රස්තියාදු හදවත මෙල්ල කළ විරහව

4
3974

රස්තියාදු හදවත මෙල්ල කල විරහව
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

#කෙටි_කතාව
~~~~~~~~~~~

( #සත්‍ය_කතාවක්_ඇසුරෙන් )
(#උපුටා_ගැනීම_සපුරා_තහනම්)

” ඒ බන් අර බලහන් පින්සාරී.. “

” මොන පින්සාරීයක්ද බන්.. “

කොල්ලා එහෙම කියලා යාලුවා පෙන්නපූ පැත්ත බැලුවේ සුපුරුදු දඟකාර කමින්..

” අලුතෙන් ක්ලාස් එකට ආව කෙල්ල බන්.. “

රවිඳු ක්ෂිතිජය , හරියට ක්ෂිතිජයක් වගේම තමයි අහසයි පොලවයි එක වගේ පේන , සාමන්‍ය උසකුත් ගෑණූ ලමයිගේ හිත් වසඟයට ගන්න පුලුවන් රූපයකුත් හිමි කොල්ලට උපතින්ම රැගෙන ආව කතා කිරීමෙ හැකියාව නම් තිබුනා.. ශරීරයෙන් පොඩි වුන ක්ෂිතිජ සෙල්ලකාර , නපුරු චරිතයක්.. පවුලටම එකම ලමයා නිසා කොල්ලා වෙනස්ම චරිතයක්..

කොල්ලා හැරිලා බලලා ඒ ඉන්න විදියටම ඇස් දෙකත් ලොකු කරගෙන බලාගෙන හිටියේ ඇත්තටම එතන හිටිය ගෑණූ ලමයට වශී වෙලා.. පලවෙනි බැල්මෙන්ම කොල්ලාට පින්සාරී ගැන අදහසක් පහල වුනා.. ක්ලාස් එකේ තිබුණ අවුරුදු උත්සවය නිසා ජීවිතේ මේ තරම් වෙනස් වෙයි කියලා ක්ෂිතිජය කවදාවත් හිතුවේ නෑ..

කොල්ලා මේ බලන් ඉන්න විදිය දිහා බලන් හිටිය කොල්ලගේ යාලුවා උද්දික ක්ෂිතිජයට කතා කලේ ඇස් ඉස්සරහට ඇඟිලි දෙකෙන් සද්දයක් දාන ගමන්..

” අඩෝ අඩෝ මේ ක්ෂිතිජයා මේ ලෝකෙට වරෙන්.. .. “

එහෙම කිව්වම තමයි කොල්ලා මේ ලෝකෙට ආවේ..

පින්සාරී ඉන්දීවරී ඇත්තටම පින්සාර ලඳක් කිව්වොත් නිවැරදී .. හරියට හිතා ගන්න බැරී ඉන්ද්‍රජාලයක් වගේ.. දෙපාරක් හැරිලා බලන්න පුලුවන් රූපයක් තමයි පින්සාරීට තිබ්බේ.. කෙල්ලගේ ඇස් දෙක ගෙනාවේ වෙනම අහිංසක ලස්සනක්.. ඇත් දළ පාට රූපයක් හිමි පින්සාරී ඇත්තටම දකින අය වසඟයට ගන්න පුලුවන්… පවුලේ පස් දෙනාගෙන් දෙවනිය තමයි පින්සාරී..

ඉතින් මේ සෙල්ලක්කාර ක්ෂිතිජයට හිත පින්සාරීට ගිය එක අහන්නත් දෙයක්ද..

කොල්ලා අවුරුදු උත්සවය පුරාවටම බලාගෙන හිටියේ කෙල්ල දිහා..

” ඒ බන් පින්සාරී එක්ක කතා කරන්න ඕනේ මට උද්දිකයා… “

” උඹ දැන් එකීව පෙන්නපූ වෙලේ ඉඳන් කියන්නේ ඕකනේ.. හිටහන්.. ඒකිට කොල්ලෙක් ඉනන්වා බන් වැඩක් නෑ.. “

” මන් උබට කිව්වේ කතා කරන්න ඕනේ කියලා විතරයිනේ බන් වෙන මුකුත් නෙවේනේ. . කොල්ලෙක් ඉන්නවද නැත්ද වැඩක් නෑ උබ කතා කරන්න හදලා දීපන්කෝ.. “

” හා හා බන් උබත් අනේ මන්දා.. “

කොහොම හරී ක්ෂිතිජය ට පුලුවන් වුනා පින්සාරීට කතා කරන්න උද්දිකගේ යාලුවෙක් මාර්ගෙන්.. පින්සාරී ක්ෂිතිජය එක්ක හිතවත් වුනේ හිතාගන්න බැරි තරම් ඉක්මනින්..

