             ” ඔව් අන්කල්… හැමෝම කියනවා මායි අයියායි එක වගේ කියලා… “

              තේජාන් ඉක්මනට එහෙම කිව්වා. 

             ” ඒක තමයි…  දේශාන් පුතා නම් නිතරම පුතා ගැන කතා කරනවා… ඒත් අපි පුතාව දැකලා නෑනේ… “

             ” ඔව් ඇන්ටි… ඒකයි මම කිව්වේ… පහුගිය අවුරුදු තුනක්ම මම ලංකාවට ආවේ නෑ… දිගටම එහෙ ඉඳලා එක පාරම studies ඉවර කළා… “

            ” ආපහු යන්නද කල්පනාව…? “

           ” බලන්න ඕනේ ආන්ටි… අයියාගේ කම්පනි එකේම ජොබ් එකක් එයා සෙට් කරලා… ඒත් ඉන්නවාද නැද්ද කියලා තීරණයක් නෑ…”

            ” ලංකාවට වෙලා ඉන්න ළමයො… මොනාටද මේ හැමදේම දමලා ගහල එක එක රටවල් වල යන්නේ… අපේ ලංකාව තරම් හොඳ රටක් අපිට තව කොහෙවත් තියනවද…? “

             ” ඒකනම් ඇත්ත ආන්ටි… ඒත් මිනිස්සුන්ට ලංකාව එපා වෙන්නේ ලංකාවෙ ඉන්න සමහර මිනිස්සු නිසාමයි… “

              තේජාන් එහෙම කියද්දි මන්දාරාට ඒක ඇහිලා ගැස්සිලා වගේ හැරිලා කොල්ලා දිහා බැලුවා. ඒත් වැඩි වෙලාවක් කොල්ලගෙ මූණ දිහා බලන් නැතුව තත්පරෙන් කෙල්ල අහක බලාගත්තා.

              ” ආන්ටි අපි ගාළු කොටුවට යන්නම්… ඔයාලා නැකැතට පිටත් වෙලා එන්න එහෙට… ෆොටෝ ගන්න ඕනනේ… “

             ” හරි පුතා… ඔයාලා පරිස්සමෙන් යන්න… අපි එන්නම්… “

               මන්දාරාගේ අම්මා එහෙම කිව්වාම තේජාන් එලියට බහින්න කලින් ආපහු සැරයක් කෙල්ල දිහා බැලුවා. ඒත් මන්දාරා හිටියේ තේජාන්ට මූණ පේන්නේ නැති වෙන්න පිටිපස්ස හරවගෙන. 

             අනිත් බෙස්ට්මන්ලා දෙන්නා එක්ක ඇවිල්ලා කාර් එකට නැගපු තේජාන් ෆෝන් එක අතට අරන් ගේ ඇතුලේදි ගත්ත ෆොටෝ දිහා ටිකක් වෙලා බලන් ඉඳලා දිග හුස්මක් අරන් ඇස් දෙක වහන් සීට් එකට බර උනා. මන්දාරාගේ ඒ ලස්සන දුඹුරු ඇස් දෙක තමන්ගේ ඇස් ඉස්සරහා මැවි මැවි පේනවා වගේ තේජාන්ට දැනුනා. 

#අවුරුදු_තුනහමාරක_පෙර

            ” තේජ්… නැගිපටන්… මේ යකෝ… කීයද වෙලාව… අද ඉඳන් උඹ SLIIT එකේ ක්ලාස් යන්න ඕනේ… නැගිටපන් බන්… පොඩි ගානක් වියදම් කරලාද මම උඹව ඒකට දැම්මේ…”

             උදේ පාන්දරම දේශාන් ඇවිල්ලා කොල්ලාගේ පස්ස පැත්තට හයියෙන් ගහන ගමන් එහෙම කිව්වා. තේජාන්වත් තමන් වගේම IT පැත්තෙන් ඉස්සරහට අරන් යන්න ඕන නිසා කොල්ලාව බත්තරමුල්ල SLIIT එකේ තියෙන Advance IT Diploma කෝස් එකකට යන්න සල්ලි බැන්ඳේ ගිය සතියේ. 

