කෙටි කතාවක් – දෙහන්සා

0
3413

තවත් ලස්සනම ලස්සන
කෙටි කතාවක්…

┏━━━━━°❀•°:🎀 – 🎀:°•❀°━━━━━┓


දෙහන්සා

දෙහන්සා මං කියන දේ අහපං. උබට මාව #$%$* ක්
වගේද කියපං පේන්නෙ. උඹේ කැමැත්තෙන්ම මගේ ගෙදරට එක්කන් යන්න ඕන නිසයි මං මෙච්චර කල් හරි ඉවසුවෙ. නැගපන් වාහනේට

අනේ චතුරංග ප්ලීස් මට යන්න දෙන්න. මං ඔයාට කැමති නෑ. ඇයි මෙහෙම මට කරදර කරන්නෙ. මං ඔයාට කිසි වැරැද්දක් කරලා නෑනෙ…

වැරැද්දක් කරලා නැද්ද 😂😂
මං මෙච්චර කල් බල්ලෙක් වගේ පස්සෙන් ආවා. උඹව මට අරන් යන එක එච්චර දෙයක් නෙවේ. ඒත් මට උඹව ඕනෙ උඹේ කැමැත්තෙන්. ඒ නිසයි මං මෙච්චර කල් බලන් හිටියෙ.

මට ඔයාට ආදරේ කරන්න බෑනෙ චතුරංග. තේරුම් ගන්නකෝ….

ඇයි යකෝ බැරි. මට මොනවද නැත්තෙ. උඹට වඩා ලස්සන ගෑණු ඕන තරම් මගේ පස්සෙන් එද්දි උඹේ පස්සෙන් එන්නෙ මට උඹව ඕනෙ නිසා..

අනේ ප්ලීස් චතුරංග. මං ඔයාට කැමති නෑ. අපි වගේ දුප්පත් අයට ඔයාලා වගේ සල්ලිකාර චන්ඩි ගැලපෙන්නෙත් නෑ…

කවුද යකෝ චන්ඩි. රත්නෙ… මේ $&$$ ට සිංහල තේරෙන්නෙ නෑ. මේකිව දා ගනින් වාහනේට…

මට දැන් නං ගැලවීමක් නෑ. මං කකුල් දෙකට පුලුවන් උපරිම වෙර දාලා දුවන්න ගත්තා.

කොච්චර හයියෙන් දිව්වත් දැන් නං මට ගැලවීමක් නැති පාටයි. බැරිම තැනයි මං ලග තිබිච්ච ගේ ඇතුලට රින්ගුවේ.

වට් නොන්සන්ස් 😠 මොන විකාරයක්ද මේ… කවුද තමුසෙට මගේ ගෙට රින්ගන්න කිව්වෙ…

ඒ ඇහුන රළු කටහඩට මාව ගල් ගැහුනා. මගේ කටින් වචන පිට උනේ නෑ. එතකොටමයි ගෙදර බෙල් එක වැද්දෙ. මටත් රවලා ඒ මනුස්සයා මාව කාමරේට තල්ලු කරලා ඉස්සරහට ගියා.

අවුරුදු 25 ක විතර ඒ කඩවසම් පිරිමි රූපෙ ඉස්සරහ මගේ ගැණු හිත හෙල්ලුනේ නෑ කිව්වොත් ඒක බොරුවක්. යන්තමට වවලා තිබ්බ රැවුල ඒ මූණට අමුතු ලස්සනක් එකතු කරලා තිබුනා. ඒ මූණ පැහැපත්. අවුල් වෙලා තිබ්බ කොන්ඩෙ ඒ කඩවසම් බව තවත් වැඩි කරලා තිබුනා.

දැන් තමුසෙ කතා කරනවා. මොකටද මගේ ගේ අස්සට රිංගුවෙ. අනික තමුසෙ කෙල්ලෙක් නේද. අර වගේ රස්තියාදුකාරයො එක්ක තියෙන ගනුදෙනුව මොකද්ද..

මගේ හිත හොදටම කලබල වෙලයි තිබුනෙ. මගේ කටින් වචන පිට උනේ නෑ.

තමුසෙ ගොලුද?? මගේ යකා අවුස්සගන්නැතුව කතා කරනවකො.

