නොමියෙන සෙනෙහස

5
7503


සර් clz එකට එනකොට පැය භායක් විතර පරක්කු උනා.මොකද මහ වැස්ස නුවර වහිනවා කියන්නෙ පාර මිදුමෙන් වැහෙනවා..එ් නිසා සර්ට clz එකට එන්න ටිකක් පරක්කු උනා.කොල්ලෝ ඩෙස් වලට ගහ ගහ සිංදු කියනවා..මගෙ පපුව රිදෙනවා.මේ කරැම ලෙඩේ නිසා මම හැමදාම විදවනවා.
අද ආවෙත් paper එකක් දෙනවා කිව්වා නිසයි.. සර් cl එකට ආපු ගමන් කට්ටියගෙ සද්දෙ නැ….ආයෙම නිකම් මාව කැරකෙනවා වගෙ දැනුන නිසා මම ඩෙස් එකෙන් ඔළුව තියා ගත්තා..

අම්මෝ මම පැය භාගයයි පරක්කු උනේ උඹලට රජ මඟුල් නේ….

සර් පුරැදු හිනාව මුනේ තියාගෙන මයික් එක අතට ගත්තා..

Paper එකට කට්ටිටම ලැස්සති ඇතිනෙ..ඒකනේ සිංදුවක් එහෙම කියාගෙන මම එනකම් jollye හිටියේ…

කට්ටියටම හිනා ….

හරි එනම් සුමිත් අයියා අපි paper ටික බෙදමු.

සර් අපේ පේලිය ලඟට එනකම් මම දැක්කෙනෑ. අමාරැවට ඔළුව තියාගෙනම මම හිටියේ.

ඇයි පුතේ..මොකද ඔයාට සනීප නැද්ද..

මම හෙමිට ඔළුව ඉස්සුවා ..සර් මං දිහා බලාගනම ඉන්නවා…

නැ නැ සර් මගෙ ඔළුව රිදෙනවා ඒකයි…

මම ගොත ගගහා බොරැවක් කිව්වා

ඉතිං පුතේ paper එක ලියන්න පුළුවන්ද …

පුළුවන් සර් කමක් නැ..

හරි එහෙනම් පුළුවන් හරියක් ලියන්නකෝ අමාරැනම් මට කියන්න…

මගෙ ඔළුව හිමිට අතගලා සර් ගියා..

මම paper එක අරන් ලියන්න පටන් ගත්තා…මම ලියලා ඉවර වෙනවත් එක්කම මට දැනුනා මගෙ මුළු ඇගම පන නැති වෙලා යනවා වගේ. ඔළුව කැරකෙන්න ගත්තා.මම වැටුනා මතකයි මට…මගෙ යාළුව කෑ ගැහුවා මට මතකයි..

සමාධි …සමාධි.. …ඔයාට මොකද උනේ…

මට මතකයි සර් ඇවිත් මාව උස්සන් කාර් එකට දාගත්තා යන්තමට…

මට සිහිය එනකොට මම හිටියේ ඉස්පිරිතාලෙ ඇදක් උඩ… අැස් ඇරියට මට මුකුත් හරියට පෙනුන්නැ බොඳ වෙලා වගෙයි පෙනුනේ..යන්තමට ඇඳ ලගම සර් ඉන්වා දැක්කා…

පුතේ සමාධි දැන් කොහොමද ඔයාට.

මට….මට දැන් අඩුයි සර්…

සමාධි ගෙදර number එකක් කින්නකෝ cl කරන්න..

ගෙදර….. ගෙදර ⁣phone එක්ක නැ සර්….

මට ඇඬුනා..මට ඉන්නෙ අත්තම්මා විතරයි.මගෙ අම්මා මාව පුංචි කාලෙදිම දාලා ගිහිං.මං එයා මොනවගෙද කියලවත් දන්නැ.තාත්තෙක් ගැන මම අහලවත් නැ.ඔක්කොටම මට හිටියෙ අත්තම්මා ..එයායි මාව මේ තැනට වෙනකම් ගෙනාවේ.වත්තේ දළු කඩන්න ගිහිං,උදේට කඩයප්පන් හදන සල්ලි වලිනුයි එයා මට ඉගැන්නුවේ.එහෙම දුක් විඳින මාව බලන්න කිව්වා ගමන් දුවන් එන්න ඉන්නෙ අත්තම්මා විතරයි…

ඇයි සමාධි ගෙදර කා ගාවවත් phone එකක් නැද්ද..

