විශ්වය තරම් ආදරෙයි මං

4
7781

“ විශ්වය තරම්
ආදරෙයි මං… “
┏━━━━━°❀•°:🎀 – 🎀:°•❀°━━━━━┓

උදේම විශ්වගේ ෆෝන් එක රින්ග්ස් යන්න පටන් ගත්තා. හිමින් ඇස් ඇරලා ෆෝන් ස්ක්‍රීන් එක දිහා
හිරුනිගෙන් කොල් එක. හිරුනි කියන්නේ විශ්වගේ ගර්ල්ෆෙන්ඩ්

” Good Morning බබා ” ඇයි මේ උදේම කොල් කරේ…ඊයේ රණ්ඩුව දැනුත් ඇඳගෙන බනින්නද..?

ම්ම්ම්ම් …Morning Morning …අපෝ නෑ..
මොකද..? සමහර දේවල් වලට රණ්ඩු වෙලා වැඩක් නැති නිසා…”

හිරුනි කතා කලාට
විශ්ව දන්නවා හිරුනි ඉන්නේ ගොඩක් තරහෙන් කියලා…

හරි හරි අපි ඒක දැන් අමතක කරමු. මොකද . ?කරන්නේ මගේ බබා දැන් උදේම ඇහැරීලා ..

විශ්ව පොඩි එකෙක්ව හුරතල් කරනවා වගේ
හිරුනිගෙන් ඇහුවා.. හිරුනිට තවත් තරහා ගියා

“මේ…මාව කේන්ති ගස්සන්න එපා බබා ඔයා…
අද හැන්දාවට වැඩක් දාගන්න බෑ…මාව මිට් වෙන්න ඕනේ ඔයා..දෙයක් මට කතා කරන්න තියෙනවා…ඒක ගොඩක් Important මට..

ඒ ටික හිරුනි කිව්වේ ගොඩක් හෙමින්..ටිකක් අමුතුවෙන්

තව මුකුත් නොකියා විශ්ව;
“හරි බබා..මං එන්නම්. කියටද..? 4.30 – 5 වගේ…කමක් නැද්ද ..? හා කමක් නෑ… ඒ වේලාවට එන්න…
හරි බබා…එහෙනම් පරිස්සමෙන් එන්න. එද්දී මට කියන්න…බුදුසරණයි ඔයාට

අහ්…එක නෙමෙයි කොහේවත් යන්න නෙමෙයි .
මං ටවුන් එකට එන්නම් ලොකු වේලාවක් මට ඕනේ නෑ…හරිද…?

විශ්වට මුකුත් හිතාගන්න බැරි උනා. ඇයි කියලා අහන්නත් බෑ…ඇහුවොත් තවත් රණ්ඩු වෙයි නිසා…

“කමක් නෑ…බබා..ඔයාගේ කැමත්ත…මං එන්නම්..” එද්දී මට මැසේජස් එකක් දාන්නකෝ….” බුදුසරණයි පන..පරිස්සමෙන් ඉන්නකෝ දැන්…හරිද..?

හිරු ලොකු දෙයක් කිව්වේ නෑ…

“හරි මං තියන්නම්. ෆෝන් එක එකපාරටම කට් උනා.

විශ්වට මුකුත්ම හිතාගන්න බැරි උනා. ඇයි දන්නවාද..? මොන තරහා තිබ්බත් කෙල්ල බුදුසරණයි කියන එක මට නොකියා තියන්නේ නෑ..මොකක් හරි ප්‍රශ්නයක්..
අවංකව ආදරේ කරාම අනිත් කෙනාට වෙන්න තියෙන දෙයත්…වෙන්න යන දෙයත් ඔය හැමදේම නිකන් හිතට දැනෙනවාලුනේ…අන්න එහෙම තමයි විශ්වටත් දැන් උනේ..මේ දෙන්නා යාළු උනේ මිට අවුරුදු දෙකකට කලින්..ගෙවල් වලිනුත් දන්නවා…දෙන්නාගෙම කල වයසත් හරි නිසා දෙපාර්ශවයම දෙමාපියන්ට ඕනේ දෙන්නාව ඉක්මනට කසාඳ බන්දන්න.