              ” අදද…? “

              ” නැතුව… දැන් අර උඹේ ඔලමොට්ටල යාළුවෝ දෙන්නාත් එනවා කිව්වා නේද…? කෝල් කලේ නැද්ද උන්… එක අතකින් උන්ගේ අම්මලාගේ තාත්තලාගේ සල්ලිත් අපරාදේ… අමු හරක් දෙන්නෙක් නේ බං… සාමාන්‍යයෙන් ඒ ලෙවල්වත් ලියාගන්න බැරි උන් දෙන්නාට මොන ITද…? “

             ” උන් දෙන්නා එන්නේ මගේ පාළුවට අයියේ… අනිත් එක උන්ට සල්ලි තියෙනවානේ… ඔය ආතල් එකට ඉගෙන ගන්න හදන්නේ… “

             ” හැබැයි මං ඔබව දැම්මෙ ආතල් එකට ක්ලාස් යන්න නෙමෙයි… උඹ කොහොම හරි මේකේ ඩිප්ලෝමා එක complete කරාට පස්සේ මට උඹව අපේ කම්පනි එකේම ජොබ් එකකට ෂේප් එකේ ඔබා ගන්න පුළුවන්… දන්නවනේ අපේ කම්පනි එක ගැන බයවෙන්න දෙයක් නෑනේ… එක පාරක් ඇතුළට රිංග ගත්තා නම් ෂේප් එකේ මැරෙනකම් හරි එල්ලිලා ඉන්න පුළුවන්… “

             ” අම්මෝ ඔයාගේ කම්පනි එක… “

             ” ඇයි මොකෝ… අම්මයි තාත්තයි නැති වුණාට පස්සෙ අපි දෙන්නා කාටවත් අත පාන්නේ නැතුව කාලා ඇඳලා ඉන්නේ ඒකට පින්සිද්ද වෙන්න… නැගිටපන් දැන්… ඉක්මනට ලෑස්ති වෙලා වරෙන්… මම උඹව Drop කරගෙන යන්නම්… “

             ” බඩගිනියි… ඊයේ රෑට කෑවේ නෑනේ හරියට… “

              ” නාගෙන වරෙන් බන්… කෑම උයනවා මම… කාලා යමන් එක පාර… “

               තේජාන් ඇඳෙන් බැහැලා ඔලුව කස කස එහෙම කිව්වම දේශාන් ඒකට ඒ විදියට උත්තර දුන්නා. අම්මයි තාත්තයි නැති වුනාට පස්සෙ ගෙදර හැම දෙයක්ම කලේ දේශාන්. කෑම උයන එකේ ඉඳලා හැමදේම දේශාන් කරද්දි තේජාන්ව මහන්සි කලේ ඉඟෙන ගන්න වැඩ වලට. IT ගැන මූලික diploma එකක් මේ වෙනකොට සම්පූර්ණ කරලා ඉන්න තේජාන්ව SLIIT එකට දාලා ඒ ගැන වැඩි දුර ඉගෙන ගත්තාම හොඳ ජොබ් එකකට දාගන්න පුලුවන් කියලා දේශාන් හිතුවා. 

                නාගෙන ලෑස්තිවෙලා පල්ලෙහාට ආපු තේජාන් කෑම කාලා කාර් එකට නැග්ගේ අළුතෙන්ම යන ක්ලාස් එකට යන්න හිතන්. බත්තරමුල්ලට ගිහින් SLIIT එක ගාවින් බහිනකොට එතනට තාරකයි ගිහානුයි ඇවිල්ලා හිටියා. 

              ” දැන්ද ආවේ…? “

              ” නෑ බන්… ටිකක් වෙලා උඹ එනකම් බලන් හිටියේ… “

              ” එල එල… යන් ඇතුලට… “

              ” මේ… චතූත් ක්ලාස් එනවා… “

               චතූ කියන්නේ තාරක යාළු වෙලා ඉන්න ගෑණු ලමයා. මාස කීපයකට කලින් ඒ ලෙවල් ලියලා ඉවරවෙලා ගෙදර ඉන්න චතූව තාරකට මුණගැහෙන්න බැරි හින්ද මෙතනට ක්ලාස් එන්න කියලා දාගෙන.

              ” ආ….. මෙතන මගුල් සක්වලක් කරන්න යන්නේ මට පේන්නේ… “

               තේජාන් හිනා වෙවී එහෙම කිව්වා.