මම නිරැත්තර උනා…

මගෙන් අහපු හැම ප්‍රශ්නෙටම උත්තර දුන්නේ හිරැණි.එයා මගේ හොඳම යාළුවා..හිරැණි හැම දේම කිව්වට පස්සේ sir ගේ මුණ වැහි වළාකුළක් වගෙ කළු වෙලා ගියා.. සර් මං දිහා බලලා මගෙ ඔළු අතගෑවා…

ඉන්න මම doctorට කතා කරලා එන්නම් පුතේ

සර් ගියාම හිරැණි ඇවිත් මගෙ ඔළුව අත ගෑවා..දැන් සර් දැනගනි මට තියෙන ලෙඩේ ගැන.කාත් කව්රැවත් නැති මට කරැම ලෙඩක් විතරයි තියෙන්නේ.අපේ අම්මටත් මේ ලෙඩේ තියෙනවා කියලා මට අත්තම්මා කියලා තියෙනවා..ඔයා මට දීලා ගියේ ඒ දායාදේ විතරයි අම්මේ…මට හුස්ම ගන්න බැරි වෙනවා.පපුව හිරවෙනවා..එතකොට සිහිය නැති වෙනවා.පපුවේ සිදුරක් කියලයි doctorsලා කියන්නෙ…මට යාන්තමට නින්ද ගියා.ඒත් සර්ගෙ කටහඩට මට ඇහැරැනත් මම ඇස් ඇරියේ නැ..

හිරැණි පුතේ ඔයා ගෙදර යන්න දැන් 6 ටත් කිට්ටුයි..මම සමාධිව ගෙදර එක්කන් යන්නම්.doctor කිව්වා ගෙදර ඒකකන් යන්න කියලා…

හරි සර් …
සමාධිට මේ ලෙඩේ හුඟක් කල් ඉදන්නද තියෙන්නේ හිරැණි …

ඔව් සර් එයා පුංචි කාලේ ඉඳන්..

පව් අසරණි..මටනම් මාරම අව්ල් ..ඔයා යන්න එහෙනම් බස් එකේ යන්න සල්ලි තියෙනවද දරැවෝ ..

තියෙනවා සර්… සර් සමාධිගෙ ගෙදරට යන්නෙ මාළිගාව පාරේ… සක්සස් clz එක ගාවින් ඇතුල් පාරේ..හුඟක් දුර යන්න ඕනෙ සර්..

හරි මම කොහොම හරි පාර හොයාගන්නම් .. පරිස්සමට යන්න දරැවෝ ..

සමාධි …සමාධි …..

මම ඇස් ඇරලා සර් දිහා බැලුවා.. අනුකම්පාවෙන් මං දිහා බලන් ඉන්නවා…

ඔයාට ගෙදර යන්න පුළුවන් කිව්වා.. යමු පුතේ මම ගෙදරට ඇරලන්නම්.දැන් අත්තම්මා බය වෙලා ඇති..බහින්න ඇඳෙන් ..

මම හෙමිට නැගිට්ටලා ඇඳේන් බහින්න යද්දිම මම විසි වෙලා වැටෙන්න ගියා…සර් මාව අල්ලා අත්තා..ඒ අත්වල මට ලොකු හව්හරණක් දැනුනා.

යමු අපි හෙමිට.. ……………………………………..
සර්ගෙ නම දසුන් නවීන් පතිරණ නුවර හුඟක් ප්‍රසිද්ධ සර් කෙනෙක්..මම a/l කරා මට campus යන්න පුළුවන් කම තිබිලත් නොගියේ අත්තම්මට තවත් කරදර කරන්න බැරි නිසයි.මට චාටටට් කරන්න සල්ලි වියදම් කරන්නේ පන්⁣සලේ ලොකු සාධු.අපේ අම්මගෙ අයියා.ලොකු සාධුගෙ බල කිරිම නිසයි මම චාටට් කරන්න කැමති උනේ.දසුන් සර්ට වැඩි වයසක් නැ.අපිට වඩා අවුරැදු දෙක තුනක් වැඩිමල් ඇති.යාළුවෙක් වගෙයි වෙලාවකට..හැම කල්පනාවකින්ම මම මිදුනේ සර් කට හඬට

සමාධි මේක නේද ගෙදර…

ඔව් සර් මේක තමයි….

හරි බහින්න හෙමිහිට….

වාහනේ සද්දේ ඇහිලා අත්තම්මා දුවගෙන ආවා ..අනේ ඒ මුණ බයෙන් පිරිලා..