” මට හිතෙන්නේ ඔයා අර යාලු වෙලා ඉන්න කෙනා ඔයාට හරියන්නෙ නෑ කියලා නංගි.. “

” ඇයි එහෙම කියන්නේ.. “

” නිකන් හිතෙනවා.. “

” මටත් ඒක තේරෙනවා අයියේ .. අපේ ගෙදරිනුත් එයාට කැමති වෙන්නේ නෑ.. “

කාලය ගෙවිලා ගියේ පින්සාරී ගේ තිබුන සම්භන්දය නැවතෙමින්.. ඊටත් ටික දවසකට පස්සේ ක්ෂිතිජයත් පින්සාරිත් ආදරේ කරන්න ගත්තේ ඔවුන්ගේ ලෝක වල තනි වෙමින්..

අවුරුදු උත්සවෙන් පස්සේ ප්‍රථම වරට ආදරේ කරන්න ගත්තට පස්සේ පින්සාරී ව ක්ෂිතිජය හමුවෙන්නේ කැළණිය රජමහා විහාරෙදී…

ගෙවල් වලට හොරෙන් මේ ආදරය ගලාගෙන ගියේ හිමින්.. පින්සාරී ක්ෂිතයට ආදරේ කරන්නේ හදවතින්ම බැඳිලා කිව්වොත් නිවැරදී.. ඒලේවල් කලාස් එකේ හිටිය ලස්සනම කපල් එක මේ දෙන්නා..

ක්ෂිතිජය ගෙත් පින්සාරීගෙත් ආදරය වසර එකහමාරක් ගලාගෙන ගියේ ආදරය, රණ්ඩූ මැද්දේ.. ක්ෂිතිජය පින්සාරීට කොච්චර ආදරේ කලත් ඒක පෙන්නුවේ නෑ. සෙල්ලක්කාර ජීවිතයක් තමයි ක්ෂිතිජය ඒ කාලේ ගෙව්වේ.. මාල වලලු දාගෙන රස්තා ටයිප් එකට ඔහේ කාලේ ගෙව්ව කොල්ලා පින්සාරීව ගොඩක් වෙලාවට ගනන් ගත්තේ නෑ.. සැහැල්ලුවෙන් ඔහේ හිටිය එක තමා ක්ෂිතිජය කලේ..

ක්ලාස් එකේ යාලුවෝ එක්ක ක්ෂිතිජය හිටියේ කියව කියව.. ඒ වෙලාවේ පින්සාරී ආව නිසා යාලුවෝ පැත්තකට වුනා..

” අයියේ… “

” ඇයි මොකද.. ? “

ක්ෂිතිජය ඇහුව්වේ සැරෙන්. .

” නෑ මුකුත් නෑ මේ. . “

” මේ කියන්න තියන දෙයක් කියනවද ඉක්මනට.. “

ක්ෂිතිජය කතා කලේ කේන්තියෙන්.. මොකද ක්ෂිතිජයට පින්සාරී ගැන සැකයක් ඇතී වෙලයි තිබ්බේ.. පින්සාරී ගේ තියන ලස්සන නිසා කොල්ලට පින්සාරී නැති වෙයි කියන බය තිබුනාත් ඒක නොපෙන්වා ඉන්න උත්සහ කලා..

ක්ෂිතිජය කෑ ගැහුව්වට පස්සේ පින්සාරි එතනින් ගියෙ ඇස් වල කඳුලු පුරවන්..

” ඒ පව් බන් ඒකී එහෙම බනින්න එපා යකෝ හැමෝම ඉස්සරහා පව් නේද.. “

” අනෙ නිකන් හිටපල්ලා.. “

යාලුවෝ පවා ක්ෂිතිජයට බැන්නත් ඒ කිසිම දෙයක් ක්ෂිතිජය ඇහුව්වේ නෑ..