නලුවෙක් වගේ ලස්සන රූපයක් තිබුනට කෙල්ලෙකුට කතා කරන්න දන්නැති නපුරු මිනිහෙක්. කරදරේක වැටුනු වෙලාවක කෙනෙක් එක්ක කතා කරන විදියකටද මේ මනුස්සයා කතා කරන්නෙ. මං බයෙන් බයෙන් වචන ගැට ගැහුවා.

ම… මම…..
මාව බේරගන්න….

හරි හරි උන් ගියා. මේ වතුර එක බීලා මොකද උනේ කියන්නකො.

දැන් නං ටිකක් හොදට කතා කරනවා. මං වතුර එක එක උගුරට බීලා මුලු විස්තරේම කියාගෙන ගියා….
………………………………….

මගේ නම දෙහංසා. මං ගොඩක් දුප්පත්. මට ඉන්නෙ මගේ අම්මා විතරයි. අම්මා ඉන්නෙ අසනීපෙන්. අම්මව බලා ගන්න ඕන නිසාම මං ප්‍රයිවට් කම්පැනි එකක ජොබ් එකක් කරා. මාව දකින කිසිම කෙනෙක් මං දුප්පත් පවුලක දුක් විදින කෙල්ලෙක් කියලා පිලිගන්නෙ නෑ. ඒ තරමටම මං ලස්සනයි. අවුරුදු 22 ක් වෙන මට තිබුනෙ එක පාරක් දැක්කොත් කෙනෙක් අනිවාර්යයෙන්ම ආපහු හැරිලා බලන විදියෙ පෙනුමක්. ඉස්කෝලෙ යන කාලෙ ඉදන්ම විවාහ යෝජනා ආවත් මං ඒ හැම එකක්ම ප්‍රතික්ශේප කරා.

චතුරංග කියන්නෙ මං වැඩ කරන කම්පැනි එකේ ඕනර් ගෙ එකම පුතා. මං වැඩට ගිය මුල් දවස් වල ඉදලම එයා මගෙන් කැමැත්ත ඇහුවත් එයා සෙල්ලක්කාර චන්ඩියෙක් නිසාම මං ඒක ප්‍රතික්ෂේප කරා.

ඊට පස්සෙ හැමදාම මාව හොදින් හරි නරකින් හරි ඕන කියලා මගෙ පස්සෙන්ම ආවා. මං අද වැඩ ඇරිලා එනකොට තමයි මාව බලෙන් අරන් යන්න හැදුවෙ. වෙන කරන්න දෙයක් නැති නිසයි මං සර්ගෙ ගේ ඇතුලට ආවෙ. මට සමාවෙන්න සර්. ඒ වගේම අද මගේ ජීවිතේ බේරගත්තට සර්ට ගොඩක් පිං

පිං කන්නද හලෝ. ගෙට ආපු එක අවුලක් නෑ. මං බය උනා හොරෙක්වත් ඇවිත්ද කියලා.

අනේ නෑ සර්. දුප්පත් උනාට අපි එහෙම හොරකං කරන්නෙ නෑ.

සර් කියන්නෙ මොකද හලෝ. මගේ නම රුසදු. රුසදු කිව්වම ඇති.

හරි සර්…..

ආපහු සර් කිව්වා….

😊සොරි රුසදු….

හ්ම්ම්. දැන් කොහොමද යන්නෙ. මං ගෙදරට ගිහින් දාන්නද?

අනේ කරදර වෙන්න එපා රුසදු. මං ත්‍රී වීල් එකක් අරන් යන්නං.

අනේ මේ…. අරුන් පිස්සු බල්ලො වගේ තමුසෙව හොයනවා. තනියම ගිහි අහු උනොත්….
එන්න මං ගිහින් දාන්නම්.
……………………………………….

එදායින් පස්සෙ මං ජොබ් එකට ගියේ නෑ. අම්මගෙ බෙහෙත් වලට සල්ලි ඕනෙ නිසා මං එදා ඉදන් කඩ වලට ඉදි ආප්ප, හැලප වගේ කඩයප්පන් හදලා හොයා ගත්ත සල්ලි වලින් අම්මගෙයි මගෙයි වැඩ ටික කරගත්තා.