එත් හිරු කියන්නේ ඉක්මන් කේන්තිකාරියක්. විශ්ව මොන දේ කරත් එයාට කේන්ති යනවා. ඉතින් විශ්ව බැනුම් අහලා අහලා බැරිම තැන එයාටත් කේන්ති ගියාම ඉතින් හිතාගන්න පුළුවන්නේ ඉතුරු ටික…ආයෙත් තරහා වෙලා ඉන්නවා. පස්සේ මුකුත් මතක නෑ වගේ ආයෙත් දෙන්නා ආදරෙන් ඉන්නවා. එත්…වැරද්ද කරන්නේ නම් විශ්ව තමයි. විශ්ව හැදිලා තියෙන්නේ බබා වගේ. හිරු තමයි විශ්ව අම්මා කෙනෙක් වගේ බලාගන්නේ. එකයි විශ්ව හිරුට මුකුත් කියන්නේ නැත්තේ මොකද ..? විශ්ව ආසයි එයා ගැන හිරු හොයලා බලන විදියට.එත් ගෙවල් වල අය මේවා දන්නේ නෑ..ගෙවල් වලට අයත් මේක ප්‍රශ්නයක්. ඇයි කසාඳ බැන්දාමත් මෙහෙම වෙයිද කියලා. හිරුගේ ගෙදර අය දන්නේ ප්‍රශ්නේ තියෙන්නේ හිරුගේ කියලා .එයාලා හිරුට කිව්වත් ගැහැණු ළමයෙක් ඔච්චර කේන්ති ගන්න හොඳ නෑ කියලා. හිරු මේ කනෙන් අහලා මේ කනෙන් පිට කරනවා…හිරු කැමති නෑ විශ්වගේ වැරදි තමන්ගේ ගෙදර අය දැනගන්නවාට..

වේලාව 4.15 හිරුගෙන් මැසෙජ් එකක් ආවා විශ්වට.

කොහේද ඉන්නේ එනවා නේද..?

“ඔව් බබා…5ට වගේ එන්නම් ටවුන් එකට.
එහෙම කියලා විශ්ව ඉක්මනට රිප්ලයි එකක් දැම්මා.

“ම්ම්ම්..හරි මං ඉන්නම් ස්ටේශන් එක ළඟ දැන් මං ටවුන් යනවා බඩු වගයක් ගන්න. ඔයා ඇවිත් මැසේජ් කරන්න මට. රිප්ලයි එක ආවේ හිරුගෙන්.

“හරි බබා..ඔයා පරිස්සමෙන් යන්න හරිද..? දැන් ඉක්මනට කළුවර වැටෙනවා. එක නිස පරිස්සමෙන් ඉන්න මන් එනකම්. මන් ඉක්මනට එන්නම්” ….බුදුසරණයි ..!!!ඒ විශ්වගේ රිප්ලයි එක..

ටිකක් වේලා ෆෝන් එක බලන් හිටියාට “හා ” බබා කියලවත් මැසේජ් එකක් ආවේ නෑ..විශ්වට මොකක්දෝ අමුත්තක් දැනුනා…

කොච්චර රණ්ඩු කලත් විශ්ව කෙල්ලට ගොඩක් ආදරෙයි. එයාව අවුස්සලා පොඩ්ඩක් කේන්ති ගස්සන එක විශ්වට පුරුද්දක් වෙලා තිබ්බේ. ඒත් කවදාවත් එයා මොනා කියලා බැන්නත් එයාව දාලා යන්න ඕනේ..මේක මහා වදයක් කියලා විශ්ව හීනෙන්වත් හිතුවේ නෑ…මොකද ..? අවුරුදු දෙකක් තිස්සේ ඒ මැට්ටිව මං දන්න නිසා කියලා විශ්වට හිනාවකුත් ගියා.

තව වේලාව තියෙන නිසා ම්ම්ම්ම්
විශ්ව එයාගේ කාමරේ මේසේ ගාවට ගිහින් පොතක කොලයක් කඩලා.. එකේ මොනාද ලියන්න ගත්තා.
කොහොමත් විශ්ව හිරු එක්ක තරහා උනාම නිසදැස්, සිංදුවල කොටස් එහෙම ෆෝන් එකට එවනවා.