පින්සාරී ක්ෂිතිජය ගේ නපුරු කම් ඉවසගෙන ආදරේ කලේ මහ පුදුම විදියට.. ක්ෂිතිජය කොච්චර නපුරු කම් කලත් පින්සාරීට පැලෙන්න ආදරේ කලා..

දෙන්නාගේ ආදර කතාව වැඩිහරියක් ගෙවුනේ සපුගස්කන්ද රජමහා විහාරයේ.. ක්ලාස් ඉවර වුනාට පස්සේ දෙන්නා එක්ක පන්සලට යන එක පුරුද්දක් වුනා.. ඒ හැම වෙලේකම ක්ෂිතිජය ගේ ඇස් තිබ්බේ පින්සාරී ලඟමයි.. ආදරය ලෝබ කම නිසාම සමහර තැන් වල පින්සාරීව ක්ෂිතිජයගේම කරගන්න ඕන නිසා ඔහු නපුරු වුනා කිව්වොත් නිවැරදී..

” දන්නවද අයියේ.. ඔයා නිසාම මන් මේ ඔයාගේ නපුරු කම් ඉවසන් ඉන්නේ වෙන කෙනෙක් මට මෙහෙම නපුරු කම් කලානම් මන් දාලා ගිහින් එක වතාවකට දහස් වතාවක්.. “

” ඇයි ඉතින් මට ඔච්චර ආදරේ කරන්නේ සුදු නෝනා.. “

” දන්නේ නෑ අයියේ.. මට කොච්චර නපුරු කම් කලත් ඔයාගේ ආදරේ දැනෙනවා පුදුම විදියට…”

” මට කේන්තී යන වැඩ ඔයා කරනවනේ සුදු නෝනා.. ඒකනේ එහෙම වෙන්නේ.. “

කියලා ක්ෂිතිජය කෙල්ලට කිව්වේ ආදරෙන්..

” ඔයා ඔය නිකන් රස්තියාදු විදියට ඉන්න එක නවත්තන්නකෝ අයියේ.. “

” ඔව් ඔව් තමුසෙට දැන් මන් රස්තියාදු කාරයා එහෙමනේ කියන්නේ.. එහෙනම් දැන් වෙන හොඳ ලස්සන එකෙක් ඇතී.. “

” අයියෝ එහෙම දෙයක් නෙවේ.. “

” එහෙම තමා මට තේරිලා තියෙන්නේ ඔක්කොම.. “

” අනේ මන්දා ඔයානම් හැමදේම අල්ලගන්නේ නැට්ටෙන්.. “

කොච්චර ආදරේ කලත් ක්ෂිතිජය ගේ මේ සමහර රණ්ඩූ නිසා පින්සාරී හිටියේ ලොකු පීඩනයකින්.. පාරෙ යද්දිත් දෙන්නා එකට නෙමෙ ගියෙ.. ක්ෂිතිජය ඉක්මනින් යද්දි පින්සාරි අවේ පස්සෙන්… ඒවත් පින්සාරිට ගොඩක් හිතට වැදුනා… සමහර දවස්වලට පින්සාරිගෙන් කොල්ස් ගොඩක් ඇවිත් තිබුනත් එවට ප්‍රතිචාර දක්වන්න ක්ෂිතිජට ලොකු ඕන කමක් තිබ්බෙ නෑ..

ඉතිං ඔහොම ආදරය හිමින් සීරුවේ ගලාගෙන ගියේ සුපුරුදු රණ්ඩූ මැද්දේ.. ක්ෂිතිජයගේ අම්මා ඔහුට දඹදිව යන්න කතා කරන්නේ ඔය අතරේ..

” පුතේ අපී දඹදිව ගිහින් එමූ.. “

ක්ෂිතිජය කියන්නේ වැඩිය ආගමට දහමට ලැදි කෙනෙක් නෙවේ.. දඹදිවයි දඹුල්ලයි කොල්ලට ඒ කාලේ පැටලෙනවා.. හැබැයි දඹදිව තියෙන්නේ ඉන්දියාවේ කියන්න ක්ෂිතිජය දැනගෙන හිටියා.. රට යන්න තියන ආසාව නිසාම විතරක් ක්ෂිතිජය මේ ගමන යන්න කැමති වුනා..

