සිරකාර ආදරය – 01 කොටස

3
3617

💘 සිරකාර ආදරය 💘

✍️ මේධී භාෂිනී

1 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ හවස 06 ට
☆━━━━━━━━ – ━━━━━━━☆

අහ්.. අහ්…

” ගහපන් යකෝ ඕකට.. තව ගහපන් සුදා.. මූව මේකේ ඇතුලේ මරලා දාන්න ඕනේ.. ගහපන් තව ටිකක්…”

” අහ්.. නවත්තපන්.. ආ..හ්ව්… එ.ප්.පා..”

කොච්චර බේරෙන්න කොල්ල හයියෙන් කෑ ගහුවත් ඒ අය ආශීර්ට ගහන එක නම් නැවැත්තුවේ නෑ.. කොල්ලගෙ අවාසනාවට මේ වෙලාවේ සිරකාරයො බලන පොලිසියේ අය කවුරුවත් හිටියෙත් නෑ.. ආශීර්ට වඩා ශක්තිය වැඩි… ඒ වගේම මුලු දිවියම මැරයන් සමග ඔට්ටු වූ… ජීවිතාන්තය දක්වා හිරේට නියම වෙලා ඉන්න සුදා මේ කොල්ලට ගහන්නෙ හේතුවක් නැතුව…

#ආශීර්_දේහංස… නොකල වරදකට වසර 2ක් සිර බත් කන අහිංසක ආදරවන්තයෙක්…ඒත් අද ඒ ආදරවන්‍තයා හිරගෙට නියම වූ හිරකාරයෙක්… හැමදේම තිබුනා කාලයක් ආශීර්ගේ දිවියෙත් ඉතිරි වී තිබුනා.. නමුත් අද… අද ඔහු තනියමයි…
පන වගේ ආදරේ කරපු ඔහුගෙ ආදරය ඔහු හිරේ ගිහින් සතියක් යන්න කලින් ආශීර්ව ටික ටික මග අරින්නේ අතීතය සැමදෙයක්ම දැනුවත්ව සිටියදීත්… ඉදින්
හිරේ ගිය ආශීර්ගේ සිතෙහි සිත්තම් වුන හැම බලාපොරොත්තුවක්ම හැම හීනයක්ම නැත්‍තටම නැති කරලා ඇය යන්නම ගිහින්…

” ඕයි කලුවා ගහපන් මේ පර# හොදට.. මූ හිතන් ඉන්නේ එංගලන්තෙ චාල්ස් කුමාරයා කියලා වෙන්න ඇති.. හිරේ ඇවිල්ලත් මුගේ ආඩම්බරකම.. පර බ##..”

මිනිමරු කල්ලියත් එක්ක ඔට්ටු වෙන්න බැරුව ආශීර් හොදටම ගුටි කාලා නහයෙන් කටින් ලේ පෙරාගෙන බිම වැටුනේ කොල්ලගෙ හුස්ම ටික ටික හිර වෙනවා වගේ දැනෙද්දි… පපුව හිර වෙලා ඇස් දෙක බොද වෙද්දි ආශීර්ගෙ ඇස් ඉස්සරහ මැවුනේ ඒ පුංචි සුරන්ගනාවිගේ මූන… කාලෙකට කලින් කොල්ලගෙ හැම හීනයකම හිටිය ඒත් කල් යත්ම අමතක වුනත් හිත අස්සේ හැමදාම හිටි ඒ සුරංගනාවිගේ මූන…

” ඕ නෝ.. නවත්තපිය ඕක… පීසී ඕකුන්ව අල්ල ගන්න… පීසී හරියප්…”

ඈත තියාම මේ කලබලේ දැකපු පොලිස් කන්ඩායම ඇවිත් බිම දාගෙන කොල්ලට ගහන සුදාව ඇතුලු අනෙත් අයව පසකට ඇදලා අරන් අරන් ගියේ අනිත් පිරිස ඇවිත් කොල්ලව වට කර ගනිද්දි…

” ශික් පාහර බල්ලෝ… ඒ පාර තොපේ හයිය මේ අහිංසකයට පෙන්නන්න ආවද..තොපි අච්චු වුනාට මේ කොල්ලා තා ටික දවසකින් නිදහස්…”

අහ්..අහ්…. අ.ම්..මා

ගිනි ගෙන දැවෙන ගතෙහි වේදනාව දරා ගත නොහැකිව ඒ දෑස් පියන් වැසී ගියේ පිරිමි දෑසින් පොලෝ තලයට බර වැඩි කදුලක් ගලා යමින්..