සුදු හාමිනේ..ඇයි මෙච්චර පරක්කු උනේ.මොකද උනේ කියන්නකෝ..

අත්තම්මා මගෙන් අහපු ප්‍රශ්නවලටඋත්තර දුන්⁣නේ සර් ..සර් හැමදේම කිව්වා ..

මම කිව්වා නේද අද පන්තියට යන්න එපා කියලා..කියන දේ ඇහුවේ නැ විභාගයක් කියලා යන්නම ඕන කිව්වා.ඊයේ රෑත් අමා⁣රැවෙන් හිටියේ ඒත් පාඩම් කරා.කියන දේ අහන්නැ මහත්තයෝ..

අත්තම්මා සර්ව ගෙට එක්කන් යන්න..

යමු මහත්තයෝ ගෙට..

අපේ පුංචි ගෙවල් සර්ටනම් අපහසු ඇති ඒත් මොනව කරන්නද.අත්තම්මා ඉක්මනට තේ එකක් හදන් ආවා..

බොන්න මහත්තයෝ ..

බො⁣හොම ස්තුතියි අත්තම්මා ..

සමාධි හොඳටම හොඳ වෙනකම් clz එන්න එපා.දිපු බේහෙත් ටික වෙලාවට බොන්න..මහන්සි වෙන්න එපා.clz එකේ notes මම හිරැණිට දෙන්නම් …ආයේ doctor කෙනෙක්ට අපි ඔයාව පෙන්නමු..තේරැණාද ළමයාට..

මම තේරැණා කියන්න ඔළුව වැනුවා..

සර් ටික වෙලාවක් ඉඳලා අත්තම්මටත් වැඳලා ගියා…මම ඇඳට වැටුනා දන්නෙම නැ නිද්ද ගියා………………………………………….

දවස් ගාණක් ගෙවිලා ගියත් මට බෙහෙත් ⁣වලින් අඩුවක් උනේනැ..අත්තම්මට ඒ බවක් මම පෙන්නුවේ නැ.එයා මම නිසා දුක් විඳිනවා.කොහෙන්ද අපිට සල්ලි බෙහෙත් වලට වියදම් කරන්න..මම ආමාරැවෙන් නැගිටලා ගිහිං රෑට දවස් ගාණක් ගෙවිලා ගියත් මට බෙහෙත් ⁣වලින් අඩුවක් උනේනැ..අත්තම්මට ඒ බවක් මම පෙන්නුවේ නැ.එයා මම නිසා දුක් විඳිනවා.කොහෙන්ද අපිට සල්ලි බෙහෙත් වලට වියදම් කරන්න..මම ආමාරැවෙන් නැගිටලා ගිහිං රෑට කන්න හාල් ලිපේ තියන්න ගියා..නැත්තම් මුළු දවසම ඔට්ටුවෙලා රෑටත් මහන්සිවෙයි ඇවිත් අත්තම්මා …කුස්සියට ගියාට පස්සේ වාහන සද්දයක් ඇහිලා මම ගිහිං බැලුවා.. සර්ගෙ කාර් එක..මහ බඩු මළු දෙකක් ඔස්සන් ගේ ඇතුලට ඇවිත් …

දැන් හොඳයි නේද සමාධි…
කියලා මං දිහා බැලුවා..
හොඳයි සර්..

ආ…මේවා ටික ගේ ඇතුලෙන් තියන්න..

අනේ ඇයි සර් මේවා උස්සන් ආවේ.ඇයි කරදර උනේ …

පිස්සුද ළමයෝ මං කරදර උනේ නැ මොකකටවත්….කෝ අත්තම්මා ..

තේ දළු කඩන්න ගිහිං තාම ආව් නැ සර්..ඉන්න මම සර්ට තේ හදන් එන්නම්…

මම කුස්සියට දුවලා තේ එකක් හැදුවා…..

සර් තේ බොමු……

හරි බොමු..ඉතිං සමාධි දැන් බෙහෙත් ඉවරද…ඇත්තම කියන්න දරැවෝ දැන් ටිකක් හරි අඩුයිද …. මට ඔයාගෙ මුණෙන්නම් කිසිම හොඳපාටක් පෙන්න නැ… බොරැවට නේද හොඳයි කිව්වේ..