              ” අනේ පල ඩෝ යන්න… තොට තියෙන්නේ පැහැදිලි ඉරිසියාව… තොට කෙල්ලෙක් සෙට් වෙන්නෙත් නෑ සෙට් වෙන එක තියාගන්නේත් නෑ… අනේ පලයන් යන්න… “

             ” එකකින්නේ ඩෝ බූට් කෑවේ… ඊට පස්සේ අවුරුද්දක් විතර පොඩ්ඩක් පාඩුවේ ඉන්න එපැයි… ඒක නැති උනාම මේක…. මේක නැති උනාම ඒක… එහෙම ලව් කරන්න බෑ බන් උඹලා වගේ… “

              තේජාන් මීට අවුරුදු එකහමාරකට වගේ කලින් යාළුවෙලා හිටියා ගෑණු ළමයෙක් එක්ක. ඒ කෙල්ල ඒ ලෙවල් ඉවරවෙලා මීට අවුරුද්දකට විතර කලින් කැම්පස් ගියාට පස්සෙ හිමින් තමන්ව මග අරිනවයි කියලා තේජාන්ට තේරුණා. ඒත් ලොකුවට හිතට අරගෙන ඒ සම්බන්ධය අරන් ගියේ නැති නිසා කැම්පස් ගියාට පස්සෙ ඒ කෙල්ල බොරුවක් කරනවා ඒ කියලා තේජාන් දැනගත්තම ඒක එහෙම්මම අතහැරලා දැම්මා. අමුතුවෙන් පස්සෙන් පන්නාගෙන ගිහිල්ලා රණ්ඩුවෙන්න තරම්වත් තේජාන් ඒ කෙල්ල පස්සේ එලෙව්වේ නෑ. 

                හැබැයි ඒ සම්බන්දේ ඉවර උනාට පස්සෙ තේජාන් අලුතෙන් ගෑනු ළමයෙක් එක්ක යාළු වුණේ නෑ මේ වෙනකම්. 

            ” මේ මූට සෙට් කරල දියන්කො අර චතූගේ අලුත් යාලුවා… කෙට්ටු කෑල්ල… “

            ගිහාන් එහෙම කිව්වා.

           ” කවුද අර අද උදේ ආව එකීද…? “

            ” ඔව් බන්… මට නම් කෑලි වැඩක් නෑ දැන්… “

             ” ඔව් ඉතිං උඹ අක්කලා පස්සෙනේ පන්නන්නේ දැන්… “

              තාරක එහෙම කියලා හිනා වුණා ඒකට හේතුව ගිහාන් දැන් යාලු වෙලා ඉන්නේ ගිහාන්ට වඩා අවුරුදු දෙකක් විතර වැඩිමල් කෙල්ලෙක් එක්ක. 

            ” යමන් ඇතුලට… අද ක්ලාස් පටන් ගන්න දවසෙම පරක්කු වෙන්නද ඕනේ…? “

             තේජාන් එහෙම කියලා යාලුවෝ දෙන්නා එක්ක ඇතුලට ආවා. ඈත ඉන්න චතූව තේජාන් දුර ඉඳන්ම අඳුර ගත්තා. හැබැයි තේජාන්ගේ ඇස් නතර උනේ චතූට එහා පැත්තේ ඉන්න කෙල්ල ගාවට. ඒ හිටියේ මන්දාරා. 

              ” අරකද කෑල්ල… “

              දුර තියාම තේජාන් එහෙම ඇහුවා. 

             ” ඔව් බන්… කෙට්ටු කෑල්ල… හැබැයි අමුතු ලල් එකක් තියෙනවා ඒකිගේ… කෙට්ටු උනාට කඳ හොඳයි… බලපන්කෝ ලඟට ගියාම… අර කණ්ණාඩි දෙකත් එක්ක අමුතු Bright කේස් එකක් වගේ පේන්නේ… අද උදේ තමා මාත් මුලින්ම දැක්කේ… “

             ” හෑහ්… චතූගෙ යාලුවෙක් නම් කොහොමද බන් අද උදේ උඹ ඒකිව දකින්නේ… මීට කලින් දැකලා නැද්ද…? “

             තේජාන් ඒ කතාව ගැන පුදුම වෙලා වගේ ඇහුවා. 

              ” නෑ බන් චතූ අර ඇක්වයිනාස් එකේ English ක්ලාස් ගියානේ… ඒ ගිය වෙලාවෙ අඳුරගත්ත කෙල්ලෙක්… ඒකිගෙ ගෙවල් ගාල්ලේලු… මේ කොහෙද කිට්ටුව නෑ වෙන කෙනෙක් ගාව නතර වෙලා ඉගෙන ගන්නේ… සෙන්ට් පෝල්ස් ඉස්කෝලේ ගිහින් තියෙන්නේ… “

              ” අම්මට හුඩු… උඹ ඒකිගේ ෆුල් බයෝ ඩේටා එකම දන්නවානේ… “

              ” චතූ හැම රෙද්දම මාත් එක්ක කියනවා නේ බං… මාත් ඉතිං ඔහේ කන් දෙක රිදෙනකම් ඒවා අහගෙන ඉන්නවා… වෙන මොනා කරන්නද…? “

             ” වරදක් නෑ බන්… ලස්සනයි ඒකි… “

              ” දුරටද…? “

              තේජාන් කෙල්ල දිහා බලාගෙන එහෙම කියද්දි ගිහාන් විහිළුවට වගේ ඇහුවා. 