ආශීර්ට ගහපු සුදායි අනිත් අයයි වෙනම බ්ලොග් එකකට අරන් යන අතරේ නිලධාරීන් විසින් ඇම්බියුලන්ස් එකකට කෝල් කරේ කොල්ලගෙ තත්වේ ගොඩක් බරපතල නිසා… සිහි රහිතව රුධිරය මත වැටී සිටින ඔහුව වත්තම් කර ගත්තේ හැකි විගසින් රෝහලක් කරා ඔහුව රැගෙන යාමට…

____________ 💚🖤💚

” ඩොක්ටර් ඩොක්ටර් ඉමර්ජන්සි පේශන් කෙනෙක්.. ඩොක්ටර් ඉකමනට එන්න…”

පෝන් එක දිහා බලන් හිටිය #මිහාදි ගැස්සුනේ රූම් එකේ දොරත් ඇරන් කෑගහන් ආපූ නර්ස් නිසා…

” නර්ස් ඇයි මේ…”

” ඩොක්ටර් පේශන් කෙනෙක් ගෙනෙත්..එයාගේ සිටුවේශන් එක ගොඩක් සීරීයස්… ලොකු ඩොක්ටර් කියුවා මිහාදි ඩොක්ටර්ට කියන්න කියලා…”

ලොකු ඩොක්ටර් කියුවා කියන්නේ ඒ පේශන් අනිවාර්යයෙන් සීරීයස් කෙනෙක් වෙන්න ඕනේ.. කෙල්ල දන්නවා ගොඩක් සීරියස් සිටුවේශන් එකක් නෙමෙයි නම් මෙහෙම කෙල්ලව ගෙන්න ගන්නේ නෑ කියල…මොකද ඇය රෝහලේ සිටින සාමාන්‍ය වෛද්‍යවරියක් නොවෙන නිසා.

” හරි අපි යමු නර්ස්…”

සෙත් එකත් කරට දාන් මිහාදි ඔපරේෂන් තියටර් එකට දුවලා ගියේ කල්යල් බලන්න බැරි නිසා…ඔපරේෂන් තියටර් එක ලග පොලිසීයේ දෙන්නෙක් හිටියත් ඒ ගැන හිතන්නේ නැතුව ඇතුලට ගියේ පේශන්ගේ ජීවීතේ බේර ගන්නවා කියලා…ඒත් ද්වාරය විවෘත කරන් ඇතුලට ගිය මිහාදිගේ හදවත ගැහෙන්න ගත්තේ අසාමාන්‍ය ලෙසින්…

ඔක්සිජන් මාස්ක් එක නිසා හරියටම ඉන්න කෙනාගේ මූන නොපෙනුනත් ඒ ඉන්නේ කොල්ලෙක් කියලා නම් මිහාදි ඇතුලට එනවිටම දැක්කා…කවුරුවුනත් වැඩි වයසක් නොමැති තරුනයෙක් වව නම් ඇයට දැනෙනවා…ඒත් පේශන්ගේ මූනවත් බලන්නෙ නැතුව කෙල්ල කොල්ලගේ හිසට ඖෂධ දැමීමට සූදානම් කරේ ඔහුගෙ හිසට ටිකක් දරුනු පහරක් වැදිලා තිබෙන නිසා.. ඒ නිසාමයි මේ තරම් ඔහුගෙ තත්වය බරපතල…

ප්‍රෙතිකාර කරන අතරෙ වුනත් කොල්ලගේ තත්වේ ගොඩක් සීරීයස්… පැය කිහිපයක් කොල්ලට ප්‍රෙතිකාර කරලා කොල්ලගේ ජීවීතේ බේර ගත්තේ පුදුමාකාර මහන්සියක් දරලා..

මොකද කොල්ලට ඕනේ වුනේ ජීවීතේ අතඅරින්න…ජීවත් වෙන්න කිසිම අසාවක් නැතුව ජීවීතේ අත ඇරලා හුස්ම යනකම් බලන් හිටිය කොල්ලගෙ ජීවීතේ අද බේරුනේ මිහාදිගේ දෑතින්….ඔපරේෂන් එක අතරෙදි එන්න එන්න කොල්ලගේ හාර්ට් බීට් එක අඩු වෙද්දි කවදාවත් නැතුව කෙල්ලගේ පපුව ගැහුනේ කෙල්ලගේ හුස්ම ජීවීතේ අත අරින්න යනවා වගේ…ඇගෙත් හුස්ම සිර කරනවා වගෙයි දැනුනේ ඇයට..කුටියට ඇතුලු වන විටම දැනුන ලෙස නැවතත් අසාමාන්‍ය ලෙස ඇගේත් හදවත ගැහුනේ මුලු හිතම මහා මූසල බියකින් වෙලා ගනිද්දි

මේ ඉන්නෙ කවුද ? …

නම කුමක්ද ?… වයස කුමක්ද ?..