සර් මට ඉන්නේ අත්තම්මා විතරයි ඒ අහිංසක මනුස්සයට මම කොච්චර වදයක්ද.බලන්නකෝ මගෙ බෙහෙත් වලට කොච්චර සල්ලි වියදම් වෙනවද..ඉතිං මම හොඳයි නොකිව්වොත් අත්තම්මා විඳවනවා..මට කලින් අත්තම්මට යන්න දෙන්න බැ සර් මම නිසා..

මට ඇඬුම නවත්ත ගන්න බැරි උනා…සර් මං දිහා බලාගෙනම හිටියා..

මේ කරැම ලෙඩේ හොඳ කරන්න බැ සර්..මට අම්මා දිලා ගියේ මෙච්චරයි.

ඇයි සමාධි එහෙම කියනනේ ඔයාට මුකුත් වෙන්නැ..දැන් වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණුයි ඉතිං අපිට පුළුවන් ඔයාව සනීප කරගන්න..මගේ යාළුවෙක් ඉන්නවා colombo hospital එකේ මං එයාට cl කරා එයා කිව්වා ඔය සම්බන්ධෙන් ඉන්න doctor හම්බුවෙන්න දවසක් දාලා දෙන්නම් කියලා…

අනේ මම නිසා කරදර වෙන්න එපා

මට කරදරයක් නෙවෙයි ඔයාව …

ඒත් සර්….

කරැණාකරලමට සර් සර් කියන එක නවත්තවද..වචන 100 ක් කතා කරොත් 99ක්ම සර් සර්..

ඒත් සර් … මගේ ගුරැවරයනෙ..

මට මොකද්දෝ අමුත්තක් දැනුනා සර්ගේ..ඒ වචන ටික හරි අමුතුයි.

ගුරැවරයා තමයි .ඒ clz එකට. මම දැන් ඔයාගෙ හොඳම යාළුවා කියලා හිතන්න සමාධි..

අද සර් හුඟක් අමුතු වෙලා ඇයි.මේ.

සමාධි මේක තියාගන්න.

පුංචි බැග් එකක් සර් මට දුන්නා.ඒක ඇතුලේ පොඩි පෙට්ටියක් තිබුණා …

මොකද්ද සර් මේ…

බලන්නකෝ මොකද්ද කියලා..

මම පේටිය අතට අරන් බැලුවා.අනේ phone එකක්…

ඇයි සර් මේ…

ඕක ඔයාට හදිසියක් උනොත් පණිවිඩයක් දෙන්න phone එකක් ලඟ නැනේ.ඕක තියාගන්න.මම ඕකට සිම් එකක් දාලා තියෙන්නේ.මගෙ namber එක save කරලා ඇත්තේ..

අනේ සර් ඇයි මෙච්චර වියදම් කරන්නේ.සර් මේ හොයලා බලන ටික ඇති අපිට.වියදම් කරන්න එපා සර්..

හා හා හරි හරි…අනේ මේ ඉන්වද පණ්ඩිත නොවී.ලෙඩඋනාට මොකද කටනම් තියෙනවා…මේ මම ටියුට් ටික ගෙනවා බලා ගන්න ඒවා අලුත් පාඩම ලබන සතියේ පටන් ගන්නවා…

හරි සර් මම බලන්නම්..මට කියල දෙනවද පාඩම් ටික අතපහු වෙච්ච.

හරි මම කියල දෙන්නම් කෝ.වැඩියෙන් ගෙවන්න වෙයි ඔන්න..

හරි ගෙවන්නම් කො මම…

මම යන්නම් සමාධි .අත්තම්මා තාමත් නැහැ නේද.පරිස්සමට ඉන්න.මොනව හරි ප්‍රශ්නයක් උනොත් cl කරන්න මට හොඳද…

හරි මම cl කරන්නම්…

⁣එහෙනම් මම යන්නම් .පරිස්සමට ඉන්න බුදුසරණයි…

සර් පරිස්සමට යන්න බුදුසරණයි …

……………………………………………….

එදා රෑ සර් මට sms එකක් එවලා තිබුණා..