” හා අම්මා.. “

ක්ෂිතිජය කියන්නේ මේ ගමන යන්න කලින් බණ යන චැනල් එක පවා මාරු කරපු කෙනෙක්..එකෙන්ම සෙල්ලක්කාර දඩබ්බරයෙක්.. දඹදිව තියෙන්නේ මොනවද කියලාවත් ක්ෂිතිජය දැනගෙන හිටියේ නෑ ඒ වෙනකොට..

මුලින්ම ක්ෂිතිජය බණක් හරියට ඇහුව්වේ නඩේ ගුරාගෙන්.. එතන ඉඳන් ක්ෂිතිජය ට දැනුනා තමන් ටික ටික වෙනස් වෙනවා කියලා..

ගමන පුරාවට දඩබ්බර කොල්ලා වෙනස්ම චරිතයක් වුනා.. දහමේ තියන හාස්කම ගැන ඔහුට වැටහුනා.. කලින් තිබ්බ රස්තියාදු ගති නැති වෙලා තැම්පත් කෙනෙක් වුනා..

” මොකෝ කොල්ලා සෝවාන් වෙලා වගේ ඉන්නේ..”

ක්ෂිතිජගේ මාමා ක්ෂිතිජගේ අම්මාගෙන් ඇහුව්වේ එහෙම.. ඒ තරමට ක්ෂිතිජය වෙනස් වෙලයි හිටියේ.. අම්මටත් මේ වෙනස හිතා ගන්න බැරි වුනා..

මොනවා වුනත් එහේ ගිහිනුත් පින්සාරීට කතා කරන්න ක්ෂිතිජය අමතක කලේ නෑ..

” ඔය කාටද ඕවා ඔය ගන්නේ.. “

” මගේ යාලුවෙක්ට අම්මේ.. “

ක්ෂිතිජය හිමීට පින්සාරී ටත් තෑගී ගොඩක් ගන්නකොටයි අම්මා එහෙම ඇහුව්වේ.. පින්සාරීට ක්ෂිතිජය ගේ මේ වෙනස තේරුනත් ලංකාවේ ඉන්නකොට වුන දේවල් ටිකක් නිසා සෑහෙන්න කලකිරීමකිනුයි හිටියේ..

දින පහලවක දඹදිව ගමන නිමාවුනේ ක්ෂිතිජය වෙනස්ම චරිතයක් වෙමින්.. එදා ලංකාවෙන් ගිය හිතුවක්කාර දඩබ්බරයා වෙනස්ම කේනෙක් වෙලයි ලංකාවට ආවේ..

ක්ෂිතිජය හිතාගෙන ආවේ පින්සාරී එක්ක හොඳ ගමනක් යනවා කියලා.. ක්ෂිතිජය ගේ අඩුපාඩූ තේරුම් අරගෙනයි කොල්ලා ලංකාවට ආවේ.. ඒකට ඒ දඹදිව ගමන ලොකු අත්වැලක් වුනා..

ඒ ඇවිල්ලා දින කිහිපයකට පස්සේ හිතුවෙවත් නැති වෙලාවක පින්සාරී ෆෝන් එකෙන් කතා කරලා කිව්ව දෙයක් නිසා ක්ෂිතිජය ට දැනුනේ දරාගන්න බැරි වේදනාවක්..

” අයියේ අපි මේ සම්භන්දේ නවත්තමු.. අපි දෙන්නා ගැලපෙන්නේ නෑ.. මට තවත් ඉවසන්න බෑ ඔයාගේ වෙනස් කම්.. “

ක්ෂිතිජය ට ඒ වචන ටික ඇහුනේ එහා ලෝකෙන් වගේ.. ඒ තරමට කොල්ලා ශොක් වුනා.. චූටී කාලේ ඇඬුවට පස්සේ ක්ෂිතිජය කියන්නේ ඇස් වලට ලේසියෙන් කඳුලු එන්නේ නැති ගල් හදවතක් තියන චරිතයක්..

ඒත් තරුණ වයසේදි ක්ෂිතිජය ගේ ඇස් වලට කඳුලු එන්නේ ක්ෂිතිජය ගේ තාත්තාව අසනීප වෙලා බේරගන්න බෑ කිව්ව වෙලාව සහ හදවත පැලෙන්න ආදරේ කරපූ ආදරේ තමන්ගේ සමහර වැරදී නිසාම නැතිවුන මොහොත..