ඒ කිසිම දෙයක් නැතුව අවුරුදු ගානකට පස්සෙ එදා මෙන් කෙල්ලගෙ හිත ගැස්සිලා ගියේ කෙල්ලව කවදාවත් නැතුව හොදටම බය කරලා…

” ප්ලීස් ප්ලීස් ප්ලීස් .. අනේ ජීවත් වෙන්න.. ප්ලීස් ජීවත් වෙන්න…අනේ #මන් වෙනුවෙන් ජීවත් වෙන්න…”

නමක් නොදැන වුනත් කවුරුන්ද කුමක් නිසාද කියා වත් සිතන්නේ නැතිව මිහාදි කොල්ලගෙන් මුමුනමින් ඉල්ලුවේ කිසිම දෙයක් සිතා ගන්න වත් බැරිව.. ඇයි මෙසේ කියන්නේ කියලවත් ඇයට හිතා ගන්න බෑ… කොල්ල ලගට ආපු වෙලාවේ ඉදන් කෙල්ලගේ පපුව ගැහෙන්න ගත්තේ අමුතුම ස්වරයකට…

මිහාදිගේ වදන් ඇසුනා වගේ ආශීර්ගේ හුස්ම ආයේත් පෙර ලෙස වැටෙන්න ගත්තේ ඇගේ දෑසෙන් නොදැනුවත්වම කදුලක් කොපුලකට රූරා වැටෙද්දි…

” ගුඩ් ජොබ් මිහාදී… ගුඩ් ජොබ්…”

ප්‍රෙධාන වෛද්‍යවරයා ඇගේ අසලට පැමින ඇයට සුබ පැතුවේ අද ඇගේ දක්ශතාවය හේතුවෙන්ම මෙලෙස මේ තරුනයගෙ දිවි බේරුන නිසා…. මිහාදි… මිහාදී ආශීර්යා… දක්ශතාවයෙන්ම ඉගෙන ගෙන තරුන දක්ශ වෛද්‍ය වරියක්ව රෝගීන් විසල් සංඛ්‍යාවක දිවි රකින මිහිපිට දෙවගනක්… පියා පමනක් ඉතිරී වී සිටින.. ඔහු වෙනුවෙන් දිවියම කැප කර.. ඔහුගේ හදවතෙහි ආසාව වෙනුවෙන් ඉගෙන ගෙන රටේ නමක් දිනූ වසර 27ක සුන්දර තරුනියක්…

” තැන්කිව් මිස්ටර් අබේනායක… ඉට්ස් මයි ජොබ්…”

වයිද්‍යවරයාගෙන් සමු ගෙන අත් ආවරන ඉවත් කරමින් නැවතත් සයනයෙහි සිටින ආගන්තුක තරුන රුව දෙස බැලුවේ අමුතුම හැගුමන් පෙලකින් තවත් ඇගේ සිත පිරී යන විටයි…

තවමත් සිහි රහිතව නමුත් අවධානමෙන් මිදී සිටින මේ තරුනයව සාමාන්‍ය කුටියකට මාරු කරන්න කියා පවසා ඇය තියටර් එකෙන් පිටතට පැමිනියේ හිස පැටලුන නූල් බෝලයක් වගේ වෙලා නිසා.. ඒ තරම් හිතා ගන්න බෑ ඇයට මේ කුමක්ද එක්වරම ඇයට සුදු වූයේ කියා..ඇයි මේ තරුනයා ලගදි මේ තරම් හුරුවක් දැනෙන්නේ කියලා.. ඇගේ හිතේ ඉන්න කෙනා නැතිව අද ප්‍රෙථම වතාවට වෙනත් කෙනෙකු ගැන ඒ හිතේ හැහීමක් හට ගෙන.. ඉතින් ඇගේ සිත පැටලී නොයා අන් කුමක් සිදුවන්නද !…

පැටලී නොසන්සුන් වූ ඇගේ සිතත්… සයනයෙහි සිහි නොමැතිව වැතිර සිටින ඔහුගේ සිතත්…කවුරුන්ද මොවුන්… කුමක්ද මේ සිදු වීමට යන්නේ…. ඇරබුමක් වෙයි මෙය සිත් සතන් උමතු කරවන… එසේම සිදු වෙයිද !…

━━━━━━━━━💚🖤💚

ඇරබුමක් නොවුනු ඇරබුමක්…. ඉතින් අදහස් කියන්න කියලා ඉල්ලනවා…

මම මේධී…

අද කතාව කොහොමද ?
+1
11
+1
40
+1
3
+1
1
+1
6
+1
0
+1
1

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here