“සමධි ඔයාට මුකුත් ප්‍රශ්නයක් නැ නේද?”
” නැ සර් මුකුත් ප්‍රශ්නයක් නැ මට.”
“සමාධි..”
“සර්”
“මුළු clz එකම පාළුයි ඔයා නැතුව”
” මම නැතුව අනේ බොරැ”
“මට ඒ පාළුව හුඟක් දැනුනා”
මම ඒ sms ,එක දෙපාරක් විතර කියෙව්වා.මට ඒක නිකම් විශ්වාස කරන්න බැ ව⁣ගේ
“මම ඇත්ත කියන්නෙ සමාධි.මට තවත් මේක හංඟන් ඉන්න බැ.මම ඔයාට ආදරේ කරනවා.ඔයාට මතකද ඔයා clz එකේදි සිංදුවක් කිව්වා.එදා ඉදන් තමයි මම ඔයාට ආදරෙ කරන්න පටන් ගත්තේ.බොරැ නෙවෙයි ඇත්තමයි.අනේ මට බයයි සමාධි මට ඔයා නැතිවෙයි කියලා.”plz මාව තේරුම්ගන්න..”

මට ඒ msg එක කියවනකොට ඇඬුනා ..මම reply නොකරපු නිසා සර් මට cl ගත්තා..මම හැමදේම තේරැම් කරත් ඒවා සර් අහන්න කැමති උනේ නැ.සර් ඇඬුවා එයාව දාලා යන්න එපා කියලා.අපි දෙන්නම හුඟක් ඇඬුවා.හුඟක රෑ වෙනකම් කතා කරා.අන්තිමට සර් දිනුවා………………………………………..

කාලේ ගෙවිලා ගියා.මගේ අසනීප හොඳ කරගන්න සර් හැම තැනම ඇවිද්දා.අන්තිමට මාව ඉන්දියාවේ අරන් යන්න තීරණේ කරා. ඔපරේෂන් එකක් තියෙනවා ඒක කරාම මට සනීප වෙයි කියලා කිව්වා. මම වෙනුවෙන් සර් නොකල දෙයක් නැ.හරියට තාත්තෙක් ⁣වගෙ.මමයි අත්තම්මායි,සර් ඉන්නේ ඉන්දියාවේ.අද රෑට මගෙ ඔපරේෂන් එක.මට බයයි.ඒත් මගේ හිතට විශ්වාසයි මට හැමදාම සර් එක්ක සතුටින් ජිවත් වෙන්න පුළුවන් වෙයි කියලා.මට ඔයාව දාලා යන්න බැ මැණික.දැන් මට ජිවත් වෙන්න අාසයි…

සමාධි ….

මම ගැස්සිලා ඒ දිහා බැලුවා..මම දුවල ගිහිං ඒ පපුවෙ ඔළු තියාගත්තා….

මට බයයි මැණික….

අනේ අඬන්න එපා සුදු නෝනා..ඔයාට මුකුත් වෙන්නැ…

එහෙම කියාලා සර් මාව ඉවසුමක නැතුව වගේ ඉම්බා..මම ඒ උණුහුමට තවත් ගුලි උනා…..

දසුන්….
දසුන් මචං සමාධිව ඔපරේෂන් එකට ලැස්ති කරන්නලු….

සුපුන් අයියා ඇවිත් කිව්වම මම සර්ගේ අතින් හයියෙන් අල්ලා ගත්තා.ඒ අත් වල මට ලොකු ආරක්ෂාවක් දැනුනා.නර්ස් ඇවිත් මාව එක්කන් ගියා..මම එනවා මගෙ පන අායේ.ඔයත් එක්ක සතුටින් ජිවත් වෙන්න.මට දිපු සතුට මේ ජිවිතේ මගෙන් උදුර ගන්න එපා.මම ප්‍රාර්ථනා කරා…..

…………………. නිමි ……………………..

( කෙටි කතා අපේ පිටුවේ පල කරන්න කැමති නම් පේජ් එකට මැසේජ් එකක් දාන්න )

අද කතාව කොහොමද ?
+1
4
+1
11
+1
1
+1
0
+1
0
+1
0
+1
0

5 COMMENTS

  1. Definitely consider that that you said. Your favourite justification appeared to be on the internet the simplest thing to take into accout of.
    I say to you, I certainly get annoyed whilst other
    people consider worries that they plainly don’t understand about.
    You controlled to hit the nail upon the top and also outlined out the
    entire thing without having side effect , other people can take a signal.
    Will likely be again to get more. Thanks asmr 0mniartist

  2. I blog quite often and I really appreciate your information. The article has
    really peaked my interest. I am going to book mark your website and keep
    checking for new details about once per week. I
    subscribed to your RSS feed as well. 0mniartist asmr

  3. Having read this I thought it was rather informative.
    I appreciate you taking the time and energy to put this article together.

    I once again find myself spending way too much time both reading and posting
    comments. But so what, it was still worthwhile!
    asmr 0mniartist

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here