රුසදුත් ඉදලා හිටලා අපේ ගෙවල් පැත්තෙ ආවා. එයා උදව් කරන්න කැමති උනත් මං එයාගෙන් සල්ලි ගත්තෙ නෑ. මොකද මම කැමති වුනෙ නැ කාටවත් මං නිසා කරදර වෙනවට. එක දවසක් රුසදු උදව්වක් ඔන වුනොත් කොල් එකක් ගන්න කියලා එයාගෙ නම්බර් එක මට දිලා ගියා.එදාම රෑ අම්මට ගොඩක් අමාරු වුනා. ඒ වෙලාවෙ තනි මට අම්මව හොස්පිටල් අරගෙන යන්න පුලුවන්කමක් තිබුනෙ නැති නිසා කර කියා ගන්න දෙයක් නැතිව මම කල්පනා කර කර ඉන්නකොටයි මට රුසදුගෙ නම්බර් එක මතක් වුනෙ. මෙ වෙලාවෙ උදව්වක් ගන්න පුලුවන් එකම එක්කෙනා එයා නිසා දවල් මට දුන්න කොල කැල්ල අරගෙන ඒ නම්බර් එකට කොල් එකක් ගත්තා

හෙලෝ….

හෙලො මම මෙ දෙහන්සා. මේ රුසදු නේද කතා කරන්නෙ? (මට ඒ කටහඩ අදුරගන්න පුලුවන් වුනත් එහෙම ඇහුවෙ හිතේ සැකේ නැත්තටම නැති කරගන්න ඕනෙ නිසයි)

ඔව්. ඒත් ඇයි මේ මහ රෑ මොකක් හරි ප්‍රශ්නයක්ද?

අනේ ඔව් රුසදු මගෙ අම්මට හොදටම අමරුයි😢😢😢පුලුවන්නම් එනවද අනේ මට බයයි රුසදු ඉක්මනට එන්න ප්ලිස්😢😢😢

දෙහන්සා ඔක්කොටම කලින් අඩන එක නවත්තන්න මම ඉක්මනට එනවා. ඔයා අම්මව ලැස්ති කරන්නකො. අපි අම්මව හොස්පිටල් ගෙනියමු හොදද?

හ්ම් එහෙනම් පරිස්සමින් එන්න. තියන්නම් බුදු සරණයි

හ්ම් බුදු සරණයි.

කෝල් එක කට් කරලා මම ඇවිත් අම්මව ලැස්ති කරලා හොස්පිටල් ගෙනියන්න ඕන බඩු ටිකත් හරි ගස්සලා මාත් ඉක්මනට ඇදුමක් ඇදගත්තෙ රුසදු ආපු ගමන් ඉක්මනට යන්න පුලුවන් නිසයි. ලේස්ති වෙලා ඉවරවෙනවත් එක්කම රුසදුගෙ කාර් එක ඇවිත් මිදුලෙ නතර කරන සද්දෙ ඇහුන නිසා ඉක්මනට ගිහින් දොර ඇරියා .

දෙහංසා කො අම්මා?

අර කාමරේ අම්මා ඉන්නෙ

රුසදු ඒ සැනින් කමරේට ගිහින් අම්මාව දෝතට අරගෙන ගිහින් කාර් එකෙ පිටිපස්සෙ සීට් එකෙන් හාන්සි කරවලා මටත් අම්මා ගාවින් ඇවිත් වාඩි වෙන්න කියලා අතින් සන් කලා. මම අම්මගෙ ඔලුව මගෙ උකුලෙන් තියගෙන අම්මගෙ ඔලුව අතගැවා.
විනාඩි 5න් අපට හොස්පිටල් එකට එන්න පුලුවන් වුනා.

එදා රුසදු හිටපු නිසා අම්මගෙ පණ බේරගන්න පුලුවන් උනත් ඊට දවස් 2කට පස්සෙ මගේ සුදු අම්මා මාව මේ ලෝකෙ තනි කරලා දාලා යන්නම ගියා. අම්මගෙ අවසන් කටයුතු ඉවර වෙනකන්ම රුසදු ඒ හැමදේම හොයලා බැලුවෙ හරියට එයාගෙ දෙයක් කරනවා වගේ.

දෙහන්සා මේ අහන්න ….

කියන්න රුසදු….

දැන් මොකද කරන්නෙ. කොහොමද මෙහේ තනියම ඉන්නෙ.

මට තනියක් නෑ රුසදු. අම්මා ඉන්න තැනක ඉදන් මං දිහා බලාගෙන ඇත්තෙ.

මං කියන්නෙ ඒක නෙවෙයි ළමයො. අරුන් ඔයාව හොයනවා. උන් දැනගත්තොත් ඔයා ඉන්නෙ තනියම කියලා…..

අනේ උන්ට ගිහිපු රටනෙ මේක. මං උන්ට බය නෑ.