” ඔයා මොනවද මේ කියන්නේ නංගී..”

” ඔව් මට තවත් බෑ මේ නොගැලපෙන බැඳීම තියාගන්න.. ඒ නිසා අපි මේක නවත්තමු අයියේ.. “

ක්ෂිතිජය කවදාවත් හිතුවේ නෑ මේ ආදරය නැතී වෙයි කියලා.. ඒ නිසාම ශොක් වෙලා කොල්ලා ෆෝන් එකත් කනේ තියාගෙනම ඔහේ හිටියේ කියන්නේ මොනවද කරන්නේ මොනවද කියලා හිතා ගන්න බැරුව.. ක්ෂිතිජය ගේ ඇස් වලින් කඳුලු යන්න ගත්තේ ඔහේ ..

දඹදිව යන්න කලින් හිටිය ක්ෂිතිජය නම් පින්සාරී ගේ මේ වචන වලට කෑ ගහලා දෙක කරලා.. ඒත් දැන් ඉන්න ක්ෂිතිජය ඊට හාත්පසින්ම වෙනස් නිසා.. පින්සාරී ට සමුදුන්නේ හදවත පැලෙන වේදනාව එක්ක..

පුංචී පුංචී නීතී දාලා ක්ෂිතිජය පින්සාරීව රැකගන්න හැදුවා.. ඒ කාලේ ක්ෂිතිජය කරපු ලොකුම මෝඩ කම තමයි එච්චර හදවත ලස්සන ඒ වගේම ලස්සන පින්සාරීව සැක කරපු එක කියලා අද වෙනකොට ඔහුට වැටහිලයි තියෙන්නේ..


ඒ පින්සාරීගේ වෙන්වීම ක්ෂිතිජය අද ඉන්න තැනට ලොකුම හේතුව වුනා කිව්වොත් නිවැරදී.. අද රවිඳු ක්ෂිතිජය කියලා කියන්නේ වෘත්තියෙන් ප්‍රසිද්ධ ගුරුවරයෙක්.. දරුවන්ගේ ආදරය නොවඩුව ලබන කෙනෙක්.. අද ඔහු මේ ඉන්න තැනට එන්න හේතු වුන පලවෙනි ගැහැණු ආත්මය ඔහුගේ අම්මා දෙවනි ගැහැණු ආත්මය පින්සාරී..

ජිවිතයේ සියල්ල අනිත්‍යයයි සියල්ල වෙනස් වෙනවා එ වගේම අපි තදින් අල්ලන් ඉන්න සියලුම බැදීම් දුකක් කියලා හරියටම ක්ෂිතියජට අවබෝධ උනේ එදා.. ඒක ක්ෂිතිජයගේ ජිවිතේ මහා ලොකු සන්ධිස්ථානයක් වුනා.. පෙර භවයේ ලොකු පිනක් ඉස්මතු වුණා ඒ අවබෝධයත් එක්ක..

ක්ෂිතිජය අද ජිවිතයේ ගොඩක් සතුටින් ඉන්න සහ සාමාන්‍ය ගුරුවරයෙක් නොවී හොද ගුරුවරයෙක් වෙන්න හේතුව උනේ ඒ ජිවිතයේ ගත්ත විශිෂ්ට අවබෝධය.. ඒ දේ ලබා ගන්න මුල් වුන දේවදූතියෝ දෙන්නා තමා ක්ෂිතිජගේ අම්මත් පින්සාරිත්.. ඉතිං එයා කරන සියලුම පිං ඒ දෙන්නට අනිවාර්යයෙන්ම ලැබෙන්න කියලා ක්ෂිතිජ ප්‍රාර්ථනා කරනවා හැම මොහොතෙම..

පින්සාරී ගේ වෙන්වීම එක්ක ක්ෂිතිජය මත්පැන් වලටවත්, මත්ද්‍රව්‍ය වලටවත් යොමු වුනේ නෑ.. ඔහු යොමු වුනේ දහමට.. දහම එක්ක ඔහු දිගු ගමනක් මේ වෙනකොට ඇවිල්ලයි තියෙන්නේ.. ක්ෂිතිජය ප්‍රසිද්ධ ගුරුවරයෙක් වෙමින් නොවඩුව ලමයින්ගේ ආදරය දිනාගනිමින් තමන්ගේ ජීවිතේ ඉස්සරහට යනකොට පින්සාරී යුගදිවියට ගියේ ක්ෂිතිජයගේ හදවත තවත් රිද්දමින්.. ඒත් ඔහු එතනදිත් දරාගත්තා අද වෙනකොට ඔහුගේ තියන අවබෝධය නිසා..