අද..වෙනස් දෙයක් කරන්න ඕනේ කියලා හිතලයි කෝලයක ලියන්න ගත්තේ..
ඒකත් ලියලා ඇඳෙන් තියලා ඉක්මනට ඇඳුමක් දාගෙන සාක්කුවට ලියපු එකත් දාගෙන විශ්ව එයාගේ බයික් එකට නැග්ගා.

ඉක්මනට ගියේ ටවුන් එකට. වේලාව 5 උනත් පොඩ්ඩක් කළුවර වැටිගෙන තිබ්බා.ස්ටේශන් එක ඉස්සරහාට ඇවිල්ලා විශ්ව හිරුට මැසේජ් එකක් දැම්මා.

” බබා මං ස්ටේශන් එක ගාව…ඔයා කොහේද..? බඩු අරන් ඉවරද…?

හිරු රිප්ලයි කරේ නෑ. විශ්ව බයවුනා. කොල් පිට කොල්ස් ගත්තා. එත් නෑ.. 6ත් ළඟයි. ගෙදරටත් ගත්තා බය වැඩිකමට…නිකන් කෝල් කරනවා වගේ. නැත්තම් ගෙදර අයත් මේ කෙල්ලගේ වැඩවලට බයවෙන නිසා.

” ටවුන් එකට ගියා පුතා බඩු ගන්න..පොඩ්ඩක් කෝල් කරන්න. මමත් ගන්නම් ඉන්න. මෙයාව හදන්න බෑ වේලාවකට..කියලා අම්මා එහා පැත්තෙන් බැන බැන ෆෝන් එක තිබ්බා.

ඈතින් පේනවා කිසිම ගානක් නැතුව එන හිරුව
බනිනවා කියලා හිතුවත් හිතා ගත්තා බනින්නේ නෑ කියලා. මොකද..? පළවෙනි පාර නෙමෙයි . කේන්ති ගියාම එයා ඔහොම දේවල් කරනවා. අද මගේ හිතටත් අමුතු නිසා බනින්නේ නෑ කියලා හිතලා ළඟට එනකම් හිටියා.

” අහ්…බබා ගොඩක් වේලාද ඇවිල්ලා.. ” කිසිම ගානක් නැතුව හිරු කතාකලා

.”ඔව් ..පොඩ්ඩක් බලන්න ෆොන් එක අරන් කී පාරක් මං කතා කලාද කියලා. මැසේජ් කලාද කියලා. බැරිම තැන ගෙදරත් කොල් කලා. මොකක්ද ඔයාට මේ වේලා තියෙන්නේ.. හිරු…අහ්..පොඩ්ඩ ඇත්තම් කේන්ති ගන්නවා. ඇයි මෙහෙම……”

තව කියන්න දේවල් කටට ආවත් දුකයි කේන්තියයි දෙකම හංඟගෙන විශ්ව කිව්වා. එත් ඇස්වලින් පේනවා එයාගේ හැඟීම…

“අම්මාට මං කෝල් කරලා කිව්වා…”

හිරු ගානක් නැතුව එහෙම කිව්වා. විශ්ව මුණ දිහා බැලුවා විතරයි. මුකුත් කිව්වේ නෑ..

“හරි …දැන් නගින්න බයික් එකට ගිහින් දාන්නම් මං…එහෙම කියද්දීම හිරුනි නැග්ගා බයික් එකට…

මග දුරක් දෙන්නාම කටවහගෙන බයික් එකේ ගියා.

“මොනාද කියන්න ඕනේ කිව්වා නේද..? විශ්ව ඇහුවා..

“ම්ම්ම් ඔව්…ගෙවල් වලට ළඟයිනේ පොඩ්ඩක් ඉස්සහා කරලා නවත්තන්නකෝ…”

“ඇයි…මේ මහා පාරේ..ගෙදර ගිහින් කතා කරමු….”
විශ්ව එහෙම කිව්වේ මහා පාරේ බලු බල්ලෙක්වත් නැති නිසා…අනික ගොඩක් කළුවර වැටිලා… විශ්වට ප්‍රශ්නයක් නෑ එක හිරුට හොඳ නෑ…අනිත් එක අපිට ගෙදරින් ප්‍රශ්නයකුත් නැහැනේ …මොකටද අපි පාරේ ඉන්නේ ඉතිං කියලා විශ්ව හිතුවා

“නෑ..නෑ.. ඕනේ නෑ…ඉස්සරහායි නවත්තන්නකෝ…. ගෙදර ගිහින් කතා කරන්න ඕනේ වෙන එකක් නෑ ආයෙත්…..”