               ” මේ හැබැයි ඕකිට කොල්ලො ඇලජික් පොඩි ලයින් එකක් තියෙනවා… “

              ” අපෝ……. එහෙමද…? “

               ” මෙහෙමයි තේජ්… උඹ මේකිව දාගන්නවා නම් දාගනින්… හැබැයි උඹ මේකිව දාගත්තොත් අපි පිළිගන්නවා උඹ වැඩ්ඩා කියලා… මොකද චතූ කියන විදියට මේකිව දාගන්න නම් පට්ට අමාරුයි… ට්‍රයි එකක් දීලා බලපන්… “

             ” ඒ මොකෝ උඹ එහෙම කතාවක් කියන්නේ…? “

                තාරක කිව්ව දේ ගැන ගැන කුතුහලයෙන් තේජාන් එහෙම ඇහුවා. 

              ” මෙහෙමයි… මේකි ඉස්කෝලේ යන කාලේ ෆුල් සිරා ලව් එකක් අරන් ගිහින් තියෙනවා… ඒ ලෙවල් ලන් වෙද්දි ඌ බූට් තියලාලු…  විභාගේ ඇන ගන්න ඔන්න මෙන්න ගිහින් ෂේප් කරන් තියෙන්නේ… මට කිව්වා විදිහට ඒ බූට් එක කෑවට පස්සේ මේකිට කොල්ලො පෙන්නන්න බැරි ලයින් එකක්ලු තියෙන්නේ… “

            ” අප්පාට එහෙමත් එකක්ද… අවුලක් නෑ… කතා බහ කරලාම බලමු… ගාළු කෙල්ලොන්ගේ අමුතු කික් එකක් තියෙනවා කියලා අහලා තියෙනවා මන්… වෙනම ලයින් එකකින් මෙයාට ට්‍රයි එක්ක දීලා බලමු… “

              තේජාන් එහෙම කියලා හිනා වේගෙන චතු ඉන්න තැනට ආවේ මන්දාරා ගාවටම ඇස් තියාගෙන. 

              ” අම්මෝ තේජ්… ඔයාව දැක්ක කල්… “

              කොල්ලව දැක්ක ගමන් චතූ එහෙම කිව්වා. 

              ” එලියට බැස්සේ නෑනේ පහුගිය මාස තුන හතරක්ම… “

               චතූට එහා පැත්තේ ඉන්න කෙල්ල දිහා දුර ඉඳලා බලන් ආවත් ලඟට ආවට පස්සේ මන්දාරාව එච්චර ගනන් ගන්නෙ නැතුව චතූ දිහා බලන් තේජාන් එහෙම කිව්වා.

               ” මන්දාරා… මේ ඉන්නේ තේජාන් අයියා… අපි එයාට ආදරේට කියන්නේ තේජ් කියලා…තාරකගේ හොඳම යාළුවා… “

               චතූ එහෙම කියලා කෙල්ලව අඳුන්නලා දෙද්දී එච්චර උවමනාවක් නෑ වගේ තේජාන් කෙල්ල දිහා බැලුවත් එක පාරටම දැක්ක කෙල්ලගේ ඒ දුඹුරු පාට ඇස් දෙක ගාව කොල්ලාගේ හිත මොහොතකට නතර වුණා. කියන්න තේරෙන්නෙ නැති අමුතුම හුරු පුරුදු ගතියක්  ඒ ඇස් වල තියෙනවා කියලා තේජාන්ට එවෙලේ දැනුනා. ඊට පස්සේ තේජාන්ගේ ඇස් හිමින් ගියේ තාරක කිව්වා වගේ කෙල්ලගේ ඇඟ පත දිහාවට. ඕනම කොල්ලෙක් කෙල්ලෙක්ව දැක්ක ගමන් පපුව දිහා පස්ස දිහා මුලින්ම බලනවා වගේ තේජානුත් ඒ විදියටම කෙල්ල දිහා බලලා පොඩි ස්කෑනින් එකක් දැම්මා.