එත් ක්ෂිතිජය හැම වෙලේම හිතන දෙයක් තමයි,

#අයි_මිස්ඩ්_ද_බෙස්ට_ඇන්ඩ් #හැඩ්_ද_බෙස්ට්

ඔහුට ලස්සනම ලස්සන, පුදුම සංයමයක් තිබ්බ ආදරණීය ආදරයක් නැති උනා…
ඒත් කමක් නෑ…. ඔහු ආදරණීය කතාවක සාඩම්බර හිමිකාරයෙක්… මොකද ඔහු ඒ වෙන්වීම නිසා දිවි අහිමි කරගත්තෙ නෑ.. ඒ වෙනුවට ඔහු අද කරන්නේ තවත් ජීවිත ගොඩකට ඉස්සරහට යන්න මග පාදනවා..ජීවිතය කියලා දෙනවා…

ඔහු අදටත් #තනිකඩයි.. අදටත් ඔහුට පින්සාරී ගේ තැනට කෙනෙක් හමුවෙලා නෑ…

ගොඩක් අය කරන්නේ තමන්ගේ ආදරේ අහිමි වුනාම, විශේෂයෙන් පින්සාරී වගේ රූපය ලස්සන, අවංක හදවතක් තියන හැම පැත්තකින්ම සම්පූර්ණ ආදරයක් තිබිලා නැති වුනාම , එක්කෝ කොච්චියට බෙල්ල තියනවා එහෙම නැත්තන් වහ බොනවා ගගේ මුහුදේ පනිනවා.. කල යුත්තේ ඒක නෙවේ ඒ වගේ අවස්ථාවකදි තමන්ගේ පැත්තට හැරිලා තමන්ගේ වැරදී තේරුම් අරගෙන ඉස්සරහට යන්න.. හරියට දාලා ගිය අයට ජෙලස් හිතෙන තරමටම..

ඉතින් ඔහුගේ රස්තියාදු හදවත මෙල්ල වුනේ පින්සාරිගේ වෙන්වීමත් දහමේ අවබෝධයත් නිසා… #සැකය කියන මාරයා ජීවිත වලට නොයෙන තරමට ජීවිත ලස්සන වෙනවා වගේම හොදම අය මිස් වෙන්නේත් නෑ..


~~~~~~~~~~ නිමී ~~~~~~~~~~~~~

❌ ක්ෂිතිජය මේ හැම දේම අවබෝධ කරගත්තේ තනියම.. ඔහු අද යන්නේ තනි ගමනක..අනාගතේ දවසක පින්සාරී වගේ ආදරයක් ඔහුට ලැබෙයි.. එතෙක් ඔහු යන ගමනට සුභ පැතුම්..

❌ ක්ෂිතිජය මට මේ කතාව කිව්වේ ඔයාලට ආදර්ශයක් ගන්න යමක් මේ කතාවේ තියන නිසා.. ඉතින් ක්ෂිතිජය වෙනුවෙන් ඔයාලට කියන්න තියන දේ කියාගෙන යන්න.. ➡️➡️

❌ එතකොට හැමදාම වගේ සස්සන කවරේ මගේ සංජී මැණිකගෙන්… ආදෙයි කොත්තුවක් තරමට..

#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

~~~~~~~~~~~~~~~~~~


** නිශී අක්කී ඔයාගේ හදවත වගේ පේජ් එකේ මට අකුරු කරන්නට ඉඩක් දුන්නට තැන්කිව් ***

අද කතාව කොහොමද ?
+1
3
+1
16
+1
3
+1
0
+1
1
+1
0
+1
0

4 COMMENTS

  1. Thank you a bunch for sharing this with all people you
    really recognize what you’re talking about! Bookmarked. Kindly also discuss with my web site =).
    We may have a hyperlink alternate arrangement among us 0mniartist asmr

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here