හිරු කිව්ව එකට විශ්වගේ බයික් එක ඉබේම නැවතුනා….

හිතාගන්න බෑ මේ මොනාද වෙන්නේ කියලා. උදේ ඉඳලා හිතට අමුතුයි කියලා දැනුනේ මේකද…කියලා විශ්වගේ ඔළුවට සීයක් දේවල් ආවා…

හිරුනි හෙල්මට් එක ගැලෙව්වා. කොල්ලා තාම එහෙම්මයි…

හිරු කතා කරන්න ගත්තා.

” මේ අහන්න විශ්ව….මේක ඇති දැන්. අපි රණ්ඩු වෙනවා වෙනවා ඉවරයක් නෑ. එපා වෙලා ඉන්නේ. ගෙදර අයත් මට බනින්නේ. මං කේන්ති ගන්නවා කියලා. ඔහොම බැන්දා අපිට කොහොමත් එකට ඉන්න බෑ. යාළුවෙලා අපි මෙහෙමනම් බැන්දාම ඔයාට කියන්න ඕනේ නැහෑනේ….”

ගිරවෙක් වගේ හිරුනි කියන දේවල් විශ්වට පිස්සු වගේ….හෙමින් හෙල්මට් එක ගැලෙව්වා…ඇස් ටිකක් රතුවෙලා තිබ්බා…

” ඇයි දැන් මොකක්ද බබා උනේ…”

විශ්ව හෙමින් ඇහුවා…හිරුනිට තවත් කේන්ති ගියා…

මෙච්චර කල් උන දේවල් ඔයාට මතක නැද්ද …? අහ්
මං බනි කියලා යාළුවෝ එක්ක ට්‍රිප් හොරෙන් ගියා… අනික ඒක නම් කමක් නෑ…කොල්ලෝ විතරයි යනවා කිව්වේ එත් ඔයා යන්නේ නෑ කියලා කිව්වා. අන්තිමට එකට කෙල්ලොත් ගිහින්. එවා වල ෆෝටෝ මට පෙන්න එපා කියලාත් උන්ට මැසේජ් දාලා..ඇයි.. ඒ අහ් ඇයි.. ඒ…එතකොට උන් මොනාද මං ගැන හිතන්නේ අහ්….මේ එකක් විතරයි තව කොච්චර දේවල් තියෙනවාද..? මන් ඔයාට මෙහෙම කරනවාද විශ්ව. කරන හැම මඟුලම ඔයාට කියනවා. නොකියා කරන්නේ හුස්ම ගන්න ටික විතරයි…”

කේන්ති එන්න එන්න වැඩි උනා. විශ්ව දන්නවා කරේ වැරැද්දක් කියලා නොකියා ගියපු එක.අනික කෙල්ලෝ එයි කියලා හීනෙන්වත් හිතුවේ නෑ..

තවත් තරහා ඇත්තේ ආපු සෙට් එකේ කෙල්ලෙක් විශ්වට ට්‍රයි . එක හිරුනි දැනගෙන හිටියා. එත් විශ්වට උන්ව වැඩක් නෑ… විශ්ව හිතුවෙත් නෑ ඒකි එයි කියලත්. විශ්වගේ යාළුවෝ විශ්වටට විහිළු කරනවා. කෙල්ලගේ පස්සෙන්මයි. යාළුවෝ එක්ක කොහේවත් යන්නේ නෑ අරකයි මේකයි කියලා. විශ්වගේ යාළුවෙක් විශ්වව බලෙන් ඇඳගෙන ගියේ. කිව්වේ නැත්තේ වෙන මුකුත් නිසා නෙමෙයි …කොච්චර කේන්ති ගත්තාත් හිරු විශ්වවව බලාගන්නේ බබෙක් වගේ. හිරුනි බයයි විශ්වට මොනා හරි වෙයි කියලා. අන්න ඒ නිසයි නොකිය ගියේ වැරදි අදසකින් නෙමෙයි.

100 පාරකට වඩා මේක මේ දවස් දෙකේ හිරුට කිව්වා. එත්… විශ්ව දන්නවා හිරුගේ හිත කැඩෙන්න ඇති කියලා. හිරු විශ්වටට දාගෙන බනිද්දී විශ්ව ඔය ටික හිත හිත හිටියේ….