බය නැති නිසානෙ එදා මගේ ගෙට රින්ගුවෙ හා පැටියෙක් වගේ ගැහි ගැහි. මං කියන්නද වැඩක්. ඔයා ඇවිත් අපේ ගෙදර ඉන්න. එතකොට ඔයා ගැන බයක් නෑ මගේ හිතේ.

අනේ රුසදු ඒක කොහොමද කරන්නෙ. ඔයාටත් පදයක් හැදෙන වැඩක් තමයි ඒක.,මං මෙහෙම ඉන්නම්. උදව්වක් ඕන උනොත් මං කියන්නම්කො.

හ්ම්ම්. අඩම්බරකම්…

රුසදු කොච්චර හොද යාළුවෙක් උනත් එහේ ගිහින් නවතින්න එපා කියලමයි මගේ හිත කිව්වෙ. අම්මා නැති වෙලා මාසයක් විතර යනකං මං තනියම මගේ වැඩ ටික කරන් හිටියා. එක දවසක් කඩේට යද්දි කවුදෝ මිනිහෙක් මගේ කටට ලේන්සුවක් තියනවා විතරයි මතක. එතනින් එහාට මගේ ඇස් නිලංකාර උනා. මට කිසි දෙයක් මතක නෑ.

මට සිහිය එනකොට මගේ අතපය හොල්ලන්න බෑ. මාව පුටුවකට තියලා බැදලා දාලා. මගේ ඉස්සරහ හිටියෙ රුසදු. රුසදු චතුරංගට හොදටම ගහනවා. තව 3 දෙනෙක් තැන් තැන් වල වැටිලා හිටියා. චතුරංගට ගහලා ආපු රුසදු ඉක්මනට මාව එතනින් අරන් ගියා. අපි කෙලින්ම ගියේ රුසදුගෙ ගෙදර

තමුසෙගෙ ආඩම්බරකම වැඩියිනෙ දෙහන්සා. ඒකනේ මේ සේරටම මුල. තමුසෙට මං කොච්චර කිව්වද මෙහේ ඇවිත් ඉන්න කියලා. හොද වෙලාවට මං අද එහේ ගියේ. මං දැක්කෙ නැත්තන් අද තමුසෙට මොනවා වෙයිද හලෝ. ඇයි මෙහෙම ගින්දර දෙන්නෙ…..

රුසදු කොච්චර බැන්නත් මට වචනයක්වත් කතා කරගන්න බැරි උනා. මං කරේම එයාගෙ පපුවට ඔලුව තියාගෙන අඩපු එක.

මගෙයි වැරැද්ද මට බලෙන් හරි අරන් ඇවිත් තියාගන්නයි තිබුනෙ.

අනේ මට සමාවෙන්න රුසදු මං කොහොමද ඔයා එක්ක ඇවිත් මෙහේ නතර වෙන්නෙ. ඔයාටත් අනාගතයක් තියෙන්න ඕන නේද?

අනේ මේ…. මගෙන් කුනුහරුප අහගන්න එපා. මං පිට එකෙක් නිසානෙ මෙහේ එන්න බැරි.
මං මේක මීට වඩා ලස්සනට අහන්න හිටියෙ. ලේ පෙරාගෙන කෙල්ලෙක්ට ප්‍රපෝස් කරන එකම කොල්ලා මම වෙන්න ඇති. මං ඔයාට ආදරෙයි දෙහන්සා. හැමදාම මාත් එක්ක ඉන්න කැමතිද?

රුසදු අහපු දේට මගේ ඔලුවෙ විදුලියක් කෙටුවා වගේ උනා. ඒ කියන්නෙ මං මෙච්චර කල් හිතෙන් ආදරේ කරපු කෙනත් ඇත්තටම මට ආදරෙයිද?

මං ඔලුව වැනුවෙ රුසදුට කැමතියි කියන්න. රුසදු ලස්සන රින්ග් එකක් මගේ අතැගිල්ලට දාලා මාව තුරුල් කරගත්තා. මාත් ඒ උණුහුමටම තව තවත් ලං උනේ “මේ නපුරා අදින් පස්සෙ හැමදාම මගේනෙ කියලා හිතාගෙන”
……………………………………………

-පමුදිකා මධුරංගි

උපුටා ගැනීමකි.

Back ගිහින් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා යන්න.

අද කතාව කොහොමද ?
+1
6
+1
18
+1
4
+1
4
+1
3
+1
0
+1
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here