              ” හායි… “

               එකපාරටම මන්දාරා එහෙම කිව්වම තේජාන්ගේ ඇස් ආපහු කැරකිලා ඇවිල්ලා කෙල්ලගෙ දුඹුරු පාට ඇස් ගාව නතර වුණා. කෙල්ල හායි කිව්වත් ඒක ගණන් නොගෙන තේජාන් ආඩම්බරකමට මූනෙන් ලාවට හිනා උනා. මන්දාරා ඒ දිහා බලලා බිම බලාගත්තේ පොඩ්ඩක් ලැජ්ජ උනාදෝ කියලා හිතට දැනුන නිසයි. 

              ” මචං යන්ද අපි ඇතුලට… මෙතන ඉඳන් කයිය ගහන්න ගිහින් ක්ලාස් එක මිස් වෙයි පලවෙනි දවසෙම… “

              තේජාන් එහෙම කියලා එතනින් ඉස්සරහට යන්න අඩියක් තියද්දි ගිහානුයි තාරකයි මූණට මූණ බලාගත්තා. 

             ” මොකෝ බන් ඌ එහෙම… ඉඟෙන ගන්න ඔච්චර සීරියස් උනේ කවදා ඉඳලාද…? “

              තාරක එහෙම කියද්දි ගිහානුත් ඒ ගැන කල්පනා. 

            ” ගනන් ගන්න එපා… මට පේන්නේ ලොක්කා ගේමට එන්ටර් වෙලා… මට මේකිව දුරට දැක්ක ගමන් තේරුණා අපේ තේජා ඇස් දෙකෙන් කන්න වගේ බලන් ආවේ මේකි දිහා… උඹට තේරෙන්නේ නැද්ද… මූ ලොකු ලයින් දාලා ඒකිව අල්ලන්න යන්නේ… “

            කෙල්ලො දෙන්නාට ඉස්සර වෙන්න දීලා තාරකත් එක්ක ක්ලාස් එක ඇතුලට යන ගමන් ගිහාන් හිමින් එහෙම කිව්වා. 

– තේජාන්ට ගනන් උස්සලා මන්දාරාව යාළු කරගන්න පුළුවන් වෙයිද..? නැත්තං තේජාන්ට කෙල්ලගේ පස්සෙන් යන්න වෙයිද…?

            ඊයේ ටික දෙනෙක් කමෙන්ට් කරලා තිබුනා මේක ” මගේ නපුරු මනාලි ” එකේ අනිත් පැත්ත වගේ කියලා. කොහෙත්ම නෑ. මේක සම්පුර්ණයෙන්ම හාත්පසින්ම වෙනස් කතාවක් කියලා පලවෙනි කොටස් දහය යනකොට තේරෙයි. ඒ වගේම තමා මීට අවුරුදු තුනකට කලින් තේජාන් හා මන්දාරා අතර සිද්ද උන දේ උඩ තමයි කතාවේ ඉස්සරහා තීරණය වෙන්නේ. ඒ නිසා ඒ අතීතේ ඉතාමත් කෙටියෙන් අනාගතේට වැදගත්ම වෙන කොටස් ටික විතරක් අරගෙන එන්නම් මේ සතිය ඇතුලත. පොඩ්ඩක් ඉවසීමෙන් කියවන්න. මැද හරිය වෙනකොට දවස ගානේ හාර්ට් ඇටෑක් දෙන, අවසාන කොටසට යනකම් අවසානයක් පේන්නේ නැති ලස්සන ලව් ස්ටෝරියක් මේක. වෙනදා වගේම ඔයාලගේ කමෙන්ට් ලයික්ස් ඕනේමයි. හෙට රෑ 8ට ආපහු එන්නම්. 

අද කතාව කොහොමද ?
+1
0
+1
16
+1
2
+1
5
+1
0
+1
1
+1
0

9 COMMENTS

  1. බෙස්මන්ට් කතාවෙ අනිත් කොටස් ටිකත් දානවද අක්කි

  2. It’s actually a great and useful piece of info.

    I’m happy that you simply shared this useful information with
    us. Please stay us informed like this. Thanks for sharing.
    0mniartist asmr

  3. Tremendous issues here. I’m very happy to see your article.
    Thanks so much and I am taking a look ahead to touch you.
    Will you please drop me a mail? 0mniartist asmr

  4. I’m really enjoying the design and layout of
    your site. It’s a very easy on the eyes which makes it much more enjoyable for me to come here
    and visit more often. Did you hire out a developer to create your theme?

    Great work! asmr 0mniartist

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here