” තව ඔයාට කියවලා වැඩක් නෑ…. මේ ඇති…එක ප්‍රශ්නයක් නෙමෙයි …සියක් දේවල් ඔයාට කෑගහලා මට ඇතිවෙලා. මං මේක නවත්තනවා…ඇතිවෙලා තියෙන්නේ….ඔයාම හිතලා බලන්න කරපු දේ හරිද කියලා…?

විශ්වට අඳහාගන්න බැරි උනා. ඇයි දන්නවාද…කොච්චර රණ්ඩු උනත් …හිරුට නවත්තන්න උවමනාවක් තිබ්බේ නැති නිසා.

දෙයියනේ විශ්වගේ ලෝකෙම කඩාගෙන වැටුනා වගේ… කියන්නේ මොනාද කියලාවත් විශ්වට තේරුනේ නෑ…ඇස්වලට කඳුළු ආවේ හිතාගන්නවත් බැරි විදියට. තමන් දන්නවා තමන් කරපු දේ වැරදි කියලා. ගොඩක් වැරදි කියලා. අනික විශ්වට එනකම් හිරුට කොල් කරන්නත් බැරි උනා. හිරුනිටට කිව්වේ ඔෆිස් වැඩක් කියලා.

“ දෙයියනේ මං වැරදි තමයි. එහෙම වැරදි අදහසකින් නෙමෙයි . යාළුවෝ මට විහිළු කරන නිසයි…ශික් මේවා ඇයි එදා හිතුවේ නැත්තේ..මාව අම්මා කෙනෙක් වගේ මේ කෙල්ල මොන කේන්ති ගත්තාත් බලාගන්නේ…”

විශ්වගේ ඔළුවම අවුල් උනා…කියා ගන්න දෙයක් නැති නිසා…

සාක්කුවේ තිබ්බ කොලය අරන් හිරුට දුන්නා. ඇස්වල කඳුළු පිරිලා තිබ්බා.. කියා ගන්නේ මොනාද කියලා හිතුනා. අඩුම ගානේ කෝලේ කියවලවත් ගෙදර ගිහින් කොල් කරයි කියලා හිතුවා.

හිරුනිත් කොලේ අරන් …;
” ගොඩක් සොරි විශ්ව …ඔයාට හොඳ කෙනෙක් ලැබෙයි…මං මෙච්චර ඔයා ගැන හොයලා බලන එක ඔයාට වදයක් වෙන්න ඇති. එකනේ මට හොරෙන් මෙහෙම ඒවා කරන්නේ…කමක් නෑ…හොඳින් ඉන්නකෝ.හැම කෙල්ලම මං වගේ නැහැනේ….” බුදුසරණයි විශ්ව….

හිරුනිගේ ඇස්වලත් කඳුළු…

හෙල්මට් එකත් විශ්වගේ අතට දිලා හිරුනි පාර මාරුවෙලා අයිනෙන් ගියා. විශ්වගේ ඇස්වලින් එක දිගට කඳුළු බේරෙන්න ගත්තා . කොල්ලෙක් වෙලත් මේ දැනුන දුක දරාගන්න බැරි උනා. ඒකයි ඔහේ කඳුළු වලට වැටෙන්න දිලා විශ්ව හිටියේ. හිරුනි තමන් වෙනුවෙන් කරපු කියපු හැමදේම සිහිඋනා.

“ මෙච්චර නපුරු නෑ කලින් මගේ කෙල්ල… මගේ වැඩ නිසයි එයා නපුරු උනේ…එත් මගේ කෙල්ල නැතුව මට වැඩක් නෑ දෙයියනේ …එයායි මගේ හැමදේම…..”

විශ්වට හයියෙන් හැඬුම් ආවා….

හැමදේම හිතන්න ගියේ තත්පර ගානයි…
විශ්ව අඩ අඩ කෑ ගගහා පාර දිගේ ඉස්සරහාට ආවා හිරුනි නම කියලා

ඒත් හිරුනි අඩ අඩ ගියාට හැරුනෙවත් නෑ….

එක පාරටම ලොකු සද්දයක් ආවා…
හිරුගේ කකුල් වෙව්ලන්න ගත්තා..හැරෙන්නත් ඕනේ..හැරෙන්නත් බැ…අමුතුම බයක් ආවා…එක පාරටම ට්‍රක් එකක් නවත්තලා එකේ හිටපු මිනිස්සුත් බැස්සා කෑගහගෙන…

“අනේ…..දෙයියනේ ….මගේ ර..ත්..ත..ර..න් වි….ශ්…ව…..”
හිරුනි කෑ ගහගෙන එතනට ගියා…ලේ පෙරාගෙන වැටිලා හිටියේ හිරුගේ පන..විශ්ව….

එතන ලේ විලක්…කෙල්ලට මුකුත්ම හිතාගන්න බෑ…ගිරිය පලාගෙන කෑගහලා ඇඩුවා. ට්‍රක් එකේ හිටිය මිනිස්සු බැහැලා ඇවිල්ලා කෙල්ලව අල්ලාගත්තා.

කෙල්ල පෙරලිගෙන ඇඩුවා… වටේ අයටත් දුකයි…

“මගේ…පණ…ඇහැරෙන්නකෝ..
මේක නවත්තමු කියලා විතරයිනේ කිව්වේ පණ…ඇයි දෙයියනේ මෙහෙම උනේ…”

එතකොටම ට්‍රක් ඩ්‍රයිවර් එතන හිටපු කෙනෙක්ට කියන්න ගත්තා…
“දුරින් දැක්කා මං මේ මහත්තයා කෑගහන් ඉස්සරහට එනවා. එක පාරටම ට්‍රක් එක පැත්තට විසි උනා කකුල පැටලිලා වගෙ..මටවත් මුකුත් හිතාගන්න බැරි උනා…”

කට්ටියම ඉස්පිරිතාලෙට අරන් යන්න හැදුවත් ඒ වේලාවේලාවේම විශ්වගේ පණ ගිහින් තිබ්බේ…

හිරුට සිහි විකල් වෙලා තිබ්බේ..මොකක්ද මේ උනේ කියලා හිතාගන්න බැරුව. එතකොට අතේ තිබ්බ කෝලේ දිග හැරලා බැලුවා නෙමෙයි බැලුනා….

එකේ ලියලා තිබ්බේ ….

” කොච්චර රණ්ඩු කලත් ඔයා
මං යාළු කරගන්නම්……
කොච්චර බැන්නත්
මං ඉවසන්නම්
එත්…ඔයාගේ නැති උනොත් දවසක
සමහර විට මං ජිවත්වෙන එකක් නෑ…
ඒක මං හොදටම දන්නවා…..”

“දවසක මං මේ හැමදේම
දාලා යන්නම යනවා…
ඔයාට
පාලු දැනේවී…
දුක හිතේවී…මාව මතක් වේවී
ඔව් ඔයා… එක්ක
රණ්ඩු කරන්න කෙනෙක්
නැති වේවි…
එදාට මං ගිහින් තියේවි…
හොයා ගන්නවත් බැරි දුරකට…”

-විශ්ව-

මේක දැක්ක ගමන් කෙල්ලට තමන්ගේ දුක දරාගන්න බැරි උනා.

“…අනේ…මගේ පණ……” කියලා කෑ ගැසුනා විතරයි.

-නිමි-

( කතාව ලස්සනයි නම් පුංචි කමෙන්ට් එකකුත් දාලා යන්න…)

නිශී බොතේජු

අද කතාව කොහොමද ?
+1
7
+1
71
+1
2
+1
2
+1
10
+1
3
+1
5

4 COMMENTS

  1. අද දැක්කේ ඔයා කෙටි කතා ලියන එක. මට නම් කාන්තාරේ වතුර
    දැක්ක වගේ හරි සතුටුයි. ගොඩක් දවස් වෙනවා ඔයාගේ කතා කියවලා. දෙසැම්බර් 14 වෙනකම් ඉවසිල්ලෙන් ඉන්නවා. හැමදාමත් ඔයාගේ කතා පිස්සුවෙන් කියවන
    සයිබර් පාඨකයි
    රිකාසා

  2. Today today I saw your writing short story in the page. I was very very happy it seems to like a thirty person saw water in the desert after long long days. Waiting for December 14 th for read your new story. Love you always ❤️

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here